හබරණ ප්‍රදේශයේදී මහ මග වැටී තිබී ඇති විදේශික ජාතිකයෙකුගේ ජංගම දුරකථනයක් ආපසු ඔහු අතටම ලබා දී ලාංකිකයන් සතු උතුම් ගුණය ලොවටම පෙන්වීමේ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
මේ එම උපුටා ගැනීමයි.
ස්පාඤ්ඤයේ ඉඳලා ආපු සංචාරක කණ්ඩායමක් එක්ක අද දඔුලු පන්සල් ගියා.ගිහින් ඇවිල්ලා කාර් පාර්ක් එකේදි එයාල ඇඳුම් මාරු කරද්දී එක මහත්තයෙක් එයාගේ iphone 11 pro ෆෝන් එක වෑන් එකේ වහල උඩින් තියලා ඇඳුම් මාරුකරල,
වාහනයට නැගලා එයාට ආයෙත් ෆෝන් එක ගන්න අමතක වෙලා.අපි එතනින් හබරණ පැත්තට යද්දි ෆෝන් එක ප්‍රධාන පාරෙදි වෑන් එකෙන් වැටිලා..ඒක දැකපු පස්සෙන් ආපු මේ රූපයේ ඉන්න මේ මහත්තයා ඒ ෆෝන් එක ඇහිදගෙන වෑන් එක පිටිපස්සේ කිලෝමීටර් තුනක් ඇවිත් අපිව නවත්තලා අපිට මේක ආපහු දුන්නා..ෆෝන් එක ආයෙත් ලැබුණු සුදු මහත්තයා එයාට පොඩි තෑග්ගක් දෙන්න හදද්දි අනේ එපා මහත්තයා කියලා කිව්වා.මම නම අහද්දි කිව්වේ අපි ඔක්කොම මනුස්සයොනෙ මහත්තයෝ කියලා.ඒක දැකපු වෑන් එකේ ආපු සුද්දෝ ඔක්කොම කිව්වා මේ රට වගේම රටේ ඉන්න මිනිස්සුන්ගෙ ගතිගුණත් ලස්සනයි කියලා.