රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන හඬපට මාධ්‍යයට නිකුත් වීම ගැටලු සහගත බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනවා.
එම පක්ෂයේ ප්‍රබලයෙකු වන වසන්ත සමරසිංහ ඊයේ දින මාධ්‍ය හමුවක් කැඳවා මේ බව කියා සිටියා.
එහිදි ඔහු ප්‍රකාශ කළේ පොලිස් අත්අඩංගුවට පත්වූ හඬපට මාධ්‍යයට භාර දුන්නේ කවුදැයි සොයා අවශ්‍ය පියවර ගත යුතු බවයි. එලෙසට හඬපට මාධ්‍යයට නිකුත් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
වහාම මෙම ක්‍රියාවලිය නවතා දමන ලෙසට තමන් ආණ්ඩුවට බල කර සිටිනා බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.