Tik Tok මෑත කාලයේදී ඉතා ප්‍රචලිතව පවතින සමාජ මාද්‍යයක්. විවිධ වීඩීයෝ නිර්මාණය කරමින් tik tok වෙත එකතු කිරීම නිසා මෙය බොහෝ තරුණ තරුණියන් අතර ප්‍රචලිතයි. මෙලෙස යතුරු පැදියේ සිට tik tok වීඩීයෝවක් කිරීමට ගිය තරුණියක් අනතුරට පත්වීමේ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් අසන්නට ලැබුණා. ඒ ඉන්දියාවේ මහාරාශ්ඨා ප්‍රදේශයේදී. පාර අසල තිබූ විදුලු කණුවක ගැටී ඇය මෙලෙස අනතුරට පත් උනේ. අනතුරින් තුවාල ලැබූවේ 19 හැවිරිදි ක්‍රිටිකා ගුප්ටා නැමැති තරුණියක්. ඇයගේ තත්වය බරපතල නොවන බවයි ඉන්දියානු මාද්‍ය වාර්තා කරේ.