සහේන්..ප්ලීස් ඔයත් එන්නකො..”

නෙහාරා සහේන්ගෙ පිටිපස්සෙන් හිටගෙන උරහිස් හොලවනවා ..සහේන් ලැප් එකට මූන ඔබාගෙන ඉදගෙන ඉන්නවා..

පැත්තක ඉදගෙන ෆෝන් එකේ සිංදුවක් බල බල හිටපු දේවින්ද එක පාරක් දෙන්න දිහා බලලා ආයෙත් ෆෝන් එක දිහා බැලුවා…

ක්ලාස් එක පටං ගන්න තව වෙලා තියෙනවා..එක්කෙනා දෙන්නා තවම ක්ලාස් එකට ඇතුලු වෙනවා..

“මොනවද නෙහා මේ මළ වදේ..මං ඕවයෙ යන්න ආස නෑ.ඔයා දේව් එක්ක යන්නකො”

සහේන් ලැප් එකෙන් ඔලුව ගන්නෙ නැතුවම කිව්වා.

“දේව් කොහොමත් එනවා..ඔයානෙ ගිය පාරත් ආවෙ නැත්තෙ…ඔන්න මේ සැරේ නම් එන්නම ඕනෙ..”

“නෙහා.ප්ලීස්…මං ඕවට ආස නෑ..ඔයා දන්නවනෙ..රෑට ඔයාලාගෙ ගෙදර පාර්ටි එකට නම් මං ෂුවර් එකටම එනවා..ඕකේ..”

“මං කියනවට එන්නකො සහේන්..ඒ පොඩි උන් දකිද්දි ඔයාට දුක හිතෙයි…අම්මා තාත්තා නැති අසරණ දරුවො…”

නෙහාරා මේ සහේන්ව කැමති කරවගන්න හදන්නෙ එයාගෙ උපන්දිනේ දවසට අනාථ නිවාසෙට හැම සැරේම දෙන දානෙට යන්න…ගිය පාර දේව් ආවට සහේන් ආවෙ නෑ..නෙහාරා යමක් කමක් තේරෙන කාලෙ ඉදලම එයාගෙ උපන්දිනේ දවසට මේ වැඩේ කරනවා..

“දේව්..අනේ ඔයාවත් කියන්නකො..”

සහේන්ට කියලා බැරිම තැන කෙල්ල දේව් ලගට ගියා..

“සහේන්…උඹට වෙන මගුලකට අඩගැහැවා නම් පැනලා එන්න පුලුවන් ..ඇයි මේකට බැරි…”

“මට ඕවා බෝරිං බං…”

“නෙහා.. එයාට බැරි නම් හිටියාවෙ..අපි යමු..ආයෙ ඔය ගැන කතා කරලා මාව යකා කරගන්න එපා..”

දේවින්ද අවසන් තීන්දුව දුන්නා..කොහොමත් කවදත් දේවින්දගෙ තීරනේට ඉහලින් කිසිම කෙනෙක් කතා කරන් නෑ..”

නෙහාරා මුන එල්ල ගත්තා..

පහුවදා උදේ ඔක්කොම ලෑස්ති කරගෙන ගෙදරින් එලියට බහිනකොටම සහේන් නෙහාරාගෙ ගේ දොරකඩ..

දේව් වගේම නෙහාරාත් බැලුවෙ පුදුම වෙලා

“මං මහසෝනා නෙවෙයි ගායිස්..ඔන්න අද මං උඹලා කියන ඕනෙ අපායක යන්න එනවා..ඊයෙ රෑ මං සෑහෙන්න කල්පනා කලා”
..
සහේන් කියනකොටම නෙහාරා සහේන් ලගට පැනලා බදාගත්තෙ සතුට වැඩිකමට..
දේව් සුපුරුදු විදිහට කට කොනින් හිනා වුනා..

එදා දවසම තුන්දෙනා පොඩි එවුන් එක්ක ගත කලා..සහේන් මුලින් අකමැත්තෙන් ආවට..පස්සෙ එතන හිටපු පොඩි එවුන් එක්ක දේවින්ද වගේම සෙල්ලම් කලා.ක්රිකට් ගැහැවා…නෙහාරා ඒ දිහා බලං හිටියෙ ගොඩක් සතුටින් ..

පණ වගේ ආදරයක් හිතේ තියාගෙන ඒක කියා ගන්න බැරිව දුක් වෙන නෙහාරාගෙ හිත දැන් නෙහාරාටත් පාලනය කර ගන්න බෑ..ඒත් සහේන් සෙල්ලක්කාරයි..දේවින්ද වගේ තැන්පත් නෑ..හැමදේම සැහැල්ලුවට ගන්නෙ…

“නෙහාරා ..යමු නේද..මට හෙට පොඩි ගමනකුත් තියෙනවා..”

දේව් ලගට එනකල්ම නෙහාර දැක්කෙ නෑ..දේව් නෙහාරා ඉදගෙන හිටපු බංකුවේම පැත්තකින් ඉද ගත්තා..

“ආ..දේව්..හා..යමු..”

“මොකද නෙහා..අමුතු වෙලා..”

“දේව්..මං දෙයක් කියන්නද..ඔයා මට බනිනවද..”

“මං කවදාවත් ඔයාට බැනලා තියෙනවද..”

“හ්ම්…දේව්..මං කෙනෙක්ට ආදරේ කරනවා..”

දේවින්ද ගෙ හිත ගැස්සුනා නොකිව්විත් බොරු…නෙහාරාගෙ ලස්සන වගේම ගුන යහපත් කමට දේවින්ද ආදරේ කලා..වෙන සල්ලිකාර කෙල්ලො වගේ නෙවෙයි..නෙහාරා අමුතුම ජීවන රටාවක් ගෙව්වෙ..

“ඉතිං කවුද ඒ වාසනාවන්තයා..”

දේවින්ද ඇහැවෙ මූනට හිනාවක් අරගෙන..

“ඒ සහේන්…”

නෙහාරාගෙ ඇස් ඒ වෙනකොටත් තිබුනෙ සහේන් ලග..සහේන් බැට් එක පෙන්න පෙන්න නෙහාරාට අත වනනවා..

“නෙහා..ඔයා හොදට හිතලද මේ තීරණේ ගත්තෙ..”

“ඔව්..”

සහේන් දන්නවද..

නෑ….ඒත්..දේව් ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕනෙ..මේ ගැන සහේන්ට කියන් නෑ කියලා..

නෙහාරා..මොන මගුලක්ද ඔය කියන්නෙ…තමුන් ආදරේ නම් ඇයි කියන්න බැරි
..
ඕකනෙ..ඔයාට ඉතිං චුට්ට ඇත්නම් තරහා යනවා..කවදාහරි බැදපු කෙල්ලට කොහිල කටුම තමා උයන්න වෙන්නෙ..

මේ… මයි වයිෆ් ගැන මං බලා ගන්නම්..තමුන් ඔය මගුල කර ගන්නවා..

නෙහාරාගෙ මූනෙ උතුරන හිනාව දිහා බලං ඉද්දි දේව්ට හිනා ගියා..

හරි මොකද්ද දැන් පොරොන්දුව ..

දේව්..මං කැමති නෑ මං එයාට ආදරේ කරනවා කියලා සහේන් දැන ගන්නවට..එයා කවදහරි මට ආදරේ කරනවා නම් එයාම මට ඒක කියනව නම් මං කැමතියි..එතකල් මේ ගැන එයාට දැන ගන්න ඉඩ තියෙන්න එපා..ප්ලීස්..

ඒත් නෙහා..සහේන් ..එහෙම නොකිව්වොත්..

නොකිව්වොත්..ඒ ආදරේ හිතේ තියාගෙන මං ජීවිත කාලෙම එයාගෙ නමින් තනිකඩව ඉන්නවා…හැබැයි.වැරදිලාවත් එයා එක දවසකට හරි මට ආදරේ කලොත් මං එයාව කීයටවත් අතාරින් නෑ..මගේම කර ගන්නවා.

දේවින්ද ඇස් ලොකු කරගෙන නෙහාරා දිහා බල්ං හිටියා..

නෙහාරා .පිස්සුද ඔයාට ..මොනවද මේ කියවන්නෙ..

ඔව් දේව්..ආදරේ කියන්නෙ පිස්සුවක් තමයි…ඔයා කාට හරි ආදරේ කරන දවසක ඔයාට ඒක තේරුම් යයි..

දේවින්ද ගැඹුරු හුස්මක් ගත්තා..

..නෙහාරාට ආදරේ කලාට..දේවින්ද හැමදාම පැතුවෙ නෙහාරාගෙ සතුට විතරයි..ඉතිං කොල්ලා ඒ හිතේ උපන් ආදරේ වළදැම්මා එදා.. නෙහාරාට හදවතින්ම සුබ පැතුවෙ..සහේන් වගේම නෙහාරත් කොල්ලගෙ හොදම යාලුවො උනු නිසා..

💙💙💙💙

පිනිබිංදු එක දෙක ඇගට වැටෙනකොට..දේවින්ද අතීතෙන් මිදුනා…ඒ ලස්සන දවස් ආයෙත් එන්නෙ නැහැ…ඒවා අතීතයක් විතරයි…

ගන අන්ධකාරෙ සොහොන් පිටිය වෙලා ගෙන..දේවින්ද නෙහාරාගෙ සොහොන් කොත දිහා ආයෙත් බලලා ඉක්මණට කාර් එකට ආවෙ ගිම්සා මොනවා කරගෙනද දන් නෑ කිය කිය හිත හිත..

දේව් ගේට් එක කන්ට්රෝලර් එකෙන් ඇරගෙන ගෙට ගොඩ වෙද්දි රෑ හතයි… බෙල් කලාට ගිම්සා දොර ඇරියෙ නෑ.කොල්ලගෙ ඇග රත් උනේ ගිම්සා ආයෙත් පිස්සුවක් නටලද කියලා හිතෙද්දි..ඒත් ගිම්සා එක පාරටම දොර අරිද්දි නම් දේව්ගෙ හිතට සැනසීමක් දැනුනා..

කොහෙද මෙච්චර වෙලා හිටියෙ පොල් ගෑවද
..
දේවින්ද එහෙම අහනගෙනම ගේ ඇතුලට ආවා…

ගේ ඇතුලෙ ගන්න දෙයක් නෑ.හැම තැනම බිස්කට් කුඩු..කෑලි..ඒවයෙ දවටන..යෝගට් කෝප්ප..බීම බොතල්..

දේවින්ද රවාගෙන ගිම්සා දිහා බැලුවා..

කෙල්ල ඔලුව කහනවා..

ප්ලීස් බනින්න එපා..මට බඩගිනි නිසා අතට අහුවුනු ඔක්කොම කෑවා..හෙට කන්න මොකුත් නෑ..ප්ලීස් ගෙනත් දෙනවද..

ගිම්සා මූණ බෙරි කරගෙන කියපු තාලෙට දේවින්ද ට නිකම්ම හිනා ගියා..

මොනවද ඕනෙ..

ම්ම්ම්..පාං..බටර්..ජෑම්

වෙන..

දේවින්ද ගිම්සාගෙ ලගට ඇවිත් තුරුල් කර ගත්තා..

වෙන බිස්කට්..ආ..චොක්ලට්
බිස්කට්..යෝගට් ..අයිස්ක්රීම්..

තව..

දේවින්ද හෙමීට ගිම්සාගෙ කම්මුලක් කිස් කලා..

තව…..එලවලු..ඔයාට කන්න උයලා දෙන්න..

හ්හ්හ්හ්හාහා …
මට ..අපෝ..මට ඕනෙ නෑ..අද දවසෙම මයි වයිෆ් කෑවෙ නැද්ද….

මොකෝ නැත්තෙ..තිබ්බ ඔක්කොම කෑවා..හැබැයි ඔයාට කන්න දෙයක් නම් ඉතුරු කරන්න බැරිඋනා..හැමදාම ඉතිං එහෙම ම වෙයි….ඔයා ගමේ කෙල්ලෙක් මැරි කලා නම් හරි…

ගිම්සා දේවින්ද ව ඈත් කලා..

ඔව් ඒක තමයි..මටත් එහෙම ම හිතිලා තියෙන්නෙ…බලමුකො..තව ටික දවසකින් මයි වයිෆ් ඕවා ඉගෙන ගන්නෙ නැති වෙයිද කියලා. බැරි නම් ..ඒවා උගන්නන හැටිත් මං දන්නවා.සතියක් විතර මං නිවාඩුවක් දැම්ම නම් ඔය එකී මෙකී නොකී ඔක්කොම හොදට උගන්නන්න පුලුවන් මට..

දේවින්ද ඇහැක් ගහලා එහෙම කියනකොට ගිම්සාගෙ මූන හුලං ගියපු බැලුමක් වගේ උනා..

ගිම්සා..තමුසෙගෙ ලුණු මදි මාව තම්බන්න..යනවා..පැය බාගයයි දෙන්නෙ..මේ ඔක්කොම අස් කරලා තමුසෙගෙ කබඩ් එකේ තියෙන යෙලෝ කලර් ගවුම ඇදගෙන ලෑස්ති වෙලා ඉන්නවා..එලියට යන්න..

කොහෙද ..

මගෙන් ප්රශ්න කරන්න එපා.කිව්ව දේ කරනවා..

දේවින්ද රවාගෙන පඩිපෙල නගින හැටි ගිම්සා බලාගෙන හිටියෙ ඇස් දෙකේ කදුලු පුරවගෙන..

පුදුම නපුරු කමක්…වෙස් පෙරලන්නෙ කටුස්සෙකුටත් එහා..මේ මහ රෑ කොහෙ යන්නද.මගෙ කබඩ් එකේ තියෙන යෙලෝ කලර් ගවුම මොකද්ද ..මං දන්නෙත් නෑනෙ…

ගිම්සා කාමරේට ගිහින් කබඩ් එක ඇරියා..ඒකෙ පාට පාට ඇදුම් පුරවලා.මේ ඔක්කොම දේව්ගෙ වැඩ..ගිමසා නිකමටවත් ඒක ඇරියෙ නෑ.ඇදුම් වලට මැච් වෙන සපත්තු.ජුවලරි ඔක්කොම..

මේ ඔක්කොම මේ කොල්ල ගෙනත් තියෙන්නෙ වයිෆ්ටද.ම්…..පුදුමයිනෙ…ගිම්සා කල්පනා කරනවා..

අම්මෝ ඉක්මණට අස් කරලා ලෑස්ති වෙන්න ඕනෙ නැත්නම් යකා නටයි..ඒත් මං මොකටද එයා කියන දේ අහන්නෙ..මං රතු පාට ගවුම අදිනවා..

ගිම්සා එහෙම හිතලා රතුපාට ගවුම එලියට ගත්තා..

🌹🌹🌹🌹🌹
ඊලග කොටසට

කතාව දාලා විනාඩි 40ක් යද්දි likes 1 k වැටෙනවා..ඉතිං 💙අපූරු මංගල දැන්වීම💙 ට වගේම ඔයාලා මේ කතාවට දෙන ආදරේටත් ස්තුතියි …

ඔක්කොම Comments වලට react ..reply කරන්න බැරි වෙන එකට සොරි

💙අන්සතු මනාලිය💙