ලියානා….

විසි තුන….23

තේරෙන්නෙ නෑ අප්පා මොනවද වෙන්න ය න්නෙ කියලා. මේ බක පණ්ඩිතයා අහවල් දේට ද මම ඒකගෙ වයිෆ් කියලා කියන්න ගියෙ. ඇයි අප්පා මෙහෙම ඒවා මටම වෙන්නෙ. මං පව්නෙ ඉතිං.

හොඳ වෙලාවට අයියා ගෙදර නෙවී රටෙත් නෑ අයියා දන්නවා නං එහෙම මගෙ ඇහේ ඉදන් හමගහනවා. අම්මලා දන්නව නං මොන තරං අවුල් යයි ද..? මීට කලින් කවදාවත් මට මෙහෙ ම දෙයක් වෙලා නෑ.

ඇයි මන්දා මට සැරෙන් සැරේට කේෂි මැඩම්ව මතක් වෙනවා. එයා දන්නවා නං තමන්ගෙ හස්බන්ට් වෙන ගෙදරකදි වෙන කෙල්ලෙක්ව වයිෆ් විඳිහට හදුන්වලා දුන්නා කියලා එයාට මොනා හිතෙයි ද…මට නං එහෙම උනොත් පිස්සු හැදෙයි.

මම ආසා නෑ මම ආදරේ කරන කෙනෙක් විහි ළුවටවත් වෙන කෙනෙ ක්ගෙ කියලා කියන වවත් අහන්න. මට නිකං පිස්සු වගේ අප්පා. හිතා ග න්න වත් බෑ.

ආන්ටි ආපහු සැන්විචස් එක්ක කිරි කෝපි හැදුවා සර්ලා බඩගින්නෙ ඇති කියලා. ඇත්ත ඒ වැස්සට තෙමිලා හීතලේ හිටියම බඩගිනි එන්නෙ නෑද ඉතිං. මම ආන්ටි එපා කියද්දිම කිචන් එකේ ඉදන් එයාට උදව් කලේ ඇත්ත ටම රූම් එකට යන්න බය හිතුන නිසා.

සර් නං මහන්සියි කියලා රූම් එකට ගියා. ඇත්ත නේන්නං පැය ගානක් තිස්සෙ වැස්සට තෙමුනම මදිද..?

අංකල් වෙහිකල් එකට මොනවද වෙලා තිබුනෙ..?

අර බක පන්ඩිතයගෙ ඇහුවම මට ලොකු ලයි න් දාන නිසා මම අංක ල්ගෙ න් ඇහුවා.

පාර වතුරෙන් වැහිලනෙ පුතේ…පාර අයිනෙ කපලා තිබුන කානුවකට වැටිලා..එහා පැත්තෙ ගහ නිසා හොඳයි නැත්තං ඉවුරුත් කඩාගෙන වා හනේ පෙරලෙනවා…

අංකල් කියවගෙන යද්දි මට බය හිතුනා. බැරි වෙලාවත් එතන ගහක් නො තිබුනා නං. වාහ නේ කොහෙ ගිහින් නතර වෙයි ද දන්නෙ නෑ. මතක් වෙ ද්දිත් ඇඟ හිරි වැටෙනවා. එහෙම පෙරලිලා බැරි වෙලාවත් මැරුනා නං එ හෙම මිනිස්සු කියන කතා මතක් වෙද්දි මැරිලවත් නිදහසේ ඉන්න වෙන එකක් නෑ කියලා හිතුනා.

මේක මහ දුෂ්ට ලෝකයක් අප්පා. හැම ති ස්සෙම කාගෙ හරි පුංචිම හරි වැරැද්දක් අල්ල ගෙන හිනා වෙන්න පුරුදු වෙලා ඉන්නෙ මිනි ස්සු. මොනා ලැබෙනවට ද මන්දා.

ඉතිං අංකල් කොහොම ද වාහනේ ගත්තෙ එතනින්…?

මේ අහල පහල ලමයි ටිකත් හිටියනෙ ඉතිං

සෑහෙන්න මහන්සි වුනා ඒ කොල්ලො ටිකත්.. අංකල් කියවගෙන ගියා.

පුතේ අර දරුවට කෑම කාල ඉන්න කිය න්න

හීතලත් ඇති මහන්සිත් ඇතිනෙ… මායි අංකලුයි කතා කරකර ඉදිද්දි ආන්ටි ඇවිත් කීවා.

ඇත්ත නේන්නං අර තරං තෙමිලා තෙමිලා ඉද්දි සීතලයි මහන්සියි නැද්ද.මම හෙමින් හෙමින් රූම් එකට ගියා ඇත්තටම ලියානට මොනවද වෙල තියෙන්නෙ.

මේම සන්සුන්කමක් මට තියනවා කියලා මමම දැනගෙන හිටි යෙ නෑ දෙයි හාන්දුවනේ. තේරෙ න්නෙ නෑ මොනාද වෙන්න යන්නෙ කියලා.මම යද්දි ශෙහාන් සර් උන්නෙ ඇඳට වෙලා. ඇත්ත ටම සිතල නැතත් මාව වෙව්ලනවා. ඇයි කිය න්න මම දන්නෙ නෑ.

සර් කෑම කාලා ඉන්න..

මම කීවේ හුඟක්ම සන්සුන් හඩකින්. එයා ඇ ඳෙන් නැඟිට්ටෙ මම දිහා අමුතු විඳිහට බලා ගෙන. මම මෙච්චර සන්සුන්ව කතා කරනවද කියලා එ යාට හිතාගන්න බැරි වෙන්න ඇති.

ඇයි ලියානා… අර අමුතු බැල්මෙන්ම මගෙ දිහා බලාගෙන එයා අහනවා. මොනා කියන්නද තේරෙන්නෙ නෑ අප්පා.

සර් කෑම කාලා ඉන්න..නිවෙනවා නැත්තං..

එයාගෙ ප්‍රශ්නෙට උත්තර නොදී මම කිව්වා. ලියානටත් මෙහෙම උනානෙ ඉතිං.

මොනවද ලියානා වෙලා තියෙන්නෙ මෙතන සර් සර් ගාන්න තියා ගත්තා ම අර මිනිස්සු බලයි මොකද කියලා…

හස්බන්ඩ්ට සර් කියලා කතා කර න්නෙ නෑ හලෝ බක පණ්ඩිත ආච්චියෙක් උනාට මොකද ඒකවත් ද න්නෙ නෑ…

එයා එහෙම කීවේ හුඟක්ම සැහැල්ලු හඬකි න්. වෙන වෙලාවක නං මොනා හරි කියවෙ නවා මට. ඒත් නොතේරෙන මහා බරකින් මගේ හිත පිරිලා. මට ඒක කියන්න තේරෙ න්නෙ.

මොකද ලියානා මේ…. මගෙ වෙනස එයා දකින්න ඇති.

ඇයි සර් එයාලට බොරු කීවේ….?

එහෙම නොකීව නං මෙහෙම අවුලක් වෙන්නෙ නෑනෙ. වෙලාවකට මේකත් කරන්නෙ එලොව ටත් මෙලොවටත් නැති මොලේ කොලොප්පන් වෙන වැඩ.

ඇත්ත කීවනං අර ජෝඩුව අහන ප්‍රශ්න වලට උත්තර දීලම මගෙ හුස්ම හිරවෙනවා..

එයා කීවෙ බර හඬකින්. ඒකත් ඇත්ත තමා. අනේ මන්දා ඒත්.

මේ අහන්න ලියානා…ඔයා මගෙ ඇසිස්ටන් හරි මගෙත් එක්ක වැඩ කරන කෙනෙක් හරි කීව නං..මේ මිනිස්සු ප්‍රශ්න කෝටියක් අහන්න තියා ගන්නවා. කොහෙද ගියෙ මොනවද කලේ මෙච්චර වෙලා ගියෙ ඇයි..? තව දහසක් ඒවා ප්‍රශ්න වලින් අහන්න බැරි හුඟක් දේවල් එයාලා හිතා ගන්න වා..

තේරුං ගන්න ළමයො තාමත් අපේ මිනිස්සුන්ට හියුමන් රිලේෂන්ශිප්ස් ගැන ස්පෙෂලි මේල් පීමේල් තියෙන්නෙ ප්‍රයිමරි ඇටිටියුට්ස්..ඉතිං එත කොට වැරදියට හිතන්න තියන චාන්ස් එක වැඩියි.. මම කැමති නෑ ලියානා කවුරුවත් ඔයා ගැන වැරදියට හිතනවට..ඒකයි එහෙම කීවේ වැරදි අද හසකින් නෙවී..

මම කවුද මොනවද කරන්නෙ කියන එක ගැන මට හොඳ අවබෝධයක් තියනවා මම දන්නවා ඔයා මාත් එක්ක මේ ගමන ආවෙ මාව හුඟාක් විශ්වාස කරලා ඉතිං…එච්චරයි…

ශෙහාන් සර් කියාගෙන යනවා. එයා එහෙම කතාකරනවා මම ඊට කලින් කවදාවත්ම අහලා නෑ. හැමදාම දැක්කෙ යකෙක් වගේ මූණ රතුකරන් යටි ගිරියෙන් හූ තිනවා විතරයි.

ඉතිං මේ වගේ වෙලාවක මෙච්චරම රිලැක්ස් එයාට කතා කරන්න පුළුවන් කියලා මම කොහොම හිතන්නද.. ඒ වචන වල ඇත්තටම තිබුනෙ ලොකූ විශ්වාස වන්තකමක්. ඒත් මට තේරෙන්නෙ නෑ. මම මොනවත්ම නො කියා එයා දිහා බලාගෙන හිටියා.

පණ්ඩිත ආච්චි අනං මනං විකාර හිතලා ඔළුව අවුල් කරගන්නෙ නැතුව රිලැක්ස් ඉන්නවා දැන්

..මල හොල්මනක් වගේ බය වෙලා මගෙ දිහා බල න්න තියා ගන්නෙ නැතුව… මම බය වෙලා වගේ බලන් ඉන්න නිසාද කො හෙද එයා කිව්වා.

ෂිහ් අප්පා මේකට මෙහෙම නෝණ්ඩි වෙන්නෙ මොන හිතකින්ද දෙයි ය නේ. ඒත් කියන්න එකපාරම මොනවත් ඔළුවට එන්නෙ නෑ. මම මාරම බය ගුල්ලියක් කියලා හිතනවා ඇති.

මල හොල්මන් නැතුව පන තියන හොල්මන් තියනවය…

කට පියාගෙන ඉවසන් ඉන්න බෑ අප්පා. කොච් චර බය උනත්. ඇත්තටම බය වෙන්න දෙයක් නෑ. හැමදාම මම විශ්වාස කරනවා වගේ අපේ අකමැත්තෙ න් කිසිම දවසක කාටවත් අපිව පෙලන්න බෑ.

තියනනවා නේන්නං..මේ මං ඉස්සරහත් එකක් හිටගෙන ඉන්නෙ..

ශිහ් බලකො ඒක කියපු කැත විතරක් මේකාව මරං කන්න නැනේ මට මේ නෝන්ඩි කරන කිරි ල්ලට.

එහෙනං එකක් නෙවී..මං ඉස්සරහත් හිට ගෙ න ඉන්නෙ..ඉතිං එහෙම හොල්මනක් තමා

.මෙයාට සකන්ඩ් වෙන්න බෑ අප්පා මොනා උනත්.

අනේ මන්දා ලියානා..තමුසෙගෙ ඔය කට නං
මොනා කරලවත් වහන්න බෑ..මෙන්න මෙහෙ එනවා යන්න බඩගින්නෙ මැරෙන්න යනවා මාව

එහෙම කියාගෙන එයා මාවත් ඇදගෙන කාම රෙන් එලියට ගියා. ඇත්තමට ශෙහාන් සර් හිටියෙ හරිම සැහැල්ලුවෙන්. මම මීට කලින් කවදාවත්ම එයා එහෙම සැහැල්ලුවෙන් ඉන්නවා දැකලම නෑ.

කවුරුත් කැමතියි කතා නොකර දෙන දෙයක් කාලා වෙන දෙයක් දිහා බලන් ඉන්න උන්ට තමා ඉතිං… මට නං මලාට බෑ කට පියාගෙන ඉන්න.

කට වහ ගන්නවා ලියානා..පිස්සු දොඬවන්නෙ නැතුව..මේ ගෙදර මිනිස්සු රෑ කියලවත් නොබ ලා ත\මු\සෙව ගිහින් දාවි පිස්සන් කොටුවට ඔහොම කියවන්න කියාගත්තම…

ඈ මූ බලකො ඒ ගමන මට පිස්සු කියලා නේද මේ නොකියා කියන්නෙ.

දන්න තරම තමා ඉතිං…ආන්ටි මට හරි ආදරෙි මෙච්චර වෙලා කතාකර කර හිටියෙ…වයසට ගියාමා මිනිස්සුන්ට..ඕනි වැඩිපුර කතා කරන අය..

ඒක නිසා හුඟාක් කතාකරන කෙනෙක්ව මැරි කරන්න කියලා තමා සමාජ විද්‍යා ඥයො කාන්තාවන්ට උපදෙස් දෙන්නෙ….

මම කියවගෙන ගියා.ඇයි යකූ මේක හරි මඟු ලක්නෙ. මේකාගෙ හිතේ මම මොනාත් දන්නෙ නැති පිස්සෙක් කියලනෙ.

ත/මු/සෙ ඔය කියන සේරම කොලිෆිකේෂන් තියෙන එකෙක් හොයාගනිද්දි හැට පැනලා ඉදී…ත/මු/සෙ/ට….ඒ ගමන නං මේකට සිරාව ටම මල පැනලද කොහෙද අප්පා.

හැට පැන්නත් වඳුරො බිමින් යන්නෙ නෑනෙ සර්…

මොනා නැතත් ඒක ඇත්ත..එහෙම කියලා මේකා නෝන්ඩියට හිනාවුනා.

මොකක්ද….?

උඩින් ගියත් වඳුරය කියා ගත්ත එක….

ඒකෙ වෙනසක් තියනවය කවුරුත් වදුරු පරම් පරාවෙන් ආව අය තමා ඉන්නෙ…. ඇයි අප්පා කට පියන් වැදගත් විදිහකට හිටියහැකිද කියාංකො මේ කියන ඒවට.

දැන් ඇති..ජෝක් නෙවී…සීරියස් කියන්නෙ දෙයියන්ගෙ නාමෙට ඔය කට පියා ගන්නවා ලියානා..වරුවක් වැස්සට තෙමිලා ඉන්නෙ රෑ එලි වෙන කං පාරෙ ලඟින්න බෑ මට…

ඒ ගමන නං මෙයා කිවෙ හුඟක්ම සීරියස් මූඩ් එකකින්. මොකද ඒ වෙද්දි අපි කෑම මේසෙ ලඟට ඇවිත් හිටියෙ. එතන අංකලුයි ආන්ටිත් හිටියා. මම සාන්ත දාන්ත තීන්ත බෝතලයක් වගේ කට පියා ගත්තා.

මේ දරුවට හොඳටම බඩගිනි ඇති අර වැස්සෙ හීතලේ මහන්සි වෙලා..

ආන්ටි ශෙහාන් සර් දිහා බලාගෙන කිවේ හරිම ආදරණිය හඬකින්. අම්මලා කොහොමත් එක මයි.අදටත් අයියගෙ යාළුවො ආයම බලන්න ඕනි අපෙ අම්මගෙ සැලකිල්ල.

ආන්ටි මහන්සි වෙලා සෑහෙන්න මේ රෑ… ශෙහාන් සර් කෑම මේසෙ ලඟින් ඉද ගත්තෙ එහෙම කියාගෙන.

ඕක මොන මහන්සියක්ද දරුවො…

ආන්ටි අංකලුයි..හිටියෙ නැත්තං අපිට රෑ එලිවෙන කං පාරෙ වැස්සට තෙමි තෙමී තමා ඉන්න වෙන්නෙ….

මනුස්සයෙකුට මනුස්සයෙක් තමා දරුවො උද ව් කරන්න ඕනි…නැත්තං එතන මනුස්සකමක් නෑනි…

අනං මනං කියෝ කියෝ අපි සැන්විච් කලා තේ බීවා. තේ බීලා ඉවර උන ගමන් සර් නං රූම් එකට ගියා. මම ආන්ටිට ඩයිනිං ටේබල් එකයි කිචන් එකයි අස්පස් කරන්න උදව් කලා.

එයා නං මට රූම් එකට යන්නම කීවා. ඒත් මට ඕනිවුනේ රූම් එකේ ඉන්න වෙන කාලය පුළුව න් තරම් අඩුකරගන්න. නාදුනන පිරිමියෙක් එක්ක එක රූම් එකක එක බෙඩ් එකක රැයක් ඉන්න වෙනවා කියන්නෙ මොන චන්ඩි කෙ\ල් ලෙක්ගෙ උනත් හිත හෙල්ලෙන දෙයක්.

ඉන්න පුළුවන් තරම් උපරිම වෙලාව කිචන් එකේ ඉදලා මම ආයිම රූම් එකට ආවා. වෙලාව රෑ දොලහත් පහුවෙලා. නිදන්න වෙලාවකුත් නෑ. කොයිතරම් රිලැක්ස් ඉන්න හැදුවත් නොතේරෙ න බරකින් හිත පිරිලා.

මම රූම් එකට එද්දි ශෙහාන් සර් නං මෙලෝ සිහියක් නැතුව නිදි. කිසිම ගානක් නෑ. ඇත්ත ටම මහන්සි ඇති එයාට. ඇයි අප්පා මට විත රක් එහෙම රිලැක්ස් වෙන්න බැරි.

මම ඇඳේ කොනක වැතිරුනා. නිදිමත ඇස්ව ලින් බේරෙනවා. ඒත් නිදන්න බයයි. මට තේරෙන්නෙ නෑ ඒක පැහිදිලි කරන්න.

මොනවා කරන්න ද කියලා මට තාමත් හිතා ගන්න බෑ. මම ටික වෙලා වක් බලාගෙන හිටියෙ ඇත්තටම කිසිම දෙයක් ගැන හිතා ගන්න බැරුව.

කාන්තාවක් එක්ක එක යහනක ඉන්න සිද්ධ වෙන එක පිරිමියෙකුට ඒ තරම් දෙයක් නෙවී. ඒ ඒක එච්චර සැහැල්ලුවෙන් ගන්න ඇයි අපිට බැරි. මම කවදාවත්ම ජීවිතේට මෙච්චර බය වෙලා නෑ.

මම බය වෙන්නෙ මොනවදට කියලා මටම තේරෙන්නෙ නෑ. මම බය වෙන්නෙ වෙන කාටවත්ම නෙවී . ඇත්තටම මටමයි. ඔළුව විකාර වලින් පිරිලා තියෙද්දිත් දන්නෙම නැතුව මට නින්ද ගියෙ රෑ කියට ද කියලා මම දන්නෙ නෑ.

හමුවෙමු