දේවින්ද කිචන් එකට එබුණෙ පිච්චෙන සුවදට…කොල්ලා දඩි බිඩි ගාලා ගිහින් ගෑස් එක ඕෆ් කලා..

යකුනේ….මේ මොකද්ද මේ කෑම…පරිප්පු එක නියමෙට කරවෙලා..ඒ මදිවට රයිස් කුකර් එකේ ගහපු බත් එකත් පිච්චෙනවා..

ගිම්සා ..ගිම්සා ..කොයි දැන්..

එතකොටම ගිම්සා කොහේදෝ ඉදලා කිචන් එකට ආවා..දේවින්ද සූට් බූට් ඇදගෙන ඔෆිස් යන්න ලෑස්ති වෙලා..

ඇයි..

ඇයි තමයි.. කරවෙච්ච පරිප්පුද මට කන්න කියන්නෙ..තමුන්ට නහයක් නැද්ද

අයියෝ ..ඒක කරවුණේ කොහොමද

කර වෙන්නෙ නැද්ද ගෑස් එක මෙච්චර වැඩි කරලා තියෙද්දි..

කවුද වැඩි කලේ..

මම වැඩි කලේ..ගිම්සා මේ ….බැරි නම් බැරි වැඩ නොකර ඉන්න ඕනේ..

මං කිව්වනේ මට උයන්න බෑ කියලා..

ෂිට්..මදැයි කසාදයක් බැද ගත්තා..

රෙදි හෝදන්න පුළුවන්ද

පුළුවන් ..වොෂින් මැෂින් එකක් තියෙනවනේ..

කොහෙද

මෙහෙ..ඇයි නැද්ද..

ගිම්සා පුදුමෙන් ඇස් ලොකු කරනවා

ඕහ් ෂිට්..

දේවින්ද ඔළුවෙ අත ගහගත්තා..

තමුසෙට අතුගාන්නත් බැරිද?

ආ..ඒක නම් සිම්පල්…අපෙ රීටා ගේ අතුගානවා මං දැකලා තියෙනවා..

කවුද රීටා කියන්නෙ..

අපේ ගෙදර සර්න්ට් කෙනෙක්..

ඒ කියන්නෙ තමුසෙ කවදාවත් කොස්සක් අල්ලලා නෑ..

නෑ..ඇයි මං කොස්සක් අල්ලන්නෙ..

මං කියන් නෑ ඉතිං…..

.දේවින්ද කට ඇද කලා.

දැන් කන්නෙ මොනවද ..බත් එකත් කර වෙලා…

අයියෝ..මං කොච්චර කල්පනා කරලද ඔය ටික ඉව්වෙ..පරිප්පු එක නම් රසට තියෙන්න ඇති.

ඒ කියන්නෙ කලින් උයලා තියෙනවද?

නෑ..මං ටීවි ප්රෝග්රෑම් බලලා තියෙනව..

ආ..ඔව් නේද..එදත් බැලුවෙ ..රෑට මං පොළොස් ගෙඩියක් ගේන්නම් ..එදා බලපු එකේ තිබ්බ විදිහට ඇඹුලක් හදනවකො..

දේවින්ද කට කොනින් හිනා වෙවී එහෙම කියනකොට ගිම්සා බිම බලා ගත්තා..මාව බලෙන් බැදගෙන දැන් වැඩ ගන්නත් හදනවා..බලමුකො මං කරයිද කියලා ඕවා…කෙල්ල හිතින් මුමුණනවා.

මං යනවා..

අනේ..එතකොට මං කන්නෙ මොනවද?

දත්මිටි කනවා..මෝඩි…ආයෙත් උයා ගන්නවා..තමුසෙගෙ අති විශිෂ්ට පරිප්පු මාළුව..මං යනවා..

දේවින්ද ගිම්සාට රවාගෙන ළගට ඇවිත් තුරුළු කරගෙන කම්මුලක් තදට ඉඹලා රවාගෙනම ගෙදරින් එළියට බැස්සා. දේවින්දගෙ කාර් එක පිටත් වෙලා ගේට් එක ඔටෝ වැහුණම ගිම්සා එළියට ආවා..

කෙල්ල වටපිට බැලුවෙ අවට ගැන සැලකිල්ලෙන්..

වටේටම තාප්ප.. එළියෙ මොනවද තියෙන්නෙ කියල හිතා ගන්න බෑ.

ගිම්සා ගේට් එක අරින්න හැදුවට ඒක අරින්න ක්රමයක් නෑ..ගිම්සා සාලෙ පුරාම බැලුවත් ඒකෙ කොන්ට්රෝලර් එක හම්බුන් නෑ..එතකොටයි ගිම්සාට තේරුණේ තමන් දැන් දේවින්දගෙ හිරකාරියක් වෙලා ඉවරයි කියලා..

ගිම්සා වත්ත වටේටම ගියා..වටේම තාප්ප….ගිම්සා පුදුම වුණේ එහා පැත්තෙ බැල්කනි එකේ ඉදලා පහලට තිබුණු පඩිපෙල දැකලා..බැල්කනි එකෙන් ඇතුලෙ තියෙන්නෙ දේව්ගෙ කාමරේ.. තාප්ප වලින් පූසෙක් පනිනවා කියලා හිතන්නත් අමාරුයි..

ගිම්සගෙ මූණට ආවෙ අපූරු හිනාවක්..

කපටියෙක් මහ…ෂුවර් එකට ඊයේ රෑ ආවෙ මේ හොර පූසා තමයි..ඒකයි මං කතා කරද්දි දොර අරින්නත් වෙලා ගියේ..අද නම් යකෙක් කෑ ගැහැවත් මං බය නොවී මගෙ රූම් එකේ නිදා ගන්නවා..

ගිම්සාට ගාර්ඩ්න් එක නම් හොදට හිතට ඇල්ලුවා..

ලස්සන ලස්සන මල් පිරිලා…ඒත් කවුද මේවා නඩත්තු කරන්නෙ..දේවින්ද ඉන්නෙ තනියමද?කෑවෙ බිව්වෙ කොහොමද? උත්තර නැති ප්රශ්න පත්තරයක් කෙල්ලගෙ හිතේ තියනවා..

ගිම්සා කිචන් එකට ගිහින් ආයෙත් උයන්න පටං ගත්තෙ බඩගින්නෙ ඉන්න බැරි නිසා..
උයන්න බෑ කියලා බොරුවට දේවින්දට පෙන්නුවාට ඇත්තටම ගිම්සාට තරමක් දුරට උයන්න පුළුවන්…ඒත් දේවින්ද එක්ක තිබුණූ තරහා හින්දම කෙල්ල බැරි විදිහට ඇක්ට් කලා..

දිගටම එහෙම කරන්න තමයි ගිම්සා හිතාගෙන හිටියේ..කාලා ඉවර වෙලා ගිම්සා ගේත් අතුගාලා ඇදට වැටුණෙ කරන්න වෙන දෙයක් නැති නිසා..

සහේන්…දැන් මොනවා කරනවා ඇතිද?සහේන්ට කතා කරන්න..ඇත්ත තේරුම් කරන්න ඕනේ වුණත් ඒ හැම මාර්ගයක්ම වැහිලා..ෆෝන් එකක් නෑ..ඉන්ටර්නෙට් නෑ..දේවින්ද බාහිර ලොකෙන් තමන්ව වෙන් කරලා කරන්න හදන දේ ගිම්සාට තේරුම් ගන්න බැරි වුණා..

හැමදාම මෙහෙම හිටියොත් නම් වැඩි දවසක් නොයාම තමන්ව මානසික රෝගියෙක් වෙන බව නම් ගිම්සාට තේරුනා..

💙💙💙💙

දේවින්ද ගියේ ඩීල් එක අනුව එයා මිලදී ගත්ත ෆැක්ටරි එකේ නීත්යානූකූල ලියවිලි සයින් කරන්න.

මිස්ටර් ප්රකාශ්…මං වෙනුවෙන් කරපු මේ උදව්වට ගොඩක් තෑන්ක්ස්…

ඒක මොකද්ද මිස්ටර් දේවින්ද…මේක මට සුළු දෙයක්..

රන්දිම ගමගේ දන්නෙ නෑ තවම ෂෙයාර් මාකට් එකේ අඩු වුණු එයාගෙ කොටස් මිල නිසා එයා මේ ෆැක්ටරි එක විකිණුවේ කාටද කියලා…දැන්ම දැන ගන්න ඕනෙත් නෑ..

දේවින්ද කිව්වෙ මිස්ටර් ප්රකාශ්ගෙ ඔෆිස් රූම් එකේ සුවපහසු පුටුවෙ ඉදගෙන

ඔව් මිස්ටර් දේවින්ද….ඔයාට දැන් වුණත් ෆැක්ටරි එකට යන්න පුළුවන්..ඒත් මට මිස්ටර් සහේන් කිව්වෙ හෙට එයා ෆැක්ටරි එකට ඇවිත් සේවකයින්ට කතා කරනවා කියලා….මං හිතන්නනෙ ඊට පස්සෙ අපි ගියොත් හොදයි..

අපි නෙවෙයි මිස්ටර් ප්රකාශ්..ඔන්ලි මී..මං විතරයි යන්නෙ.. හෙට මම යනවා…මේ ඩීල් එකේ ඔයාගෙ චැප්ටර් එක අදින් ඉවරයි..අන්ඩස්ටෑන්ඩ්..

දේවින්දගෙ ඇස් වල තිබ්බ තර්ජනේ ප්රකාශ්ට තේරුණා..අහක යන කුණු ගොඩවල් වලට ආයෙ නම් අත දාන් නෑ කියලා හිත හිතම ප්රකාශ් දේවින්දගෙන් ලැබුණු චෙක් එකත් අරං දේවින්දට සමු දුන්නා..

💙💙💙💙💙

පාළුම පාළු සොහොන් පිටියක්……සීතල මදනළක් ….මේ සීතල පොලවේ මිහිදන් වෙලා සදාකාලික නින්දට වැටිලා ඉන්න ඇය…..

තැන් තැන් වල තියෙන සොහොන් කොත් අතර ඔහු ඇයව සොයා ගත්තා…ඔහු අත රැදි සුදු පැහැ රෝස මල් පොකුර ඇගේ කොත අසළ රැදවූවා…

ඔහුගේ නෙතු අගින් ගිලිහුණු කදුලු බිංදුවක් ඇගේ සොහොන් කොත පාමුලට
ගිලිහුණා..

ඔව් ..දේවින්ද….දේවින්ද ඒ හොයං ගියේ නෙහාරාව

අතීතයේ සුවද දේවින්දගෙ හද කම්පා කරගෙන …හැම සෛලයක් ගානෙම රිදුම් දෙමින් පැතිරිලා ගියා..

නෙහාරා…රටේ නම ගිය පුද්ගලික විශ්ව විද්යාලෙක හැමෝගෙම ඇස් ලුහු බැන්ද….කාටවත් අල්ලන්න බැරි ඉහලම අත්තක පිපුණු රෝස කුසුම….

පළවෙනි අවුරුද්ද්දෙ එකම පංතියේ එක ළඟ තිබුණු පුටු තුනක…තුන්දෙනාම වාඩි වෙලා හිටියා..

නෙහාරා…දේවින්ද…සහේන්…..හොදම යාළුවො…පළවෙනි දවසෙම තුන්දෙනා මිතුරු වුණේ පතාගෙන ආපු හැටියටම වෙන්න ඇති..

දේවින්ද සහේන් දෙන්නගෙම ලොකුම ඩියුටි එක වුණේ නෙහාරාව ආරක්ෂා කරන එක…

කැම්පස් එකේ හිටපු විවිධාකාර කොල්ලො නෙහාරාගෙ ආදරේ ඉල්ලගෙන නෙහාරාගෙ අධ්යාපනේට බාධා කරද්දි..සහේන් දේවින්ද දෙන්නම පවුරු වළලු දෙක්ක වෙලා නෙහාරාව ආරක්ෂා කලා..

💙💙💙💙💙

ඊලග කොටසට

ඊයෙ කතාව දාන්න බැරිඋනා..සොරි යාලු…

🌹🌹🌹🌹🌹

💙අන්සතු මනාලිය💙