13 Episode (බෝනස් කොටස)

අමුතු කසාදේ

“වරද්දලා බෙහෙත් දීලා උ/බ හැදුවෙ මගේ නැන්දව ම/රා ගන්නද බැ$$යෙ?කතා කරප/න් හි/ඟ/න්නි.අද මං තෝ/ව ඉතුරු කරන්නෑ…”

“ඕක නවත්තනවා තාන්වි.උ/බ කාගෙ හයියක් අරගෙනද යකෝ මගෙ ගෑ/ණි/ට අත උස්සන්නෙ?…”

ප්‍රසන්න මැද්දට පැනලා තාන්විව අහකට තල්ලු කරේ නැත්නම් තාන්වි සාවිට තවත් පහර දෙනවා.මවා ගත් කේන්තියකින් හිටපු තාන්වි සාවි දිහා කන්න වගේ බලා සිටියා.

“අයියට එහෙනම් තමන්ගෙ අම්මට වැඩිය මේ ගෑ/ණි/ව ලොකු උනා.චී විතරක් අයියෙ ඔයා කොහොමද ඔහොම වෙනස් උනේ?නැන්දා ඔයාට කොච්චර ආදරෙයිද.මාමත් නැතුව දුක් මහන්සි වෙලා ඔයාව උස් මහත් කරපු අම්මට ඔයා මෙහෙමද සළකන්නෙ?මේ ගෑ/ණි බෙහෙත් වරද්දලා වැඩියෙන් දීලා නැන්දව ම/ර/න්/න/යි හැදුවෙ.ඒක ඔයාට පේන්නැද්ද?…”

“කට වහගන්නවා තාන්වි.සාවි ගැන මං හොඳට දන්නවා.උනේ මොකක්ද කියලා මං පස්සෙ හොයා ගන්නම්කො.දැන් පැත්තකට වෙලා ඉන්නවා…”

තාන්වි ගස්සගෙන කාමරෙන් එලියට ගියේ හිත යටින් කේන්තියෙන් පුපුර පුපුරයි.තමා බෙහෙත් මාරු කරලා කවර වලට දාපු එක ගෙදර කවුරුවත් දන්නෑ.බෙහෙත් ටික තෝරලා දෙන්නෙ සාවි නිසා තාන්වි හිතුවෙ ප්‍රසන්නගෙ මවට වැඩියෙන් බෙහෙත් පෙව්නම ප්‍රසන්න සිය මවට ඇති ආදරය නිසා කිසිම දෙයක් හොයලා බලන්නැතුව සාවිට චෝදනා කරයි කියලා.නමුත් සිද්ද උනේ වෙන දෙයක්.

ශික්….මං හිතුවෙ නැන්දා අසනීප උනාම ප්‍රසන්න අයියා අර/කි/ගෙ බෙල්ලෙන්ම අල්ල ගනියි කියලා.ඒත් ප්‍රසන්න අයියා බැන්නෙ මට.හොඳයි මං බලාගන්නම්කො ඕ/කි ගැන. තව වැඩි කාලයක් මං ඕකිට ප්‍රසන්න අයියගෙ තු/රු/ලෙ ඉන්න දෙන්නෑ.

“අනේ…මහත්තයා…”

සාවි ඔලුව අල්ලගෙන බිත්තියට හේත්තු උනා.*ල් ආවෙ නැති උනාට ඔලුව ගෙඩි ගැහිලා තිබ්බ නිසා ප්‍රසන්න එතන බාම් ටිකක් ගෑවා.

“ඔලුව ගොඩක් රිදෙනවද සාවි?…”

“ටිකක් රිදෙනවා මහත්තයා.අම්මා අසනීපෙන් නිසයි මං ඉවසුවෙ.නැත්නම් මං ඕ/කි/ගෙ අඬු කඩනවා.මාව විශ්වාස කරන්න මහත්තයා මං අම්මට වැඩියෙන් බෙහෙත් දුන්නෙ නැහැ.කවර වල ලියලා තිබ්බ විදියටම ගානට දුන්නෙ…”

“මට ඔයාව විශ්වාසයි සාවි.මං බෙහෙත් ටික චෙක් කරලා බලන්නම්.තංගම්මා දැන් එනවා ඇති…”

ප්‍රසන්න අම්මගෙ බෙහෙත් කවර ටික පරීක්ෂා කරද්දි තංගම්මා ෆාමසියට ගිහින් බෙහෙත් අරන් ගෙදර ආවා.

“මහත්තයා මේ බෙහෙත් ටික.ලොකු නෝනට ගොඩක් අමාරුයිද?…”

“ලොකු අමාරුවක් නෑ තංගම්මෙ.මේ බෙහෙත් ටික දීලා බලමු.අද තංගම්මා මේ කාමරෙන් ඉන්න.අම්මට රෑ වෙලා අමාරුවක් උනොත් එහෙම…”

ප්‍රසන්න මහත්තයා අම්මට බෙහෙත් ටික පොවලා තැඹිලි ගෙඩියකුත් කපලා බොන්න දුන්නා.ටික වෙලාවකින් අම්මට නින්ද ගියා. බෙහෙත් කවර ටික අරන් අපි දෙන්නා අපේ කාමරේට ආවෙ තංගම්මාට අම්මව බලා ගන්න කියලයි.

“බෙහෙත් සේරම ටික කලවම් වෙලා සාවි.මේ බලන්න මේ නිල් පාට පෙත්තෙන් ගන්න ඕනි බාගයයි.ඒක ගොඩක් සැර බෙහෙතක්.ඒ බෙහෙත් ටික දාලා තියෙන්නෙ මේ බෙහෙත් කවරෙට.මේකෙ තියෙන්නෙ දෙක බැගින් දවසකට තුන් වරක් කියලා.ඉතින් හිතන්නකො බාගයක් ගන්න තියන තැනට දෙකක් ගත්තම මොකද වෙන්නෙ කියලා. කවුරු උනත් මේක හිතා මතා කරපු වැඩක්…”

“හිතන්න දෙයක් නෑ මහත්තයා.මේක කරලා තියෙන්නෙ තාන්වි.නැතුව මෙහෙම වැඩක් කරන්න මේ ගෙදර වෙන කව්ද ඉන්නෙ?එයාට ඕනි උනේ බෙහෙත් මාරු කරලා අම්මව අසනීප කරලා ඒකට මාව අල්ලන්න. අම්මට බෙහෙත් තෝරලා දෙන්නෙ මං නිසා එතකොට මහත්තයා හිතන්නෙ මං බෙහෙත් වැරදියට දීපු නිසා අම්මා අසනීප උනා කියලානෙ.අපි දෙන්නව ඈත් කරන්නයි එයා මෙහෙම දේවල් කරන්නෙ…”

බෙහෙත් ටික හරියට කවර වලට දාලා ප්‍රසන්න මහත්තයා අම්මගෙ කාමරෙන් ගිහින් තියලා ආවා.එයා හිටියෙ බර කල්පනාවක.තාන්වි ගැන එයාටත් දැන් සැකයි වගේ.

“මේ අහන්නකො සාවි.අම්මගෙ ඔය බෙහෙත් ටික මං ගෙනාවෙ අද හවසනෙ…”

“ඔව්…”

“තාන්වි ගෙදර ආවෙ මං ඇවිත් විනාඩි විස්සකට විතර පස්සෙ.තාන්වි අම්මගෙ කාමරේට ගියා නම් ඒක තංගම්මා දකිනවනෙ.මොකද තංගම්මා හවස ඉඳන්ම හිටියෙ අම්මා ගාව…”

“එතකොට මහත්තයා කියන්නෙ මේක කරේ තංගම්මා කියලද?…”

නෑ ඒක කොහෙත්ම වෙන්න විදියක් නෑ. තංගම්මා කවදාවත් ඒ වගේ වැඩක් කරන්නෙ නැහැ.එයා මේ ගෙදර ඉන්නෙ ප්‍රසන්න මහත්තයගෙ අප්පච්චි ඉන්න කාලෙ ඉඳන්මයි.කවදාවත් තංගම්මා මේ පව්ලට නපුරක් කරන්න හිතන්නෙවත් නැහැ.මේක අර යස්සනීගෙ වැඩක්.ඒකෙ දෙකක් නැහැ.

“නෑ සාවි.තංගම්මා මේ ගෙදර ඉන්නෙ මං පුංචි කාලෙ ඉඳන්මයි.එයා කවදාවත් අම්මට නරකක් කරන්න තියා ඒ ගැන හිතන්නෙවත් නැහැ.මේක කරේ තාන්වි කියලා මට විශ්වාසයි.ඒත් තාන්වි කාමරේට එන්නැතුව කොහොමද මෙහෙම දෙයක් කරන්නෙ.මං බෙහෙත් ටික කෙලින්ම ගිහින් තිබ්බෙ ලාච්චුවෙනෙ…”

“හොඳට කල්පනා කරලා බලන්න මහත්තයා. ඔයාට මොකක් හරි දෙයක් මතක් වෙයි…”

“නෑ සාවි.තාන්විට මේ බෙහෙත් ටික ගන්න කොහෙත්ම ක්‍රමයක් නැහැ.මෙතන වෙන මොකක් හරි දෙයක් වෙලා තියෙන්නෙ.මං හෙට උදෙන්ම ඒ ෆාමසි එකට ගිහින් බලනවා…”

“මහත්තයා කියන්නෙ එතකොට ෆාමසියෙන් බෙහෙත් වරද්දලා දීලා කියලද?…”

“නෑ සාවි.එහෙම කියන්න අමාරුයි.මොකද එතන ඉන්නෙ ගොඩක් පළපුරුදු අය.ඉතින් එහෙම කෙනෙකුගෙ අතින් බෙහෙත් මාරු වෙයි කියලා හිතන්න අමාරුයි…”

“මහත්තයා කෝකටත් හෙට ෆාමසියට ගිහින් බලන්න…”

“හ්ම්ම්…”

ප්‍රසන්න කෙ/ල්/ලගෙ ඔලුව අතගාලා ඇඳෙන් ඇල උනා.මොන දේ උනත් ප්‍රසන්න දන්නවා තාන්වි සාවිට කරපු චෝදනාව කවදාවත් ඇත්තක් වෙන්නෑ කියලා.

“මහත්තයා…”

“ම්ම්…”

“ඔයාට ගොඩක් පින් මාව විශ්වාස කරාට. තාන්වි අරෙහෙම චෝදනාවක් කරද්දි මට මොකුත් හිතාගන්න බැරි උනා.දෙයියනේ මට හෙ/න වදියි මහත්තයා අම්මට ඔහොම දෙයක් කරොත්.මහත්තයගෙ අම්මා මට මගේම අම්මා වගේ…”

“මං ඒක දන්නවා සාවි.ඔයාව මට විශ්වාසයි. තාන්වි ගැන අපි මීට වඩා සෝදිසියෙන් ඉන්න ඕනි.දැන් අපි දන්නවනෙ එයාගෙ අරමුණ මොකක්ද කියලා…”

ප්‍රසන්න සාවිව තුරුල් කරගෙන නිදා ගත්තා. දෙදෙනාම සුව නින්දක පසු වෙද්දි තාන්වි තමාගේ ඊළඟ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන වගක් කවුරුවත් දැනන් හිටියෙ නැහැ.

“මං ගිහින් එන්නම් සාවි.ඔයා අම්මව බලාගෙන පරිස්සමෙන් ඉන්න.හදිස්සියක් උනොත් මට කෝල් එකක් දෙන්න…”

“හා මහත්තයා.අරයා ගියා නේද?…”

“නෑ සාවි.මං තාන්විට කිව්වා අද මාත් එක්ක යන්න ඉන්න කියලා.මොකද මට එයත් එක්කම ෆාමසියට ගිහිනුයි අහන්න ඕනි මේ ගැන…”

“හ්ම්ම්…”

“මොකෝ හ්ම්ම් විතරක්.බය නැතුව ඉන්නවා. අද විතරයි.ඒකත් මේ වැඩේට ඕනි නිසා…”

“හා මහත්තයා.පරිස්සමෙන් ගිහින් එන්න…”

කෙ/ල්ල ප්‍රසන්නගෙ නලලට කි/ස් එකක් දීලා ගෙට දුවගෙන ඇවිත් කාරෙක දුරට යනකල් බැල්කනියට වෙලා බලන් හිටියා.

“අයියට තවමත් මං කියන දේ විශ්වාස නැද්ද?සාවි මේ වැඩේ කරේ හිතා මතාමයි. එයාට ඕනි නැන්දව ම/රා ගන්න…”

“හේතුව?…”

“ඒ කියන්නෙ?…”

“නැහැ මේකයි.කවුරුවත් කවදාවත් කිසිම කෙනෙක්ව ම/ර/න්/න හිතන්නෑ කිසිම හේතුවක් නැතුව.දැන් තාන්වි කියන විදියට සාවි මගෙ අම්මව ම/ර/න්/න හැදුවෙ මොන අරමුණකටද?…”

“අයියත් මෙතන බබා වෙන්න හදනවනෙ මොකුත් තේරෙන්නෑ වගේ.එයා හදන්නෙ නැන්දව ම/ර/ලා දේපළ ටික එයාට ලියා ගන්න.මොකද ඒ දේපළ ගොඩක්ම තියෙන්නෙ නැන්දගෙ නමටනෙ…”

“තාන්වි කොහොමද දන්නෙ ඒ දේපළ ගොඩක්ම තියෙන්නෙ අම්මගෙ නමට කියලා?…”

“න්,,,මේ….නැන්දා මට…දවසක් කිව්වා ඒ ගැන.නැන්දා මට ගොඩක් ආදරෙයි අයියෙ. දවසක් නැන්දා මට කිව්වා සාවි දුව හිටියෙ නැත්නම් නැන්දා මාව අයියට කොහොම හරි කසාද බන්දලා දෙනවලු.ඒක සාවිට ඇහුනා. ඉතින් ඒකෙන් පස්සෙ සාවි නැන්දා ගැන හිටියෙ පුදුම කේන්තියෙන්.දවසක් එයා නැන්දට බනිනවා මගෙ කන් දෙකට ඇහුනා…”

“මොනවා කියලද සාවි මගෙ අම්මට බැන්නෙ?…”

“නැන්දා සාවිට කිව්වා දුවේ මට මේ බත් ටික කවන්න පුලුවන්ද කියලා.ඊට පස්සෙ සාවි පුදුම වදයක්නෙ තියෙන්නෙ අම්මෙ ඔයාට අතින් කන්න හෙ/න ගැහිලද කියලා ඇහුවා…”

“හ්ම්ම්.මං බලා ගන්නම්කො ඒ ගැන…”

ප්‍රසන්න කෙලින්ම කාරෙක නැවැත්තුවෙ හංදියෙ ෆාමසිය ඉදිරිපිටින්.තාන්වි කලබල උනා ප්‍රසන්න එතන කාරෙක නවත්තද්දි.

“අ…යියෙ….මේ ෆාමසිය ගාවින් කාරෙක නතර කරේ ඇයි?…”

“පොඩ්ඩක් බැහැලා එන්නකො තාන්වි…”

“ඇයි ඒ?…”

“ප්‍රශ්න අහන්නැතුව බැහැලා එන්නකො හොඳ ළමයා වගේ…”

බැහැ කියන්න බැරි කමට බයෙන් ගැහු ගැහි තාන්වි කාරෙකෙන් එලියට බැහැලා ප්‍රසන්නත් එක්ක ෆාමසියට ගියා.උදේ පාන්දර නිසා ෆාමසියෙ සෙනඟ හිටියෙ නැහැ.

“ඇයි මහත්තයා මොනවද ඕනි?…”

“මල්ලි මං මේ තුණ්ඩුවෙ තියන බෙහෙත් ටික ඊයෙ හවස පහයි දහයට විතර ගත්තෙ මේ ෆාමසි එකෙන්.මට කියන්න පුලුවන්ද කව්ද ඒ බෙහෙත් ටික තේරුවෙ කියලා?…”

එම තරුණයා බෙහෙත් තුණ්ඩුව අරන් පරීක්ෂා කරලා බැලුවා.

“මං නම් නෙවෙයි මහත්තයා.මං ඊයෙ හවස හතරට ඕෆ් උනා.ඉන්න මං අනික් අයගෙන් අහලා බලන්නම්…”

තාන්වි හිටියෙ හිටියෙ ගි,නි ගොඩක් මැද්දෙ පිච්චෙමින් වගෙයි.තමා අසු වුවහොත් වැඩේ අවුල් ජාලාවක් වනු නිසැකයි.එවිට තමාව කිසි කලෙක ප්‍රසන්නව ලබා ගැනීමට නොහැකි වනු ඇත.ඔහුගේ කෝටි ගානක දේපළ සාවි භුක්ති විඳිනු ඇත.

“ප්‍රසන්න අයියෙ ඉක්මන් කරන්නකො.මට හොඳටම ලේට් වෙනවා…”

“එහෙනම් ඔයා ටැක්සියක් අරන් යන්න තාන්වි.මං මේකෙ දෙකෙන් එකක් දැනගෙන එන්නම්…”

ඒත් තාන්වි ගියෙ නැහැ.තව ටිකක් වෙලා ඉන්නවා කියලා හිටියා.තමා දැන් ඔෆිස් එකට ගියත් හිත එකලාසයක් කරගෙන වැඩ කරන්න බැහැ කියලා ඇය දන්නවා.

“මහත්තයා මේ බේත් ටික තෝරලා තියෙන්නෙ නෙත්මි මිස් වෙන්න ඕනි.හැබැයි ශුවර් නැහැ.මොකද දවසකට අපි ගොඩක් අයට මෙතනි සේවාව සපයනවා.හැබැයි නෙත්මි මිස් දැන් මෙහෙ වැඩ නැහැ.ඊයෙ තමයි නෙත්මි මිස් මෙහෙ වැඩ කරපු ලාස්ට් ඩේ එක…”

“ඇයි එයා මෙහෙන් අයින් උනේ?…”

ප්‍රසන්න ඇහුවෙ සැකෙන්.අම්මගෙ බෙහෙත් ටික මාරු කරලා දීමයි,නෙත්මිගෙ පැන යාමයි එක්ක මොකක් හරි සම්බන්දයක් තියනවා කියලා ප්‍රසන්නට හිතුනා.

“වෙඩින් එකනෙ මහත්තයා…”

🌹වැඩිමල් නුඹේ හදවතේ ලැගුම් ගත් ලාබාල බිරිඳයි මෙමා🌹

මතු සම්බන්දයි.

පෙර කොටසට