විසිතෙවන දිගහැරුම ————————

වර්තමානයට….

හිරු එළිය මැකී අඳුර ඉහිරී ගොස් සෙවනැලි ඇදි පාලු මිදුලෙහි කොණක අඹ ගස් සෙවනේ සිමෙන්ති බංකුව කරා මන්දස්මි හෙමි හෙමින් අඩි තබමින් ඇවිද ගියේ දේව් ඉදගෙන සිටිනු දැකීමෙනි. ඈ දුටුවද හැඟීමක් රහිත මිනිහෙකු වාගේ ඔහු බියර් කෑනයේ අඩියේ වූ අවසාන් බියර් ස්වල්පය කටට හලාගෙන එය ඉවතට විසි කළේය. අඳුරේ සැඟවී රෝල් වී ගිය බියර් කෑනය දෙස බලාගෙන හුන් ඈ නිහඬවම ඔහු සමීපයෙන් වාඩි ඒ අඳුරු වූ ඔහුගේ මුහුණ දෙස බලා හුන්නාය. ඔහු බංකුවෙන් නැගී සිටියේ ගෙට යන්නටය.

“දේව් අයියේ… අනේ ටිකක් ඉන්නකෝ…” ඕ තද කොට ඔහුගේ බාහුව අල්ලා ගත්තාය.

“මෙතනින් ඉදගන්නකෝ.. අනේ…”

ඈ පෙන්වන්නේ බංකුව මතුපිටය. නොරුස්සන බැල්මක් හෙලූ දෙව්මින් නිහඬවම යලි බංකුව මත හිඳගෙන හිස් අහස දෙස බලාගෙන හුන්නේ ඈ ඔහුගේ මුහුණ දෙස ඇසිපිය නොහෙලා බලාගෙන ඉද්දීමය.

“කියන්න දෙයක් තියෙනවනම් කියනව.. මගෙ මූණ දිහා පෙරහැර යනව වගේ බලාගෙන ඉන්නෙ නැතුව..”

ඕ සිනාසුනාය. ඔහු පුදුමයෙන් බැලුවේ ඇය සිනාසෙන දෙසය. ඔහුගේ වමත මෘදුව අල්ලාගෙන සිනාසෙන ඈ දෙසය.

“ඔයාගෙ ඔය නපුරුකම කවද්ද නැති වෙලා යන්නෙ අප්පා.. ඔයා නපුරුකම් කළාට වැඩක් නෑ දේව් අයිය.. මම ඔයාට දැන් හුරු වෙලා ඉවරනෙ.. නපුරු මූණයි ඔය රැවිල්ලයි නැතිනම් කොච්චර හොඳද..”

“අනේ මේ කියන්න තියන එකක් කියනවා.. මෙතන හුරතල් වෙවී ඉන්නවට වඩා මට වැඩ තියෙනව.. මොන කරදරයක්ද ශි ට්…”

ඔහු අත ගසා දැමුවේ කෝපයෙනි. ඒ මුහුණ මැද සිනා මැකිණ. ඈ යන්තම් ඒ ඇස්වලට එඹුනාය. ඉස්තෝප්පුවේ මැද දැල්වූ විදුලි පහනින් ඒ සුදු මූණේ ඇදුණ වේදනාබර සිනාව ඔහුට යන්තම් පෙනේ. ඈ දෝතින්ම අල්ලාගත්තෙ ඔහුගේ මුහුණය.

“දුව අපි දෙන්න ළඟට ආපු දවස මතක දේව් අයිය ඔයාට.. එදා ඔය කීවෙ එයා ඔයාගෙ නෙවේ කියල.. ඒත් මම කෙල්ලව හදාගත්ත.. එතකොට දැන් මගෙ බඩේ හුස්ම ගන්න පැටියත් ඔයාගෙ නෙවේද…”

මුනිවත රකින සිනා කළඳක් නොමැති ඒ මුහුණ ඈ සුමුදුව පිරිමැද්දාය. ඔහු වේගයෙන් හුස්ම ගනු ඈට දැණිනි. තමාගෙ ඇස්වටා තුනී කඳුලු පටලයක් ඇදුනද කෙ ල්ල එය පළවා හරින්නටදෝ ඇස්පියන් තටු සැලුවාය.

“මම හැදුවෙ ඔයාටවත් අම්මටවත් නොකියාම අවිස්සාවේල්ලේ ගෙදරට යන්න කෙල්ලත් එක්ක.. මම හිතුවෙ නෑ තව පැටියෙක් ඒවි කියල.. කාගෙ වරදද කියල කියන්න මම දන්නෑ දේව් අයිය.. අනේ කතා කරන්නකෝ ප්ලීස්…”

“මොනව කතා කරන්නද දැන් ඔක්කොම කරගත්තට පස්සෙ..”

“අනේ ඒම කියන්න එපා.. අපි දෙන්නම දන්නවනෙ ඩිවොස් එක කට උඩ තියාගෙන මේක වුණේ කියල.. මට ඔයාට දෙයක් කියන්නෝන.. “

“ඒ පාර මොකද්ද නටන්න හදන නාඩගම ත මුසෙ..”

“න් නෑ.. දේව් අයිය.. මට මේ පැටියට නැති කරගන්න බෑ.. අනේ එයාව නැති කරන්නත් එපා.. මං වෙනුවෙන් චූටි හරි අනුකම්පාවක් තියේනම් මේ පැටියව නැති කරන්න හදන්න එපා.. මම මොන දුක විදල හරි පැටියව හදාගන්නව කියලයි කියන්නෝන උනේ..”

ඈ හුස්ම නාල්ලාම කියාගෙන ගියේ බිය මුසු අසරණ ස්වරයකිනි. ඔහු හැරී බැලුවේ අදුරේ වුවද දිලිසෙන ඇයගේ ඇස් දෙසය.

“ඔයා ගියත් මම දරුවො දෙන්න හදාගන්නව.. දේව් අයියා මේ කෙල්ලගෙ හිත ගොඩක් හයියයි..”

ඈ ඔහුගේ දකුණත තියාගත්තේ වේගයෙන් ගැහෙන ළය මැදය. ඔහු හුන්නේ හැඟීමක් නැති මිනිහෙකු වාගේමය.

“ඇහෙනවද සද්දේ.. මාව නිතරම ගැහෙනවා.. මම හුඟක් බයෙන් ඉන්නේ ඔයා දරුවට මුකුත් කරයි කියල.. අනේ ඒ හිතේ බය විතරක් නැති කරන්න.. මට මේ දරුවව හදාගන්න දෙන්න.. මම තවත් ඔයාට කරදර කරන්නෑ.. ඔයා නොබැලුවත් මම දරුවො දෙන්නම හදාගන්නම්.. අම්මා වුණත් හුඟාක් පව්.. එයා මට කියනව එයා එක්ක ඉන්න කෑගල්ලෙ ගෙදර එන්නලු.. මට මගෙ මහත්තය විශ්වාස නිසයි මේම අහන්නේ.. ඒම නැතොත් මම අවිස්සාවේල්ලට යන්නම්..”

“දැන් තමු සෙට ඕනා ඔය ළමයත් හදාගන්නනම් හදාගන්නවා.. මට චකු චුකු ගාන්න එන්න එපා එච්චරයි .. දැන් හරිනෙ මීට පස්සෙ මට වද දෙන්න එපා…”

ඔහු සාක්කුවේ දෑතම රුවාගෙන නැගී සිටියේය. ඊළඟ නිමේෂයේ මන්දස්මි ඔහුගේ පිටුපසින් තම ළයට සිරකරගත්තාය. ඒ ළය ගැහෙනු දේව්ට නොදැනුනාම නොව ඔහු කෝපයෙන් ඇයගෙන් දුරස් වෙන්නට වෙට දැරුවේ දැඩි පිළිකුලකිනි.

“අයින් වෙලා ඉන්නවා..”

“මට ආසයි ඔයා ළඟින් ඉන්න.. සමහර වෙලාවට කන්ට්‍රෝල් නෑ.. “

ඈ ඔහුගේ උරහිසේ දැවටුණේ පසළොස් හැවිදිරි කුඩා කෙල්ලක් වාගේය. ඒ උණුහුම තුළ ගුලි වෙන්නට අවැසි මුත් ඕ සැනෙන් ඔහු කෙරෙන් ඉවත් වුණාය. ඈ ඔහුගේ ඇස්වලට එඹී අහිංසකව හිනැහී නිකටින් අල්ලාගත්තේ කෙලිලොල්ව නමුදු බියක් මුසුවුණ තෙත් ඇස්වලින් බැල්මක් හෙලමිනි.

“සමහර වෙලාවට නෙහා ඔයා ළඟින් උන්නනම් හොඳයි දේව් අයියා.. ඒම වුණානම් ඔය ඇස්වල හීනි සතුටක් තියෙයි.. ඔයාගේ මූණෙ ඉස්සරම තිබුණු අර හිනාව තියෙයි.. ඒනං මමත් සතුටින් ඉන්න තිබුණා දුර ඉදල ඔයා දිහා බලාගෙන..”

ඕ රහසක් වාගේ කෙඳිරුවාය. හීනි සීතල සුළඟක් හැමීය. අඹ කොළ ගොන්නක් බිම හැලිණි. ඈ ඔහුගේ නිරුවත් ළය පිරිමැද්දාය.

“ඔයා තව ටිකක් හිතල මට කියන්න.. මම යන්න ලෑස්තියි හෙට උදේ වුණත්.. මට බය මේ නූපන් දරුවා ගැන මිසක් කෙල්ල ගැන නෙවේ. කෙල්ලටයි මටයි ඔය මොකක් හරි ගැටගහගන්න පුලුවන්.. ඔයා හිතල කියන්න දේව් අයිය.. “

නිහඬ මුහුණ දෙස තව වරක් හැරී බලා මන්දස්මි ගෙට ඇවිද ආයේ මොනවාදෝ වටහා ගත නුහුණ හැඟීම් ගොන්නක් හිත තුළ වාන් දමද්දීය. දෙවන වරටද කුසට ආ ළපැටියාගේ මුහුණ බලන්නට ඈට අහේතුකව ආශාවක් ඉපැදුණේ රෝහලේදීමය. ඔහුගේ ප්‍රතිචාරයක් ගැන ඈ ළතැවුණේ ඔහු ගැන ඈ දන්නා හින්දාමය.

“මැණික.. කෝ එන්න වස්තුව..”

කුඩා බෝනික්කන් ගොන්නක් වට කරගෙන උන්ගේ හිස් අත් පා ගලවන්නට තැත් කරමින් හුන් කෙ ල්ලව වඩා ගත් මන්දි ඇයගේ රෝස පැහැ නහය නොරිදෙන්නට සපා කම්මුල් සිම්බාය. යන්තම් මතු වූ කිරිදත් කීපය පෙන්නා ඕ මහ හඬින් හිනැහුණේ මන්දිගේ කම්මුලෙහි කෙළ ගොන්නක් තවරමිනි.

“මැණිකට ඕනි මල්ලියෙක්ද නංගියෙක්ද.. “

මන්දි පුළුල්ව අහිංසකව හිනාවීගෙන ඇසුවේ පොඩි එ කීගෙනි. කිසිවන් හරියට නොදන්නා කෙල්ල කරන්නේ හිනා වෙන එකමය. දරුවා වඩාගෙන අනෙක් පස හැරුණ ඕ දැක්කේ තමා දෙසත් දරුවා දෙසත් හැඟීම් විරහිත මුහුණකින් බලාගෙන හිදිනා දෙව්මින්ගේ මුහුණ දෙසය. මන්දිගේ මුව රැදුණ සිනාව මැකිණි. ඕ බැලුවේ කොල්ලා වෙතට දෑත දිගු කරන පොඩි කෙ ල්ලගේ මුහුණ දෙසය.

“අප්..පත්ති….”

“ඔව් මැණික මැණිකගෙ අප්පච්චි…”

ඈ දේව් දෙස බැලුවේ ආයාචනාත්මට බැල්මකි. ඔහුගේ මුහුණ දෙස බලමින් සිනාසෙන කෙල්ල දැකි මන්දිගේ හිතේ පිරුණේ දරාගත නුහුණ ආත්මානුකම්පාවක් මිශ්‍ර වේදනාවකි.

“දේව්… එක වචනයක් හිත හැදෙන්න කියන්න.. මේ අවුරුද්දක කාලෙකවත් වචනයක් කතා කරන්න බැරි කමක් තියේද ඔයාට.. අනුන්ගෙ දරුවෙක්ටවත් නිකන් වචනයක් දෙකක් කතා නොකර ඔයාට යන්න බැහැ නේද.. “

“මන්දි.. මම කට වහන් හිටියාම එනවද මගෙ කරේ නගින්න… ත මුසෙ ත මුසෙගෙ පාඩුවෙ ඉන්නවා.. මගෙ අනුකම්පාවෙන් ප්‍රයෝජන ගන්න එන්නෙ නැතුව.. කට පියාගත්තාම ඒකෙන් අයුතු දේවල් කරන කියන්න ගත්තෙ.. මතක තියාගන්නවා තමු සෙගෙ හිනාව හැමතිස්සෙම තියෙන්නෙ මං ගාව කියල..”

බර අඩි තබමින් තරප්පු පෙළ නගිමින් කාමරයට ගොස් දොර වසාගත් දේව් දෙස බලාගෙන හුන් මන්දි පොඩි කෙ ල්ලව අනෙක් අතට මාරු කරගත්තේ සුසුමක් හෙළමිනි. ඉදිරිපස දොර වැසූ ඈ හැරෙද්දීම වාගේ ස්තාවර දුරකතනය මහ හඬින් හඬ දුන්නේය.

“හෙලෝ අම්මා….”

“මැණික ඔයා කෑවද.. බෙහෙත් ටික බිව්වද.. කෝ පුතා.. “

ඉන්දුමතීගේ අතෝරක් නැති ප්‍රශ්නවලට මන්දිට දැනුනේ ළය පුපුරන්නට තරම් වේදනාවකි. ඈ මෙපමණ ඉවසන්නේ ඉන්දුමතී නිසාවෙන්මය. දුරකතන රැහැන අදින කෙල්ලගේ සිගිති අත්තලින් අල්ලාගත් මන්දි සුසුමක් හෙළුවය.

“දේව් අයිය නිදි අම්මේ.. තව ටිකෙන් කන්න ඕනි..”

“මම කීවා නේද.. මම එන්නං හෙට ඔයාව එක්ක යන්න…”

“කොහෙද..”

“මෙහෙ මං ළඟට.. මට දේව් විශ්වාස නෑ.. තවත් ඔයා විදවනව බලන්න හයියක් නෑ.. මමත් වැරදිකාරයෙක් මේ පව්වල..”

“අනේ අම්මා මොනාද මේ කියවන්නේ මම ඉන්නෙ සතුටින්.. මං හොඳින්..”

ඉන්දුමතීගේ වේදනාබර හඬත් පසුතැවිල්ලත් මොහොතකින් හැඳුනාගත් මන්දස්මි පැටියාව ළයට සිර කරගෙන බර හුස්මක් පිර කරමින් කුස මතින් යන්තම් දකුණත තද කරගත්තාය.

Advertisment