ලියානා…
විසි දෙක…22
මට හිතා ගන්න බෑ මොනවද වෙන්න යන්නෙ කියලා. නොතේරෙන හීත ලකින් මගෙ මුළු හිතම හිරිවැටිලා. මේ වගේ දෙයක් මම හීනෙ කින්වත් බලාපොරොත්තු වුනේ නෑ.
මේ තරම් සමීපකමක් මට හිතා ගන්නවත් බෑ. මට ශෙහාන් සර්වත් පෙනු නෙ මගෙ අයියා වගේමයි. මම එයා එක්ක එකට එක කියන් නෙ රණ්ඩු කරන්නෙ විහිළු කරන්නෙ එයත් අයියා වගේමයි කියලා හිතට දැනුන නිසා.
ඒත් මට තේරෙන්නෙ නෑ අප්පා මොනාද මේ වෙන්න යන්නෙ කියලා. ඇයි කියන්න දන්නෙ නෑ මට එක පාරටම කේෂි මැඩම්ව මතක් වුනා. මටවත් කියන්නෙ නැතුව මාව මහා හුඟක් ගැස්සුනා.
ඇයි ලියානා..තව ටිකාක් ඔහොම ඉන්න..අර ඉස්සරහා පොඩි එලියක් පේනවා වගේ..
මම වෙව්වලන්නෙ ශීතලට කියල හිතලද කොහෙද ශෙහා න් සර් කීවා.
ඇත්තටම දැන්ම් ශීතලක් දැනෙන්නෙම නැති තරං බයටම මාව රත්වෙලා හොඳටම. කොච්ච ර පණ්ඩිතයා උනත් මීට කලින් කවදාවත්ම මෙහෙම අත්දැකීමක් විඳලා නෑ මම.
මම දන්නවා ශෙහාන් සර්ගෙ හිතේ වැරදි අදහ සක් නෑ. ඒත් මට මේක පැහැදිලි කරලා දෙන්න තේරෙන්නෙ නෑ. නොතේරෙන මොකක්දෝ වැරදි කාර හැඟීමක් මාව හොඳටම නොසන්සුන් කරලා.
ශෙහාන් සර් ගෙදරක ගේට් එකක් ලඟ නතර වුනා. අර එලිය පෙනුනෙ ඒ ගෙදරින්. හොඳ වෙලාවට ගේට් එක වහලා තිබුනෙ නෑ.
ලියානා තත්පරයක් ඔහොම ඉන්නවද..? මම ඉක්මනට එන්නම්..
එයා හැදුවෙ මාව එතන දාලා ඒ ගෙදරට යන්න.
අනේ සර් මට බයයි..
ඇත්තටම වැස්සට ද අකුණු වලට ද වෙන මො නවටද මන්දා මා තේරෙන්නෙ නැති බයක් මාව වෙලාගෙන තිබුනා.
කට නං රටකට ගහන්න…තත්පරයක් කරුව ලේ ඉන්න බෑ..
ඒ ගමන සේරම තියෙද්දි මේකා මාව නෝණ්ඩි කරන්න ගත්තනෙ හත් දෙයියනේ. නෝණ්ඩි වෙනවා කියලා මෙහෙම නෝණ්ඩි වෙන්න පුළුවන්ද මම අහන්නෙ.
සර් ගිහින් එන්න මම මෙතන ඉන්නං…
බෑ බෑ මොනා උනත් මෙහෙම නෝණ්ඩි වෙන්න නං බෑ.
පුළුවන්ද ඉන්න තනියම…?
මොනවත් හිතා ගන්න බැරුව වගේ එයා අහනවා.
පුළුවන් සර්… කොච්චර බැරි උනත් බෑ කියන්න නං බෑ අප්පා.
එහෙනං ඔහොම ඉන්න මම තත්පරෙන් එනවා..
එහෙම කියලා එයා ගේ දිහාට ගියා. ගේට් එ කේ ඉදන් ගෙදරට ඒ තරම් දුරක් තිබුනෙ නැති නිසාත් ගේට් එක ඇරලා තිබුන නිසාත් මම බය නැතුව සර් ගිය දිහාම බලාගෙන හිටියා.
එකපාරම ගේ ඉස්සරහා ලයිට් දැම්මා. ටිකක් වයසක වගේ කපල් එකක් එලියට ආවා. සර් එයා එක්ක මොනවද කියනවා. වැස්ස නිසා ඇහුනෙ නෑ.ඊට පස්සෙ එයා මම ඉන්න තැනට දුවලා ආවා.
එන්න ලියානා… එයා මගෙ අතින් අල්ලගෙන ඒ ගෙදරට ගියා.
අනේ මේ දරුවා හොඳටෝම තෙමිලනෙ…. එන්න පුතේ….
ඒ ආන්ටි මගෙ අතින් අල්ලගෙන ගේ ඇතුලට යන්න හැදුවා. මම සර් දිහා හැරිලා බැළුවා.
යන්න ලියානා..ගිහින් ඔය ඩ්‍රස් එක චේන්ජ් කරගන්න…ඔහොම සීතලේ ඉන්න බෑනි…
එයා එහෙම කීවා. චේන්ජ් කරගන්න කීවට කොයි අප්පා ඇඳුම් බෑග් එක වෙහිකල් එකේනෙ.
එන්නකො පුතේ….
එහෙම කියාගෙන ඒ ආන්ටි මාව ගේ ඇතුලට එක්ක ගියා අර තෙ බරිත ඇඳුම් පිටින්ම. ඒ ගෙදර වෙන කවුරුත් ඉන්න පාටක් පෙන්න තිබුනෙ නෑ.
අමුතුවෙන් නාන්න නං දෙයක් නෑ හොඳටම නාලනෙ ඉන්නෙ ඔයා පුතේ ඔය ඇඳුම් මාරු කර ගන්නකො… එහෙම කියලා ඒ ආන්ටි මට ටවල් එකකුයි නයිටි ඩ්‍රස් එකකුයි දුන්නා.
ඕවා මම නිකං ඉද්දි කම්මැලි කමට මහන ඒවා කවුරුත් පාවිච්චි කරපුවා නෙවී… එයා එහෙම කීවෙ මම පුදුමෙන් ඒ ඇදුම් දිහා බලන් උන්න නිසා.
මම ඒවත් අරගෙන බාත් රූම් එකට ගිහින් ඇඳුම් මාරු කරගත්තා. අම්මේ දැනුන සනීපෙ.
මහත්තයා නං, අපේ මහත්තයත් එක්ක එලිය ට ගියා මං හිතන්නෙ වහෙනේ බලන්න…
සීතලේ නෙ මේ දරුවා හිටියා කීවේ මේක බීලා ඉන්න කො… එහෙම කියලා ඒ ආන්ටි දුන් දාන කෝපි එකක් ගෙනත් දුන්න මට. මාරම සුවඳයි ඒක. සුවඳටම බොන්න හිතෙනවා.
තෑන්ක්ස් ආන්ටි..අපි නිසා ආන්ටිලටත් කරදරේ
..ආන්ටිවත් හිටියෙ නෑ නං රෑ එලිවෙන කං හීතලේ පාරෙ තමා ඉන්න වෙන්නෙ…
මම කියවගෙන ගියෙ අවංක හැඟිමෙන්.
ඕවා මොනාද දරුවො අපි මනුස්සයොනෙ..කාට හරි කරදරයක් වුන වෙලාවටකට පිහිටක් නැත්තං ඇති පලේ මොකක්ද..?
ආන්ටි කීවෙ සන්සුන් හඬකින්. සර් මෙයාලට අපි ගැන මොනා කීවද ද න්නෙ නෑ. මට අහන් නත් බෑ. පව් දෙයියනේ දැන් ආයිම හීතලේ තෙමෙ න වා ඇති. බක පණ්ඩිතයා වෙලා තියන දෙයක් කියන්නෙත් නෑ.එක අතකට මට කියලා මම මොනා කරන්නද..?
පුතාලා කොහෙද මේ වෙලාවෙ මෙහෙ මොනාද කරන්නෙ..
ඒ ගම ආන්ටි ඇහුවා. දැන් දීපංකො උත්තර. හත් වලාමෙ අර මනුස්සයා කියපු දේවල් නො දැන මම මොනා කියන්නද..ෂිහ් මේ වෙලාවට තමා ඉතිං. මම අමාරුවෙන් යන්තං සිද්ධවුන දේ කීවා. සර්යි මායි අතරෙ තියෙන සම්බන්ධෙ මොන වගේ එකක් ද කියලා නොකියා ඉන්න මම පරිස්සම් උනා.
සර් මොනා කියලා තියනවා ද දන්නෙ නෑ. නැත්තං මෙයාලා වැරදි විඳිහට හිතයි. පරන තාලෙ මිනිස්සුනෙ ඉතිං දන්නෙ නෑද හැමදේම හිතන්නෙ අපිට වඩා වෙනස් විඳිහට.
මේ දරුවො රෑට කෑම එහෙම කාලද… ඒ ගමන එයා ආයිම අහනවා.
ඔව් ආන්ටි අපි මඟින් කෑම ගත්තා…
සීතලට ආයිම බඩගිනි ඇති මම මොනා හරි හදන්නද…රස්නෙන්..
අනේ කරදර වෙන්න එපා ආන්ටි දැන් බඩගිනි නෑ…
මොන කරදරයක්ද දරුවො මම මේ කම්මැලි කමේ ඉන්නෙ.. අපි දෙන්නා විතරනෙ ඉතිං… එයා කීවේ දුක්බර හඬකින්. ඇත්තට අපිත් වයසට ගියාම මෙහෙම වේවිද..?
ආන්ටිට බබාලා නෑද…? මටත් ඕනි නැති දෙයක් නැති හැටි ඇත්තට.
දුවයි පුතයි ඉන්නවා..ඒ දෙන්නම බැඳලා…
වෙනම ගෙවල්වල ඉන්නෙ..අපි එයාලට කරදර කරන්න යන්නෙ නෑ… ආන්ටි කීවෙ හරි බර හඬකින්.
පුතාලට දරුවො ඉන්නවද..? ලඟදිද මැරි කලේ…?
ඒ ගමන ආන්ටි අහනවා. කාලා වරෙංකො දැන්. මටත් කටපියන් ඉන්න බැරුවට යනවා එක එක ඒවා අහන්න අයියෝ ලියානා. මොනවත් නො කියා මම හිනාවුනේ අර ගෝතයා මොන මඟුලක් කිව්වද කියලා මම දැන ගෙන හිටියෙ නැති නිසා.
දැක්කම හිතුනා අළුත කපල් එකක් කියලා..
ටික දවසක් නිදහසේ ඉදලා දරුවෙක් මල්ලෙ ක් ගැන හිතන එක තමා හොඳ..
කෙලියා නේද තාප්පෙටම මොනාද යකූ මේ වෙන්න යන්නෙ. මෙයා අර මනුස්සයට මාව බන්ඳලා දෙන්නද ඒ ගමන හදන්නෙ. මේවට කොහෙම ද දෙයි හාන්ඳුවනේ උත්තර දෙන්නෙ.
ඔහොම වෙලාවට කාටත් දාන මෝඩ ජෝක් හිනාව දාලා මම යන්තං ඒ කතාවෙන් ෂේප් උනා. ඉක්මනට මේ කතාව වෙන පැත්තකට අරන් නො ගියොත් නං ලියානා උඹේ පටි රෝල් වෙනවා.
උදේ ඉදන්ම මෙහෙට වහිනවද ආන්ටි…පාරෙ වතුර තියන විඳිහට නං සෑහෙන වෙලාවක් වැහැලා තියනවා… තාමත් වහිනවනෙ..
මම ටක්ගාලා කතාව වෙන පැත්තකට අර ගෙන ගියා.
ඊයේ රෑ පටන් ගත්ත වැස්ස දරුවො මේ….එක සීරුවට වහිනවා…ඔය වා හනේ නතර වුනා කියපු හරියෙ…වලවල් වගයක් තියනවා පාරෙ වතුර පිරුනාම ඒවා හොයන්න බෑ…
ආන්ටි කියවගෙන යනවා. එතකොට වාහනේ වතුර වලකට වැටිලද නතර වුනෙ. මට බය හිතුනා සර් මාව වැස්සෙම වාහනෙන් බැස්සු වෙ ඒක නිසා වෙන්න ඇති.
වාහනේට මොකද දන්නෑ….
මම එහෙම ඇහුවෙ වාහනේ ගැන හිතලා නෙවී. ඒකට මොකක් හරි ලොකු ඩැමේජ් එකක් වෙලා තිබුනොත් හෙට ගෙදර යන්න රෑ වෙයි කිය ලා බයට.හොඳ වෙලාවට හෙට හවස් ට්‍රේන් එකේ ගෙදර එනවා කීව නිසා හොඳයි නැත්තං අම්මලා බය වෙනවා හොඳටම.
බය වෙන්න දෙයක් නෑ දරුවො අංකලුත් ගියානෙ..තව මේ අහල පහල දෙතුන් දෙනෙක් අඩගහගෙන ගිහින් බලයි මොනවද වෙලා තියෙන්නෙ කියලා ඔයා බය නැතුව ඉන්නකො…
ආන්ටි එහෙම කීවම හිතට ලොකු සැහැල්ලුව ක් දැනුනා. තාමත් වැස්ස කලින් වගේමයි. පව් ශෙහාන් සර් හොඳටම තෙමෙනවා ඇති. ඔහොම තෙමිලා ආයිම අසනීප වෙයිද දන්නෙ නෑ.
කේෂි මැඩම් දන්නව නං මේ වෙලා තියන දේ එයාට මොනා හිතෙයි ද..?
තමන්ගෙ හස්බන්ඩ් වෙන කෙල්ලෙක් එක්ක මෙහෙම රෑ තිස්සෙ ගෙවල් ගානෙ යනවා කිය ලා දන්නවා නං එයා කොච්චර දුක් වෙයිද..? ඇයි අප්පා මටම මෙහෙම ඒවා හිතෙන්නෙ.
මං වැරැද්දක් කරලා නෑනේ. මම සර් ගැන වැරදි දේවල් හිතන්නෙ නෑ. ඉතිං මෙහෙම දේවල් වෙන එක මට නතර කරන්න බෑ. ඒක මගෙ වැරැද්දක් නෙවී. ඒත් අනේ මන්දා මට තේරෙන්නෙ නෑ.
මොනා ද පුතේ කල්පනා කරන්නෙ…බය වෙන් න දෙයක් නෑ…මහත්තයා ඉක්මනින් ඒවි..ඒ දරුවත් හොඳටම තෙමිලා නේද හිටියෙ..?
අයියෝ මේ ආන්ටි ආයිම ට්‍රක් පනිනවනෙ අප්පා. මම ආයිම හිනා වෙලා ප්‍රශ්නෙ මඟ ඇරියා. ඒත් මෙහෙම ප්‍රශ්න වලින් පැනලා යද්දි මෙයා ඇයි බලයිද දන්නෙ නෑ.
අපි හිටියෙ සාලෙට වෙලා. ඒකෙ කෙලවරක තිබුන කැබිනට් එකක් උඩ වෙඩින් ෆොටෝස් පෝලිමක්ම තිබුනා. ඒ ආන්ටිගෙ දුවගෙයි පුතාගෙයි වෙන්න ඇති. මාතෘකාව වෙනස් කරන්න ලේසිම විඳිහ තමා මේ. මම ඉදගෙන උන්න තැනින් නැගිටලා ගිහින් ඒ ෆොටෝ දිහා බලාගෙන හිටියා.
මේ මගෙ දෝණි….. මේ පුතා… ආන්ටි මට ෆොටෝ වල ඉන්න අයව හදුන්වලා දුන්නා. මමත් ඉතිං කට ඇරගෙන ඒ දිහා බලං හිටියා.
එයාලා මොනවද කරන්නෙ..? අපොයි මටත් ඉතිං ඕපදූපයක් අහන්න තියේනං ඉතිං.
දුවයි පුතයි දෙන්නම..ඉංජිනියර්ස්ලා… මේ පුතා පයිලට් කෙනෙක් මේ දෝණි..ඩොක්ටර් කෙනෙක්…
ආන්ටි කියවගෙන හුඟක්ම තෘප්තිමත් හඬකින්. අනේ මන්දා අප්පා මොනා අහන්නද කියලා තව. ඒ අස්සෙ හිතට බයයි වාහනේට මොකද දන්නෙ නෑ. ශෙහාන් සර් තාමත් තෙමෙනවා ඇති.
ඔහොම ටිකක් ඉන්නකො පුතේ ටිකක්…
එහෙම කියලා ඒ ආන්ටි ගේ ඇතුලට ගියා. එහෙම ගිහින් එයා ටික වෙලාවකින් ආවෙ ලොකූ ඇල්බම් එකක් අරගෙන.
ඒකේ එයාලගෙ වෙඩින් ෆොටෝ එකේ ඉදන් බබාලගෙ පොඩි කාලෙ ඉදන් පිලිවෙලට ෆොටෝස් තිබුනා. ඇත්තටම ඒ ෆොටෝස් වල අමුතුම ප්‍රොෆෙෂනල් ලුක් එකක් තිබුනා.
මේ ෆෝටෝස් හරිම ලස්සනයි ආන්ටි… ඇත්තටම මම කීවෙ කටට ආවටම නෙවී.
අංකල් ෆොටෝග්‍රැපර් කෙනෙක්නෙ…. ඉතිං දරුවො පොඩි දවස් වල එක එක විඳිහට ෆොටෝස් ගන්න එක තමා එයාගෙ හොබී එක..ආන්ටි කියවගෙන යනවා. එයාට මේවා කියන්න කෙනෙක් නැතුව ඉන්න ඇති.
ඇත්තටම අපි තනිවුනාම ඒක මොනතරම් හිතුට දැනෙනවා ද.. මේ ආන්ටිට මේ අතීත මතක සිහි කර කර ඒ සතුට බෙදා ගන්න කෙනෙක් මුණ ගැහෙන්න කලාතුරකින් වෙන්න ඇති.
ඒකයි මේ නන්දාදුනන මට උනත් මෙහෙම හැමදේම හරිම සතුටින් කියන්නෙ. ජීවිතෙත් හරිම අපූරු දෙයක් බලාගෙන යද්දි.
අපි දෙන්නා කතා කර කර ඉද්දි ගේට් එකෙන් ඇතුලට වාහනයක් ආවා. දැන්නම් වැස්ස ටිකක් අඩුවෙලා. මගෙ සිතට සැහැල්ලුවක් දැනුනෙ වාහෙනේ මිඳුලෙන් නතර කලාට පස්සෙ.
පේන විඳිහට නං ඒකට ඒ තරම් ආපදාවක් සිද්ධ වෙලා නෑ වගේ. අංකලුයි ශෙහාන් සරුයි ගෙට ආවෙ හො ඳටම තෙමිලා තෙත බරිත වෙලා. හුඟක් දේවල් අහන්න නං තිබුනා ඒත් මේ වෙලාවෙ බෑනේ.
කුමාරි…. මේ දරුවා හොඳටම තෙමිලා ඉන්නෙ..ඉක්මනට රස්නෙන් බොන්න දෙයක් හදන්න.. ඔය ඇඳුම්මාරු කරගෙන ඉන්න දරුවො..
අංකල් ආන්ටිටයි ශෙහාන් සර්ටයි දෙන්නටම එකපාර කිව්වා.
හමුවෙමු