Home Novels ස්වප්න සේයා ස්වප්න සේයා – 4 කොටස

ස්වප්න සේයා – 4 කොටස

0
7

ස්වප්න සේයා 🎨🎨🎨

සිව්වන සේයාවට…. 🖌️🖌️🖌️

භූමි හිමින් සීරුවේ පන්සලේ වැලිමළුවට යන පැරණි මුරගල් දෙකක් දෙපස ඇති පඩි විස්සක් වගේ තියන පඩිපෙළ නගිද්දී …. ළමාසාරි ඇදගත් ගෑණු ළමයි වගේම නැෂනල් කිට් එක ඇදපු පිරිමි ළමයිනුත්.. අතරින් පතර පාසල් යුනිෆොර්ම් ඇදගත් ගැහැණු ළමුන් මෙන්ම පිරිමි ළමුන්ද කල්ලි ගැහිලා පඩි බැහැගෙන පහළට එද්දී…

“නංගි … උඩ මලී ටීචර් ඉන්නවද… ” කියල අවුරුදු දොළහක පමණ ගැහැණු ළමයෙක්ගෙන් අහපුවාම ඇය හිස වනලා…

“මලී ටීචර් කුමුදු ටීචත් එක්ක ආවාස ගේ පැත්තට යනවා දැක්කා… අක්කේ… ” කියද්දි…

“අනේ තැන්ක්ස් නංගි… ” කියලා උඩට නැග්ගේ අවාස ගේ තියන තැන නම් දැනගෙන නෙමෙයි…

ආවාස ගේ තියන ඉසව්ව ගැන සිතමින් හිමින් අඩි තියා උඩට ගියාම දැක්කේ… හිතුවෙවත් නැති තරම් පැරණි පන්සලක්… තවමත් නවීනකරණයට ලක් කර නොමැති ඒ කාලේ කරපු කැටයම් සුරක්ෂිත කරමින් පිරිසිදුවට පිළිවෙලට කරන් යන පන්සලට ඇතුල් උනාම.. භූමිගේ හිත සන්සුන් උනේ ඉබේටමයි…

භූමි විශාල බිම්කඩක පිහිටා තිබූ පන්සලේ චෛත්‍යය දිහාට ගියේ… ඒතන ඉදන් දුර බලද්දී මුලු ගමම ලස්සනට පෙනෙයි කියලා හිතුන නිසයි… හිතුවා වගේම… මුලු ගමමත්… පෝළිමට සුදු ඇදගත් දහම් පාසල් යන ළමයිනුත් දුටුවාම … භූමි ඉක්මනට ෆෝන් එක අතට අරගෙන හැමදේම අල්ලලා ෆොටෝ කීපයක්ම ගැහුවේ… මේ ගමේ ලස්සන තැන් එකතු කරලා වෙනම ඇල්බම් එකක්ම හදන්න පුලුවන් කියලා හිතෙද්දී…

“පුංචි හාමු… ” අවට බල බල හිටපු භූමි ගැස්සිලා පිටිපස්ස බැලුවේ … ඇහුනු කටහඩට …

“ආහ් මලීනේ…
මම ටිකක් ගැස්සුනත් එක්ක.. ” භූමි මලීව දැක හිනාවෙලා කියද්දී… ඇය සිනාවෙලා…

“මම ඒත් හිතුවා…
ගුණපාල… කව්ද සුදු මැණිකා කෙනෙක් ඇවිත් කිව්වාම..

පුංචි හාමුවත්ද කියලා… ” කියද්දි… භූමි මූණත් ඇදකරගෙන …

“අනේ.. පුංචි හාමු.. පුංචි හාමු කියන් එපා අප්පා…

මට භූමි කියන්න…

අපි අතර වැඩි පරතරයකුත් නැති එකේ… “කියලා කිව්වේ බොරු තරහකිනි….

“ඒත්… එහෙම හරි නෑ නේද… ” කියලා මලී අහද්දී… ඇයට කියන්න නොදීම භුමි …

“නෑ නෑ.. එහෙම හරි නැත්තේ නෑ..

මට භූමි කියන්න… ” කියද්දී… ඇයත් හිස වනලා…

“ඉතිම් භූමි … පන්සල පැත්තේ ආවේ… ” කියලා අහද්දී…

“නිකම්.. කම්මැලී නිසා..
අනික මුලින්ම හැම තැනකම ඇවිදින්න කලින් පන්සලට එන එකනේ හොදයිනේ … ” කියලා භූමි කියද්දී…

මේ වෙලාවේ චෛත්‍යය මළුවට ආපු ලොකු හාමුදුරුවෝ ..

“ඒක ඇත්ත දරුවෝ…
හැම වැඩක්ම ආරම්භ කරන්නට මත්තෙන් …

පන්සලට ඒම බෞද්ධයන්ගේ සිරිතක්…

ඔය දරුවත් රට රාජ්‍ය වල ඉදන් මෙහේ එන්න ඇත්තේ…

මොකක් හරි කාරණාවක් නිසානේ… ” බුලත් විටක් කන ගමන්.. ලොකු හාමුදුරුවෝ කියද්දී… මලී සමගම භූමි ලොකු හාමුදුරුවන්ට පසග පිහිටුවා වැද…

“එහෙමයි අපේ හාමුදුරුවනේ.. ” කිව්වේ… කාටවත් නොකීවත් තමන් මෙහෙට ආව කාරණේ ලොකු හාමුදුරුවන්ට කියන්න කියලා හිතුන නිසයි…

භූමි විශේෂයෙන්ම එහෙම හිතුවේ… තමන් ආව කාරණය අනිත් අයට නිවාඩුවක් ගත කරන්න ආවා වගේ පෙනුනත් … හාමුදුරුවන්ගේ මුල්ම කතා බහින් තේරුනේ … තමන් ආවේ නිකමට නොවන බව එතුමා අනුමාන කළ බවයි…

“හ්ම්.. හ්ම්.. අපි යමුකෝ බුදුගේ පැත්තට ඔය දරුවට හිතන පතන සියලු දේ ඉශ්ඨ වෙලා ආරක්ෂා වෙන්න පිරිත් නූලක් බදින්න… ” කියලා බුදුගෙට යන්න ඉස්සර වෙද්දී… භූමිත් .. මලීත් ලොකු හාමුදුරුවන්ගේ පස්සෙන් ගියේ… මේ දේ කියන්න පටන් ගන්නේ කොහෙන්ද කියලා හිත හිතයි…

තේරෙන වයසේ ඉදන් ඇය දැකපු හීන එකින් එක කියලා… ළගදි දවසක ඒ එක හීනයක් සැබැවක් වන පින්තූරයක් ඇස ගැටෙන හැටි … ඒ නිසා දෙමව්පියන්ගෙන් අවසරත් අමාරුවෙන් අරගෙන ලංකාවට ආව හැටි කීවේ.. මලී ඉන්න තැනමයි…

“හ්ම්… ඔය දරුවා කුතුහලයක් සංසිදෝ ගන්න ආව ගමනක්…

ඒත් ඔය ගමනේ අවසානය කොහෙන් කෙළවර වෙයිද කියන්න මම දන්නේ නෑ..

වැඩිහිටියෙක් වශයෙන් මට හිතෙන්නේ …

නොදන්නා දේවල් හොයන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතිව ඉන්න එක තමයි හොද කියලා…. ” සියලුම කතාව අහපු ලොකු හාමුදුරුවෝ අවසානයෙ කියද්දී භුමි කිසිත් නොකියා හිටියෙ.. තමන් ලංකාවට ආපු එකත් මේකම වෙද්දී නිකන් ලේසියෙන් අතහැර දාන්න කොහොමද කියලා හිතෙද්දී …

පන්සලට ගිහින් අතර මගදි ඇයට ආව දුරකතන ඇමතුම ගත්තේ මදක් විතර පුදුමෙන් … මොකද ඒ ඇමතුම ආවේ නොදන්නා අංකයකින් නිසා…

“හෙලොව්… කව්ද කතා කරන්නේ… ” භුමි සන්සුන්ව අසද්දී…. එහා පසින් ඒ සමාන ස්වරයකින් ම…

“මේ භුමි ආශිංසනා නේද.. ” කියලා ඇහුවාම… භූමිත් මදක් පුදුමෙන් …

“ඔව්.. ඒ මම තමයි…

මේ කව්ද කතා කරන්නේ… ” කියලා ඇහුවේ… එහා පසින් අමතන කෙනා ඇයගේ සම්පූර්ණ නමම දන්නවැයි හිතෙද්දී…

“ආහ් ඇති යාන්තම්…

මම ආශු….

මම ඔයාගේ අක්කගෙන් නම්බර් එක ඉල්ල ගත්තේ… ” ඇය තමන්ව හදුන්වලා දෙද්දී …. භූමි පුදුමයටත් ඒ සමාන සතුටටත් පත්වෙලා…

“ආශු… ඔයා… ” කියලා මදක් සද්දෙන් ඇහුවේ…. ඇමරිකාවෙදී හමුවෙච්ච මිතුරියක් නිසා… ඇමති කෙනෙක්ගේ දුවෙක් වන ඇය මොවුනට හම්බුනේ අවුරුද්දකට සැරයක් ඇය ඇමරිකාවේ ඉන්නා ඇගේ මාමලා බලන්න එන නිසායි…

“ඔව්.. ඔව්… මම තමයි…

ලංකාවට ඇවිත් නිකමටවත් කියන්න බෑ නේද… ” ඇය බොරු අමනාපයෙන් කියද්දී … ඒ බව වැටහුනු භුමි …

“එහෙම නෑ අනේ…

මම ඇවිත් දවස් තුනයිනේ තාම…

මෙහෙට හොදටම වැස්සා..

මම ඔයාට කතා කරන්න කියලා කොමත් හිටියේ…. ” කියලා කියද්දී…

“හා හා බොරුව ඇති…

මේ ලංකාවේ නිසා එන්නකෝ මගේ බර්ත් ඩේ පාටියට…

අපිට හොදට එන්ජොයි කරන්නත් පුලුවන්… ” ආශු උද්‍යෝගෙන් කියද්දී…

භුමි කල්පනා කලේ කුමක්ද දෙන පිළිතුර කියලා… මොකද ඇය ලංකාවට සැබවින්ම ආවේ විනෝද වන්නත් නෙමෙයිනේ… ඒ වගේම ආශු ඉන්නේ කොළඹ… ඇය කොළඹ ගැන් මුකුත්ම දන්නෙත් නෑ.. ඒ වගේම එහෙදී ආශුව ඇරෙන්න් වෙන අය දන්නෙත් නෑ…

“අනේ… එනවා නේද….” භුමිගේ පිළිතුර ප්‍රමාද නිසා… ආශු දුකෙන් අහද්දී… භුමි සුසුමක් හෙළලා…

ඊළග කොටසින්..