Home Novels අහසම ගුගුරා අහසම ගුගුරා – 57 කොටස

අහසම ගුගුරා – 57 කොටස

0
10

අහසම ගුගුරා… ❤️‍🔥
-57-

‘ආදරය අන්ධ නොවෙනවා පමණක් නොව සියලු අඩුපාඩු ද හොඳින් දකියි. එහෙත් ඒ කිසිවක් ගණන් නොගනියි.’

“නදී, අනේ…”

නාන කාමරයෙන් පිටතට පැමිණි නදිනි වික්ෂිප්ත වූයේ යහන මත හිඳගෙන කඳුළු සලන කවිනි හේතුවෙනි.

“කවී… කවී… මේ මොකද මේ..? ඇයි මේ අඬන්නේ..?”

නදිනි වහා ඈ වෙතට පැමිණ ඇගේ උරහිසින් අල්වා ප්‍රශ්න කරන්නට විය. දෑත මත මුව හොවා අඬමින් සිටි කවිනි සන්සුන් වී කඳුළු පිසලාගන්නා තෙක් නදිනි හා වදනක් හෝ නොදෙඩුවා ය. ඇගේ මේ අත්භූත නිහැඬියාව වරින් වර නදිනි නැගූ ප්‍රශ්නවලින් බිඳුන ද කවිනිගේ නිහඬ බව බිඳීමට ඉන් නොහැකි විය.

“මොනාද නදී මේ කරගෙන තියෙන්නේ..?”

නදිනිගේ සිත කුතුහලයෙන් උමතු වන්නට මොහොතකට පෙර කවිනි විමසුවේ යහන මතට අත දිගුකරමිනි.

“ඒකටද ඔයා ඇඬුවේ..?”

නදිනි සැනසුම් සුසුමක් හෙලමින් විමසුවා ය.

“අඬන්න නෙවෙයි උස්සලා පොළවේ ගහන්න ඕනේ… මොනවද දෙයියනේ මේ කරගත්තේ..? ඇයි මෙච්චර හදිසි උනේ..? මං ඔයා ගැන බය උනේ නෑ ඔච්චර විමුක්ති අයියා එක්ක හොටෙල්ස් වලට පවා යද්දිවත් නදී… මොකද මට ඔයා ගැන ශුවර් එකක් තිබ්බා… අනික විමුක්ති අයියා කියන්නේ ඔය වගේ දේවල් ගැන හිතන කොල්ලෙකුත් නෙවෙයිනේ… එච්චර එහෙම ඉඳලා ඇයි මේ..? ඒකත් පටන්ගත්ත ගමන්…”

“කවී… මං රනූව අවුරුදු තුනක් තිස්සේ දන්නවා… ඔයාලා දෙන්නා එක්ක ඇවිදින්න ගිය හැම තැනකදිම ඔයාලා දෙන්නා වෙන් උනාම අපි දෙන්නා තනියම හිටියේ. මායි රනූයි අතරේ අෆෙයාර් එකක් ඒ කාලේ නොතිබුණාට අපි අතරේ ස්ට්‍රෝන්ග් අන්ඩස්ටෑන්ඩින් එකක් තිබ්බා සෑහෙන කාලෙක ඉඳන්… මට රනූව ශුවර්… ඒකයි මං ඒ ස්ටෙප් එක තිබ්බේ…”

“ෂාහ්… නදී ඒක මාර එක්ස්කියුස් එකක්නේ… මටත් විසූව ශුවර්. එහෙම කියලා මං මගේ හැමදේම විසූට පූජා කරන්න තරම් මෝඩ නෑනේ…”

“ඇයි ඔයාට හිතෙනවද කවී කවදා හරි විසූ අයියා ඔයාව අතාරීවි කියලා..?”

නදිනිගේ පැනයට කවිනි සිනහවක් පෑවා ය.

“ඔයා මේකේ පොයින්ට් එක තාම තේරුම් අරන් නෑ නදී… හේතු දෙකක් නිසා තමයි මං තාමත් විසූ එක්ක වැජයිනල් ඉන්ටර්කෝස් (යෝනි මාර්ගය මගින් කරන ලිංගික සංසර්ගය) එකකට යන්නේ නැත්තේ… එකක් මං තාම ජීවත්වෙන්නේ ලංකාවේ නදී. මං ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එකට පට්ට ආස කෙල්ලෙක්. එහෙමයි කියලා මට අපේ සමාජේ මේ යන විදියට චැලෙන්ජ් කරන්න බෑ. මොනාද මට එහෙම කරන්න තියන සුදුසුකම්..? මට ජොබ් එකක් නෑ. ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් බැකප් (ආර්ථීකමය සහයක්) එකක් නෑ. ලෝකෙට බම්බු ගහගන්න කියලා මං මට ඕනේ විදියට වැඩ කරන්න නම් මට හයියක් තියෙන්න ඕනේ මාව දරාගන්න තරම්. මට තාම ඒ හයිය නෑ නදී… දෙවනි එක වැදගත්ම දේ. මං වගේම ඔයාත් යාළුවෙලා ඉන්නේ ගමකින් ආව ට්‍රැඩිෂනල් ෆැමිලි එකක කොල්ලෙක් එක්ක. කවදාහරි අපි බඳින දවසක සුදු රෙද්ද බලන්නේ ඔය කොල්ලෝ දෙන්නා නෙවෙයි එයාලගේ සනුහරේ අය. එදාට මොකද කරන්නේ..?”

“ඒක රනූ බලාගනීනේ… එයා දන්නවනේ ඇත්ත මොකක්ද කියලා…”

කවිනි යටිතොල සපාගනිමින් ඉවත බලාගත්තා ය.

“ඔයාලා කොන්ඩම් යූස් කළාද..?”

කවිනි යළි නදිනි වෙත හැරෙමින් විමසුවා ය.

“නෑ…”

“වට්..?”

නදිනි මුහුණ දෑතින් වසාගත්තා ය.

“එහෙනම් එයා පරිස්සම් උනාද..? නදී, යූ නෝ වට් අයි මීන්… (නදී, ඔයා දන්නවා මං මොකක්ද අදහස් කළේ කියලා…)”

කවිනි විමසුවේ නදිනි දෙස බලමිනි. කවිනිගේ අපේක්‍ෂාවන් සුනුවිසුණු කරමින් නදිනි එසේ නොමැති බව කීමට හිස දෙපසට සැලුවා ය.

“පිස්සු හැදිලද නදී..? ආහ්..? මෙහෙම රිස්ක් එකක් ගත්තේ ඇයි..? ඕ ගෝඩ්… මට නම් හිතාගන්න බෑ…”

කවිනි යහන මතින් නැගිට කාමරය තුළ ඔබ-මොබ ඇවිද්දේ ඇගේ නොසන්සුන් සිත තවාගනු පිණිස ය. නදිනි සුසුම් ලමින් තවමත් යහන මත හිඳගත් වනම ය.

“නදී..”

පෙරට වඩා සන්සුන් ලෙස කවිනි යහන මත හිඳගත්තා ය. තම පසෙකින් හිඳගත් කවිනි දෙස නදිනි බැලුවේ හිස හරවමිනි.

“මෙච්චර ඉක්මන් නොවී ඉන්න තිබ්බා… මට දුකයි නදී…”

කවිනිගේ හඬ මන්ද්‍ර ය.

“අනේ එහෙම හිතන්නෙපා… ඒක බලෙන් උන දෙයක් නෙවෙයි…”

“කෝ දැන් ඒ දෙන්නා..?”

මොහොතක නිහැඬියාව බිඳිමින් නදිනි විමසුවා ය.

“එයාලා උදේට කන්න මොනා හරි ගේන්න ගියා…”

කවිනි පිළිතුරු දෙමින් සෙමෙන් හිස සැලුවා ය.

“නදී, ඇයි මට හිතෙන්නේ අපි මේ කරන්නේ වරදක් කියලා..? අපිට මේ ගමන නෑවිත් ඉන්න තිබ්බා කියලා මට හිතෙනවා…”

කවිනි කීවේ දෑතින් ම හිස බදාගනිමිනි.

“ෂ්ෂ්ෂ්ෂ්… කවී… ඔයා නිකං බොරුවට කලබල වෙලානේ… ඔයා හිතන කිසිම ප්‍රශ්නයක් මෙතන නෑ. හැමදේම හරි… ඔයා ඔහොම පැනික් වෙන්නෙපා කවී. ඔයා මාවත් බය කරනවා…”

කවිනිගේ හිස අතගාමින් නදිනි මුමුණන්නට වූවා ය.
.
.
.
.
“විස්සා, උ ඹ කෑම අරන් එනකං මං ෆාමසියකට ගිහින් එන්නම්…”

රනුක කීවේ සුක්කානම හසුරවමිනි.

“ඒ මොකටද..? බෙහෙත් කාටද..? ඇයි නදීට සනීප නැද්ද..?”

විසල්, රනුක දෙස බලමින් විමසුවේ ය.

“පොස්ටිනෝර් දෙකක් ගන්න…”

විසල්, රනුක දෙස එකවරම හිස හරවා බැලුවේ ය.

“අඩෝ නෝ… උ ඹ ලා එච්චර ඩීප් ගියාද..?”

විසල්ගේ මුහුණ දෙස නොබලමින් රනුක සිනහවක් පෑවේ ය.

“අම්මපා කියහන්… යකෝ, කොන්ඩම් එකක් යූස් කරන්න එපැයි හු-තෝ…”

“ඈ ගොනෝ, තෝ කාමරේ ලොක් කරගෙන ඇතුලේ වැඩ අල්ලද්දී මං ඒ කාමරේ බෑග් එකේ තිබ්බ ඒවා ඍදියෙන් වඩම්මන්නද අනිත් කාමරේට..? අනික ඒ කැලේ ඕවා ගන්න කඩයක් තියේයැ ඒ මහා රෑ…”

විසල් සිනාසුනේ නළල අතැඟිලි දෙකකින් අල්වාගනිමිනි.

“තෝ තමා දවසකටවත් මිනිහා…”

“උ ඹේ කවී ටකල් කරන සිස්ටම් එකෙන් මට නදීව ටකල් කරන්න බෑ බං… මුලින්ම ශුවර් කරන් හිටියම මට ලේසි… කෙල්ලෝ හින්දා සැරෙන් සැරේ වැටෙන්න පුළුවන් ගමනක් නෙවි උ ඹ යි, මායි මේ යන්නේ…”

විසල් හිස සැලුවේ ය.

“කෙල්ලට අවුලක් නැද්ද..?”

“නෑ… මං සොරි කිව්වම එහෙම කියන්නත් එපා කිව්වා… මොනා උනත් ඒකි මට සිරාවටම ආදරෙයි විස්සා. නැත්නම් ඔච්චර අවුරුදු ගාණක් විමුක්තිට නුදුන්න දේවල් පටන්ගන්න කොටම මට දෙන්නේ නෑනේ…”

“උන් දෙන්නගේ හොඳේ ඒක රනුවා… මට උනත් කවීව ටකල් කරන්න බැරි තැනක් ආවොත් ඔය ෂොට් එකම දෙන එක ඇර ඔප්ෂන් එකක් නැති වෙනවා… මොනා උනත් ඔය කෙල්ලෝ දෙන්නා අස්සේ තාම පොඩි ට්‍රැඩිෂනල් පාට් එකක් තියනවා… මැරි කරනකන් ඒක තියන එකත් හොඳයි එක අතකට, කන්ට්‍රෝලින් වලට හරි…”

“ඔව් බං… කැම්පස් පාස්-අවුට් උන ගමන් මේවා ක්ලියර් කරගන්න ඕනේ… ඊළඟ ස්ටෙප්ස්වලට යන්න කලින්…”

විසල් හිස සැලීය.

“ඔහොම නැති බබ්බු වගේ කෙල්ලෝ එක්ක අපිට ගමනක් යන්නත් බෑ බං…”

“එක අතකට මේ කෙල්ලෝ පව් රනුවා… අපි දෙන්නාගේ ගේම් අස්සේ මුන් දවසක තැලෙයිද කියලා මට හිතෙනවා…”

රනුක සිනහවක් පෑවේ ය.

“මෙච්චර කල් එහෙම උනාද..? නෑනේ බං… අපි මොන ගේම ගැහුවත් ඒකෙ අංශු මාත්‍රෙක හරි බලපෑමක් අපේ ගෑනුන්ට දැනුණේ නෑ. අපි දැනෙන්න දුන්නෙත් නෑ… අනික උනුත් අපි නිසා අප්ඩේටඩ් ගෑනු වෙලා දැන් ඉන්නේ… හිතපන් විස්සා, අපි දෙන්නා නැතත් කවීටයි, නදීටයි තනියම ජීවත්වෙන්න පුළුවන් තත්ත්වයක් අපි හදලා නැද්ද කියලා… උන් ගෙවල්වල පියරු බබ්බු වගේ හිටපු කෙල්ලෝ. අපි නෙවිද උන්ව මේ තත්ත්වයට ගත්තේ..? අඩුගානේ මුන් දෙන්නා දැන් හොටු පෙරන් අඬන හණමිටි ගෑනු නෙවි…”

විසල්, රනුකට එකඟවෙමින් හිස සැලීය.

“කොහොමත් කවීගේ ප්‍රශ්නේ පාස්-අවුට් උනු ගමන් මං විසඳගන්නවා… රවීකාරයා අවුල් නම් හොරෙන් හරි මං කසාදෙ රෙජිස්ටර් කරනවා… ඊටපස්සේ මොන සක්කිලියටවත් මගේ වැඩවලට හොට දාන්න බෑ…”

රනුක හිස සැලීය.

“ඒ නෙවි විස්සා, උ ඹ ඊයේ කොන්ඩම් යූස් කළාද..? මං උදේ රූම් එකේදි දැක්කේ කඩපු පැකට් එකක්…”

විසල් හිසකෙස් පසුපසට කරමින් සිනාවක් පෑවේ ය.

“උ ඹ වගේ ලොකු ලොකු වැඩ දාන්න බෑ තාම මගේ එකී එක්ක… මොනා උනත් කෙල්ලෙක්ට හිල් එකකට වඩා තියෙන්නේ හොඳ වෙලාවට…”

“යකෝ… උ ඹ..? කවී කැමති උනාද..? සමහර කෙල්ලෝ කැමති නෑනේ ඔය සීන් එකට…”

“කවී මුකුත්ම දැනගෙන හිටියේ නෑ. මං ශේප් එකේ බය ඇරියා…”

“නදී වෙලාවකට ඇග්‍රසිව් බං… ඒ උනාට කවීගේ අහිංසක පැත්තක් තියේ…”

“මට කොහොමත් එකපාර ඒ අඹේ රහ බලන්න ඕනේ නෑ රනුවා… මං ඒකිව රහ බලන්නේ කෑල්ලෙන් කෑල්ල… ඒකෙ මාරම ටේස්ට් එකක් තියෙන්නේ…”

“තෝ දැන්ද කියන්නේ ඕක මට..?”

“කවුද දන්නේ තෝ පටන්ගත්ත ගමන් ඔබන්න යයි කියලා…”

තරුණයන් දෙදෙනා ම උස් හඬින් සිනාසුණහ.

“මොනා උනත් විස්සා, උන් දෙන්නට බෑ අපිට ඇඟිල්ල දික් කරන්න… අපි උන්ව අතාරින්නෑ. වෙන උන් පස්සේ යන්නෑ. උන්ව හිර කරලා නෑ…”

විසල්, රනුක හා එකඟ වූයේ ය.

“අපි කැම්පස් එකට ගිය වැඩවලින් සීයට පනහක් තව මාස දෙකකින් ඉවරයි… ඉතුරු ටික කරගන්න කලින් කෙල්ලෝ දෙන්නව අපි ගාවට අරන් ඉන්න ඕනේ විස්සා… අනික් උන්ට වගේ හීන අල්ලන් නැලවෙන්න උ ඹ ට යි, මටයි කාලයක් නෑ… අපේ ගමන අපි හැල්මේ යන්න ඕනේ…”

“ගියාට පස්සේ නිට්ටයි, ඇටීලයි එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ රනුවා… වැඩ වගයක් තියේ ක්ලියර් කරගන්නත්…”

“තව මාස දෙකනේ… එතකොට ඒ රෙස්පොන්සිබිලිටීස් වලින් අපි දෙන්නම නිදහස්… ඊටපස්සේ තියෙන්නේ ශිෂ්‍ය අරගල නෙවි ජීවන අරගලය…”

“ඉස්සරහට වෙන්න තියන දේවල්වලට මූණදෙන්න මගේ එකීට හයිය තියේ නම් මට ඒ ඇති රනුවා…”

විසල් කීවේ නගරය පෙනෙන මායිමේ දී ය. තරුණයන් දෙදෙනා අතර ගූඪ නිහැඬියාවක් පිරුණේ එකී අවිනිශ්චිත අනාගතය පිළිබඳ අඳුරු වළාවක් තවමත් ඔවුන් හිස් මතින් පාවෙමින් පවතින බව ඔවුන් ද දැනසිටි බැවිනි.
.
.
.
.
තරුණයන් දෙදෙනා ආපසු පැමිණෙන විට යුවතියන් දෙදෙනා නවාතැනේ විසිත්ත කාමරයෙහි අසුන්ගෙන සිටියහ.

“බඩගිනිද දෙන්නට..?”

විසල් විමසුවේ කවිනිගේ තවමත් තෙත රැඳි කොණ්ඩය අතින් පිරිමදිමිනි. කවිනිගේ දෙනෙත් නදිනි මතට යොමුවිය. නදිනිගේ දෙනෙත්වල වූ ආයාචනය ඇයට වැටහිණි.

විසල්ට පසුව විසිත්ත කාමරයට පිවිසි රනුක, නදිනි වෙත පා නැගුවේ ය.

“නදී, මේකෙන් එක පෙත්තක් දැන් බොන්න… අනික් එක පැය දොළහකින් ගන්න ඕනේ…”

ඔහු කීවේ මන්ද්‍ර හඬින් වුවත් කවිනිට ද එය ශ්‍රවණය විය.

“මොකක්ද අයියේ ඒ..? ඇයි නදීට ඒවා..?”

අතැති බෙහෙත් කවරය දෙස බලමින් නදිනි හිස එසවූයේ අසුනෙන් නැගිට රනුකගෙන් ප්‍රශ්න අසන කවිනි දෙස දෑස් යවමිනි.

“ඒක බෙහෙතක් කවී…”

විසල්, ඇගේ වැළමිටෙන් අල්වා ගනිමින් කීවේ ය.

“මොනාටද..? ඇයි නදීට බෙහෙත්..?”

නොසන්සුන් බවින් කවිනිගේ මුහුණ රෝස පැහැ ගැන්වී තිබිණි.

“නදී… ඇයි ඔයාට බෙහෙත්..?”

තරුණයන් ගෙන් පිළිතුරු නොමැති වූයෙන් කවිනි එවර නදිනි ඇමතීය.

“මං… මම දන්නෑ…”

සත්‍ය වශයෙන් ම මේ පිළිබඳ අනුමානයක් හෝ නොමැති වූයෙන් නදිනි ද සිටියේ විපිළිසර ව ය.

“කවී, වාඩිවෙනවා…”

විසල්, ඇගේ අතින් අදිමින් කීවේ ය.

“ඒ පෙති පොස්ටිනෝර්…”

රනුකගේ පැහැදිලි තියුණු හඬ නිකුත් වූයේ කවිනිගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු වශයෙනි. නමුත් යුවතිය ඒ නම ඉන් පෙර අසා නොතිබුණි.

“ඒ මොනාටද..?”

ඇය මඳක් සන්සුන් වෙමින් විමසුවේ විසල් දෙසට නෙත් ගෙන එමිනි.

“ඒක ෆැමිලි ප්ලෑනින් වලට යූස් කරන පිල්ස් වර්ගයක්… බර්ත් කොන්ට්‍රෝල් ටැබ්ලට් එකක්…”

විසල් පැහැදිලි කළේ සුසුමක් හෙලමිනි.

“මොකක්ද රනූ අයියේ ඔයා මේ කළේ..?”

කවිනි, රනුක වෙත හැරෙමින් විමසුවේ රනුකගේ දෙනෙත් කෝපයෙන් හැකිලෙන විට ය. කවිනි විමසන්නේ සියල්ල දැනගෙන බව ඔහුට පැහැදිලි විය.

“මං ඔයාගේ යාලුවව රේ ප් කළේ නෑ කවී… ඒක අපි දෙන්නගෙම කැමැත්තෙන් උන දෙයක්… අනික ඒක අෆෙයාර්ස් වලදි නෝමල්…”

රනුක කීවේ කෝපය පාලනය කර ගනිමිනි.

“නෝමල්..? ඒක නෝමල්ද අයියේ ඔයාට..?”

“කවී, කට වහගන්න. ඒක උන් දෙන්නගේ ප්‍රයිවට් දෙයක්…”

විසල් කෝපයෙන් මිමිණුවේ ය. ඔහුගේ දෑසෙහි බොර පැහැයක් පිරෙන්නට වූයේ ඔහුගේ සිතේ වූ කෝපය හඟවමිනි.

“ඒක නෝමල් නෑ අයියේ… බර්ත් කන්ට්‍රෝල්..? ඒක කොහොමද නෝමල් වෙන්නේ..?”

කවිනිගේ හඬ උස් විය.

“කට වහගන්න කවී…”

විසල් තරමක හඬින් කීවේ ය.

“ඔයාලා මේකටද මෙහෙ ආවේ..? ප්ලෑන් කරලා..? ආහ්..?”

“පිස්සුද කවී..?”

රනුක නොසන්සුන් ලෙසින් කතා කළේ ය.

“අනේ කවී, ඕක නවත්තන්න දැන්…”

මෙතෙක් නිහඬව සිටි නදිනි ද ආයාචනා කළේ විසල්ගේ කෝපාන්විත දෙනෙත් දෙස බලමිනි.

“කවී, දැන් ඇති…”

විසල් ද අනතුරු හැඟවීය.

“ඇති නෑ විසූ… මොනාද ඔයාලා මේ කරන්නේ..? මේකටද අපි දෙන්නව මෙහෙ එක්කං ආවේ..?”

“කවී, කට වහගන්නවා…”

“ඔයාලා අපි දෙන්නා එක්ක යාලු උනේ මේකටද..? ආහ්..?”

“කවීහ්…”

“ඔයත් දැන් මට ඒකමද කරන්න හිතාගෙන ඉන්නේ..?”

“කවී…හ්…”

විසල්, සිය වමතින් වරෙන් පහරක් එල්ල කළේ බිත්තිය මතට ය. ඉන් පැන නැගි හඬට තිගැස්සුණු කවිනි, ඔහු දෙස බැලුවා ය. ඔහුගේ කෝපාන්විත දෑස හමුවේ ඈ බිම බලාගත්තා ය.

“එහෙනම් ත මු සේ එහෙමයි මං ගැන හිතාගෙන ඉන්නේ. නේද..? මට එහෙම උවමනාවක් තිබ්බා නම් ත මු සේ මෙලහකටත් ගෑනියෙක් වෙලා ඕ යි… ත මු සෙ ගේ අකමැත්තෙන් කිස් එකක්වත් දීලා නෑ මං… මට එච්චර අසහනයක් නෑ…”

කවිනි අඩියක් පසුපසට තැබුවේ විසල්ගේ ගිගුරුම හමුවේ සිත උපන් බියෙනි.

“අපිට පිස්සු රනුවා මුන් මත්තේ නැහෙන්න… මුන් අපිව දෙකේ කොළේට දාලා හිතන්නේ…”

විසල් එවර ඇමතුවේ රනුකව ය.

“කවී… කේන්ති ගියාට වචන පාවිච්චි කරද්දී හිතලා පාවිච්චි කරන්න… ඔයා දැන් පොඩි ළමයෙක් නෙවිනේ… වෙන එකෙක් විස්සගේ තැන හිටියා නම් ගුටිත් කාලා ඔය වචන ටිකට…”

කවිනි, සිය අතැඟිලි මිරිකා ගන්නට වූයේ කඳුළු නෙත් ඉවුරු බිඳිමින් කොපුල් තලා ගලාබසිනා විට ය.

“කවී…”

රනුක, කවිනි වෙත පැමිණ ඇගේ උරහිසින් අතක් තබා ඈ දෙස බැලුවේ ය. කවිනිගේ සිතැඟි වටහාගත් ඔහු ආයාසයෙන් සිය කෝපය පාලනය කරගත්තේ ය.

“මං දන්නවා… ඔයාලට මේවා නුහුරු නිසා බයයි කියලා… ඔයාලා දෙන්නම අපි දෙන්නා එක්ක යාලු උනේ අපි මොක්කුද කියලා නොදැන නෙවිනේ… ඔයාලා ඒ ගත්ත රිස්ක් එකට අපි කවදාවත් ඔයාලට පසුතැවෙන්න දෙන්නේ නෑ… අපි ඔයාලා එක්ක මේ තරම් දුර ආවේ අපි දෙන්නටම ඔයාලා දෙන්නව ඕනේ නිසා… මඟදි අතාරින්න බලාගෙන කෙල්ලෝ එක්ක නිදාගන්න තරම් තිරිසන්නු නෙවි අපි දෙන්නගෙන් එකෙක්වත්… ඔයාට බය නදී ගැන නම් මං කැම්පස් පාස්-අවුට් උන ගමන් එයාව මැරි කරන්නම්… විස්සා කොහොමත් ඔයාව මැරි කරනවා කියලා ගෙදරටත් කියලනේ තියෙන්නේ… මමත් නදී ගැන අපේ අයියට කියලා තියෙන්නේ. අම්මලා එක්කත් ඉක්මණින් කතා කරනවා… අපි එහෙම කෙල්ලෝ එක්ක නිදාගෙන උන්ව බඩ කරලා මාරුවෙන ජාතියේ කොල්ලෝ නෙවි කවී… අපි දෙන්නා කැම්පස් එකේ ඉන්න අනික් කොල්ලන්ට වඩා වෙනස් තමා. ඒත් ඒ වෙනස් වෙන්නේ සල්ලාලකම නිසා නෙවි… අපිට වගකීමක් නැති කාලේ අපි දෙන්නත් පිස්සු නැටුවා තමා. ඒත් අපි වගකීම් අරගෙන ජීවත්වෙන්න ගත්තට පස්සේ කවදාවත් ඒ වැරදි ආයේ කළේ නෑ… ඒක මතක තියාගන්න… ඒ විශ්වාසය නැත්නම් කොච්චර ආදරේ තිබ්බත් වැඩක් නෑ…”

කවිනි කඳුළු සලමින් රනුක කී දේ අසමින් ම ඔහුගේ බාහුවක් මත හිස තබාගත්තා ය. විසල් ඉණ දෙපසට දෑත් තබාගෙන වේගයෙන් හුස්ම වාර කිහිපයක් ගත්තේ ය. නදිනි ද, කවිනි වෙත පැමිණියේ රනුකගේ බාහුව මත ඉකිලමින් හඬන ඇය පිළිබඳ උපන් සෝතාපයෙනි.

“කවී… දැන් අඬන එක නතර කරලා අර ගෙනාපුවා කාලා ඉන්න නදී එක්ක… ඔය ටැබ්ලට් එක ගත්තම නදීට ප්‍රශ්නයක් වෙන්නෑ. ප්‍රොමිස්… අපි දෙන්නටම උ ඹ ලා දෙන්නව ඕනේ… ඒ නිසා එක එක හිතළු හිතේ තියන් නිකං බොරුවට විඳවන්නෙපා…”

තම උරහිසින් ඈත්ව ඉකිගසන කවිනිගේ කොපුල් පිසලමින් රනුක කීවේ අනුකම්පාවෙනි.

“ඔයාලා දෙන්නා කන්නේ නැද්ද..?”

නදිනි විමසුවේ කවිනිගෙන් ඈත් වූ රනුක, විසල් දෙස නෙත් හෙලන විට ම ය.

“අපි දෙන්නා සිගියක් ගහලා එන්නම්… ඔයාලා කන්න නදී… ඔය ටැබ්ලට් එක ගන්න දැන්ම…
විස්සා යමං උඩට…”

විසල් සෙමෙන් නදිනි දෙස බලා නෙතින් කවිනිව පෙන්වමින් රනුක පසුපස උඩුමහලට ගියේ ය.
.
.
.
.
දෑසින් නොවැළපුනද සිතින් හඬමින් සිටින කවිනි සනසවාලීමට නදිනි දිනය පුරා ගත් වෑයම අසීරු වූයේ විසල්ගෙන් ද සමාවක් හෝ බුරුලක් ඈ වෙත නොවූ බැවිනි. කවිනිගේ දිවා ආහාරය ද නදිනි විසින් බල කර කැවූ බත් කටවල් දෙක, තුනකට සීමාවෙද්දී කවිනි සිටියේ කාමරය තුළට වැදී යහන මතට වී ය.

“කවී, අපි ට්‍රිප් එකක් ඇවිත් ඉන්නේ… ඔහොම රණ්ඩු වෙලා අපි ඔහේ ඉන්න එක තේරුමක් නෑ නේද..? අනික ඒ දෙන්නගේ හැටි අපි නොදන්නවා නෙවෙයිනේ කවී… විසූ අයියගේ කේන්තිය දැන් නිවිලා…”

කවිනි යහන මත හිඳගත්තේ අවුල්ව ගිය හිසකෙස් අතින් සකසමිනි.

“ඔයා අර ටැබ්ලට් එක ගත්තද නදී..?”

කවිනි, සිය දෙනෙත් නදිනි මතට ගෙන එමින් විමසුවා ය.

“ඔව්. දෙකම ගත්තා. දෙවනි එක පැය දොළහකින් ගන්න කියලා තිබ්බේ…”

“එයාලා ඕවා ගැන හොඳට දන්නවා නේද නදී..?”

නදිනි මඳ සිනහවක් පෑවා ය.

“ඒකනේ කවී මං මුලින්ම කිව්වේ… අපි එයාලා දෙන්නා ගැන නොදැන නෙවෙයිනේ එයාලා එක්ක යාලු උනේ… ඔයාම ටිකක් හිතන්න කවී… අද පහළදී ආගියුමන්ට් එක යද්දී අච්චර කේන්ති ගිහිල්ලාවත් විසූ අයියා ඔයාට අත ඉස්සුවේ නෑනේ… ඒ දෙන්නා පර්ෆෙක්ට් නෑ කවී. අපි එයාලගෙන් එහෙම දේවල් බලාපොරොත්තු වෙන එක වැරදියි. එයාලාත් සාමාන්‍ය කොල්ලෝ දෙන්නෙක්… වෙනස් වෙලා තියෙන්නේ එයාලා දෙන්නා හදාගත්ත එයාලගේ සිස්ටම් එක. එයාල දෙන්නගේ තින්කින් පැටන් එක… එයාලා දෙන්නා කැම්පස් එකේ අපිට උදේ-හවස හම්බෙන සාමාන්‍ය කොල්ලෝ වගේ නෙවෙයි. කොච්චර එකට හිටියත් නිට්ටා අයියලා පවා මේ දෙන්නට වඩා වෙනස් කවී… අපි දෙන්නා ඒ වෙනස තේරුම් අරගෙන ඉන්න ඕනේ…”

නදිනිගේ වදනට කවිනි හිස සැලුවා ය.

“ඔයාට බය නැද්ද නදී..? ප්‍රෙග්නන්ට් වෙයි කියලා..?”

“එහෙම උනොත් උනාවේ කවී… මං දන්නවා රනූ මාව අතරමං කරන්නෑ කියලා…”

“ඔයා එයාට ඒ තරම්ම ආදරේද..?”

“ඔයා මගෙන් එහෙම අහන්නේ ඔයා විසූ අයියට ආදරේ නැද්ද..?”

කවිනි සුසුමක් හෙලුවා ය.

“ආදරෙයි… අම්මට ඇරුනම මං මේ ලෝකේ එයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ නදී… සමහරවිට අම්මට තරමටම එයාට ආදරේ කරනවා ඇති මං… මට එයාව නැති කරගන්න ඕනේ නෑ නදී. එයා නැතුව ඉන්න විදියක් දැන් මං දන්නෙත් නෑ. ඒ තරමටම එයා දැන් මගේ ජීවිතේට සම්බන්ධ වෙලා. එයා මගේ ජීවිතෙන් කොටසක් නෙවෙයි. එයයි, අම්මයි තමා මගේ මුළු ජීවිතේම… ඒත් මං කොච්චර හයිය උනත් ඔය දේ සම්බන්ධව බයයි… මං දන්නෑ නදී…”

නදිනි, ඇගේ අතකින් අල්වාගත්තා ය.

“ඔය ගැන හිතන්නෙපා දැන්… මට කිසිම අවුලක් නෑ කවී. අවුලක් වෙන්න රනූ ඉඩ තියන්නෙත් නෑ කියලා මට සීයට සීයක් විශ්වාසයි… දැන් හොඳ ළමයා වගේ ගිහින් මූණ හෝදගෙන විසූ අයියා එක්ක කතා කරලා එන්න. එයා රූෆ් ටොප් එකේ ඇත්තේ… ඒ කරලා රෑටවත් හතරදෙනා එක්ක එකට ඉඳගෙන කමු…”

කවිනි හිස සලමින් නැගීසිටියා ය. ඇය නාන කාමරයට වැදී දොර වසාගන්නා විට නදිනි කාමරයෙන් පිටතට පැමිණියේ එතෙක් අතේ තබාගෙන සිටි සිය ජංගම දුරකතනය කන තබාගෙන ය.

“අයියේ, කවී දැන් උඩට එයි වොෂ් දාගෙන… කතා කරලා පොඩ්ඩක් හිත හදන්න. එයා චුට්ටක් පැනික් වෙලා ඉන්නේ. බනින්නෙපා… ඔයාට ඇහුනනේ දැන් කියපුවා. එයා ඔයාට ආදරෙයි ඔය මොනා කිව්වත්…”

අනෙක් පසින් ඇසුනේ විසල්ගේ හඬ යි.

“තෑන්ක්ස් කෙල්ල… කවී එක්ක මං කතා කරන්නම්… බනින්නෑ. ඒත් නලවන්නත් බෑ නදී…”

ඇමතුම විසන්ධි වූයෙන් නදිනි යළි කාමරයට පිවිසියා ය.
.
.
.
.
කවිනි විවෘත උඩුමහලට යන විට තරුණයන් දෙදෙනා දල්වාගත් දු ම් වැ ටි දෙකක් අතැතිව සංවාදයක නිරත වෙමින් සිටියහ. බණ්ඩාරවෙල සීතලට අභියෝග කරමින් ඔවුන් දෙදෙනා ම සිටියේ උඩුකය නිරුවතිනි. විසල්, සිය දෑත් විවෘත උඩුමහල වටා වූ කෙටි තාප්පය මත තබා ඉන් පිටත බලාගෙන සිටියේ ය. රනුක සිටියේ කෙටි තාප්පය මතට පිට තබා පියගැටපෙළ දෙසට මුහුණලා ය. මේ නිසා උඩුමහලට නැගුණු කවිනිගේ රුව මුලින්ම නෙත ගැටුණේ රනුකට ය.

පානය කරමින් සිටි දු ම් වැ ටි ය අවසන් කොට මුවින් දුම පිට කරමින් රනුක එහි අවශේෂ ඉවත දැමුවේ කවිනි දෙස ම බලාගෙන ය. විසල් හට යමක් පැවසූ ඔහු කෙටි තාප්පය මතින් ඉවත් වී පියගැටපෙළ දෙසට පැමිණියේ ය.

“අයියේ, සොරි… මං කලබල උනා… මං එහෙම කියපු එක වැරදියි…”

කවිනි කීවේ තමා අසල නැවතුණු රනුක හට ය. ඔහු, ඇගේ හිස අතගෑවේ සිනහවක් සමඟිනි.

“ඒකට කමක් නෑ කවී… මං අද තේරුම්ගත්තා ඔයා නදීට කොච්චර ආදරේද කියලා…”

කවිනි මඳ සිනහවක් පෑවා ය.

“යන්න. ගිහින් අරූ එක්ක කතා කරලා ශේප් කරගන්න…”

කවිනි හිස සැලුවා ය.

“උ ඹ ට නම් පිස්සු බං. මේ සීතලේ ස්ලීව්ලස් ටී එකක් ඇඳන් ඇවිත්… දැන් ඉතිං අරූට කියලාවත් සීතල මකාගනින්…”

ඇසක් වසා ඉඟි කළ රනුක පහත මහලට ගියේ කවිනිගේ වත රතු වනවිට ය. සෙමෙන් විසල් වෙත ගිය ඕ, ඔහුගේ සිරුරෙහි ගෑවෙන තරම් සමීපයෙන් කෙටි තාප්පයට පිට දී සිටගත්තේ ඔහුගේ බාහුවක් අතකින් වෙලා ගනිමිනි.

“විසූ, සොරි… මං කලබල උනා… මට එහෙම දෙයක් කියන්න ඕනේ උනේ නෑ…”

ඈ කී දේ නෑසුනාක් මෙන් ඔහු අතැති දු ම් වැ ටි යේ අවසන් දුම් උගුර ඉහළට ඇද අවශේෂ ඉවතට විසිකළේ ඇයට නොවදින සේ දුම ප්‍රාශ්වාස කරමිනි.

“අරුන් දෙන්නා ඉස්සරහා හින්දා හොඳයි… වෙන එකෙක් එහෙම හිටියා නම් හිතයි මං ඔයාව යූස් කරනවා කියලා…”

සිත දවන නිහඬ මිනිත්තුවකට පසු ඔහු කීවේ ය.

“ඒත් විසූ, මං එහෙම දෙයක්…”

“වචන පාවිච්චි කරන්න කලින් හිතලා බලන්න කවී… අපි දෙන්නා ඉන්නේ පට්ට රිස්ක් එකක… ඔයාලගේ තාත්තා අපිට කොහෙත්ම කැමති නෑ. එහෙන් අපිට ආණ්ඩුවේ මහ පුටුවල ඉඳන්ම කේස්… අපි ඉන්නේ ඉවසන්නම ඕනේ කාලෙක කවී…”

ඔහුගේ හඬට ඇගේ දෑස් යළි තෙත් විය.

“මෙහෙම ගියොත් මීට වඩා අඬන්න වෙනවා කවී… මං කියන්නෑ ඔයා දුර්වල කෙල්ලෙක් කියලා. ඇත්තටම ඔයා හයිය කෙල්ලෙක්… ඒත් ඒ හයිය හැමතැනදිම තියාගන්න ඔයා දැනගන්න ඕනේ…”

ඔහු, ඇගේ දෑස් තම දෑසින් අල්වාගත්තේ ය.

“කවී, අපිට මේ ලෝකේ කිසිම දෙයක් ජජ් කරන්නවත්, කම්පෙයා කරන්නවත් කිසිම අයිතියක් නෑ… ඔයා දන්නවා මං කවුද කියලා. මගේ අතීතය මොකක්ද කියලා… ඒත් ඔයා දැන් විශ්වාස කරනවා මං කවදාවත් ආයේ ඒ අතීතයේ හිටපු කෙනා නොවේවි කියලා. මොකද ඔයා මට ආදරෙයි. මං ඔයාට ආදරෙයි කියලා ඔයා දන්නවා.

ඒ විශ්වාසය තමයි අපි දෙන්නව මේ තරම් දුර අරන් ආවේ… මේ ලෝකේ හරිම අසාධාරණයි කවී. පට්ටම අසාධාරණයි… මං ගෑනු ගාණක් පාස් කරලා එද්දී ඔයා හුළඟක්වත් නොවැදුණු මලක් වගේ මගේ ගාවට ආවේ.

ඒකම සාධාරණ නෑ නේද..? හැබැයි ඔයා ඒ හැමදේම පැත්තක දාලා මාව තෝරගෙන මට ආදරේ කරනවා… නදී, ඔයා වගේ නෙවි කියලා මාත් දන්නවා ඔයත් දන්නවා.

එතනින්ම ඔයාගෙයි නදීගෙයි සමානතාවය බිඳෙනවා… එයා ඊයේ වෙනකන් වර්ජින් වුණාට ඔයාට වඩා සෙක්ස් ගැන දන්නවා.

රනුවත් එහෙමයි… ඔයා එක්ක මං කන්ට්‍රෝල් වෙන්නේ ආදරය කියන්නේ සෙක්ස්ම නෙවි නිසා. ඔයාගේ ෆීලින්ස් වලට රිද්දලා ඒ ස්ටෙප් එකට මට එන්න ඕනේ නැති නිසා… ඔයා දැන් ගහලා බැන්දත් එකයි බැඳලා ගැහුවත් එකයි කියලා කිව්වට ඔයා බයයි ඒ සමාජ සම්මත අතික්‍රමණය කරන්න.

මොකද තාම ඔයාගේ අස්සේ ඉන්නවා පොඩි ට්‍රැඩිෂනල් අවතාරයක්… මට ඒක ඕකේ දැනට. මොකද මං දන්නවා අපි මැරි කළාට පස්සේ ඔයාව මට එතනින් සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන් කියලා… ඒත් මං ඔයාගේ අකමැතිම දේකටවත් රිද්දන්න මට ඕනේ නෑ කවී… මට ඔයාව ඕනේ කවී.

රනුවා, නදී එක්ක කරපු හැමදේම මට ඔයා එක්ක කරන්න ඕනේ. කිසිම ලිමිට් එකක් නැතුව ඔයාට ආදරේ කරන්න ඕනේ. ඔයාව විඳින්න ඕනේ. ඔයා එක්ක සෙක්ස් කරන්න ඕනේ. ඔයාව මට විතරක් ලියාගන්න ඕනේ… ස්ටුඩන්ට් ලීඩර් කෙනෙක් විදියට මං කොච්චර සෙල්ෆ්ලස් (පරාර්ථකාමී) උනත් මං ඔයා සම්බන්ධව පට්ටම සෙල්ෆිෂ්… ඊයේ රෑ පවා මං කන්ට්‍රෝල් උනේ පට්ට අමාරුවෙන්. මං කොන්ඩම් යූස් කළෙත් ඒකමයි.

මට මාව කොන්ට්‍රෝල් නැති උනොත් කියලා මට හිතුනා… ඒත් ඒ හැමවෙලාවෙම මං මට මතක් කරගන්නවා ඔයාට උනු පොරොන්දුව. ඒකයි මං එතනින් නවතින්නේ…”

විසල් වේගයෙන් සහ පැහැදිලිව කවිනි හට කීවේ තරමක් දැඩි ස්වරයෙනි.

“ඊයේ රනුවයි නදීයි අතරේ උනු දේ උන් දෙන්නට ඕකේ නම් එතනින් එහා ආයේ කිසිම කතාවක් අපිට නෑ. උන් අපේ යාළුවො උනාට ඒ ලයිෆ් එක උන්ගේ… අපි මෙහෙ ආවේ රිලැක්ස් වෙන්න…

මට ඔයා වගේම රනුවටත් දැන් නදී කියන්නේ අපේ රිලැක්සින් පිල්ස්. ඔයාලා දෙන්නා අපි දෙන්නගේ වීක් පොයින්ට්ස්… ඔයාලා කවදාවත් අපිව එහෙම දැකලා නැතුව ඇති…

ඒත් ඇත්තම දේ අපි ලෝකේ ඉස්සරහා කොච්චර වැඩ්ඩෝ උනත් ඔයාලා දෙන්නට එක තප්පරේට පුළුවන් අපි දෙන්නව බිමටම ඇදලා දාන්න… මොකද ඔයාලා දෙන්නා තරම් මේ වෙලේ අපිට වටින කිසිම දෙයක් නෑ…

මං මේ රනුවගේ පැත්තට කතා කරනවා නෙවි කවී. ඒත් පොඩි කාලේ ඉඳන් ටොෆිය පවා බෙදාගත්ත එකා ගැන මං දන්නවා… මතක තියාගන්න. ඌ ශ්‍රීව අතෑරියෙත් නෑ. ශ්‍රීටමයි ඌව අතාරින්න උනේ. මං ශ්‍රී වැරදියි කියන්නෑ. ඒත් ඌ ශ්‍රීට යන්න දුන්නා තිබ්බ තත්ත්වෙත් එක්ක… එහෙව් එකා නදීව අතාරීවී කියලා ඔයා හිතනවද කවී..?”

කවිනි හිස දෙපසට සැලුවේ රනුක යනු එබඳු තරුණයෙකු නොවන බව ඇයට සහතික බැවිනි.

“කවී, කාවවත් ජජ් කරන්නෙපා… පොඩ්ඩක් හිතන්නකෝ… අපේ ලෝකේ ග ණි කා ව න් ට දෙන්නේ මාර පහත් තැනක්. මිනිහෙක් ග ණි කා ව ක් ගාවට යන්නේ තමන්ගේ හැඟීම් පිට කරගන්න. සරලව කිව්වොත් සෙක්ස් කරන්න. ඒකට අපි මුදලක් දෙනවා තමා.

අපේ වැඩේ කරගත්තට පස්සේ අපි එයාලට කියන්නේ වේ සි කියලා… මොන මිනිහද, ග ණි කා ව ක ගේ පළල් කරන කකුල් දෙක මැද්ද ගැනයි, උස් වෙලා තියන පපුව ගැනයි මිසක් ඒ ගෑනිගේ හිතේ තියන දේ ගැන තත්පරයක් නැවතිලා කල්පනා කරන්නේ..? ග ණි කා මඩමෙන් එළියට බැස්සම ඒ ගෑනිටත් සමහරවිට පවුලක් ඇති.

ඇඳට වෙච්ච මිනිහෙක් ඇති. පුරවන්න බඩවල් පහ හයක් ඇති. එතකොට අපි ඒ ගෑනිව වේ සි කියන තැනට දාන එක හරිද..? ඒ ගෑනි ඒ යන්නේ වේ ස ක මේ ද..? නෑ කවී… අපි කාගෙවත් ජීවිතවල ඇතුලාන්තය දන්නෑ.

ඒක නොදැන ඒ ගැන නිගමනවලට එන්න අපිට කිසිම අයිතියක් නෑ… ඒත් මිනිස්සු කරන්නෙම ඒක. අපි දකින දෙයින් නිගමනය කරනවා අරූ එහෙමයි, මූ මෙහෙමයි කියලා. ඒත් ඒ නිගමන හරියටම හරියන්නෑ හැමදාම…”

කවිනි, සිය නෙතු පහතට හෙලාගත්තා ය.

“අනික් දේ තමා මේ ලෝකේ කිසිම දෙයක් තව දේකට සමාන කරලා තීන්දු තීරණ ගන්නෙපා… අපි දෙන්නා සෙක්ස් කරන එකේ සීමාව අපිට විතරයි අදාළ. රනුවලගේ ඒවා අපිට අදාළ නෑ.

දැන් උන් දෙන්නා වෙනම කපල් එකක්… උන් අපේ ඒවාට ඇඟිලි ගහන්නෑනේ. අපිත් එහෙම ඉමු… ඔයා නදීට ආදරෙයි කියලා මං දන්නවා. ඒත් නදීට ඒක ඕකේ නම් අපිට ඒකට කියන්න කිසිම දෙයක් නෑ… තේරුණාද..?”

කවිනි හිස සලා ඔහු කී දේ පිළිගත්තා ය.

“කවී, ඔලුව උස්සලා මං දිහා බලන්න…”

ඔහුගේ අණින් ඈ වහා සිය නෙතු ඔහු මතට ගෙන ආවා ය.

“මතක තියාගන්න කවී… ආයේ මාව සැක කරන්නෙපා. ඒක මං අකමැතිම දෙයක්… ආයේ එහෙම උනොත් ඒ අපේ අෆෙයාර් එකේ අවසානය… මං මේ සම්බන්ධව ඔයාට සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්නෑ මොනම හේතුවක් නිසාවත්…”

ඇගේ දෑස් තෙත් වුවත් ඔහුගේ දැඩි ස්වරය වෙනස් නොවීය.

“ඒ වගේම ඔයා මං කියන දෙයක් නාහා මුරණ්ඩු වුණොත් ඔයාගේ පාලනය මගේ අතට ගන්න ඔයාට වෙච්ච පොරොන්දුව මට කඩ කරන්න වෙනවා…

මං දේශපාලනයත් එක්ක ගනුදෙනු කරන එකෙක් නිසා හොඳටම දන්නවා මිනිස්සුන්ගේ වීක් පොයින්ට්ස් වලින් ප්‍රයෝජන ගන්න… මාව එතනට ඇදලා දාන්නත් එපා කවී…

මං ආයෙමත් කියනවා… මං හොඳ එකෙක් නෙවි. ඒත් මං ඔයාට ආදරෙයි. අනික් කොයි දේ වෙනස් උනත් ඒක මගේ අන්තිම හුස්ම වෙනකං වෙනස් වෙන්නෑ…”

ඔහු, ඇයව තමන් වෙතට ඇදගෙන තමාත්, කෙටි බිත්තියත් අතරට මැදි කරගනිමින් කීවේ ය.

“මං ආයෙම කියනවා කවී… ඔයා තමා මගේ හැපී පිල් එක. රිලැක්සින් ප්ලේස් එක. වීක් පොයින්ට් එක… මම ඇවිලෙන තැන. මම නිවෙන තැන… මගේ හැමදේම… මට ඒ හැමදේම ඔයා වගේම රනුවට ඒ හැමදේම නදී…

අපි දෙන්නා දෙන්නෙක් නිසා ආදරේ කරන විදි දෙකක් අපි දෙන්නට තියෙන්නේ… ඒත් අපි දෙන්නම ඔයාලා දෙන්නට අපේ ජීවිතවල දීලා තියෙන්නේ එකම තැන… ඒක තේරුම්ගන්න මැණික…”

ඇගේ සවන් පතක් මත දෙතොල් තවරමින්, ඈ ඇඳසිටි ටී ෂර්ටය තුළින් සිය සීතල ඇඟිලි තුඩු යවමින් ඔහු කීවේ ඇය සලිත වනවිට ය.

ඇගේ ගත රැඳි ටී ෂර්ටය හිසින් පන්නා ගලවා දැමූ ඔහු, ඇයව තම ගතට තුරුළු කරගත්තේ ය. බණ්ඩාරවෙල සීතල මකාලමින් ඔහුගේ සිරුරෙන් වහනය වන උණුසුමෙන් ඈ මුසපත් වූවා ය.

“විසූ, මං ආයේ එහෙම කරන්නෑ… මට ඔයාව ඕනේ… ඇත්තටම… මං ඔයාට ආදරෙයි…”

ඇය වදන් කඩමින් සිහින් සරින් මිමිණුවේ කෙටි තාප්පයෙන් ඔබ්බෙහි වූ වදුල වෙත නෙත් දල්වා සිටි ඔහුගේ මුවගට මඳ සිනහවක් කැන්දමිනි.

බඳ වටා වෙලුණු ඔහුගේ හිතුවක්කාර අතැඟිලි බඳෙන් පහළට පල්ලම් බසින්නට වූයේ සීතල අතුරෙන් ඇයව තව තවත් ඔහුට ම නතු කරමිනි.

✍🏼 සකුනි හතරසිංහ