ගිම්සා නිදියන්න පුලුවන් තරම් උත්සහ කලා..දැන් පාන්දර දෙකයි වෙලාව…
දෙයියනේ ..මං මේ යට තට්ටුවේ තනියම නේද..අර මනුස්සයා නිකම්වත් මට අනුකම්පා කලාද..අනේ නින්ද යන්නෙම නෑනෙ මට..ශිට්…මේ එහා පැත්තෙ රූම් එකේ නිදියන්න එපැයි..මහ මෝඩයෙක්..මං බයයි කියලා දැන දැනම තමා මේක කලේ..
ඔව්…හිතාන ඇති මං එයි කියලා එයාගෙ රූම් එකට..හ්හ..මං යන් නෑ
ගිම්සා ලයිට් ඕන් කරගෙන ඇදේ වාඩි වෙලා තනියම කියවනවා…
මියෑව්….මියෑව්
එක පාරටම එලියෙන් ඇහුනෙ පහුරු ගාන සද්දයක් ..
අහ්…අනේ..ඒ මොකෙක්ද ..පූසෙක්ද..ඒත්..අනේ මට බයයිනෙ..නෑ.නෑ.මං බය නෑ…අනේ…අර දේවින්ද හොදට නිදි ඇති..මගෙ නින්ද නැති කරලා..ඔය මනුස්සයා හොදට නිදි…ඊඊඊඊඊඊඊ..
මහ මොකෙක්ද මන්දා..
මියෑව්….
ඒ පාර සද්දෙ වැඩි වෙලා..කෙල්ල ඇදෙන් බැස්සා නෙවෙයි පැන්නා..
අනේ දේව්..දේව්…
කෙල්ල කෑ ගැහැවට දේවින්ද ආවෙ නෑ..
ගිම්සා සාලෙට ඇවිත් අඩියට දෙකට පඩිපෙල නැග්ගා…බයටම සාලෙ ලයිට් ඕෆ් කලෙත් නෑ ඉස්සෙල්ලා..
දේව්..දේව්..මේ දොර අරින්නකො..අනේ
ගිම්සා දේවින්ද ගෙ රූම් එකේ දොරට ගහන්න පටං ගත්තා..
අනේ දේව්..පිස්සුද මංදා..ඇයි මේ දොර ලොක් කරන් ඉන්නෙ..දේව්..නැගිටින්නකො..
විනාඩි තුනකට විතර පස්සෙ දේව් දොර ඇරියා..
ඇස් පොඩි කරලා දේවින්ද කෙල්ල දිහා බැලුවා..
කොට කලිසම විතරක් ඇදගෙන ගිම්සා දිහා කන්න වගේ බලාගෙන ඉන්න දේවින්ද දැක්කම ගිම්සාට හිතුනා අපරාදෙ කරපු මෝඩකම කියලා..
ඇයි..මට නිදියන්න දෙන් නැද්ද..
දොර ලොක් කරගෙන මොකද කරන්න
මං දොර ලොක් කරගෙන මොනවා කලත් ඔයාට මොකද..
දේවින්ද කට කොනකින් හිනාවෙලා අත්දෙකත් බැදගෙන උලුවස්සට හේත්තු උනා..
ගිම්සා දේවින්ද ගෙ උරහිසට උඩින් කාමරේට එබෙනවා..
මොනවද හොයන්නෙ..ඒකෙ ඇතුලෙ තව කෙල්ලෙක් ඉන්නවා කියලද හිතන්නෙ..
ශිට්..පිස්සුද මංදා..
එහෙම නම් සැකෙන් බලන්නෙ
මං මොකටද ඔයාව සැක කරන්නෙ..
ආ..එනවකො ඇතුලට..එතකොට හරිනෙ..
මට බෑ..
මෙහෙ එනවා..
දේව්..කෙල්ලව ඇදගෙන කාමරේ ඇතුලට ගිහින් ඇදේ ඉන්දුවා
.ඕං මැඩම් වට පිට බලන්න හොදට..ඕනෙ නම් වොශ් රූම් එකත් චෙක් කරන්න..
මට බෑ..
ගිම්සා මූන එල්ල ගත්තා..
අත්තක් උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවාගෙන
දේව් ජනෙලෙ ලගට ගිහින් හේත්තු උනා
මොකද්ද ..
අහලා නැද්ද ..ඒක තේරවිල්ලක්..
මොකද්ද ..
දැන් මං කිව්වෙ… අත්තක් උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවාගෙන… කවුද..
මං නම් නෙවෙයි..
ගිම්සා කට ඇද කරලා එහෙම කියන කොට කොල්ලට බකස් ගාලා හිනා ගියා..
ගිම්සා බලං හිටියෙ දේව්ගෙ හිනාව කොයි තරම් ආකර්ශනීයද කියලා.ඇත්තටම කෙල්ලෙක් හිටියෙ නෑ කියන්නෙ කොහොමද …
ඔයා තමයි ගිම්සා…කොස්ගෙඩිය..තමයි උත්තරේ ..
කොස් ගෙඩිය .මාව පේන්නෙ කොස්ගෙඩියක් වගේද..
හ්හ්හ්හ්හාහා ..
දේවින්ද හිනාවෙනවා…
දැන් මැඩම් මේ පාන්දර ජාමෙ..යක්කු ගස් වලින් බහින වෙලාවෙ.මගෙ රූම් එකට ආවෙ මොකද…මාව මතක් වෙලාද..නැත්නම්…
දේවින්ද ඇස් වෛන් ඉගි කරනවා.හිනාව මූනෙ උතුරනවා ..
ගිම්සා අහක බලා ගත්තා..පිස්සු ඩබල්
මං ආවෙ මගෙ රූම් එක ලග එලියෙ සද්දයක් ඇහුනා කියන්න..
මොන සද්දයක්ද.
මියෑව්…මියෑව්..ආං එහෙම
ගිම්සා ඒක හඩ වෙනස් කරලා කිව්ව විදිහට කොල්ලට ආයෙත් හිනා ගියා..
මොකක්..ආයෙත් කියන්නකො ගිම්සා
මියෑව්..මියෑව්…
හ්හ්හ්හ්හා
දේවින්ද ඒ පාර බඩත් අල්ලගෙන හිනා වෙනවා..
මොකද වෙලා තියෙන්නෙ..මාව මිස්ට බීන් වගේද පේන්නෙ…මං කිව්වෙ මට ඇහුනු සද්දෙ..මට බය හිතුනා..
මිස්ට බීන්…අයියෝ..පිස්සු හැදෙන සද නංගි..
දේවින්ද ඇද ලගට ඇදිත් වාඩි උනා
ඒ පූසෙක්නෙ ලමයො
ඉතිං ඌ ඇයි මගෙ රූම් එක ලග ඉදගෙන කෑ ගහන්නෙ..ඔයා ඌව එලවන්න..
මට බෑ….පූසා මියෑව් කියන් නැතිව බුහ් බුහ් ගාලා බුරන්නද..ඒ සතාට පාඩුවේ ඉන්න දීලා තමුසෙ නිදාගන්නවා..
බෑ..බෑ.මට බෑ..එහෙනම් ඔයා ඒ රූම් එකට යන්න ..මං මේකෙ ඉන්නම්..
කොහොමද ඒක..
දේවින්ද කට ඇද කලා
අහකට වෙනවා.මට නිදිමතයි..
දේවින්ද කොට්ටෙත් බදාගෙන ඇදට වැටුනා..
තමුසෙ මහ නපුරෙක්..දැන දැනම මාව තනියම රූම් එකේ තිබ්බෙ..
ඔව්..මං දන්නවා ඔයා බයයි කියල..මං ලගට එනවා කියලා..කට වහගෙන මෙතන නිදියනවා ගිම්සා.ඔය පල්ලෙහා තට්ටුවේ හොල්මන් තියෙන්නත් පුලුවන්..
මොකක්..එහෙනම් හෙට උදේම මෙහෙන් යමු
ජස්ට් ජෝක් කෙල්ලෙ..ගුඩ් නයිට්…
දේවින්ද ඇස් පියාගෙනම කියවනවා..
දේව්…මට නින්ද යන් නෑ…අනේ නැගිටින්නකො..
ඒ පාර ගිම්සා දේව්ගෙ උරහිසින් අල්ලගෙන හොලවනවා..
දේවින්ද ඇස් ඇරියා..
ඒයි..මං කිව්වා නේද මගෙන් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න කියලා..ඒ මදිවට ඔය නයිට් ඩ්‍රෙස් එක පිටින්…
හරි මං ය නවා..හෙට උදේට මං මැරිලා හිටියොත් එහෙම ..මැරිලා හොල්මන් කරනවා..ඔව්.ඔයාට රෑට නිදන්න දෙන් නෑ.නෑමයි
ශා..ආසයි අහන්නත් කෙල්ලෙ…රෑට හොල්මනක් වෙලා හරි ඔයා මගෙ තුරුලෙ ඉන්නවා නම්…මරු..කියලා වැඩක් නෑ.. මතක ඇතුව රෝස පාට නයිට් ඩ්‍රෙස් එකක් ඇදගෙන එන්න..හ්හ්හ්හ්හා
මහ මෝඩයෙක්..
ගිම්සා දේවින්ද තුරුලු කරන් ඉන්න කොට්ටෙ උදුරලා ඔලුවට ගැහැවා..
නපුරි…ඔහොම කරනවද තමන්ගෙ මහත්තයාට ..
ගිම්සා ඒ කොට්ටෙම ඔලුවට තියාගෙන දේවින්ද ලගින්ම නිදාගත්තා..
දේවින්ද හිනාවෙනවා ඇහෙනවා…ඒත් කෙල්ල හිත ගල් කරගෙන නිදාගත්තා..
මාව බලෙන් ගෙනල්ලා.මාව ජෝක් එකට අරගෙන හිනා වෙනවා..මාත් ඔය ඔක්කොටම වෙලාවක වාඩුව ගන්නම්කො…
ගිම්සා නින්දට වැටුනා..ගිම්සා ගැඹුරින් හුස්ම ගන්නවා කොල්ලට ඇහුනා.දේවින්ද නිදි නෑ..කොල්ලා හෙමීට ඔලුව උස්සලා ගිම්සගෙ මූනට බර උනා..
මං දන්නවා ගිම්සා.ඔයාගෙ සතුට මං උදුර ගත්තා කියලා..මං ඔයාව බැන්දෙ සහේන්ගෙන් පලිගන්න..ඒත්..දැන් නම් ඔයා නැතුව ඉන්නම බෑ මට..මේ දවස් දෙක තුනට..මට දැනෙන්නෙ ඔයා මගෙ කොටසක් වගේ..
දේවින්ද ඒ සිතුවිලි වචන කලේ නෑ.ගිම්සාගෙ නලල හෙමිට සිපගෙන කොල්ලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා..
💗💗💗
ඒයි..නැගිටිනවා..තමුසෙ නෝනා හාමුද..එලිවෙනකල් නිදා ගන්න..
උදේම ඇහුනු දේවින්දගෙ ගෝරනාඩුවට ගිම්සා බයවෙලා නැගිට්ටා
ගිම්සා.නැගිටිනවා.නවයයි වෙලාව..මං ඔෆිස් යන්නත් ඕනෙ..නැගිටිනවා..
ඉතිං යන එකනෙ තියෙන්නෙ..මං අල්ලං හිටියෙ නෑනෙ.
මට කන්න හදනවා.පල්ලෙහා කිචන් එක
මොකක්..
ඔව් ඇහුනෙ නැද්ද ..මට බඩගිනි.
ගිම්සා ඇස් ලොකු කරගෙන දේවින්ද දිහා බැලුවෙ ලෝක පුදුමයක් දැක්කා වගේ
ඔ.ඔය ඇත්තටම ද කියන්නෙ.
ඔව් ඇයි..
මංඋයන්න දන් නෑනෙ..
මොකක්..තමුසෙ කෙල්ලෙක් නේද…
ඔව්..
එහෙනම්.. තමුසෙ කියන්නෙ දැන් මට තමුසෙගෙ කෝකියා වෙන්න කියලද.
මං එහෙම කිව්වද..
මේ ගෙදර සර්වන්ට් ලා නැද්ද
සර්වන්ට් ලා මොකටද…වයිෆ් කෙනෙක් ගන්නෙ ඒ හැමදේටමත් එක්කනෙ..
ඉක්මන් කරනවා.පැය බාගයයි දෙන්නෙ.යනවා..
දේවින්ද ට්‍රවල් එකත් අරගෙන වොශෲම් එකට ගියා
🌹🌹🌹
ඊලග කොටසට ..