Home Novels අහසම ගුගුරා අහසම ගුගුරා – 56 කොටස

අහසම ගුගුරා – 56 කොටස

0
7

අහසම ගුගුරා… ❤️‍🔥
-56-

‘අඳුරු රහසක් යනු ඕනෑම සාර්ථක සම්බන්ධතාවයක පදනම යි.’
-365 Days චිත්‍රපටය

රනුක හා සංවාදයේ යෙදීමෙන් පිරුණු සිතැතිව නදිනි නිදන කාමරය වෙත පැමිණියේ සතුටිනි. කවිනි තවමත් නිදන්නට පැමිණ නොමැති බැවින් රනුකට තවමත් ඔවුන්ගේ කාමරයට යන්නට නොහැකි බව සිහිවීමෙන් ඈ, සිය ජංගම දුරකතනය අතට ගත්තේ රනුකව අමතනු රිසියෙනි. එකෙනෙහිම අගුලු ලූ දොරට තට්ටු කරන හඬ අසුනෙන් ඈ වහා දොර විවර කළා ය.

“නිදිද..?”

රනුක විමසුවේ උළුවස්ස මතට අතක් තබමිනි.

“නෑ… අර දෙන්නා තාම ආවේ නෑ නේද..? ඔයා කොහෙද නිදාගන්නේ..?”

ඇය විමසුවේ ඔහු දෙස බලමිනි.

“ඒකට තමයි මං මෙහාට ආවේ…”

අනවසරයෙන් ම යුවතියන්ට වෙන් වූ කාමරයට ඇතුල් වෙමින් ඔහු කීවේ ය. ඇගේ මුවග සිහින් සිනහවක් දැල්විණි. ඇය සෙමෙන් දොර පියන්පත වසාදමුවා ය.

“දොර ලොක් කරන්න නදී…”

ඔහු සෙමෙන් කීවෙන් ඇය යතුරෙන් අගුලු ලෑවේ හදවත වේගයෙන් ගැහෙන විට ය. මොහොතක් නිසලව සිටි ඈ අනෙක් පසට හැරෙන විට ඔහු සිටියේ යහන මත අසුන්ගෙන දෑතට බර දී සිවිලිම දෙසට නෙත් යොමාගෙන ය.

“මගේ ළඟට එන්න බයද..?”

නෙතු ඈ මතට ගෙනෙමින් ඔහු විමසුවෙන් ඇය හිස දෙපසට සලමින් සිනහවක් පෑවා ය.

“එහෙනම් එන්න…”

ඔහුගේ ආරාධනයෙන් ඇය සෙමෙන් ඔහු වෙතට පැමිණ ඔහු අසලින් හිඳගත්තා ය.

“මොනවද කල්පනා කරන්නේ..?”

“එදා වැව ගාව කාපු කම්මුල් පාරට ප ළි ගන්නේ කොහොමද කියලා මං මේ කල්පනා කළේ..?”

“ඒකට එච්චර තරහක් හිතේ තියනවද..? මං බය උන නිසානේ ගැහුවේ…”

ඔහු සිනාසුණේ ය.

“තරහක් නෑ. එවෙලෙත් ආදරේ හිතුනා මිසක්… ඊටපස්සේ දකින දකින වෙලේට ඒක වැඩි උනා… අපි දෙන්නම ඒ දවස්වල හිටපු තත්වේ ගැන හිතලයි මං කන්ට්‍රෝල් උනේ…”

“අනේ ඒ ගැන අපි කතා නොකර ඉමු රනූ…”

යහන මත වූ ඔහුගේ අතෙහි පිටිඅල්ල ස්පර්ශ කරමින් ඇය කීවා ය.

“නදී…”

“ම්ම්ම්ම්…”

“ආයේ හැරෙන්න හිතෙන එකක් නෑ නේද..?”

“ඔයාට මාව ශුවර් නැද්ද..?”

“ශුවර්. දැනගන්න ඇහුවේ…”

“මේ ළඟදි මට විසූ අයියා කෝල් කළා…”

ඔහුගේ මුවේ ඇඳුනේ සියුම් මඳහසකි.

“මොනාද කිව්වේ ඌ..?”

“ඔයාව අතෑරියොත් මං කවීගේ හොඳම යාලුවා කියන එකත් අමතක කරනවා කිව්වා. හොඳ පාඩමක් උගන්නනවා කිව්වා…”

ඔහු හඬ නගා සිනාසුණේ ය.

“ඌ කොහොමත් එහෙමයි…”

“ඉස්සර මං කවීට විහිලුවට කිව්වේ ඔයාලා දෙන්නා ගේ (පිරිමි සමලිංගික) ද දන්නෑ කියලා…”

“මේ ලෝකේ කෙල්ලෝ නැතිම උනත් ඒක නම් වෙන්නෑ…”

දෙදෙනා ම සිනාසුණහ.

“මේ දෙන්නා එයාලගේ වැඩ කීයට ඉවර කරයිද මන්දා…”

මොහොතකට නෙතු බිත්ති ඔරලෝසුව මතට ගෙන යමින් ඈ කීවා ය.

“ඕකුන් දෙන්නා අද කොහොමත් ඉවර කරන්නෑ…”

“එතකොට ඔයා..?”

“මං මෙහෙ… ඇයි එපාද..?”

“නෑ නෑ එහෙම එකක් නෑ…”

“ඒකනේ… මෙච්චර ලස්සන කෙල්ලෙක් ඉඳලත්, ඒ කෙල්ල මගේ වෙලත්, මෙච්චර රොමෑන්ටික් සෙටප් එකක් තිබිලත් මට බෑ හින්දි ෆිල්ම්ස් වල වගේ සෝෆා එකක නිදාගන්න නම්…”

සිනාසෙන ඇයව, තමන් වෙතට ඇද ගනිමින් ඔහු කීවේ ය. ඇගේ බඳ වටා අතක් යවමින් ඔහු බර වූයේ ඇගේ දෙතොලට ය. ඔහුගේ නිදහස් අත ඇගේ කම්මුලක් දිගේ විත් ගෙල හරහා උරහිස තෙක් පල්ලම් බැස්සේ හාදුව අතරතුර දී ම ය. ඔහු ඇඳසිටි ටී ෂර්ටය ඇගේ දෑතට පොඩිවිණි. ඔහු, ඇයව තව තවත් තමා වෙතට ඇදගත්තේ ය.

“නදී…”

ඇගේ දෙතොල් මුදවමින් ඔහු, ඇයව ඇමතුවේ ය. ඇය වසා සිටි නෙතු පියන් සෙමෙන් විවර කළා ය.

“දැන් යන්න හදන ගමනේ නැවතීමක් නෑ නදී… හැබැයි ගමන යන්න පටන් ගත්තට පස්සේ මගදී මොන දේ උනත් හැරෙන්නත් බෑ ඔයාට… තේරුණාද..?”

ඇය හිස සැලුවා ය. ඇගේ බඳ වටා එතුණු ඔහුගේ අත ඇගේ ටී ෂර්ටයට යටින් නිරුවත් පිට පුරා රටා ඇන්දේ ඇයව තවත් ඔහුට ම නතු කරමිනි.

“කමක් නැද්ද..?”

ඔහු, ඇගේ දෙතොලට යළි සමීපවෙමින් විමසුවේ ය. ඇය සිනහවක් සමඟින් ඔහුට අවසර දුන්නා ය. එවර ඔහුගේ දෙතොල් ආක්‍රමණය කළේ ඇගේ ගෙල යි.

ඔහුගේ ගතට යටවෙමින් ඈ යහන මත වැතිරෙන විට ද ඔහුගේ ටී ෂර්ටය මෙන් ම ඇගේ ගත රැඳි ඇඳුමෙන් ද වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ සිරුරුවල නොවීය. ඔහුගේ දෙතොල් ඇගේ නිරුවත් ළමැද පුරා ගමන් ගත්තේ ඇය වේගයෙන් හුස්ම ගන්නා විට ය. විමුක්ති සමඟ ද මෙවන් සුයාමයන් ගත කර තිබුණ ද රනුකගේ ශෘංගාරය ගත, සිත අවුලන ගින්දරක් බඳුව ඇයව දවන්නට විය. විමුක්ති මෙන් ඔහු ඉක්මන් නොවීය. ඔහුට, ඈ අවුලන්නට කිසිඳු හදිසියක් නොවූ අතර ඔහු, ඇයව අවුලමින් සෙමෙන් රස වින්දේ ය. ශ්‍රීමාලි තරම්ම රූමත් නොවුණ ද නදිනිගේ පිරිපුන් සිරුරෙහි වූයේ ඈට ම ආවේණික සෞන්දර්යයකි. රිද්මයකි. ඔහුට ඒ සියල්ල සෙමෙන් විඳින්නට අවැසි විය. ඔහුගේ ආදරය මෙන් ම ශෘංගාරය ද පරාර්ථකාමී විය. තමන් තෘප්තිය මෙන් ම ඇගේ තෘප්තිය ද ඔහුගේ අරමුණ විය. අනෙක් අතට රනුක වනාහි යුවතියක සුසර කරන්නට හොඳින් දන්නා තරුණයෙකු වූයේ ය.

ඔහුගේ ඇවිලවීමෙන් දැවුණු ඈ මුවින් කෙඳිරිලි හඬක් පිටවිය. එතෙක් ඈ ගත ආවරණය වූ අවසාන ඇඟළුම ද ඈ ගතෙන් ඉවත් කළ ඔහු, ඇගේ දෙපා ඉහත්තාවේ යන්තමින් තෙත් වූ මල් පෙති සෙමින් ස්පර්ශ කළේ ඇය හැකිලී යද්දී ය. සිපගැනීම මොහොතකට නැවැත්වූ ඔහු, ඇගේ මල් පෙති මුසපත් කරමින් කෙමිය පාදන්නට වූයේ ඇය ශෘංගාරය දරාගන්නා ආකාරය සිය නෙතින් විඳිමිනි. දෑස් පියාගෙන, යටි තොල සපමින් වරෙක හැකිලෙන ඈ දෙස මොහොතක් බලාසිටි ඔහු, ඇගේ දෙතොල් සිපගත්තේ තදිනි. කෙමියෙන් ගලා ආ තෙතමනය ඔහුගේ අතැඟිලි මෙන් ම ඇගේ මල් පෙති ද තෙමන්නට විය. නොනැවතී ඈ සුසුර කළ ඔහුගේ බාහුවක් මත ඇගේ නිය තද කරමින් සිහින් කෙඳිරියක් නගමින් ඈ ශෘංගාරයේ පතුලටම කිමිදුනේ සිහින් හතියක් ද සමඟිනි.

වේගයෙන් උස්-පහත් වන ඇගේ ළමැද ඔහුගේ පුළුල් පපුතුරට සිරවී තිබිණි. ඇය, ඔහුගේ ගෙල වටා දෑත් යවමින් ඔහුව වැළඳගත්තේ ලත් ආශ්වාදය විඳිමිනි. ඇගේ කැරළි කොණ්ඩය කොට්ටය පුර විසිරී තිබිණි.

“මහන්සි නැත්නම් ඊළඟ ස්ටෙප් එකට යමුද..? ම්ම්ම්ම්…”

වෙහෙස නිවමින් සිටි ඇගේ සවන් පෙති මත දෙතොල් තබමින් ඔහු මිමිණුවේ ය. ඇගේ දෙතොල ලිහුණේ ආරාධනාත්මක මඳහසකට ය.

ඈ මතින් නැගී සිටි ඔහු, සිය සැහැල්ලු බොටම් කලිසම ගලවා ඉවත් කරන විට ඇය ලැජ්ජාවෙන් රතුවෙමින් ඉවත බැලුවා ය.

“මොකෝ ඇඹරෙන්නේ..?”

සිනහවක් සමඟින් ඔහු විමසුවේ යහනේ වැතිර සිටින ඇගේ බඳ දෙපසින් දෙකකුල් යවා දණහිස්වලින් සිටගනිමිනි. ඇගේ සුරත ගත් ඔහු, තම ගෙලේ සිට පහතට ඇගේ අතැඟිලි සෙමෙන් ගෙන ආවේ ය. තමා මතට පැමිණි ඇගේ දෑස් ඔහු, තම දෑසින් අල්වාගත්තේ ඇයට මඟහැර යාමට නොහැකි වන පරිදි ය. ඇගේ අතැඟිලි, ඔහුගේ සංවේදී ම කොටස ස්පර්ශ කරන විට ඇය ගැඹුරු හුස්මක් ආශ්වාස කළා ය. ගිනියම්ව දැනෙන එය ඇගේ ඉඳුරන් පවා යළි අවදි කරන්නට සමත් විය.

ඔහු යළිත් ඈ මතට පැමිණියේ ඇගේ තෙත් වූ මල් පෙතිවලට ගිනියම් සිසිලස දනවමිනි. රිද්මයානුකූලව මල් පෙති මත ඇදෙන එම ගිනි සිසිලසට ඇය යළිත් මුසපත් වූවා ය. වරින් වර ඔහුගේ දෙතොලින් ඈ දෙතොල් වැසීයන්නට විය.

යළිත් වරක් ඈ ශෘංගාරයේ කඳු මුදුන මතට ළඟා වූයේ ඔහු මුවට මඳ සිනහවක් කැඳවමිනි. ඇගේ දසන්වලින් ඔහුගේ උරයක් තදවෙද්දී ඔහු ඒ වේදනාව ඉවසාගත්තේ ය. නමුත් ඔහු, තම රිද්මයෙන් නොමිදුණේ ය.

ඇවිලෙමින් සිටි ඈ ඍජුව ඔහු දෙස බැලුවා ය.

“මැණික, හාද..? කමක් නැද්ද..?”

ඔහු මොහොතක් නතරවෙමින් විමසුවේ ය. ඇය සිටියේ ඈ දවන ගින්නට ආශක්ත වෙමිනි. ඔහුගේ ආරාධනාවට ඈ දෙනෙත් පිය සලමින් අවසර දුන්නා ය. ඔහු, ඈ මතට නැඹුරු වී ඈ දෙතොල් මත සිය අණසක පැතිරවීය.

එකෙනෙහිම ඇගේ යටිකයට දැනුණේ දැඩි වේදනාවකි. එය ඇගේ යටිකය ඉරා දැමුවාක් බඳු වේදනාවක් විය. එම වේදනාවට ම ඇගේ දෙනෙත් අගින් කඳුළු කැට දෙකක් අනවසරයෙන් නෙත් ඉවුරු තරණය කර තිබිණි. ඇගේ නිය මගින් ඔහුගේ බාහුවක් සීරී යද්දී අනෙක් අතින් ඈ යහන සැරසූ ඇතිරිල්ල මිරිකාගත්තා ය. යළි යළිත් සයුරේ රළ නගන්නාක් මෙන් දැනෙන වේදනාව ඈ දරාගැනීමට උත්සාහ කළා ය. තවත් මිනිත්තු කිහිපයක් පුරා ඇදී ගිය ඇගේ වේදනාව අවසන් කරමින් ඔහු, ඇගේ දෙතොල් තම ග්‍රහණයෙන් මුදවූයේ ය. ඔහුගේ උත්කර්ෂය ඔහු වින්දනය කරන අතරතුර ඇය සිටියේ අනුමාන කළ නොහැකි මනෝ ලොවක ය.

ඔහු, සිය වත ඇගේ ගෙල පාමුල තබාගෙන මොහොතක් ඈ මත ම ගිමන් හැරියේ ය. ඇගේ දෙනෙත් ඉවුරු ඉක්මවූ තවත් කඳුළු කැට කිහිපයක් ඇගේ කොපුල් තෙත් කරන්නට විය.

“වස්තුව…”

ඔහු හිස ඔසවා ඈ දෙස බැලුවේ ය.

“සොරි මැණික…”

ඇගේ කඳුලින් පෙඟුණු කොපුල් පිසලමින් ඔහු කීවේ ය. ඇගේ දෙතොල් මඳහසකට විවර විය.

“ඇයි සොරි..?”

ඔහු, ඈ දෙතොල් මත සිපුමක් තබා ඈ මතින් ඉවත් වී ඈ පසෙකින් වැතිර ඈ වෙතට හැරුණේ ය.

“මං ඉක්මන් උනා වැඩී වගේ… මේ අපේ ෆස්ට් ටයිම් එකනේ…”

ඇය හිස සැලුවා ය.

“ඉතිං මං ඔයාව නැවැත්තුවේ නෑනේ…”

ඔහුගේ දෙනෙත් මත මවිතය පිරිණි.

“විශ්වාසයි නේද..? පස්සේ අපරාදේ හිතෙන එකක් නෑනේ..?”

ඔහු, ඇගේ කැරළි හිසකෙස් අතකින් පීරමින් විමසුවේ ය.

“මේ වගේ ලස්සන දෙයක් ඔය වචනවලින් ස්පොයිල් කරන්නෙපා රනූ… අනික මේ මං තෝරගත්ත පාරනේ…”

ඔහු යළිත් ඇයව සිපගත්තේ ය.

“ආදරෙයි පණ… දැන් ඔයා මගේමයි…”

“මාත් ආදරෙයි…”

ඈ සෙමෙන් මිමිණුවා ය.

“අමාරුද..?”

“ටිකක් රිදෙනවා…”

“වොෂ් රූම් යන්න ඕනේද..?”

“හ්ම්ම්ම්…”

ඔහු, ඈ වෙතින් මඳක් ඉවත් විය.

“යන්න. ගිහින් එන්න…”

ඇය උඩුකය ඍජු කරමින් යහන මත හිඳගත්තා ය.

“මං එන්නද..?”

ඔහු විමසුවේ ඇගේ නිරුවත් පිට අතගාමිනි.

“ඕන්නෑ… මං ටක් ගාලා ගිහින් එන්නම්…”

ඈ, ඔහු දෙස නොබලා ම පිළිවදන් දුන්නා ය. ඇගේ නෙත ගැටුණේ යහන වසාලූ ඇතිරිල්ල ය. දෙස බැලූ ඈ දෙනෙත් තදින් පියාගත්තා ය.

ඉදින්, බඹර තුඩ විසින් මල් කෙමිය විද තිබිණි. යළි වෙනස් කළ නොහැකි යතාර්ථය බඹර තුඩ විසින් ම සිත්තම් කර ඇත. ඒ, මලෙහි අයිතිය සින්නක්කරව බඹරාගේ නමට ම ලියමිනි.
.
.
.
.
විසල් අවදිවූයේ පපුව මතට දැනෙන සිසිල් ලවන් පහසට ය. ඔහු දෑස් පියාගෙන ම කවිනිගේ දෙතොල් පහස වින්දේ ය.

“උදේ පාන්දරම මාව අවුස්සගන්නද හදන්නේ මැඩම්..?”

ඔහු දෑස් විවර කරමින් විමසුවේ ය.

“පාන්දර නම් නෙවෙයි දැන් නවයත් පහුවෙලා…”

ඈ පිළිවදන් දුන්නේ බිත්ති ඔරලෝසුව දෙසට ඉඟි කරමිනි.

“බඩගිනිද..?”

“නෑ විසූ… මට වොෂ් රූම් යන්න ඕනේ…”

“නැගිටිමුද..?”

“හ්ම්ම්ම්…”

ඔහුගේ ග්‍රහණයෙන් මිදුණු ඈ යහන මත හිඳගත්තේ විසිරී තිබූ හිසකෙස් සියල්ල එක්රැස් කොට හිස්මුදුනට වන්නට ගුලි කොට බඳිමිනි. දෙදෙනාගේ ගත වසා තිබූ පෙරවනය ගත් ඈ එය සිය ගත දවටාගත්තා ය.

“දැන් හරිද එතකොට..?”

යහන මතින් නැගී සිටි ඈ දෙස බලමින් ඔහු විමසුවේ පෙරවනය ඉවත් කිරීමෙන් නිරුවත් වූ තම දේහය නෙතින් ඇයට පෙන්වමිනි.

“ඔව්නේ…”

ඔහුගේ යටිකය වෙතට නැඹුරුව ඔහුගේ ගිනි සිළුව මත දෙතොල් තැබූ ඈ, ඔහුට හසුවීමට පෙර නාන කාමරය වෙත දිවගියා ය.

“මේකි නම්…”

ඇගේ දඟකාර හැසිරීම් දෙස බලමින් යහනෙන් නැගිටගත් ඔහු කාමරය පුරා විසිරී තිබූ ඔවුන්ගේ ඇඟලුම් යහන මතට දැමුවේ ය. නාන කාමරයේ දොර අගුලු ලා නොතිබුණෙන් ඔහු එය විවර කරගෙන ඇතුළට පිවිසියේ ය.

“ඔයාගේ ටූත් බ්‍රෂ් එක මේකද..?”

නාන කාමරයට පිවිසුණු ඔහු දෙස බලමින් ඈ විමසුවා ය.

“මතක නෑ කාගේද කියලා… රනුවගෙයි මගෙයි දෙන්නගෙම ඕක තමා…”

කොමඩය වෙත යමින් ඔහු කීවේ ඇගේ මුහුණ ඇද වී යන විට ය.

“ඊයා… එතකොට ඔයාලා දෙන්නම දත් මදින්නේ එකම බ්‍රෂ් එකෙන්ද..?”

“ඔව් ඇයි..? දෙකක් මේන්ටේන් කරනවට වඩා එකක් මේන්ටේන් කරන එක දෙන්නටම ලේසිනෙ… අනික ඕකත් කළුවගෙන් බේරගෙන තියාගන්නේ මාර අමාරුවකින්. ඌ අහුවෙන ඕනේ එකෙක්ගේ බ්‍රෂ් එකකින් දත් මදිනවා…”

“ඈක්කා…”

ඇයගේ අප්පිරියාවෙන් ඇද වූ මුව දැක සිනාසෙමින් ඔහු කොමඩයේ සෝදනය ක්‍රියාත්මක කළේ ය.

“ඕවා හොස්ටල් වල සාමාන්‍ය දේවල් කවී… කොහොමත් මමයි රනුවයි බ්‍රෂ්වලට, පනාවලට, ටවල්වලට නිකං බොරුවට වියදම් කරන්නෑ. එකෙක් ගාව තියේ නම් අනික් එකත් ඒකම යූස් කරනවා… කැම්පස් එන්න කලින් ඉඳන්ම අපි දෙන්නා එහෙමයි…”

අතැති දත් බුරුසුව පසෙකින් තැබූ ඈ, ඔහු දෙසට හැරුණා ය.

“ඔයාලා දෙන්නා හැමදේම එහෙම ශෙයා කරගෙනද යූස් කරන්නේ..?”

“ඔව්…”

“සීරියස්ලි..?”

ඇගේ බියපත් වතට සිනාසෙමින් ඔහු, ඇගේ අතකින් ඇද තමා වෙතට ගත්තේ ය. ඇගේ මුහුණ පුරා රැඳි දිය බිඳු ඔහුගේ දෙතොලතර සඟව යන්නට විය. ඒ අතර ඇගේ ගත රැඳි පෙරවනය ඉවත් කළ ඔහු, ඇගේ දෙතොල් සිපගත්තේ ය.

“උ ඹ ලා දෙන්නා ඇර අනික් ඕනේ දෙයක් අපි දෙන්නා ශෙයා කරගන්නවා…”

ඔහු කීවේ වතුර මල ක්‍රියාත්මක කරමිනි. උදෑසන සීතලෙන් සලිත වූ ඇයව, ඔහු නාන කාමරයේ බිත්තිය මතට සිර කරගත්තේ ය. ඔවුන් දෙදෙනා නහවමින් වතුර මල ගලාගියේ තවත් සුපෙම්වත් සාදයකට ආරාධනා කරමිනි. ඇයව සිපගනිමින් ම ඔහු, ඇගේ ගං ඉවුරු මතින් සිය ගිනි සිළුව කිමිදවූයේ දෙපා නිම්නය අතරිනි.

“උදේ පාන්දරම මාව අවුස්සගත්තේ උ ඹ ම යි මැණික…”

ඇගේ සවන් පෙත්තක් මත දෙතොල් තවරමින් ඔහු කීවේ ය. ඇගේ දෑත් ඔහුගේ ගෙල වටා ගියේ ඇය ද ඒ මිහිරෙහි ගැලෙමිනි. අඩහෝරාවකට වඩා වූ ආලිංගනයෙන් අනතුරුව ඔහු, ඇයත් සමඟ වතුර මල යටට වූයේ හැඟුම් පිට කිරීමෙන් ලත් ප්‍රහර්ශයත් සමඟිනි.

“දැන් මං නාලා ගියාම නදීගේ කටර් එකෙන් ගැලවෙනවා බොරු…”

ඇගේ වදනට සිනාවක් පෑ ඔහු වතුර මල ක්‍රියාවිරහිත කොට සබන් කැටය අතට ගත්තේ ය.

“කවුද දන්නේ ඊයේ රෑ උන් දෙන්නා මොනා කළාද කියලා…”

සරදම් සිනහවක් පාමින් ඔහු කීවේ ඇගේ ගතෙහි සබන් පෙණ තවරමිනි.

තෙත කොණ්ඩය පිසලමින් යුවතියන් හට වෙන්වූ කාමරයට පැමිණි කවිනි දුටුවේ එම කාමරයෙහි දොර අඩක් විවරව ඇති බව යි. දොර විවර කරගෙන පැමිණි ඇය මොහොතක් ළතැවුණේ රනුක එහි සිටින්නේද යන්න තහවුරු කරගනු වස් ය. නමුත් එහි වූයේ නදිනි පැමිණි.

“මං එන්නද නදී..?”

තමන්ට පිටුපා සිටි නදිනිගෙන් කවිනි විමසුවා ය.

“ආහ්… එන්න අනේ… රනූ පහළ ඇත්තේ…”

නදිනි කීවේ සිනාසෙමිනි.

“එක්කෙනෙක් උදේ පාන්දර නාලා…”

නදිනි යළිත් කීවේ කවිනිගේ තෙත කොණ්ඩය දෙස බලමින් සිනාසෙමිනි. කවිනි ද සිනාසෙමින් ම දොර වසාදැමුවා ය.

“නාගන්න හිතුනා…”

මුව රක්ත වර්ණ කරගනිමින් කවිනි මිමිණුවා ය.

“දෙන්නම එක්ක වෙන්නැති නේහ්..?”

නදිනිගේ සරදමට කවිනි මුව ඇද කළා ය.

“ඔයාගේ කට හරියන්නේ අර මෝඩයෝ දෙන්නටමයි නදී…”

නදිනි හඬ නගා සිනාසුණා ය.

“මං වොෂ් දාගෙන එන්නම් සුදෝ… ඔයා නම් පාන්දරම වොෂ් දාලනේ…”

වහා නාන කාමරයට යමින් නදිනි කීවේ දිවෙන් කවිනි හට ඇද කරමිනි. තනිවම සිනාසුණු කවිනි, තම බෑගය විවර කළ ද ඇගේ දෑස යොමුවූයේ යහන මත අපිළිවෙළට දමා තිබූ පෙරවනය වෙතට ය. ඈ යහන අසලට පැමිණ පෙරවනය අතට ගත්තේ නදිනිගේ අපිළිවෙල වැඩවලට සිතින් බනිමිනි. නැවූ පෙරවනය කොට්ටය මතින් තබන විට ම ඇඳ ඇතිරිල්ල මත වූ ලෝහිත සලකුණු නෙත ගැටුණෙන් කවිනිට දැනුණේ දරාගත නොහැකි හැඟීමකි. අවසඟව යන දෙපා වාරු කරගනිමින් ඇය වහා යහන මතින් හිඳගත්තේ දෝතින් හිස බදාගනිමිනි