Home Novels අමුතු කසාදේ අමුතු කසාදේ – 12 කොටස

අමුතු කසාදේ – 12 කොටස

0
13

අමුතු කසාදේ

“දැන් ඔය ළමයා මොන අරමුණකටද ප්‍රසන්න පුතාව කසාද බැන්දෙ?අම්මවයි පුතාවයි රවට්ටගෙන මේ දේපල ටික ලියා ගන්නද?දුප්පත් හි/ඟ/න්/නු දන්නෙම අනුන්ගෙ දේවල් කඩාවඩා ගන්නමයි…”

උදේම තාන්වි ඔෆිස් ගියාට පස්සෙ එයාගෙ අම්මා ඇවිත් මට හොඳට දෙහි කැපුවා. අම්මයි දුවයි දෙන්නම එකයි.දෙන්නටම ඕනි ප්‍රසන්න මහත්තයව රවට්ටගෙන එයාගෙ දේපල ටික ලියාගන්න.එයාලගෙ හිත් වල තියන දේ ලස්සනට මගෙ පිට දාලා කිව්වා.

“එතකොට ඇන්ටි ඇන්ටිගෙ දුවව මෙහාට එව්වෙ මොන අරමුණකටද?මගෙ පව්ල් කඩා කප්පල් කරලා දෝණි ඇන්දව ප්‍රසන්න මහත්තයගෙ එල්ලලා එයාගෙ දේපල ටිකට විදින්නනෙ.ඒකනෙ ඔය කටින් දැන් මගෙ පිට දාලා ලස්සනට කිව්වෙ.අවුරුදු විසිපහකට පස්සෙ අයියට තමන්ගෙ එකම සහෝදරීව මතක් උනේ නිකම්ම වෙන්නත් බෑනෙ නේද?…”

කට උත්තර නැති වෙන්නම මං තාන්විගෙ අම්මට හොඳවයින් දෙකක් කියලා දුන්නා. ආවා මෙතන මාව මට්ටු කරන්න.දුවට බැරි වෙච්චි තැන අම්මව එවන්න ඇති මාව බය කරන්න.ආයෙ ව/රෙ/න්/කො මං උන්දැට මේ හතර මායිමේ පස් නොපාගන්න වැඩක් කරන්නම්කො.

“හොඳ වැඩේ නෝනෙ.ඔහොම තමයි ඔය ගෑ/ණිට කතා කරන්න ඕනි.දැක්කනෙ පුපුර පුපුර ගිය හැටි…”

තංගම්මටත් තාන්විගෙ අම්මව පේන්න බැහැ.

“ඒ දෙන්නට ඕනි මාව ප්‍රසන්න මහත්තයගෙන් වෙන් කරන්න…”

“අපෙ අප්පේ මොන තරම් පව්කාර වැඩක්ද ඒක.කිසිම හිතක් පපුවක් නැති ගෑ/ණු දෙන්නෙක්.පුංචි නෝනෙ දොස්තර මහත්තයට ඔය ගැන කියන්න…”

“ඔව් තංගම්මෙ මෙච්චර දවසක් මං ඉවසගෙන හිටියා.ඒත් තවත් ඉවසලා මගෙ පව්ල කැඩිලා යනවා මට බලන් ඉන්න බැහැ. අද මං එයාට හැම දෙයක්ම කියනවා…”

ප්‍රසන්න මහත්තයා එදායින් පස්සෙ තාන්විව කාරෙකේ දාගෙන වැඩට ගියේ නැහැ.තාන්වි උදේට යන්නෙත් පයින්මයි.හවසට එන්නෙත් පයින්මයි.මොනවා උනත් ප්‍රසන්න මහත්තයා මං කියපු දේ අහපු එක ගැන මං සන්තෝශ උනා.

“මොකක්ද තාන්වි මේකෙ තේරුම?ඔයාට සිංහල තේරෙන්නැද්ද?ප්ලීස් ඔයා පයින් එන්න.නැත්නම් ටැක්සියකින් එන්න.මං ඔයාව කාරෙකේ දාගෙන යනවා සාවිට ආරංචි උනොත් එහෙම තවත් ප්‍රශ්නයක්…”

තාන්වි උදේට මගට ඇවිත් ප්‍රසන්නගෙ කාරෙකේ ඔෆිස් යනවා.හවසට ගෙවල් කිට්ටුවට ඇවිත් බැහැලා පයින් යනවා.ඉතින් සාවි හිතන්නෙ තාන්වි ඔෆිස් යන්නෙ එන්නෙ පයින්මයි කියලා.

“අනේ ප්‍රසන්න අයියෙ ඔයා ඇයි මට මෙහෙම කරන්නෙ?කියන්න ඔයාට මාව පිට කෙනෙක්ද?…”

තාන්වි ප්‍රසන්නගෙ අනුකම්පව දිනාගන්න බොරුවට අඬන්න ගත්තා.ඊට පස්සෙ ප්‍රසන්න ඇයට බැන්නෙ නැහැ.

“අයියෝ තාන්වි ඔය ඇඬිල්ල නතර කරගන්න.ඔයා මට මගේම නංගි වගේ.පිට කෙනෙක් කියලා කිව්වෙ නෑනෙ මං ඔයාට. හොඳ ළමයා වගේ හෙට ඉඳන් ඔෆිස් එකෙන් ට්‍රාන්ස්පෝට් ඉල්ල ගන්න.එතකොට පයින් යන්න එන්න ඕන්නෑනෙ…”

“මං දන්නවා අයියට මාව කරදරයක් කියලා. මං ඔයාලා දෙන්නා අතරෙ ප්‍රශ්න ඇති කරන්න හිතාගෙන කාරෙකේ යනවා නම් මට තිබුනනෙ සාවිට මේ ගැන කියන්න.පයින් යන්න බැරි නිසයි මං අයියගෙ කාරෙකේ යන්න ඉන්නෙ…”

“හරි හරි.දැන් ඔය කතාව නවත්තන්න. ඉක්මනට ට්‍රාන්ස්පෝට් හදාගන්නකො. එතකොට මේ ප්‍රශ්නෙ ඉවරයිනෙ…”

ප්‍රසන්න සැහැල්ලුවෙන් වගේ එහෙම කියලා කාරෙක ස්ටාට් කරා.තාන්වි හිත යටින් ප්‍රසන්නට හිනා වෙනවා.

බලාගෙන ඉන්නකො මං ට්‍රාන්ස්පෝට් හදාගන්නකල්.හැමදාම මං ඔෆිස් යන්නෙ ඔයාගෙ කාරෙකේ ප්‍රසන්න අයියෙ.බොහොම ඉක්මනටම සාවිට දැන ගන්න ලැබෙයි මේ දවස් ටිකේම මං ඔෆිස් ගියේ ආවෙ ඔයාගෙ කාරෙකේ කියලා.

තාන්වි මගින් බැහැලා පයින් යද්දි ප්‍රසන්න කාරෙකේම ගෙදර ගියා.සාවි මග බලාගෙනයි හිටියෙ ප්‍රසන්න ගෙදර එනකල්.

“මොකෝ කෙ/ල්ල මේ මග බලාගෙන?…”

ප්‍රසන්න එහෙම ඇහුවෙ සාවිගෙ කම්මුලට තට්ටුවක් දාන ගමන්.කෙ/ල්ල ආදරෙන් හිනා වෙලා ප්‍රසන්නගෙ කම්මුලක් සි/ප ගත්තා.

“ඔයා එනකල් බලාගෙන හිටියෙ අනේ. කම්මැලියි…”

“මට අද හරිම මහන්සියි බබා.ගිහින් තේ එකක් හදාගෙන එන්න.මං වොශ් එකක් දාගෙන එන්නම්…”

“හ්ම්ම්…”

සාවි කුස්සියට ගිහින් ප්‍රසන්නට තේ එකක් හදාගෙන එද්දි තාන්විත් ගෙදරට ආවා.සාවිට එකපාරටම අමුත්තක් දැනුනා තාන්විගෙ පැමිණීම ගැන.

තාන්වි හැමදාම ගෙදර එන්නෙ ප්‍රසන්න මහත්තයා ගෙදර ඇවිත් විනාඩි දහයක් යද්දි. කවදාවත් වරදින්නැතුව හැමදාම කොහොමද එහෙම එකම වෙලාවට එන්නෙ?ප්‍රසන්න මහත්තයා මට හොරෙන් එයාව කාරෙකේ දාගෙන ඇවිත් මගින් බස්සලා ඉතුරු ටික පයින් එන්න කියනවද දන්නෑ.

“සාවි මටත් තේ එක්ක හදාගෙන එන්න…”

“ඕන්නම් ගිහින් හදාගන්න එකයි ඇත්තෙ. ඔයාට තේ හදන්න මෙහෙ වැඩකාරියො නැහැ…”

එහෙම කියලා තේ එක අරන් සාවි කාමරේට ආවා.ප්‍රසන්නත් නාගෙන ටවල් එකෙන් ඔලුව පිහදදා කාමරේට ආවෙත් එවලෙමයි.සාවිට හිතුනා ප්‍රසන්නගෙන් තාන්වි ගැන අහන්න.

“මහත්තයා මං දෙයක් අහන්න මට ඇත්තම කියනවද?…”

“හ්ම්ම්.කියන්නකො ඉතින්…”

“තාන්වි ඔෆිස් ගිහින් ගෙදර එන්නෙ කොහොමද?…”

ප්‍රසන්නව ගැස්සුනා සාවි එහෙම අහද්දි.කෙ/ල්ල මොනවා හරි දැනගෙනද කියලා ඔහු කල්පනා කරා.

“මං කොහොමද ඒක දන්නෙ?ඒක අහන්න ඕනි තාන්විගෙන්නෙ ළමයො…”

“අප්පෝ මට නම් බැහැ ඒ මල සමයමත් එක්ක කතාවට යන්න…”

“බබා ඇයි තාන්විත් එක්ක ඔච්චරටම තරහ?එයා ඔයාට මොකුත් කිව්වද?…”

“එයා විතරක් නෙවෙයි එයාගෙ අම්මත් මට ගොඩක් දේවල් කිව්වා.මං මෙච්චර දවසක් ඔයාට ඒවා නොකියා හිටියෙ උදේම හොස්පිටල් ගිහින් මහන්සි වෙලා ගෙදර එන මනුස්සයගෙ ඔලුවට ඔහොම බර පටවන්න බැරි නිසයි…”

“ඔයාට තාන්වියි නැන්දයි මොනවද කිව්වෙ සාවි?…”

ප්‍රසන්න තේ එක බොන ගමන් සාවිගෙ පැත්තට හැරුනා.

“ඔයාගෙ නැන්දට ඕනි මාව ඔයාගෙන් ඈත් කරලා තාන්විව ඔයාගෙ කරේ එල්ලන්න මහත්තයා.එයා අද ගෙදරටම ඇවිත් මට ඒ ගැන කිව්වා.මං බොරු කියනවා කියලා හිතනවා නම් තංගම්මාගෙන් අහන්නකො. තංගම්මත් තාන්විගෙ අම්මා මට බැනපු හැටි අහගෙනයි හිටියෙ.තාන්විට ඕනි කරලා තියෙන්නෙත් ඔයාගෙ කරේ එල්ලෙන්න. හැබැයි මහත්තයා මං එකක් කියන්නම් ඔය ගෑණු දෙන්නා හදන්නෙ මාව මි/නී ම/රු/වෙ/ක් කරලා එල්/ලුම් ගස් අරින්න…”

සාවි හයියෙන් හයියෙන් එහෙම කියලා බැල්කනියට ආවා.තාන්විගෙ අම්මා ඇවිත් ගිය වෙලාවෙ ඉඳන් ඇගේ හිත නොසන්සුන්. මේ අම්මයි දුවයි තමාගෙ ජීවිතේ සැනසීම උදුර ගන්න දවස වැඩි ඈතක නෙවෙයි කියලා ඇයට හිතුනා.

“සාවි…”

ප්‍රසන්න සාවි ගාවට ඇවිත් ඇගේ දෑතක් හිර කරලා අල්ල ගත්තා.කෙ/ල්/ලගෙ ඇස් වල කඳුලු.

“ඔයා ඒ කිව්වෙ ඇත්තමද?…”

“මහත්තයා ඔක්කොටම කලින් මාව විශ්වාස කරන්න පුරුදු වෙලා ඉන්න.මං මහත්තයට කවදාවත් බොරුවක් කරලා නැහැ. මහත්තයගෙ හිතේ මං ගැන විශ්වාසයක් ඇති වෙනකල් මාත් එක්ක කතා කරන්න එපා…”

සාවි එහෙම කියලා කාමරේට යන්න හැරුනා.ඒත් ප්‍රසන්න ඇයට යන්න නොදී අල්ල ගත්තා.

“මට ඔයාව විශ්වාසයි සාවි.ඒත් මං හීනෙකින්වත් හිතුවෙ නැහැ නැන්දයි තාන්වියි ඔහොම දේකට මෙහෙ ආවෙ කියලා.ඒ කොහොම උනත් ඔයා එයාලට ඔලුව නවන්නැතුව එහෙම කතා කරපු එක නම් ගොඩක් හොඳයි.

මගෙ නෝනා කාටවත් බය නැති කෙනෙක් කියලා එයාලා දැන ගන්න ඕනි.ඔහොම ඉන්නකො අදම මං මේ ගැන අම්මට කියලා තාන්විට හෙටම ඉන්න තැනක් හොයාගන්න කියනවා.මේ වහලෙ යටට ඇවිත් එයාලට එච්චර දෙයක් කරන්න පුලුවන්ද?ඒත් මං බැලුවා අවුරුදු විසිපහකට පස්සෙ එකපාරටම ඇයි එයාලට අපිව මතක් උනේ කියලා.

බිස්නස් කඩන් වැටිලා හැම පැත්තෙන්ම බංකොලොත් උනාට පස්සෙ දුවව මගෙ ඇඟේ එල්ලලා දේපල ටිකට විදින්න මහ දෙන්නා ප්ලෑන් කරන්නෙ.ඔයා බය නැතුව ඉන්න සාවි.එයාලගෙ බලාපොරොත්තු කවදාවත් ඉශ්ඨ වෙන්නෑ…”

ප්‍රසන්න මහත්තයා ඒ කියපු ටිකෙන් නම් මට දැනුනෙ පුදුම හයියක්.මොන දේ උනත් ඔහු මගෙ තාන්විගෙ පැත්ත නොගෙන මගෙ පැත්ත ගත්තු එක මට ලොකු ශක්තියක් උනා.

“ඉස්සෙලා අම්මට මේ ගැන කියලා තේරුම් කරලා දීලා ඉම්මු මහත්තයා.ඊට පස්සෙ තාන්විට කියන්න ඉක්මනටම බෝඩිමක් හොයාගන්න කියලා…”

“හ්ම්ම්.ඔයාගෙ කතාව හරි සාවි.අම්මා ගොඩක් දුක් වෙයි හැබැයි අවුරුදු විසිපහකට පස්සෙ එයාගෙ එකම සහෝදරයා එයාව බලන්න ආවෙ හිතේ යටි අරමුණක් තියාගෙන කියලා දැන ගත්තම. මහ පුදුම මිනිස්සු…”

“අම්මා දුක් වෙයි නම් අපි මේක අම්මට නොකියා ඉම්මු මහත්තයා.මට අම්මගෙ සතුට හැම දේකටම වැඩියෙන් වටිනවා මහත්තයා…”

“නෑ සාවි.අම්මා උනත් දැන ගන්න ඕනි මාමග්‍ර් හැටි.තමන්ගෙ උ/න් මයි තමන්ට වල කපන්නෙ.බලාගෙන ගියාම පිට මිනිස්සු හොඳයි.මු/න් මහ අවස්ථාවාදියොනෙ…”

පුරුද්දක් වශයෙන් හැමදාම රෑට අපි කෑම කන්න කලින් අම්මට කෑම දෙනවා.ඊට පස්සෙ තමයි අපි මේසෙට ඇවිත් කෑම කන්නෙ.අම්මව හැම තිස්සෙම පල්ලෙහාට එක්කන් එන්න අමාරු නිසා අම්මා කාමරේ ඉඳන්ම කෑම කනවා.

වෙනදා වගේ මං අම්මට කෑම එකන් අරන් යද්දි අම්මා හිටියෙ නිදාගෙන.හැබැයි අම්මා දවල්ට නිදා ගත්තත් රෑට මෙච්චර කලින් නිදාගන්නෑ.

මං අම්මගෙ ඇඟට අත තියලා සෙලෙව්වත් අම්මා කතා කරේ නැහැ.තද නින්දකයි අම්මා හිටියෙ.මට බයත් හිතුනා අම්මා නැගිටපු නැති එකට.

“මහත්තයා,,,,මහත්තයා අනේ ඉක්මනට එන්නකො අම්මා කතා කරන්නෑ…”

මං පඩිපෙළ ගාවට ගිහින් ප්‍රසන්න මහත්තයට හයියෙන් කතා කරා.ගෙදර ඔක්කොම දුවගෙන ආවා කාමරේට.

“අම්මා නැගිටින්නෑ මහත්තයා.අනේ මට බයයි.චුට්ටක් බලන්නකො…”

ප්‍රසන්න මහත්තයා වතුර ටිකක් අරගෙන අම්මගෙ මූණට ඉහලා බැලුවා.මද වෙලාවකින් අම්මා කෙඳිරි ගගා නිදිමතේ වගේ ඇස් ඇරලා බැලුවා.ඊට පස්සෙ ප්‍රසන්න මහත්තයා අම්මගෙ ලෙඩ පරීක්ෂා කරලා බලලා පුදුමෙන් වගේ මගෙ දිහා බැලුවා.

“සාවි ඔයාද කෑම පෙර අම්මට බොන්න තියන බෙහෙත් ටික දුන්නෙ?…”

“ඔ,,,ඔව් මහත්තයා…”

“අම්මට බෙහෙත් විස වීමක් වෙලා තියෙන්නෙ.නියමිත මාත්‍රාවට වඩා බෙහෙත් පෙවිලා තියනවා.මේ බෙහෙත් වල සැර යන්න මං මේ ලියලා දෙන බේත ඉක්මනටම ෆාමසියෙන් ගෙනත් දෙන්න තංගම්මෙ. මෙතන හංදියෙ ෆාමසිය රෑ දහය වෙනකල් ඇරලා තියනවා…”

දෙවියනේ එහෙම දෙයක් උනේ කොහොමද?මං අම්මට හරියට බෙහෙත් ටික තෝරලා දුන්නනෙ.වැඩියෙන් බෙහෙත් පෙවෙන්න කොහෙත්ම විදියක් නෑ.

තංගම්මා බෙහෙත් තුන්ඩුවත් අරන් ඉක්මනින් පල්ලෙහාට ගියා.

“අනේ මහත්තයා…මං අම්මට වැඩියෙන් බෙහෙත් දුන්නෑ,,,,අහ්….

ඒ කම්මුල් පාරට මාව විසික් වෙලා ගිහින් ඔලුව දඩාස් ගාලා බිත්තියෙ වැදුනා.ඒ සැනින්ම වටපිටාවම කළුවර වෙලා මගෙ දෑස් පියවුනා.

🌹වැඩිමල් නුඹේ හදවතේ ලැගුම් ගත් ලාබාල බිරිඳයි මෙමා🌹

මතු සම්බන්දයි