Home Novels මන්දස්මි මන්දස්මි – 22 කොටස

මන්දස්මි – 22 කොටස

0
7

❤️❤️විසිදෙවන දිගහැරුම ———————

ඉන්දුමතීගේ බල කිරිල්ලටම නෙහා ගෙදර ගෙනවිත් සතියක් ඉක්මවන්නට පෙරම දෙව්මින් මන්දස්මි හා විවාහ වූයේ කැමැත්තකින් නොවේ. සීමිත පිරිසක් පමණක් සහභාගි වූ ලියාපදිංචි විවාහය අවසන් වී හෝටලයට පැමිණි ඔහු බලාගෙන හුන්නේ ඈත පෙනෙන පේරාදෙණි අහස දෙසය. කලාතුරකින් පායන හන්තාන සඳ පළුව ඒ අහස කොණක් හැඩ කර කරමින් පායා තිබිණි.

“දේව් අයිය.. ඔයා මා එක්ක ඉන්නෙ තරහින් කියල මම දන්නවා… ඒත් මගේ හිතේ ඔයා ගැන කිසිම තරහක් නෑ..”

“මූ/සලි.. මගේ ජීවිතේ කාලකණ්ණි කරල දැම්ම උ/ඹ.. හිතන්න එපා මගෙන් සමාවක් ඇති කියල.. අම්මගෙ හිත හදන්න ඔනෑකමට උ/ඹව බැන්ද මිසක මගෙ ගෑණි විදිහට කවදාවත් පිළිගන්නෑ මම.. පල/යන් අහකට…”

ඔහු ඇයගේ ළයෙන් අල්ලා තල්ලු කලේ බිත්තියක හැප්පෙන්නටය. සත්තකින්ම ඈ ඒ ඇස්වල ඇදුන වේදනාව මිශ්‍ර කෝපාන්විත බැල්මට බිය වුණාය. ඕ අහිංසකව බලාගෙන හුන්නේ ඔහුගේ පළල් මුහුණ දෙසය. කෝපය පිට කරන්නටදෝ මිටට මෙළවුණ නහර ඉලිප්පුමු බාහු යුග්මය දෙයස.

“අනේ… මම වරදක් කළේ නෑ.. අම්මා පව්.. එයා කියපු නිසයි මම කැමති වුණේ.. මොනා නැතත් මට ඉන්නෙ එච්චරයි දේව් අයිය.. මට ඉන්නෙ එච්චරයි ..”

“අහකට වෙලා හිට/පන්.. මම හැමදේම දෙන්නෙ මගෙ කෙල්ලට විතරයි ඒකි මළත් මේ දේව්ගෙ හිතේ ඉන්නේ ඒ අහිංසකී මිසක උ/ඹ නෙවෙයි.. උ/ඹට බෑ මේ හිත අස්සට රිංගන්න කොහොමත්ම..”

ඇයගේ මුහුණට සමීප වී ගිගිරූ දෙව්මින් ඈව බිම ඉන්දවෙන්නට තල්ලු කර කාමරයේ දොර මහඬින් වසාගෙන පිටවී ගියේ කෙල්ල හඬමින්ම ටයිල් පොළොවේ වැතිරෙද්දීය.

“අම්මා.. ඔයා මට පුංචි කාලෙ කියපු දේව් වෙනුවෙන් මම බලාගෙන ඉදිය.. ඔයාට බැරිද සුරංගනාවියක් වගේ ඇවිල්ලා දේව් අයියට කියන්න මේ අවුරුදු විසිදෙකක ජීවිතේ භාගෙකටත් වැඩියෙන් මම එයා වෙනුවෙන් මැරි මැරී බලාගෙන හිටිය කියල.. ඇත්තටම එයාගෙ අයි.ඩී එක එදා අමතක නොවෙන්නයි තිබුණේ…”

ඕ තමාටම කොඳුරාගනිමින් ජනේල කවුලුවෙන් පිටත පායා කාමරයේ අඳුර මැකූ සඳ දෙස බලාගෙන හුන්නාය. හදවත අභ්‍යන්තරයේ ඉපැදි අප්‍රකාශිත පෙමක නටඹුන් තව තවත් රිද්දකින් පපු කුහර අස්සට කිදා බහිද්දී ඈ දරාගන්නට උත්සහ කළේ පුදුමාකාර හයියක් හිතේ දරාගෙනය. ඔහු මුණ ගැහුණේ නැතිනම් දෛවය මෙතරම් ඈට සිනාසෙන්නේ නැති බව මන්දිට විශ්වාසය. මේ තරම් ඉවසන්නට රිදෙන්නට තැන් මිනිස් ජීවිතය තුළ තවත් ශේෂ නොවී ඒකාන්තයෙන්ම වේදනා රහිත මරණයක් ඈ එවළේ පැතුවාය.

“අද රෑ.. ඊළඟ තත්පරේ මොන වගේ වෙයිද කියල දන්නෙ දෙවියොම තමයි.. සමහර විට මම හෙට පාන්දරක් දකීද දන්නෑ… මට කවදාවත් නැතුව බය හිතෙනව.. හිතන්නවත් මොනවත් හිතේ නෑ වගේ.. මම හිස් වෙලා ගිහිල්ලා..”

මන්දස්මි තමාටම මුමුණමින් නැගිට ගොස් ඈදිවත පිටින්ම නානකාමරයේ වතුර මලින් වෑස්සෙන සීතලම දිය සීරාව මොලොක් වත දිගේ රූරා බිම හැලෙන්නට ඉඩ හැර කඳුළකුදු නූපන් දෑස් පියන් තද කොට වසා ගත්තාය. කට කට ගා ගැහෙන දෙතොල් තද කරගත් ඕ යන්තම් උණුසුම් වූ සුසුමක් පා කළේ අවිනිශ්චිත පැතුමක් මුහුවුණ අනාගතයක් ඇගේ ඇස් මානයේ ඇදී බොඳ වී යද්දීමය.


“මම පරාදයි… ශිට්.. ඒ/කි දිනුව.. මම පැරදුන.. මේව මෙහෙම නෙවේ වෙන්න තිබුනෙ..”

දත් කූරු සපමින් හිස කෙස් අතින් ඇදගනිමින් නෙහා කාමරය දෙදරන්නට ගිරිය යටින් කෑමොර දුන්නාය. ඒ හඬ ඇසී දිව ආ ස්වේතා ඇයගේ කාමරයේ වැසූ දොරට තට්ටු කළේ කලබලයෙන් හා වේදනාවෙනි.

“දුව.. ප්ලීස්.. දොර අරින්න.. “

“අම්මා මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න..”

“දොර ඇරල ඉන්න.. මම දන්නව මේක ඔයාට දරාගන්න අමාරු බව.. අපි මේක කතා කරල ටිකක් හරි විසදගන්න බලමු…”

“ඌ ඒ/කිව බැන්දම තව මොනව බලන්නද අම්මා.. මට කියන්නෙ මැරෙන්න පණ අදින මට අර ගෑණිව මරල එන්න කියලද.. බලන් යද්දි ඌත් එක්තරා විදියට කපටි මිනිහෙක්.. අර නාකි ගෑ/ණි කිව්ව පළියට මේවයින් අයින් වෙන්න බෑ…”

“ප්ලීස් දුව.. අපි මේක නිවාඩුවෙ හිතමු.. අනික ඔයාට තව හොඳ නෑ…”

“අම්ම කරුණාකරල මෙතනින් යනවද තවත් බොරු නොකියා.. මම පණ අදින මළකඳක් විතරයි.. අදද හෙටද මගෙ අවසාන දවස කියල කාටවත් කියන්න බෑ.. අම්ම දැන් ඔය බොරු කියන එක නවත්තන්න.. මොකද මාව මේ ප්‍රශ්නෙට ඇදල දැම්මෙ අම්මා.. අම්මත් මෙව්වට වග කියන්න ඕනි..”

“දුව නෙහා… කට වහගන්න.. තව වචනයක්වත් කියවන්න එපා ඒ ගැන…”

“අම්මා ප්ලෑන් කරපුව හරි ගියෙ නෑනෙ අන්තිමට.. ඒ තරහද අම්මට දැන් තියෙන්නෙ… කරුණාකරල මෙතනින් යන්න මට මගෙ පාඩුවෙ ඉන්න දීලා..”

කාමරය තුළ එහා මෙහා වේගයෙන් ඇවිදමින් නෙහා ගිරිය යටින් හඬ තැලුවාය. නාසයෙන් එක දිගට වෑස්සෙන ලේ බිතිදි නොකඩවාම එක දිගට සුදු පැහැ ටයිල් කැට මතට පතිත විණි. ඉන් කීපයක්ම ඇඳ රෙද්ද මතද පැල්ලම් ඇති කළේ අනවසරෙන් බැව් නෙහා දැන හුන්නාය. ඕ නාසය සීරූවේ ඉහිලුම් නොදෙන හිස රුදාවටය. ඇඳ මතත් ටයිල් පොළොවේත් ඉහිරී ගිය ලේ බිදිති ගොන්න දෙස බලාගෙන ඕ වියරුවෙන් හිනැහුණාය.

“දේව්… උ/ඹ මාව රැවැට්ටුවා. මම මැරෙනව කියල දැනගෙනම බොරු පොරොන්දු දීලා වෙනස් උනා.. ඒක කරේ මන්දස්මි.. අන්තිමට ඒ/කි දින්නා.. දේව් ඒ දැලේ වැටුණා.. අර නාකි ගෑණිත් මේ ප්ලෑන්වල කොටසක්.. දේව් උ/ඹ බොරුවට මම මැරෙනව කියල දැන දැන බදිමු කියල මන්දස්මි කියන මූස/ලී බැන්ද… මම යහතින් ඉන්න දෙන්නෑ… මන්දස්මියි උ/ඹයි මගෙ අත්දෙකෙන් මරල දාන්න ඕනි…”

ඈ ගිගුරමින් හිස පැලී යන තුරුම බිත්තියේ හිස හප්පා ගත්තේ උමතුවෙනි. කාමරයේ කන්නාඩි මේසය මත තිබුන දෑත්, අල්මාරි තුළ වූ රෙදිත් ඕ සීසීකඩ යන්නට කාමරය පුරා විසිරුවා ඒවා මතම හිඳගෙන මහ හඬින් රතු පැහැ දෑස් පිය සලමින් හිනැහුණාය.

“මං පැරදුනා.. මන්දස්මි අන්තිමට උ/ඹ දින්නා.. හැමකටම හේතුව මගෙ කාලකණ්ණි ලෙඩේ… “

ළයට පහර දීගනිමින් ඕ හිස ඔසවා සිවිලිම දෙස බැලුවේ උමතු සිනාවක් මුව පුරා ඇදෙද්දීය.


කොල්ලා එනතුරු කාමරයේ බිත්ති හතර අස්සේ මන්දස්මි මග බැලුවේ හත පසුවෙද්දීය. දහය හමාර කුඩා ඔරලෝසුවේ නාද වූයේ දැනට මිනින්තු දහයකට පෙරය. බැල්කනිය කොනක වූ පැද්දෙන පුටුවේ ඉදගත් ඕ දෑත් ළයට පොරවා ගත්තේ සීතලයත් හිත පුරා පැතිරී ගිය බියටය. ලා අඳුර රජ කරන කාමරයේ රෝස මල් ඇතිරූ යහන් ගැබ ඈට පෙනුනේ තවත් එක්තරා දංගෙඩියක් වාගේ මිසක සුරපුරයක් ලෙස නොවේ. තුනී නයිට් ගවුම කාගෙන පිට පුරා දහඩිය බිඳිති නැගී ගියේ ඒ රැයේ සීතල ගැනවත් තඹයක මායිමක් නොකරමිනි.

“දේව් අයිය කොහෙද.. අනේ මට මෙතනින් පැනල දුවන්න තියෙනම් හොඳයි.. කොහෙද කාමරේ ලොක් කරල.. මට පුලුවන් උනානම් මේ හැමකින්ම පැනල දුවන්න ඇත්තටම මේ වෙද්දි සෑහෙන දුරක් ගිහිල්ලා..”

ඕ බැල්කනියේ තිරය ඇද ජනේලය වැසුවේ සුසුමක් හෙලා ගනිමිනි. ඒ එක්කම වාගේ කාමරයේ දොරේ අගුල හැරෙනු ඇසුණ කෙල්ල බියෙන් ඇළලී ගියාය. දෝතින් මුණ වසාගෙන කාමරයේ මුල්ලක ගුලි වෙන්නට ගිය ඈ හැරී බැලුවේ දේව්ගෙ ගොරෝසු කටහඬ කන වැකීම හේතුවෙනි.

“දේව් අයිය… “

ඈ ඔහුගේ වත තම සිරුරට වාරු කරගෙන දොර වැසුවේ ආයාසයෙනි. ඒ රතු පැහැ දැස් ඈ වෙත යොමුව තිබෙනු දුටු කෙල්ල සත්තකින්ම ගැස්සුණාය.

“ඔයා බීලා… දේව් අයිය.. ඔයා ඩ්‍රින්ක්ස් අරං…”

ඕ මිමිණුවේ ඇසෙන නෑසෙන ස්වරයෙනි. සිය දහස්වරකට වඩා වේගයෙන් ඒ ගැහැණු ළය ගැහුණේ තිගැස්ම මිශ්‍රිත වූ අසාමාන්‍ය බියකිනි. ඕ වෙව්ලන දෑතින් කොල්ලාගේ මුහුණ අල්ලාගෙන ඒ දෑස් දෙස බැලුවාය.

“ඇයි මේ… ඔයා ඩ්‍රින්ක්ස් අරං.. මම වරදක් කළේ නෑ දැනුවත්ව.. සමහර විට ඔයාගෙ ජීවිතේට ආපු එක වැරැද්දක් වෙන්නැති.. මම ඔයාට ආදරෙයි දේව් අයිය.. නෙහා ඔයාට ආදරේ කළාටත් වැඩියෙන්..”

“නෙහා..”

“හ්ම්…”

ඔහු ඇස් උස්සා සිතුවිල්ලක් රහිත හැඟීමකින් ඇයගේ වෙව්ලන දෙතොල් දෙස බලාගෙන හිදීය. ඔහුට දැනුනේ තම කම්මුල් මත තබාගෙන හිදින ඇයගේ දෑත්වල ඇඟිලිද ඒ තොල් සේම සැලෙන බවකි. ඔහු එහෙම්මම අල්ලාගත්තේ කෙල්ලගේ උරහිසිනි. ඈ කාමරයේ බිත්තියත් කොල්ලාත් අතර සිර වී යන්නට තත්පර කිහිපයක් පමණක් ප්‍රමාණවත් විණ. සඳ පළුව වළාකුලකට මුවා විනි. තිර රෙදිකඩ මෑත් කරමින් ලා සිහිල් සුළඟක් කාමරය ඇතුළට හමා ආයේ මොනවාදෝ නොකී නැවුම් සුවඳක් රැගෙනය.

“අයියෙ.. මොක්ද මේ…”

“නෙහා… “

“අනේ මම නෙහ නෙවේ.. ඔයා සිහියෙන් නෙවේ ඉන්නෙ..”

“හහ්.. මම සිහියෙන් මාව රවට්ටන්න නේද හොර කෙල්ල හදන්නෙ..”

“ප්ලීස්.. දෙව් අයියේ හරියට බලන්න මම නෙහා නෙවේ..”

ඔහුගේ අනුරාගී හුස්ම ඇයගේ ළය සිපගද්දී කෙල්ල
වෙව්ලමින් කෙදිරුවාය. ඈ උත්සාහ කළේ ඔහුගෙන් මිදෙන්නටය. නමුදු ඈ සින්නකර ඔහුට ලියූ අයිතිය මත ඈට ඔහුගෙන් මිදෙන්නට බැරි බව කෙල්ල දනී. නමුදු ඈ දෝතින්ම ඔහුව ඉවතට තල්ලු කළාය.

“දේව් අයිය මම ඔයාගෙ නෙහා නෙවේ.. අයින් වෙන්න..”

ඔහුගේ සිරුරින් මිදී ඈ දිව යන්නට උත්සහ කලේ බැල්කනිය දෙසට මුත් කොල්ලා ඇසුරු සැනෙන් ඈව ඔහුගේ ළයට සිර කර ගත්තේ දැඩි අඬුවක් සේය. ඔහු උන්නේ මත්වූ සිහියකින් මිස පියවි ස්වරූපයෙන් නොවන බව මන්දස්මි දැනහුන්නාය.

“ඔයා මගේ නෙහා.. හප්.. ඕමද ඔයා අද වගේ දවසක හැසිරෙන්නෙ.. ම්ම්..”

කෙල්ලව දෝතින්ම ගෙන සයන මත අතහැරි දේව් තම සර්ටයේ බොත්තම් එකිනෙක ලිහින අන්දම මන්දස්මි බලාගෙන හුන්නේ අවසිහියෙනි. අනික් අතට ඒ ළය වේදනාවෙන් මිරිකේ. පියවි ස්වරූපයකින් ඈට හිමි ඔහුගේ පිළිකුල පමණක් බැව් සිහිවී ඒ ඇස්වලින් කඳුළක් පෙරිණි. ඊළඟ මොහොතේ තම වතට නැඹුරු වූ ඔහුගේ ළය මැද්දට තමා සිරවෙද්දී කෙල්ල බර හුස්මක් පිටකර ඔහුගේ තුරුළට ගුලි වුණේ හදවතේ මෙතුවක් කල් ඔහු කෙරේ උපන් ප්‍රේමය හදවත තුළම හිරවී යද්දී ඇයගේ ආත්මය ඔහුටම විතරක් සින්න වෙන්නට ඉඩ හරිමිණි.


පාන්දර දෙව්මින් අවදි වුණේ හිස බමන්නාක් වාගේ හැඟීමක් උපදිද්දීය. වසා නොදැමූ ජනෙල් කවුලුවේ දුහුල් තිරය අතරින් හිරු කිරණ මුහුණට වෑස්සේ. ඔහු ඇස් පොඩි කර පෙරදා රැය සිහිකරගන්නට වෙර දැරීය. බඩ පෙරලෙන ගතියකින් යුතුව කොල්ලා ඇඳ මත හිඳගත්තේ ගත තලා දැමුවාක් වාගේ දැනෙද්දීය. තැලුණ මල් පෙති ඇඳෙන් පහල සීසී කඩ විසිරී ගොසිනි. ඔහු නුහුරට වාගේ බැලුවේ යහනේ අනෙක් පසය. සුදු පැහැ ඇතිරිල්ලට යටින් පූස් පැටියෙකු වාගේ ගුලි වී මද සිනා ඇති මුහුණින් මන්දස්මි නිදාගෙන හුන්නාය. ඇතිරිල්ල අතරින් පෙනෙන නිරුවත් උරසත් දෙපාත් දුටු කොල්ලාගේ නිදිමත ඇසිල්ලකින් පලා ගියේය. එහෙම්මම නැගිට තුවාය ගත පටලාගත් ඔහු නළලට අත තියාගත්තේ දාඩිය බිදිති ගොන්නක් පෙරෙන්නට ගද්දීය.

“ශිට්… මොන මඟු/ලද වුණේ.. බිව්වා විතරයි මතක.. මේකි මෙතන මෙහෙම නිදි.. මම මොනවද කරේ..”

හේ හිත ගිනි ගනිද්දී නැඹුරු වුණේ ඇය වෙතය. කොල්ලාට සිහි වුණේ සිනා පිරි නමුත් දුක්මුසු නෙහාගේ මුහුණ මිස අන් කිසිවක් නොවේ. ඔහු ඇයගේ උරසින් අල්ලා සෙලවූයේ කෝපයෙන් වාගේය.

“ඕයි… නැගිටිනව.. මම තමුසෙට අඩගහන්නෙ..”

“ම්ම්හ්…”

ඔහුගේ හඬින් සුවබර නින්දක හුන් ඈ පිඹිදුණාය. ඈ දැක්කේ තමා වෙත නැඹුරුව ඉන්නා ඔහුගේ මුහුණය. ඈට සැනෙන් පෙරදා රැය සිතුවමක් වාගේ මැවිණ. ඕ ලැජ්ජාව මුසු මුහුණින් ඇතිරිල්ල දෝතින්ම ළයට සිරකරගෙන බැලුවේ ඔහු වෙතය.

“දේව් අයිය…”

“තමු/සෙ.. මෙච්චර හරියක් වෙනකන් කට වහන් හිටියද…”

“ම්ම්. මං කිව්වා… ඔයා ඔයා.. ඔයා මට නෙහා කිය්ල කිව්වා. මම හැදුවා ඔයාට පහදන්න.. ප්ලිස්.. මම හිතල මොකුත් කරේ නෑ.. අනේ… “

ඕ ඇසෙන නෑසෙන ගානට මුමුණද්දී දේව් අහේතුව ඇස් යැව්වේ ඈත් සයනත් දෙසය. කෝපයෙන්ම ඇයගේ බාහුවෙන් අල්ලාගෙන නැගිට්ටවාලූ ඔහු ඇයගේ මුහුණට එඹුණේ පෙරටත් වඩා රෞද්‍ර වේශයකිනි. ඊලඟ නිමේෂයේ ඔහුගේ දකුණත නැවතුනේ ඇයගේ කොපුලකය.

“උ/ඹ… මම හිතුව හරි.. උ/ඹ නාඩගම් නටල නටල අම්ම රවට්ටගත්ත.. ඊයෙ රෑ මාවත් රවට්ටගත්ත..”

“අනේ නෑ.. අයියෝ.. නෑ…දේව් අයිය අනේ නෑ…”

“කොයි ඒනම් ඔප්පු කර/පන්..”

“අනෙ මම දන්නෑ.. අනේ මම කා එක්කවත් නාඩගම් නටල නෑ.. මම බලාගෙන හිටියෙ ඔයා වෙනුවෙන් විතරයි…”

“හහ්… උ/ඹ ගැන මගෙ එකී මට කියපුව හරි.. උ/ඹ හරි ගෑණියක් උනානම් මට මොකක් හරි කරන්න තිබුණා.. දැන් බලන් යද්දි ඔක්කොම ඇත්ත… වටේ උන් එක්ක නටල නටල මගෙ කරේ එල්ලුණා අම්මත් දැලේ දාගෙන.. හිටපන් උ/ඹ නැති කරන්නෙ මෙහෙම නෙවේ.. “

ඇයගේ ගෙලින් අල්ලාගත් දේව් ඈව තද කරගත්තේ බිත්තියටය. ඕ ඇතිරිල්ල ළයට තද කරගෙන පොර බැදුවේ ඔහුගෙන් නිදහස් වෙන්නටය. දරාගත නුහුණ ආත්මානුකම්පාවක් දැනුනද ඈ හුන්නේ අඬාගන්නටත් බැරි තරම් කම්පනයකිනි. ඔහු වෙනුවෙන් බලාගෙන හුන් ඔහු වෙනුවෙන්ම ආත්මය කැප කළ ඈ තමා නිර්දෝශී බැව් කියන්නට තොල් මැතුරුවාය.

“අනේ කාටවත් කියන්න එපා.. අනේ මම නරක කෙනෙක් නෙවේ.. ඒක මම දන්නව…”

“උ/ඹට මේවද මම් දෙන දඬුවම් බලාගනින්.. මහ පාරට ඇදලා දාල මිසක මම නවතින්නෑ.. හෙටම ඩිවොස් එක දීලා උ/ඹව එළවන හැටි බලපන්.. කාලකණ්ණි මූ;සලියක්…”

ඔහු ඈව තල්ලු කළේ බැල්කනිය ආසන්නටය. ඕ ඉන් පහළට නොවැටුණේ ගණකම් තිර රෙදිකඩ නිසාවෙනි. එහෙම්මම තිර රෙදිකඩ මුළ ගුලිවුණු ඈ ඉකිබිදින්නට ගත්තේ මේ මොහොතේ මියෙන්නට තරම් වේදනාවක් ළය තුළ ඉපැදෙද්දීය. දත්කුරූ හපමින් තමා වෙතට ඇවිද විත් මේසය මත වූ මල් පෝච්චිය අතට ගද්දී කෙල්ල ඇස් තද කොට වසා ගත්තාය.

“ට්‍රීංං………”

ඈසිල්ලකින් නාදවුණ දුරකතන ස්ක්‍රීනයේ ස්වේතාගේ අංකය දුටු දේව් මල් පෝච්චිය පසක තබා දුරකථනය කන තබාගත්තේ නොසන්සුන් බවකිනි. එහා පසින් ඇසෙන ස්වේතාගේ ඇඬුම්බර වූ හඬත් විලාප හඬත් ඔහු ඇදින්නේ සැනයකිනි.

“අම්මා.. මොකද උනේ…”

“අනේ පුතා.. මගෙ කෙල්ල…”

“ඇයි අම්මා මගෙ මැණිකට ඇයි…”

ඔහු ආවේගයෙන් ම අත මිටමොළවා ගත්තේය. ළය හයියෙන් ගැහේ. ඔහු දුරකතනය මිරිකා අල්ලාගත්තේ බිම වැටේදෝ බියටය. කාමරේ මුල්ලේ හුන් මන්දස්මි කදුලු පිරි නෙතින් තමා දෙස බලාහිදිනු ඔහු දිටීය. ඒ ඇස්වල ඔහු දැක්කේ අව්‍යාජ බැල්මක් මුත් ඔහු එය නොසලකා ඉවත බලාගත්තේය.

“අම්මා දෙවියන්ගෙ නාමෙට කියන මගෙ කෙල්ල කෝ… “

“පුතා.. නෙහා බෙල්ලෙ වැල දාගෙන…”

“මොකක්.. දෙයියනේ මගෙ කෙල්ල.. බොරුවක්ද අම්මා මේ..”

“නෑ දෙයියනේ සිවිලින් ෆෑන් එකේ සාරියක් දාල මගෙ කෙල්ල මැරිලා ගිහින් …”

කොල්ලා අතින් අතහැරුණ දුරකතනය බිම වැටී කැබලිවලට බිදී යද්දී ඔහු ඉබේම ඇඳ මත හින්ද වුණේ මෙතුවක් කල් ඔහු මුහුණ නුදුන් කම්පනයකිම් හිස බමන්නාක් වාගේ හැඟී යද්දීය. ඇස් කෙවෙනි බොඳ කරමින් ඒ නෙතින් වැටුණ කඳුළ සුදු ටයිල් මත ඉහිරී ගියේ මන්දස්මිගේ ඇස්වලින් වැටුණ කඳුළට අයිතිවාසිකම් කියන්නට වාගේය.

__ ඊළග කොටසින්