ලියානා…
විසි එක…21
ඇත්තටම සර් මෙහෙට ආවෙ මොකටද…?
මට තිබුන ලොකුම ප්‍රශ්නෙ ඒක. මේ හදිස්සි යෙන් මේ යකා මෙහෙන් මතු වුනේ කොහොමද කියන එක.
ත/මු/සෙ/ටත් බන අහලා නිකං ඉන්නම බෑ නේද ජාතකේ හොයන්නෙ නැතු ව…
මූ බලකො යන ගමන් කියන්නං කියලා දැන් දාන ලොකු ලයින් විතරක්. දෙන්න හිතෙනවා මූණකට සම්බෝල වෙලා යන්න.
බෑ නේන්නං දන්න ජාතකයක් උනොත් එහෙම ආයිම මුල ඉදන් බන අහන එක අපරාදෙන සර්
ඇයි යකූ මේක හරි මඟුලක්නෙ.
ත/මු/සෙ/ගෙ කටට ඕවා කොහෙන්ද එන්නෙ ලිය නා..මොනා නැතත් එකක් කීවම දහයක් ඒවා කියන්න නං තියනවා…
එහෙම කියලා මේකා මහා වස නෝන්ඩි හිනා වක් දැම්මා.මේ නං හද න්නෙ ප්‍රශ්නෙ මඟ අරි න්න. අපි අහුවෙයි ඕවට. හිනාවුනාම මට මො කද ම ගෙ ඇගේ ඇලෙනවය.
ඒකත් හැකියාවනෙ සර්..අනිං උ/න්ට පුළුවන්ද එහෙම බෑනෙ…මොනා හරි කීවම එක්කො බය වෙලා බලං ඉදී නැත්තං මූණ බෙරි කරගෙන අඬන්න තියාගනී..සර් ලියානාගෙන් හොය න් නෙත් එහෙම කෙනෙක් ද…?
ඇයි වදේ මේක හරි මඟුලක්නි. කියන කියන හැම එකටම කට පියන් ඉන්න පුළුවන් මොකා ටද.. මට නං බෑ.
නෑ..නෑ..අපෝ නෑ..මම දැන් ඔය කච කචේට හුරුවෙලා ඉන්නෙ.. ලියානා මොනාත් කිය න්නෙ නැතුව ඉන්නවා කියද්දි තමා මට ටිකක් අවුල් යන්නෙ..
ඒ මොකටද යකූ ඒ. එච්චර අවුල් යන්නෙ මං කතා නොකර ඉද්දි. මම හිතු වෙ මේකට මගෙ කච කචේ අහං ඉදලා ඇති වෙලා කියලා.
ඇයි ඒ සර්…?
ඒ කියන්නෙ ලියානා මොනා හරි අවුලක කියන එකනෙ ඒකයි..
මෙයා එච්චරටම මාව කියවල තියනවද ඒ කියන්නෙ. මට තේරෙන්නෙ නෑ අප්පා මොන වද වෙන්න යන්නෙ කියන්නෙ.
ඇත්තටම සර් මොනවද මෙහෙ කලේ…?
වෙන අනං මනං දොඬෝ දොඬෝ ඉදලා මෙයා ප්‍රශ්නෙ මඟ අරින්න හදන හින්දා මම ආයිම ඇහුවා.
අපොයි..ලියානගෙන් බේරෙන්නම බෑනි..මම මේ ළඟ වෙඩින් එකකට ආවා මගෙ යාළුවෙ ක්ගෙ…? ඒ ගමන එයා කීවේ හිනාවෙවි.
එයා එහෙම කීවම මම එයා දිහා පුදුමෙන් බැ ළුවා. ඇයි යකූ පයිව් ස්ටාර් හොටෙල් එකකට පාර්ටි එකකට යන්න වගේ හැමදාම ඔෆිස් එන මනු ස්සයා මේ මේ නෝමල් ටී එකකුයි ඩෙනිම කුයි ස්ලිපර්ස් දෙකකුයි දා ගෙන වෙඩිමකට ආවා කීවම පුදුම නෑද ඉතිං.
ත\මු/සෙ/ත් මහ මොකෙක් ද මන්දා ලියානා…
වෙඩිම තිබුනෙ අද නෙවී ඊයෙ උදේ..
මම අමුතු විඳිහකට එයා දිහා බලන් උන්න නි සාද කොහොද ඒ ගමන මේකා කියනවා. අනේ මන්දා මේකට අනුංගෙ හිත් කියවන්නත් දන්න වද අප්පා.මම මොනවත් හිතුවත් දන්නවා. ඒ විතරක් ය හිතන්න හිතාගෙන ඉන්න ඒවත් දන්නවා. අලේ මල් ලල්ලෑ.
ඊයෙ උදේ තිබුන වෙඩිමක් ඉවර වෙලා මෙයා අද මේ වෙලාව වෙනකනුත් තව මෙහෙ ඉන්න වා කියන්න සිද්ධවුන දේවල් මට හිතා ගන්න පුළුවන්. මෙයත් මහ අමුතුම ජීවියෙක් බලන් යන කොට යන කොට.
අර දවස්වල නං ගෙයින් එලියට බැස්සෙ නෑ. ඔෆිස් ආවත් විනාඩි පහෙන් පහට ගෙදර දුව නවා. ඒ ගමන දැන් මෙයා කේෂි මැඩම්ව තනි යම ගෙදර දාලා රට වටේම රවුන් ගහනවා.
ආ..අර සොමේෂ් ද කවුද කේෂි මැඩම්ගෙ අයිය ද මල්ලි ද ගෙදර ඇතිනෙ. ඒ පිස්සට කේෂි මැඩ ම්ව භාර දීලා මෙයා ඒ ගමන ඇවිද ඇවිද ඉන්න වා.
මොනවද ලියානා ඒ ගමන කල්පනා කරන්නෙ ආ…?මම මොනවත්ම නොකියා හිටපු නිසාද කොහෙද එයා අහනවා.
මම මොනා කල්පනා කරන්න ද සර්..කල්පනා කරන්නෙ මොනවද කියලා තමා කල්පනා කලේ…?
ත/මු/සෙ එක්ක කතා කරන්න මට වෙනම ඉග නගෙන එන්න වෙනවා ලියානා… ඔහොම එක ට එක කියන කෙ/ල්/ලක් දැක්කමයි මම…?
මගෙ දිහා බලලා ඔරෝගෙන එයා කියවගෙන යනවා. මට මොකද ඔහෙ ඕනි එකක් කියපු දෙන්. ඒත් ටිකක් කට පරිස්සංම් කරගෙන ඉ න්න ඕනි කියලා මට හිතුනා. මොකද නැත්තං මෙයා යන ගමන් මාව මේ කොහෙන් හරි මඟ කින් බස්සලා ගියොත් මේ රෑ. මල කෙලියයිනෙ ඉතිං.
මම ඉතිං මොනවත්ම නොකියා කට පියා ගත්තා. ඒත් ඉන්න නෑනි එත කොට අහනවා මොකද ලියානා කතා නැත්තෙ කියලා. මෙයා එක්ක ජීවත් වෙන්න මට වෙනම කෝස් එකක් කරන්න වෙනවා අප්පා.
අපි ඩිනර් අරගෙනම යමු ලියනා…
හොටෙල් එකක් ඉස්සරහ වෙහිකල් එක නතර කරන ගමන් ශෙහාන් සර් කීවා.
ඕනි නෑ ගෙදර ගිහින් කන්නං වගේ පඬි ටෝක් දීලා රෑ එලිවෙ න කං බඩගින්නෙ ඉන්න තරං මොලේ අමාරු වක් මට නැති නිසා.
මම ඔළුව වනලා හා කි ව්වා. එයා වහෙනෙන් බැස්ස නිසා මාත් බැහැ ලා ඒ පිටි පස්සෙන් ගියා.
කෑම ගත්ත හොටෙල් එකෙන් පිට වෙලා අපිට ඒ තරම් දුරක් එන්න වුනේ නෑ. වහිනවා ඉවර යක් නැතුව. පාර පිරිලා ඉතිරිලා යන්න. වැස්ස නිසා කිසි ම දෙයක් පේන්නෙ නෑ. තද මීඳුමකුත් තියනවද මන්දා. මුළු පාරම නිකං වතුර පාරක් වගේ.
ඒ මදිවට පාර මාරම පාළුයි. වහින නිසා වැඩිය වාහනත් නෑ. හිතට නොතේරෙන බයක් දැනු නා. ඇයි කියන්න තේරෙන්නෙ නෑ. මේ වැස්සෙ මේ විඳිහට යන්න තව මොන තරම් වෙලාවක් යයිද දන්නෙ.
පාරෙ කිසිම දෙයක් පේන්නෙ නැති තරං වතුර. ඉතං නුහුරු පාරක මේ වගේ රෑක එහෙම වහි ද්දි ඩ්‍රයිව් කරන්න හරිම අමාරුයි. මම ඩ්‍රයිවර් නෙවීනෙ කියලා මම හිත හදා ගත්තා.
ඒත් හතර අතේ අකුණු ගගහා මෙහෙම මුරු ගසංවරුසාවක් වගේ වහිද්දි හිතට බයක් නො දැනුනාම නෙවි. කොහොමත් මම අකුණු ගහන ව පට්ට ම බයයි. චන්ඩියා උනාට මොකද..?
ගෙදර ඉදිද්දි නං එක්කො අප්පච්චිගෙ නැත්තං අයියගෙ කරේ තමා මේ වගේ වෙලාවට ඉ න් නෙ මං. ඒත් මෙයාට ඕවා කියන්න පුළුව න්ය. මාව නෝන්ඩි කරලම මරයි. කට තිබ්බට බය ගුල්ලියක් කියලා.
අන්ධකාර වටපිටාව එකපාරම එලියකරගෙන විඳුලි එලි විහිදෙද්දි මටත් නොදැනිම මම ඇස්දෙක පියාගෙන කන්දෙක වහගත්තා.
මොකද ලියානා මේ….? මේකට ඕනි නැති ඇටි කෙහෙල් ගෙඩියක් නැති හැටි. ඒකත් දැක ලනෙ ඔය ටිකට.
නිකං… මම ඕනිවට එපාවට වගේ කිව්වා.
කට නං තියනවා එකක් කීවම එකට දාහාක් කියන්න ඒ උනාට…අකුණක් ගහද්දි බයේ මැ/රෙ/න්න හදනවා මෙතන…?
ෂිහ් අප්පා දැන් මේකගෙන් නෝණ්ඩි වෙන එක නතර කරගන්කෙ කොහොම අපෙ හාන්දුව නේ.
මං බය නෑ…
මම අමාරුවෙන් කීවා. ඒත් එක්කම අකුණක් පුපුරලා ගියාම මාව හොඳ ටම ගැස්සුනා.
බය නෑ කියලා පේනවා හොඳටම..කියන්න ඕනි නෑ…
අර නෝණ්ඩි හිනාවෙන්ම මේකා කියෝගෙන යනවා. ඇයි අප්පා මටම මේම මේම ඒවා වෙන්නෙ.
එහෙනං මොනාද අහන්නෙ…?
මට නං කට පියාගෙන ඉන්න බෑ දෙයියනේ. අකුණු ගහලා ම/ලත්.
නෑ..මම මොනවත් අහන්නෙ නෑ…ඔහොමම ඇස් කං පියාගෙන යනවකො එහෙනං… අනේ දෙයියනේ මෙහෙම නෝන්ඩි වෙනවට වඩා හොඳයි වාහනෙන් බැහැලා පයින් යනවා.
ඈ ලියානා පිස්සු ද උ/ඹ/ට. අකුනු වදින්නෙ නෑ කියලා හන්රඩ් පසන්ට් සුවර් තැනක ඉද්දිත් මෙච්චර බය නං. මේ වැස්සෙ අච්චර අකුණු ගහද්දි පාරට බැහැලා පයින් යන්න සහලෝලා පිස්සු තිබුනත් බෑ.
මේ වැස්ස නං නවතින පාටක් නෑ අප්පා. වැස්සත් කමක් නෑ මෙහෙම අකුණු ගහන්නෙ නැතුව. ඒ අතරෙ මට හිතුනා. ඒත් එක්කම ශෙහාන් සර් එකපාරම වාහනේ නතර කලා.
ඇයි සර්…? මම ඇහුවෙ මොනවත් හිතාගන්න බැරුව.
මොකක් හරි අවුලක් ලියනා…? එයා කීවේ අඬමානෙට.
ඒ කියන්නෙ සර්…?
ඒ කියන්නෙ ඉන්ග්ලිස් ඇල්ෆර්බඩ් එකේ ෆස්ට් ලෙටර් එක…දැන්වත් කට පියන් ඉන්නවා ලියා නා…මොකද වෙලා තියෙන්නෙ බලන කං…
ඒ ගමන නං ශෙහාන්කාරයට නහුතෙටම මල පැනලද කොහෙද කෑ ගැහුවා.මටත් ඉතිං ඕනි නැති මලදානයක් නෑනි. හැම මඟුලටම හොට දාන්න යනවා. ඔහෙ ඕනි දෙයක් කරගනිං කියලා මම කට පියාගෙන හිටියා. නිකං බැනුං අහන්නෙ මොකටද…?
ටික වෙලාවකින් එයා අර වැස්සෙම වාහනෙන් බිමට බැස්සා. මට මොකද ඔහෙ ඕනි දෙයක්. මම නං මලාට මේ වැස්සෙ වාහනෙන් බහි න්නෙ නෑ මෙච්චර අකුණු ගහද්දි. වාහනේ වටේ එහෙ මෙහෙ කැරකිලා ආපහු වාහනේට එඹුනා.
ලියානා ඉක්මනට බහිනවා….
එයා එකපාරම එහෙම කියද්දි මාව ගැස්සුනා. මුට පිස්සු ද අප්පා මේ වැ ස්සෙ අකුණු ගහද්දි මෙහෙම වාහනේන බහින්න කියන්න.
මම මෙහෙම ඉන්නම් සර්…. ඇත්තටම වාහ නෙන් බහින්න මම බයයි.
මේ ලියානා..මගෙන් ගුටි නොකා..සැරයක් කීවම වාහනෙන් බහිනවා.. ඕයි.. වාහනෙත් එක්ක පෙරලිලා මැ/රෙ/න්/න/ද ඕනි ත/මු%සෙට…
ඈ ඒ කියන්නෙ මොනා වෙලාද වාහනේට. ඒත් එයා එහෙම කීවම නං මම තර්ක කරන්නෙ නැතුව ඉක්මනට වාහනෙන් බැස්සා. වහිනවා හෝ ගාලා. ඒ මදිවට අකුණු ගහනවා ඉවරයක් නැතුව. මාව තෙත බරිත වුනා තත්පරෙන්.
හතර වටේම කළුවරයි. ඒ මදිවට වහිනවා අ කුණු ගහනවා. හුලඟ එහෙන් හීතලේ වෙව්ල නවා. මොනාද අප්පා මේ වුනේ. හොටෙල් එකේ හිටිය නං සැපට නිදිනෙ මේ වෙලාවෙ. මදැයි වේලාසන යන්න ආවා.
මොනවද සර් වෙලා තියෙන්නෙ…?
මොනවත්ම නොකියා වාහනේ දිහා බලාගෙන උන්න ශෙහාන් සර්ගෙන් මම ඇහුවෙ මට තාමත් සිද්ධවුන දෙයක් හිතා ගන්න බැරුව.
ඇයි වෙලා තියන දේ දැනගෙන ත\මු/සෙ ඒක හරි ගස්සන්නද අහන්නෙ..?
ඈ යකූ මේකගෙ ලොකු ලයින් බලකො ඒ ගමන. ඒ කියන්නෙ සිද්ධ වෙලා තියන දේ මම දැන ගන්න ඕනි නෑද.. මේක හරි මඟුලක්නෙ අප්පා.
දැන් ඉතිං කොච්චර ඇහුවත් මේකගෙන් වුන දෙයක් නං අහන්න වෙ න්නෙ නැති හින්දා. මං කට පියන් හිටියා. ඒත් වදේ කොච්චරවත් මෙහෙ ම වැස්සෙ තෙමෙන්න පුළුවන් මොකා ටද. ශීතලට දතුත් එක්ක හිරි වැ ටිලා. ඉන්න බෑ වෙව්ලනවා. මෙහෙම ගියොත් නං මං හීත ලට ගල් ගැහ නෙවා.
මේකට ගානක්වත් නෑනෙ අප්පා. රොබෝ කෙනෙක් ද මන්දා. ගානක්වත් නැතුව වැස්සෙ තෙමී තෙමී ඉන්න ලස්සන. ෂිහ් අප්පා ඇයි මටම මේම මේම වෙන්නෙ. මං පව්වෙ ඉතිං.
ඇත්තමයි ඒ වැහි හීතලට මාව වෙව්ලනවා. මම අත් දෙකෙන් උරහිස් පොරවගත්තා. හොඳ වෙලාවට මම ඩෙනිමකුයි. ලෝන් සීලීව් ටී එක කුයි ඇදගෙන හිටියෙ. ඒත් මෙහෙම තෙමිලා ඉද්දි වෙවිලිල්ල නතර කරන්න බෑනි.
ලියානා ඇයි…?
මම අමාරුවෙන් ඉන්නවා දැක්ක නිසාද කොහෙද එයා ඇහුවා.
සිතලයිනෙ…. මම කීවෙ කෙඳිරිලි හඬකින්.
මෙතන එලි වෙන කං මේ වැස්සෙ තෙමි තෙමි ඉන්න නං බෑ…එන්නකො අපි ටිකක් ඉස්සර හට ගිහින් බලමු… ළඟක නං ගෙයක්වත් නෑ වගේ..
එයා කීවෙ වටපිට බලබල. අනේ මන්දා මට තේරෙන්නෙ නෑ. මම එයා පිටිපස්සෙන් ගියා. ඒත් අඩියක් තියලා අඩියක් ගන්න බෑ මාව වෙව්ලනවා හොඳටම.
ඉක්මන් කරන්න ලියානා….
ඉක්මන් තියා හෙමින්වත් යන්න බැරි තරම් මාව වෙව්ලනවා.
ඇයි ලියානා….මම අමාරුවෙන් අඩි තිය තිය එන නිසාද කොහෙද එයා ඇහුවා.
සීතලයිනේ… මාව වෙව්ලනවා….
මම කියවගෙන ගියෙ වෙව්ල වෙව්ල. මම එ හෙම කීවම එයා ආපහු හැරිලා මගෙ ළඟට ආවා. ඇවිත් මගේ බඳ වටේ අත දාලා මාව තුරු ළු කරගත්තෙ මට මොනාවත් හිතන්වත් ඉඩක් නොදී. ඇත්තමයි දැන්නං මාව වෙව්ල න්නෙ හීතලට නෙවී.
හමුවෙමු.
මේක මගෙ අනිත් කතාවලට වඩා අභව්‍ය ෆැ න්ටසියක් වෙන්න ඇති. ඒත් මම හැමවෙ ලා වෙම මේ කතාව ඇතුලෙ තාත්වික වෙන්න උත්සහ කර නවා.
ඒ කියන්නෙ මේ වෙලාවෙ මෙතන මම හිටින නං මොනවද කර න්නෙ කියන එක හැම වෙලාවකම මගෙ ඔළුවෙ තියනවා. මම ලියන්නෙ ඒ සිතිවිලි වලින්