Home Novels ස්වප්න සේයා ස්වප්න සේයා – 3 කොටස

ස්වප්න සේයා – 3 කොටස

0
10

·
ඔන්න ගොඩාක් අය කියලා තිබ්බේ විකේශ් කියලනේ.. බලන්නකෝ එහෙනම් ඒ කව්ද කියලා 😊😊

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

ස්වප්න සේයා 🎨🎨🎨

තෙවන සේයාවට…. 🖌️🖌️🖌️

භුමි ඉක්මනට හැරිලා බලද්දි දැක්කේ තමන් දිහා බලාගෙන ඉන්න…. තම මවගේ සහෝදරයා… එහෙමත් නැත්නම් විකේශ් ගේ අප්පච්චි ….

මීට වසර විසි හයකට පෙරාතුව වළව්වේ බණ්ඩාර නිළමේ එහෙමත් නැත්නම් ජගත්ගේ හා සුජානිගේ පියා .. එකපාරටම හාට් ඇටැක් එකක් ඇවිත් මෙලොව හැරයාමත් සමග.. වලව්වේ හැමදේම පාලනය කරන්න ගන්නේ.. ජගත් මැණික්බණ්ඩාර … සුජානිත් තම පවුල සමග ඇමරිකාවට යන්නේ.. භූමි ඉපදෙන්නත් කලින්මය… ඉන් පසු වසරකට පසු ඔහුගේ බිරිද … එනම් විකේශ්ගේ මැණියන් වන මේනකා මෙලොව හැර යන්නේ… විකේශ්ගේ බිහිවීමෙන් පසු ලැබුනු බෙහෙතක් වැරදීමෙනි… ඒ නිසාම අන්තිමට මේ වළව්වේ වසර ගානක් විශ්වාසවන්ත සේවිකාවක් වූ කරුණාවතී , ගුණපාල.. යන අයගෙනුත් සහය ඇතිව ජගත් තම කුලුදුල් බිළිදාව හදන්නේ … වෙන විවාහයක් ගැන නොසිතාමයි…

“සමාවෙන්න දුව… ඔයා එද්දි හිටියේ නැති උනාට…
මට පොඩි වැඩකට හොටෙල් එකකට යන්න උනා… ” පිටිපස්ස බලපු භුමිට ජගත් කියද්දි.. කෙල්ලත් හිනාවෙලා ඉදිරියට ඇවිත් තම මාමට වැදලා ….

“ආහ් කමක් නෑ මාමේ…

විකේශ් මට කීවා… ” කියද්දි… කෙල්ලගේ හිස අතගාපු ජගත්.. කණ ළග තියන කෙල්ලගේ කුඩා කිරිබත් හැඩයක් වගේ ඇති උපන්ලපය දිහා බලලා…

“මේ ටැටූ එකක්ද දුව…
මේ වගේ ඒවත් තියනවද…

අර අපේ පුතණ්ඩියත් ටැටූ ගාන්න ඕනේ කියලා ඒ කාලේ ලොකු සෙල්ලමක් නැටුවා..
දැන්නම් මම එපා කියනවා කියලා දන්න නිසාම ඔය කටවහන් ඉන්නේ… ” කියලා හිනාවෙලා කියද්දි… කෙල්ලට හිනාගියේ ජගත් ඒක කීව ස්වරෙට…

“අනේ නෑ මාමේ…
මේ උපන්ලපයක් කියන්නේ…
මම ඉපදෙද්දිම මේක තිබුනලු… ” කෙල්ල උපන්ලපය අල්ලලා කියද්දි… ජගත් වෙන කිසිත් නොකියා හිස වනලා…

“එන්න දුව දවල්ට කන්න…
අද හොදටම පරක්කුවෙලා …

මේ දවස් ටිකේම මෙහෙට වැස්ස …

දැනුත් වහින්නද මන්දා යන්නේ ….

එන්න උණුවෙන්ම බත් කටක් කමු… ” කියන ගමන් කෑම කාමරයට යද්දී … කෙල්ලත් ඒ පස්සෙන්ම ගියේ ලොකූ බඩගින්නක් දැනුන නිසායි…

ඔවුන් යද්දි කෑම මේසේ ඉදන් හිටය විකේශ්…

“ආහ්..මම ඔයාලා එනකම් හිටියේ…

ඒත් භූමි ඔයාට මේ කෑම නම් හරියයිද මන්දා… ” කියලා මදක් සැකෙන් වගේ කෑම පෙන්නලා කියද්දි… කෙල්ල ව්‍යංජන දිහා බලලා… කිරට හැදූ තලපත්, පොළොස් මාළුව, බෝංචි ව්‍යංජනයත්, අගුණ කොළ මැල්ලුම, පපඩම් සහිත දවල් කැම වේල දැකලා…

“අපෝ මේවා ඇයි මට හරියන් නැත්තේ…
දැන් පිටරට කියලා නෑ ..

මෙහේ තියන හැමදෙයක්ම එහෙත් තියනවා..
අපේ අම්මා අපිට කටදන්න කන්න පුරුදු කරලා තියෙන්නෙ… ” කියද්දි.. ජගත් හිස සලලා..

“ඔව් ඔව්… පුතේ..
ඔයාගේ නැන්දට හොදට කටට රසට උයන්න පුලුවන් හරියට ඔයාලගේ ආච්චිට වගේම… ” කියලා කිව්වේය…

කෑම කාලා කාමරයට ආපු භූමි පොඩි නින්දක් දාන්න හිතුවේ… ෆලයිට් එකේ ඇවිත් මග ගමන් මහන්සිය එක්ක ඇග රිදෙන ගතියක් දැනුනු නිසයි….

නිල්ම නිල් පාට වතුරෙන් පිරී ඇති විශාල වැවක්… ගොඩ බිමට යාබදව… ඕලු නෙලුම් මානෙල් වලින් වැසී ඇත් ඒ පෙදෙස සැබවින්ම මනස්කාන්තයි… භූමි මලක් නෙලා ගන්නට ආසාවෙන් ඒ දෙසට අඩියක් තියද්දිම ඇසුනේ… කරත්ත රෝද සමූහයක හඩක්… ඒ නිසාම වැවට බහින්නට සිතූ අදහස අතහැර දමා ඇය පිටු පස බලද්දී දැක්කේ… කලාතුරකින් දකින්නට ලැබෙන ජාතියේ දසුනක්…ගැල් දාහක්… ගුරුපාර දිගේ දුහුවිලි අවුස්සගෙන මෙදෙසට පැමිණෙනවා…..

“මෙයාලා මෙච්චර ගැල්වල මොනාද දන්නෙ නෑ ගේන්නේ… ” භුමී කුතුහලයෙන් ගැල් දෙසට ගොස් ඒ වසා තිබු විශාල පන් වට්ටිය ඇරියා පමණයි….

“පුංචි හාමූ… පුංචි හාමු… “

නිදා උන් භූමි … ගැස්සිලා වගේ ඇහැරුනේ දොරට ගහන සද්දෙට…

“ඔහ් ශිට්… හැමදාම මේ හීන මාව කොහේ හරි අතරමන් කරවලා ඇහැරෙනවා…

ශිට් ඒ වට්ටි වල මොනා තිබ්බද මන්දා… ” භූමි කොණ්ඩෙත් ඇද ඇද තමන්ටම කියාගෙන… එහෙමම දොර ඇරලා බැලුවේ… එළියේ ඉදන් කතා කරන්නේ තරුණියක් කියලා තේරුන නිසයි … ඇයට හිතුනා වගේම පිටත රැදී හිටියේ… නිල් පාට චීත්ත ගවුමක් හැදගත් ..දිගු කොණ්ඩය තනි කරලට ගොතාගත්… ගොඩාක් ලස්සන නොවුනත් අහිංසක ගැමිපාට වැහෙන පෙනුමක් ඇති ඇයගේ වයසෙම වාගේ තරුණියක් ….

“ඔ… යා කව්ද… ” භූමි ඇය දෙස විමසිල්ලෙන් බලා අසද්දි… ඇය යටහත් පහත්ව හිනාවෙලා…

“ම..මම… මගේ අම්මා තමයි කරුණාවතී …

පුංචි හාමුට එන්න කීවා කන්න..

දැන් හොදටම රෑ වෙලානේ… ” ඇය කියද්දි… භූමි බැලුවේ බිත්ති ඔරලෝසුව දිහා… සැබෑවමයි… දැන් වෙලාව රෑ අටත් පහුවෙලා … ඒ තරම් වෙලාවක් ඇයට නින්ද ගිහිල්ලා…

“ආ..හ් හරි මම ටිකකින් එන්නම්… ” එහෙම කියපු භූමි අඩියට දෙකට බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දාලා කෑම කාමරයට ගියේ රෑට කන්න…

ලංකාවට ඇවිත් දවස් තුනක් ගියත්… ඒ දවස් තුනම වළව්වටම වෙලා භූමි හිටියේ … එළියට යන්න බැරි තරම් වැස්ස නිසා…

ඒත් අද දවස් තුනකට පස්සේ වැස්ස පායලා… අහසේ කලු වළාකුළු අතරින් හිරු රශ්මිය පොළොවට පතිත වෙද්දී… භූමි ආශාවෙන්… මුලුතැන්ගෙට ගියේ… කරුණාවතීව හොයාගෙන…

“නැන්දේ… මලී නැද්ද… ” එළියට යන්න ආශා හිතුනත් මේ ගම ගැන කිසිත් නොදන්න නිසා… කරුණාවතීගේ දුව මලීගේ සහය පතන්න හිතාගෙන අහද්දී ….

“අනේ … අද ඉරිදනේ දුවේ…

අපේ දූ දහම් පාසලේ උගන්වනවානේ ..

ඒත් තව ටිහිකින් නම් ඇරෙනවා.. ” කරුණාවතී කනගාටුවෙන් කියද්දි… භූමි මොහොතක් කල්පනා කරලා…

“එහෙනම් පන්සල කොහෙද තියෙන්නේ කියනවද…

මම එතනට යන්නම්.. ” කියද්දී කලබල වෙච්ච කරුණාවතී …

“එපා එපා.. තනියෙන් යන්න හාමුලා මට බනී… ” කියද්දි කෙල්ල හිනාවෙලා…

“හරි හරි මම අවසර ගන්නම්කෝ…” කියලා කාමරයට ගියේ පන්සලටත් යන හින්දා ලාපැහැති ඇදුමක් දාගන්න…

බටර් පැහැති දණහිස ළගට වන්නට දිග ගව්මක් ඇදගෙන කොණ්ඩෙත් පෝනි ටේල් එකක් දාගෙන … කරුණාවතී ගෙන් පාරත් අහගෙන … ජගත්ට කෝල් කරලා දන්වලා… භූමි හිමින් සැරේ වෙලත් පහු කරන් ගියේ පන්සලට යන්න හිතාගෙන…

වෙල දිගේ යද්දී… ඈත කන්ද උඩ පිහිටලා තිබ්බ පන්සලේ චෛත්‍යය නිල් අහස සිප ගන්නවා සේ පෙනෙද්දී… කෙල්ල වෙලත් දාගැබත් යන වැකිය හිතේ තියාගෙනම…. වෙලත් චෛත්‍යයත් එකට අහු කරලා ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තේ… කොහේ ගියත් ලස්සන දසුන් හැම එකක්ම කැමරාවේ ගබඩා කරගන්න එක… භූමිගේ කවදත් පුරුද්දක් නිසා …

ඊළග කොටසින්