🌾9 කොටස🌾

දේවින්ද ඇස් ඉවතට ගන්නෙ නැතුව ගිම්සා දිහා බලං හිටියා..හැමෝම දෙන්නට සුභ පැතුවා..ඩාන්ස් එක ලස්සනයි කියලා..

ඇයි ඔහොම බලං ඉන්නෙ..

ගිම්සා ඇහුවෙ කට්ටිය ටිකක් එහා මෙහා වෙද්දි

ලස්සන බැලුවෙ..ඔයා ලස්සනට ඩාන්ස් කලා ගිම්සා..අම්මෝ..මට පිස්සු වගේ කෙල්ලෙ..

පිස්සු තමා ඔයාට …නැත්නම් අනුන්ගෙ මනමාලියක් එක්කගෙන ඇවිත් නාඩගම් නටයිද

අද රෑ නම් නාඩගමක් නටන්නමයි හිතෙන්නෙ..

දේවින්ද ගිම්සාගෙ කනට කරලා කිව්ව කතාවට කේලල රතු වුණා..

ඔහොම ජම්බු ගෙඩිය වගේ රතු වෙනකොට මං කොහොමද බලං ඉන්නෙ හලෝ..බදාගෙන ඉඹින්නමයි හිතෙන්නෙ..

පිස්සුද ඔයාට කියවිල්ල නතර කරලා අර යාළුවො ළඟට යන්න..මට පාඩුවේ ඉන්න දීලා.

දේවින්ද අමුතු ඇක්ෂන් එක්ක දාලා ගිම්සා ළඟින් ඉවත් වෙලා යාළුවො ළගට ගියා..

පාන්දර එක වෙද්දි පාටි එක ඉවර කලා…අලුත් ජෝඩුව පිටත් වුණේ ගෙදරට එන්න..ගිම්සාට පුදුමයි..දේවින්දගෙ කිසිම නෑදෑයෙක් පාර්ටි එකට ඇවිත් හිටියෙ නෑ..ඔක්කොම යාළුවො..යාළුවන්ගෙ පවුල්..

ගිම්සා ෂීට් එකට ඔලුව හේත්තු කරගත්තෙ ඇත්තටම මහන්සි නිසා..යාන්තම් නින්දක් යාගෙන එද්දි දේවින්ද බ්රේක් කලේ ගිම්සා ගැස්සිලා ඇහැරෙද්දි..

දේව් ඇයි.

ඒත් දේවින්ද ඉස්සරහ බලාගෙන හිටියා..ඒ ඇස් දෙකේ ආයෙත් වියරු පෙනුම…

ගිම්සා ඉස්සරහට හැරුනා..

දෙවියනේ සහේන්…

කාර් එක ඉස්සරහ නවත්වලා තිබුනු ප්රාඩෝ එක ඉස්සරහ හිටගෙන හිටියෙ සහේන්…වීදි ලාම්පු එලිය වගේම කාර් වල එලියෙන් සහේන් ඉන්නෙ යක්ෂ කේන්තියකින් කියලා කෙල්ලට පෙනුනා..

ඒත් අවුරුදු ගානක් ආදරේ කරපු සහේන්ව දකිද්දි ගිම්සාට ඔක්කොම අමතක උනා.කෙල්ල කාර් එකෙන් බැහැලා සහේන් ලගට දුවගෙන ගියා..

සහේන්..

දේවින්දත් එතෙන්න ආවෙ අඩියට දෙකට…

ගිම්සා උඹ..

සහේන් එයාගෙ දකුණු අත ඔසවලා ගිම්සාට කම්මුල් පාරක් ගහන්න යද්දිම දේවින්ද ඒ අත අල්ලගත්තා..

ගිම්සා දේවින්ද දිහා බැලුවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුව..

සහේන්..මේ මගෙ වයිෆ්..මගෙ වයිෆ්ට පිට මිනිහෙක්ගෙ අත තියා බැල්මක් වත් වදින්න මං ඉඩ දෙන් නෑ..

මට උඹත් එක්ක කතාවක් නෑ දේව්…මට ඕනෙ ගිම්සා එක්ක කතා කරන්න..

දේවින්ද අත පහලට දැම්මා..

උඹට මොනවද මගෙ වයිෆ් එක්ක කතා කරන්න තියෙන්නෙ…

සහේන් ගිම්සා දිහාට හැරුනා.සහේන්ගෙ ඈස් රතුවෙලා..

සහේන්..ඔයා මට අත උස්සන්නෙ කොහොමද …ඔයා ඔහොම වෙනස් උනේ කොහොමද ..

ගිම්සා ඇහුවෙ ගලන කදුලු වලට ඉඩ දීලා..

ගිම්සා.මට අහන්න තියෙන්නෙ එකම එක දෙයයි..ඇයි මට එහෙම කලේ ගිම්සා..ඇයි..මගෙ ආදරේට එහෙම කලේ ඇයි…මං කවදාවත් ඔයාට වරදක් කරලා තියෙනවද..ඇයි ඒ..ඇයි..

ගිම්සා ඉකිගහනවා..

අනේ සහේන්..

තවත් රගපාන්නෙ ඇයි ගිම්සා…ඇයි..

නෑ සහේන් නෑ..

ගිම්සා කියන ඒවා එකක් වත් සහේන් තේරුම් ගත්තෙ නෑ..

සහේන්..දැන් හොදට ම ඇති..අපි ගෙදර යන්න ඕනෙ..උඹ අයින් වෙලා ඉඩ දෙනවද නැද්ද ..

ඇයි නොදුන්නොත් උඹ මොනවා කරන්නද..

සහේන් දේවින්ද ගෙන් ඇහුවෙ තීරණාත්මකව ..

මං මොනවා කරන්නද…හ්හ…මං තවම මොකුත් කරන්න ගත්තෙ නෑ සහේන් ..උඹ බලං හිටපන්…ඒ ඇස් වලින් වැටුනු කදුලක් ගානෙ උඹත් අඩයි…මතක් කරපං නෙහාරා…උඹ ඉස්සරහ වැද වැටුනු හැටි…ආදරේ ඉල්ලලා හිගමන් යැදපු හැටි…ඒත් උඹ…

දේවින්දගෙ ආවේගෙ සුලුපටු එකක් නෙවෙයි…කොල්ලා සහෙන්ගෙ කොලර් එකෙන් ඇදලා මූනට ලං කර ගත්තා..

හැම දේම හෙමින් හෙමින් සිද්ද වෙයි..උඹෙ ආදරේ උදුර ගත්තා වගේ උඹෙ හැමදේම මං උදුර ගන්නවා…පුලුවන්නම් මාව නවත්වනවා …ගිම්සා නගිනවා කාර් එකට…

දේවින්ද කියද්දි ගිම්සා ගල් වෙලා බලං හිටියෙ ඒ කියපුවයින් යමක් තේරුම් ගන්න උත්සහ කර කර..නෙහාරා..කවුද නෙහාරා..නෙහාරා නිසාද මේ ප්රශ්නෙ…නෙහාරා සහේන්ට ආදරේ කලාද..මොකද්ද මේ වෙන්නෙ..

ගිම්සා.උඹට මං ආයෙ කියන්නෙ නෑ නැගපන් කාර් එකට..

දේවින්ද ගිගිරුවේ අහසත් හෙල්ලෙන ගානට..ඒ සද්දෙ ට ඇත්තටම සහේනුත් ගැස්සුනා..ගිම්සා අඩියට දෙකට කාර් එකට නැග්ගා.

දේවින්ද සහේන්ව තල්ලු කරලා කාර් එකට ඇවිත් ස්ටාර්ට් කලා…

හිතේ වේගෙටම වේගෙන් යන කාර් එකේ ඉදගෙන ගිම්සා මේ ප්රෙහෙලිකාව විසදන්න උත්සහ කලා..එදා දේවින්ද කිව්වෙ අපි අපේම උනු දවසක ඔක්කොම කියනවා කියල..ඒත් එහෙම වෙයිද…අනේ මට බෑ..මට තේරෙන් නෑ..මං කොහොමද ඇත්ත හොයා ගන්නෙ…
කාර් එක මෙච්චර ස්පීඩ් යන්නෙ ඇයි..ගිම්සා කට ඇරියෙ බැරිම තැන

අනේ දේව්..හෙමිහිට යමුකො.ප්ලීස්..මට බය හිතෙනවා..

ඒත් දේවින්ද සද්ද නෑ.

ස්පීඩ් එක අඩු කරන්නෙත් නෑ..මහ පාරට රෑ වෙලා තියෙන නිසා හොදයි..

අනේ දේව් ප්ලීස්..ඔයාම නේද එදා මට කිව්වෙ මැරෙන එක ලේසි නෑ කියලා..දැන් ඔයා මේ කරන්න හදන්නෙ මොකද්ද ..

ගිම්සාගෙ ඒ වචන ටිකට කොල්ලා නැමුනා…ස්පීඩ් එක අඩු කලා..

හ්ම්…

අම්මෝ ඇති යන්තම්.ගිම්සා සැනසුම් සුසුමක් හෙලුවා..

දේවින්ද කාර් එක නැවැත්තුවේ අලුත්ම ගෙදරක් ඉස්සරහ …ගේට් එක රිමෝට් එකෙන් ඇරපු දේවින්ද කාර් එක ගරාජ් එකේ දාලා ගිම්සා එක්ක ගේ ඇතුලට ආවා….ලයිට්ස් ඔන් කලා..හරිම හුරුබුහුටි දෙමහල් නිවසක්..
.
ගිම්සා.මේ මගේ ගෙදර ..ඔයා කැමතිද.

.දැන් නම් දේවින්ද ගෙ තරහ නිවිලා…

ගිම්සා ආසාවෙන් වටපිට බලද්දි දේවින්ද ඇහැවා..

ඔව්…ගේ හරිම ලස්සනයි….

ගිම්සා ගේ පුරාවටම ඇවිදිනවා

ඔව් ඔයා තරම් නෑ කෙල්ලෙ..

දේවින්ද බ්ලේසර් එක ගලවලා ෂර්ට් එකත් ගලවලා සෙටිය උඩට දාලා ගිම්සා ලගට ආවා..
පිටිස්සෙන් ඇවිත් ගිම්සාව තුරුලු කරගත්ත දේවින්ද ..හෙමීට ගිම්සාගෙ ගෙල සිපගත්තා.
..
ගිම්සා..

කොල්ලගෙ සුසුම් හඩ ගිම්සාට බර වැඩියි…
කොල්ලා නවත්වන්නෙම නෑ…ටිකකින් ගිම්සාව තමන් දිහාට හරවගෙන….
ඒ ඇස් වලට එබුනා..

මට ආදරේ කරන්න බැරිද ඔයාට…

දේවින්දට මෙච්චර හොදින් කතා කරන්න පුලුවන් කියලා ගිම්සා දනගෙන හිටියෙ නෑ.. දේවින්ද තවත් ලං වෙද්දි ගිම්සා ඒ ඇස් වල ආකර්ශනේට නතු වෙලා ඇස් පියා ගත්තා..හෙමිට ගිම්සාගෙ දෙතොල් සිපගත්ත දේවින්ද ඒ සුදු මූනම සිප ගත්තෙ උමතුවෙන් වගේ..

ගිම්සා ඒ ආකර්ශනේට නතුවෙලා හිටියෙ දෙලොවක අතරමං වෙලා…

ගිම්සා…දවසක මගෙම කර ගන්නම්..ඔයා මට ඇත්තටම ආදරේ කරපු දවසක.එතකල් පුලුවන් තරම් මගෙන් ඈත්වෙලා ඉන්න..ප්ලීස්..

දේවින්ද ගිම්සාව අත ඇරලා මේ කියන කතාව ගිම්සාට තේරුම් ගන්න බෑ..ඈත්වෙලා ඉන්නලු..ඒ උනාට එයාමනෙ මාව ලං කර ගන්නෙ.

හා..එහෙනම් මාව වෙන කොහෙ හරි ගිහින් දාන්න…

බෑ..

එහෙනම් කොහොමද ඈත් වෙන්නෙ

.මං දන් නෑ ගිම්සා.මට පිස්සු වගේ..මට ඔයාට ලං වෙන්න ඕනෙ ..ඒ වගේම ඈත් වෙන්නත් ඕනෙ..

ඔයාට පිස්සු දේව්..පිස්සු..

හ්හ්හාඅ..දේවින්ද ගිම්සාව අතැරලා සෙටියට බර උනා

ආයෙත් ඒ වියරු හිනාව..ගිම්සාව වසග කරවන…

ඔව් ගිම්සා.මට පිස්සු..පිස්සු තමා. මෙච්චර ලස්සන කෙල්ලෙක්ව ලග තියාගෙන පාඩුවේ ඉන්න දේවට පිස්සු තමා…

දේවින්ද කොන්ඩෙ අතින් හද හද කිව්වා..

දේව් කව්ද නෙහාරා කියන්නෙ..

දේවින්ද එක පාරටම ගිම්සා දිහාට දැඩි බැල්මක් හෙලුවා..

තමුන්ට අදාල දේවල් විතරක් අහනවා ගිම්සා.මං කිව්වනෙ..ඔයා මගේ වෙච්චි දවසක ඔක්කොම කියන්නම්..අද උනත් ..ඔයා කැමති නම්..

ගිම්සා හයියෙන් හුස්ම ගන්නවා ..දේවින්ද ට පේනවා.කෙල්ල හොදටම කලබල වෙලා කියලා..

මගෙ රූම් එක කොහෙද ..

ගිම්සා ඇහැවෙ මෙතනින් මාරු වෙන්න බලා ගෙන..

අර තියෙන්නෙ…තනියම නිදන්න බය නම් එනව මගෙ රූම් එකට..උඩ තට්ටුවේ තියෙන්නෙ..

මොකක්.. එතකොට මං පහල තනියමද ඉන්න ඕනෙ..

ඔව්..මට නම් ප්රශ්නයක් නෑ කවුරු මගෙ රූම් එකේ හිටියත්..

දේවින්ද පඩිපෙල නැගලා උඩට යන හැටි ගිම්සා බලං හිටියෙ රවාගෙන..

🌹🌹🌹🌹
ඊලග කොටසට

💗අන්සතු මනාලිය💗