Home Novels අමුතු කසාදේ අමුතු කසාදේ – 11 කොටස

අමුතු කසාදේ – 11 කොටස

0
23

11 Episode (බෝනස් කොටස)

අමුතු කසාදේ

“පුතා අද පරක්කුයි නේද දුවේ?…”

“ඔව් අම්මෙ.හයත් පහු උනා.තාම නෑනෙ. කෝල් ගත්තා ෆෝන් එකත් ඕෆ්.තාන්විත් ආවෙ නැහැ…”

“තාන්වි දූගෙ ෆෝන් එකට කෝල් එකක් අරන් බලන්නකො දුව…”

“මං තාන්විගෙ ෆෝන් නම්බර් එක දන්නෑනෙ අම්මෙ…”

වෙනදා පහ පහයි දහය වෙද්දි ගෙදර එන ප්‍රසන්න මහත්තයා අද හයහමාර වෙද්දිත් ගෙදර ආවෙ නැහැ.ඒ මදිවට තාන්විත් ආවෙ නැහැ.ඒ නිසා මගෙ හිතේ ප්‍රශ්ණ කොටියක් විතර පිරිලා.උදේ ඉඳන් හිතට කිසිම නිදහසක් නැහැ.

තාන්විත් බලාගෙන ඉන්නෙ ප්‍රසන්න මහත්තයගෙ කරේ එල්ලෙන්නනෙ.ව/ල් බැ$$ මගෙ මිනිහත් එක්ක ජෝඩු දාලා කාරෙකේ කොහේ ගියාද දන්නෑ.කොහේ ගියත් කොයි වෙලේ හරි ගෙදර එන්න එපායැ.ආපු දෙන්කො උ/න් දෙන්නා ගෙදර.මං ප්‍රසන්න මහත්තයා එක්ක බලාගන්නම් දෙකෙන් එකක්.

හතහමාර වෙද්දිත් දෙන්නම ආපු නැති හින්දා මං අම්මට කෑම එක ගෙනිහින් දීලා බෙහෙත් ටිකත් තෝරලා දීලා බැල්කනියට ආවා.

හිතට කිසිම නිදහස් සැනසීමක් නැහැ.මට ආදරෙයි කියලා නොකිව්වත් මෙච්චර කාලයක් මං ප්‍රසන්න මහත්තයා එක්ක මේ වහලෙ යට කොයි තරම් සතුටින් හිටියද?දවසින් දවස අපේ හිත් ලං උනා.එයා මාව සතුටින් තියන්න හැම තප්පරේකම උත්සහ කරා.

මගෙ ඒ සතුට සැනසීම නැති උනේ තාන්වි මේ ගෙදරට ආපු මුල්ම දවසෙයි.දැන් ගෙවෙන හැම තප්පරේකම මං ඉන්නෙ දුකෙන්. තමන්ගෙ මිනිහා තව ගෑ/ණි/යෙක් එක්ක එකට ගමන් බිමන් යද්දි මං කොහොමද ඇස් කන් නැති එ/කියක් වගේ බලන් ඉන්නෙ?

“ප්ලීස් තාන්වි මේ අන්තිම පාර හොඳේ.මීට පස්සෙ ඔයාට ශොපින් කරන්න ඕනි නම් වෙන කාත් එක්ක හරි යන්න.මට නම් එන්න බැහැ…”

තාන්විගෙ බල කිරිල්ලට හවස වැඩ ඕෆ් වෙලා ප්‍රසන්නට ඇයත් සමඟ ෂොපින් යන්න උනා.නගරයේ ප්‍රසිද්ධ ඇඳුම් සාප්පු කිහිපයකටම ගිහින් තාන්වි රෙදි තෝරලා ඉවර වෙද්දි රෑ අටයි තිහත් පහු උනා.

“අනේ ඇයි ප්‍රසන්න අයියා එහෙම කියන්නෙ?මං කොහොමද මේ නොදන්න පළාතක තනියෙන් ෂොපින් කරන්නෙ?අනික මේ රෑ වෙලානෙ…”

තාන්වි බොරුවට නහයෙන් අඬන්න ගත්තා. ප්‍රසන්න සමඟ කාලය ගත කරන්න ඕනි නිසා ඇය හිතා මතාමයි ඇඳුම් තෝරද්දි පරක්කු කරේ.ඒකෙන් සාවිගෙ හිත රිද්දන්න පුලුවන් නිසාත් ඔවුන් දෙදෙනා අතරෙ ප්‍රශ්නයක් ඇති කරන්න පුලුවන් නිසාත් තාන්වි වඩාත්ම සතුටු උනා.

“රෑ වෙලා නම් ඔයාට පුලුවන්නෙ තාන්වි ඉරිදා යාළුවෙක් එක්ක ගිහින් හරි ෂොපින් කරන්න.බලන්න දැන් නවයටත් කිට්ටුයි.මං ඔයත් එක්ක මෙච්චර වෙලා ෂොපින් කර කර හිටියෙ කියලා දැන ගත්තම සාවි මොනවා නොහිතයිද?මට බැහැ ඔයා නිසා සාවිත් එක්ක රණ්ඩු වෙලා අපේ පව්ල් ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්න.ඒ නිසා ප්ලීස් මං කියන දේ තේරුම් ගන්න…”

ප්‍රසන්න පැහැදිලි කරලා දුන්නා.ඒත් තාන්වි ඒවා ගනන් ගත්තෙ නැහැ.

“අයියෝ ප්‍රසන්න අයියා ඔයත් මාර මනුස්සයෙක්නෙ.ඇයි ඔයා තමන්ගෙ වයිෆ්ට ඔච්චර බය?ලැජ්ජ නැද්ද එයාට ඔහොම ඔලුව නවන්න?…”

තාන්වි හිතුවෙ තමා කියන දෙයින් ප්‍රසන්නගෙ හිතේ සාවි ගැන කේන්තියක් ඇති කරන්න.

ඒකට ප්‍රසන්න හිනා උනා.

“ඇයි අයියා හිනා වෙන්නෙ?මං කිව්වෙ බොරු නෙවෙයිනෙ…”

“පව්ල් ජීවිතේ ගැන ඔයා මොනවද දන්නෙ තාන්වි.මිනිහෙක් තමන්ගෙ ගෑ/ණි කියන දේ අහනවා කියන්නෙ ඒක ඒ ගෑ/ණිට ඔලුව නැමිල්ලක් නෙවෙයි.දෙන්නට දෙන්නා කියන දේ අහගෙන එකිනෙකාව තේරුම් ගත්තම පව්ල් ජීවිතේට එන ප්‍රශ්න අඩුයි…”

“සාවිට සැක කරන්න තරම් දෙයක් අපි දෙන්නා අතරෙ උනේ නෑනෙ අයියෙ…”

තාන්වි කියන්නෙ තරහෙන්.සාවිට රිද්දන තරමට තමාට ප්‍රසන්නව ලං කරගන්න ලේසියි කියලා ඇය හිතුවා.

“ඒක දන්නෙ අපි දෙන්නා විතරයිනෙ තාන්වි. ඒ කොහොම උනත් මං කැමති නෑ කවුරුවත් හින්දා මගෙ පව්ල් ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්න…”

“මං ඔයාගෙ මාමගෙ දුව අයියෙ.සාවි මේ ඊයෙ පෙරේදානෙ ඔයාගෙ වයිෆ් උනේ…”

“මගෙ මාමගෙ දුවද…”

ප්‍රසන්න සමච්ච්ලේට වගේ හිනා වෙද්දි තාන්විගෙ මුහුණ එකපාරටම අඳුරු උනා.

“ඇයි අයියා ඔහොම හිනා වෙන්නෙ?…”

“හිනා යන්නැද්ද තාන්වි ඔයා කියන දේවල් වලට.අවුරුදු විසිපහකට පස්සෙයි ඔයාගෙ තාත්තට අපේ අම්මව මතක් උනේ.එච්චර කාලෙකට එයා තමන්ගෙ එකම නංගි උන්නද ම/ළා/දවත් කියලා හොයලා බැලුවද?මගෙ අප්පච්චි මැ/රු/නා කියලාවත් මාමා දන්නෑ.මං ඔයාව මුලින්ම දැක්කෙත් එදායි. මොනවා මතක් වෙලාද දන්නෑ.අවුරුදු ගානකට පස්සෙ ආපු නෑදෑයින්ට වඩා මට මගෙ සාවිව වටිනවා තාන්වි…”

තාන්වි කන්න වගේ ප්‍රසන්න දිහා බැලුවා. තමාව බාල්දු කරලා ප්‍රසන්න සාවි ගැන උසස් විදියට කතා කරද්දි තාන්විගෙ හිතේ තාන්වි ගැන තියන කේන්තිය තවත් වැඩි උනා.

හිතේ ඇති ඒ හි/ඟ/න්නිව ලොකු කරගෙන මාව අහකට දාන්න.මං කොහොම හරි ඒ/කි/ගෙ තැන ගන්නවා.අවුරුදු ගානකට පස්සෙ මගෙ ඩැඩීට එයාගෙ නංගිව මතක් උනේ නිකන් නෙවෙයි ප්‍රසන්න අයියෙ.

“අයැම් සොරි ප්‍රසන්න අයියෙ.ඔයාගෙ හිත රිදුනා නම්…”

“ඉට්ස් ඕකේ තාන්වි.නවයහමාරත් උනා.ඔයා ගිහින් වොශ් එකක් දාගෙන නිදාගන්න.ගුඩ් නයිට්…”

“ගුඩ් නයිට් අයියා…”

තාන්වි බෑග් ටික අරන් කාමරේට යද්දි සාවි උඩු මහලෙ ඉඳන් තරහෙන් පුපුර පුපුර බලාගෙනයි හිටියෙ.තරහ තරමටම ඇගේ හිතේ තිබූ කේන්තිය තව තවත් වැඩි උනා.

එහෙනම් ප්‍රසන්න මහත්තයා තාන්විත් එක්ක මහ රෑ වෙනකල් සාප්පු ගානෙ ගිහින් ඇඳුම් තෝරලා.ඒකයි දෙන්නා ගෙදර එන්න මෙච්චර පරක්කු උනේ.

මං කාමරේට ඇවිත් ඇඳෙන් ඇල උනා. ටිකකින් ප්‍රසන්න මහත්තයත් ආවා.මං එයාව ගනන් ගත්තෙවත් නැහැ.ඒකෙන් එයා අපහසුතාවයට පත් උනා කියලා මට තේරුනා.

“සාවි…ඔයා නිදි නැද්ද තවම?…”

“නෑ…”

ඔහු මගෙ ළඟට ඇවිත් උරහිසෙන් අත තිබ්බා.මං ඒ අත අරන් අහකට කරේ කේන්තියෙන්.මාව උදේ අඬවලා අ/ර/කි/ත් එක්ක ජෝඩු දාලා කාරෙකේ ගියානෙ.

“තරහද?…”

“තරහ නොවී ඉන්න පුලුවන්ද මහත්තයා කරන දේවල් වලට?…”

“අයැම් සොරි සාවි…”

“සොරි?සමාව ඉල්ලුවා කියලා කරපු වැරදි වහන්න බැහැ මහත්තයා.වෙනදාට පහ වෙද්දි ගෙදර එන මනුස්සයා අද ගෙදර එද්දි වෙලාව නවයයි තිහයි.පැය හතර හමාරක්ම අරයත් එක්ක රව්ම් ගහලා රෝන්දෙ ගිහින්. උදෙත් මාව අඬවලා එයාව කාරෙකේ දාගෙන ජෝඩු දාලා ගියා…”

“මට තේරෙනවා සාවි ඔයාගෙ හිතේ තියන වේදනාව…..

“තේරෙන හින්දද මට මෙහෙම කරන්නෙ?ඔයාට මට වඩා අර කෙ/ල්/ලව ලොකු උනා. දුප්පත් මාව ඔයා කොන් කරා.ඔයාට හොඳ නම් මට කමක් නෑ මහත්තයා…”

සාවි කොට්ටෙත් තුරුල් කරගෙන අඬද්දි ප්‍රසන්න ඇගේ හිස අතගාමින් ළඟින් වාඩි උනා.කෙ/ල්/ලගෙ ඉකි බිඳුම්හඬ ප්‍රසන්නගෙ හිත දැඩි වේදනාවට පත් කරා.

“ඔයා හිතනවා වගේ දෙයක් තාන්වියි මගෙයි අතරෙ නෑ සාවි.ප්ලීස් මාව තේරුම් ගන්න. තාන්විට ඇඳුම් වගයක් ගන්න ඕනි කියලා මට එන්න කිව්වා.බෑ කියන්න බැරි කමටයි මං ගියේ.අනික රෑ වෙලානෙ සාවි.මං එයාට ආයෙ මට ඔහොම දේවල් වලට කතා කරන්න එපා කියලා.ගන්න දෙයක් තනියම ගිහින් ගන්න කිව්වා.ඔයා අඬන්න එපා සාවි. මාව විශ්වාස නැද්ද ඔයාට?…”

කඳුලින් තෙමී ගිය ඇගේ කම්මුලක් උඩින් ප්‍රසන්න තමාගෙ කම්මුල තියාගත්තා. කෙතරම් මුරණ්ඩුකම් දඩබ්බරකම් කරත් ප්‍රසන්නගෙ ආදරේ සෙනෙහස ඉස්සරහ සාවිගෙ දැඩි හිත දියාරු වෙනවා.

“මට ඔයාව,,,,විශ්වාසයි මහත්තයා.ඒත් මට තාන්විව චුට්ටක්වත් විශ්වාස නැහැ,,,,,,මං දෙයක් කිව්වොත්,,,,,මහත්තයා ඒක කරනවද?…”

“කියන්න සාවි.මොකක්ද මං ඔයා වෙනුවෙන් කරන්න ඕනි?…”

“මහත්තයා හෙට ඉඳන් මහත්තයගෙ කාරෙකේ තාන්විව වැඩට එක්කන් යන්න එපා.එයාට වෙන ඕනි විදියකට යන්න කියන්න…”

“හරි මැණික.මං හෙට ඉඳන් තාන්විව මගෙ කාරෙකේ එක්කන් යන්නෑ.දැන්වත් ඔය අඬන එක නවත්තන්න හොඳ ළමයා වගේ…”

ඇස් දෙක පිහදාගෙන සාවි ඇඳෙන් නැගිටලා ප්‍රසන්න දිහා බැලුවා.අඬලා අඬලා කෙ/ල්/ලගෙ මූණ ර/තු වෙලා.ප්‍රසන්න ඇය ගැන මහත් දුකක් ඇති උනා.

“මහත්තයා නානවා නම් නාගෙන එන්න.උදේ ඔෆිස් ගිය පාරනෙ ඔය.බඩගිනිත් ඇතිනෙ. මං තංගම්මට කියන්නම් කෑම ලෑස්ති කරන්න කියලා…”

“මං වොශ් එකක් දාගෙන එන්නම් සාවි.කෑම ලෑස්ති කරන්න එපා.මගින් කාලා ආවෙ…”

ප්‍රසන්න එහෙම කිව්වෙ කමිසෙ බොත්තම් ගලවන ගමන්.සාවිට ඒකටත් කේන්ති ගියා. ඒත් ඇය මොකුත් නොකියා නිහඬව හිටියෙ තමාට ප්‍රසන්නව විශ්වාස නිසයි.

එහෙනම් අ/ර/කිත් එක්ක ජෝඩු දාලා කෑමත් කන්න ඇති.බලමු තව කී කාලයක් එයා මේ ගෙදර ඉඳීද කියලා.

ප්‍රසන්න නාගෙන එද්දිත් සාවි හිටියෙ ඇහැරිලයි.කෙ/ල්/ල කල්පනා කරේම තාන්විව ගෙදරින් පන්නන ක්‍රමයක් ගැනයි. ප්‍රසන්න එකපාරටම කියන්නත් බෑ තාන්විට ගෙදරින් යන්න කියලා.

“මොකෝ මේ ඇහැරිලා නිදිමත නැද්ද?දැන් ඔය හැටි කල්පනා කරන එක නවත්තන්න. නැත්නම් ඔයා ලෙඩෙක් වෙයි…”

“ඒකට කමක් නෑ.දොස්තර මහත්තයා ඉන්නවනෙ මට බෙහෙත් කරන්න…”

//////

“තාන්වි ප්ලීස් මං කියන දේ අහන්න.මට ඔයා නිසා සාවිත් එක්ක රණ්ඩු කරන්න බැහැ. කරුණාකරලා ඔයා අද ඉඳන් තනියම ඔෆිස් යන්න.මට බැහැ ඔයාව එක්කන් යන්න. තරහ වෙන්න එපා…”

“කමක් නෑ ප්‍රසන්න අයියෙ.මං තරහ නැහැ. වෙනදා වගේම මං බස් එකේම ඔෆිස් යන්නම්.ඔයාලා දෙන්නා මං නිසා රණ්ඩු වෙන්න එපා…”

හොඳ හිතක් මවාගෙන තාන්වි එහෙම කියලා යන්න ගියා.නමුත් ඇය වැඩි දුරක් දිගේ නැහැ.ප්‍රසන්නගෙ නිවසට හැරෙන පාර අයිනෙ ඇය නතර වෙලා ප්‍රසන්නගෙ කාරෙක එනකල්ම මග බලාගෙන හිටියා.

හි/ඟ/න කෙ/ල්ල උ/බ හිතාගෙන හිටියෙ මට කාරෙකේ ඔෆිස් යන එක නවත්තලා මං ප්‍රසන්න අයියට ලං වෙන එක නවත්තන්නද?එව්වා කොහෙද මේ තාන්විත් එක්ක.මං කොහොම හරි උ/බේ මිනිහව මගේ කරගන්නවා.

ඈතින් ප්‍රසන්නගෙ කාරෙක එනවා දැකපු තාන්වි පාර මැද්දට ආවා.

“තාන්වි මොකද මෙතෙන්ට වෙලා කරන්නෙ?තවම ඔෆිස් ගියේ නැද්ද?…”

ප්‍රසන්න පුදුමෙන් වගේ ඇහුවා.

“අයියාගෙ කාරෙක එනකල් හිටියෙ.ගෙදර ඉඳන් කාරෙකේ ආවොත්නෙ සාවි දකින්නෙ. මං හැමදාම කලින් ඇවිත් මෙතෙන්ට වෙලා ඉන්නම්.එතකොට සාවි දන්නෑනෙ මං අයියත් එක්ක යන්නෙ කියලා…”

අනවසරයෙන්ම කාරෙකේ දොරත් ඇරගෙන ඉදිරිපස අසුනෙන් වාඩි වෙලා ඇස් කරකවමින් හිනා වෙවී තාන්වි එහෙම කිව්වෙ තමා ලොකු හපන්කමක් කරා කියලා පෙන්නන්න වගෙයි.

“තාන්වි ඒ පාර කියන්නෙ මට සාවිට බොරු කියන්න කියලද?…”

ප්‍රසන්න එහෙම ඇහුවෙ ටිකක් තරහෙන්.

“අයියෝ ඇයි අනේ ඔයා එයාට ඔච්චර බය?පොඩි බොරුවක් කිව්වා කියලා මොකද අනේ වෙන්නෙ?අනික මං අයියගෙ කාරෙකේ ඔෆිස් යන එක ඇයි සාවි ඔච්චර ප්‍රශ්නයක් කරගන්නෙ?…”

“විකාර දොඩවන්න එපා තාන්වි.මට බැහැ සාවිට බොරු කරන්න.ඔයාටත් ආදරේ කරන්න කෙනෙක් ලැබුනු දවසට තේරෙයි විශ්වාසෙ කියන දේ කොච්චර වැදගත්ද කියලා…”

🌹වැඩිමල් නුඹේ හදවතේ ලැගුම් ගත් ලාබාල බිරිඳයි මෙමා🌹

මතු සම්බන්දයි.