ලියානා….
විස්ස…20
ලියානා පවර් පැට් එකෙන් එයාලගෙ ඩිසයි නර් ලට වර්ක් ෂොප් එකක් කරනවා දවස් පහක.. හැබැයි තියෙන්නෙ ටිකක් දුර…ලියානටත් යන් න පුළුවන් නං ලොකු දෙයක්බහුඟක් දේවල් ඉගන ගන්න පුළුවන්….
ශෙහාන් සර් කීවෙ මම වෙන මොකක් හරි වැ ඩකට එයාගෙ රූම් එකට ගිය වෙලාවෙ. මේ පවර් පැට් එකේ උන්ටත් ඩිසයිනර්ලාගෙන් තොර ජීවිත යක් නෑනේ අප්පා. හැම මඟුලටම ඇද ගන්නෙ උන්ව.
ඊට එහා අපේ මේ ශෙහාන්කාරයා මොන මල ඉලව්වක් තිබ්බත් මාව ඒකට යවන්න හදන වා.
මේ දවස්වල අයියත් ගෙදර නැති නිසා අම්මලා මාව එහෙම තනියෙන් දවස් ගානක් ඉන්න දුර තැනකට නං යවන්නෙ නෑ.
ඒත් ඉතිං ඒක මෙයාට කියන්න ගියාම මට රා ජකාරි වගකීම් හැකියා ව ර්ධනය ධනා ත්මක චින්තනය ඵලදායීතාවය වගේ දේවල් ගානකට කො ටස් වශයෙන් නොමිලෙම දේශනමාලවක් අහගන්න ලැබෙනවා ඇරෙන්න වෙන මොනව ත් සිද්ධ වෙන සෙතක් නෑ.
මොකද මෙයා හිතාගෙන ඉන්නෙ ලියානා කිය න්නෙ වෙනස්ම ජීවියෙක් කියලනෙ ගෑණු ලම යෙක් කියලා නෙවී. අපේ ගෙදර අයට විතරනෙ මම තාම පොඩි එකා.
මොකද ලියානා ඒ ගමන කිසිම සද්දයක් නැ ත් තෙ
.. මම මොනවත්ම නොකියා ඉන්න නිසාද කො හෙ ද ඒ ගමන එයා අහනවා.
මොනවද කියන්නෙ කියලා තමා මම මේ තාම හිතන්නෙ සර්..මම අමාරුවෙන් කීවා.
ඇයි ලියානා…මොකක් හරි අවුලක්ද..?
ඔව් සර්…අයියත් ගෙදර නැති දවස් වල මාව දවස් ගනන් පිට නවතින්න නං ගෙදරින් යව න්නෙ නෑ සර්… මම ඇත්තම කීවා.
මේක එහෙම බය වෙන්න දෙයක් නෙවී ලියානා
හැම පැසිලිටි එකක්ම එක්ක පූර්ණ ආරක්ෂාව තියනවා..ඔයා ගර්ල් කෙනෙක් කියලා කිසි දේ කට බය වෙන්න එපා..තව ගෑණු ළමයි ඉන්න වා එතන…
අනික බැරි වෙලාවත් කම්පර්ටිෂන් එක වින් කලොත් ලියානට කොහො මත් කාලයක් ඉන් න වෙන්නෙ ගෙදරින් නෙවී රටෙනුත් පිටවෙලා තනියම තමා..
එයා කියවගෙන යනවා ඒකත් ඇත්තනේනනං. එතකොට කවුරුත් එන වය මට තනි රකින්න.
කවද්ද සර් එක් තියෙන්නෙ..? ඒ ගමන මම ඇහුවා.
තැනයි දිනෙයි..කියයි මම ලියානට කලින් කී වේ ලෑස්ති වෙන්න..ගෙදර අයට කියලා එහෙම
නැත්තං එකපාරම කියපුවම අවුල්නෙ..
මම අම්මලගෙන් අහලා බලන්නම් සර්…
මම කීවෙ අඩමානෙට.
කොහොම හරි පර්මිෂන් ගන්න ලියානා..මේ වගේ චාන්ස් එකක් මිස් කරගන්න එපා..ඔයා තව හුඟක් දුර යන්න ඉන්න ළමයෙක්..ඒක නිසා ටිකක් මහන්සි වෙලා වැඩකරන්න පුරුදු වෙන්න…
හා සර්…. වෙන කියන්න දෙයක් නැති නිසා මම කීවා.
සර් කේෂි මැඩම් හොඳින් ඉන්නවද…?
මම හදිසියෙන් මතක් වුනා වගේ ඇහුවා. දවස් ගානක් එයාව බලන්න යන්න කියලා හිත හිතා හිටියා ඒත් වෙලාවක් ලැබුනෙ නෑ. මොනා උන ත් කේෂි මැඩම් හරිම හොඳයි. මේ පිස්සා වගේ නං නෑ.
මොකෝ ලියානට හදිසියෙ කේෂිව මතක් වුනෙ…? ඒ ගමන එයා අහනවා.
අමාරුවෙන්නෙ හිටියෙ පහුගිය දවස් වල..
ඒකයි ඇහුවෙ මම මැඩම් බල න්න එන්න කියලා හිත හිතා හිටියෙ.. මම හෙමින් කීවා.
දැන් නං ටිකක් හොඳයි ලියානා…මේ දවස් වල සොමේෂ් ඉන්න නිසා..මට ටිකක් හිතේ නිද හසෙන් වැඩක් කරගන්න පුළුවන්..හිත හිතා ඉන්නෙ නැතුව වෙලාවක එන්න..
කේෂිත් ඔයාව මතක කලා..තාම එයාට තනි යම එහෙ මෙහෙ යන්න හොඳ නැති නිසා…
එයා කොහෙවත් යනවට මම කැමති නෑ …
මේකා නිකමට කීවේ නෑනෙ අර සොමේෂ් කියන පිස්සා කේෂි මැඩම්ගෙ සහෝදයෙක් කියලා.එයා කීවේ අක්කා නංගිලා කවුරුත් නෑ කියලා විතරනෙ. ශිහ් මම අතපය ගලවනවා කිය කියා බෙන්නෙ ඒකට නේද හත් දෙයියනේ.
දැන් කොහොමෙයි කේෂි මැඩම්ව බලන්න යන්නෙ. අර පිස්සට මම කියපු දන්නවා නං. එයා මාව ගෙදර හතර හීමාවකට ගෙන්න ගන්නෙ නෑ.
සොමේෂ් ගැන හිතන්න එපා..ඔයාට පිස්සෙක් වගේ පෙනුනට ඒකා පි ස්සෙක් නෙවී ඩොක්ටර් කෙනෙක්…දන්නෙ නැද්ද ඉතිං පොඩි කෙල්ලෙ ක් දැක්කම ජෝක් එකක් කරන්න හිතෙන්න ඇති…
ඈ යකූ මේකට අනුංගෙ හිත් කියවන්නත් දන්නවද.
මම කාගෙවත් ජෝක් වල ටාර්ගට් එකක් නෙවී සර්…
ඕකේ ලියානා..ඒ ගැන ඕනි නෑ..ඔයා මම කියපු දේ ගැන හිතන්නකො.. ගෙදර අයත් එක්ක ක තා කරලා වටපිටාව ඇරේන්ජ් කරගන්න මො නා උනත් මේ චාන්ස් එක මිස් කරගන්න එපා
ආයිම මෙහෙම චාන්ස් එකක් ගන්න එක ලේසි නෑ.. ඒ ගමන එයා කීවෙ හුඟක්ම බැරෑරුම් හඬකින්.
අයියා හිටිය නං කොහොමත් මේ ගමන යන්න පර්මිෂන් ගන්න ලේසි වෙන්නෙ නෑ. හබැයි ඉතිං කවදාවත් මෙහෙම තනියම යන්න වෙ න්නෙත් නෑ. මෙච්චර දුර ගමක් මම කවදාවත් තනියම ට්රේන් එකක ගිහින් නෑ අළුත්ම අත්දැ කීමක්.
ලොකු අවුලක් තිබුනෙ නෑ ශෙහාන් සර් හැම දේම ඇරේන්ජ් කරලා දුන්න නිසා. උදේම අප්පච්චි මාව ට්රේන් එකට ගෙනත් ඇරලුවා. කොහෙවත් මාරු වෙන්න නැති නිසා අවුලක් වුනේ නෑ.
ස්ටේෂන් එකෙන් බැහැලා කෝඩිනේටර්ට කෝල් කලාම එයා ස්ටේෂන් එකට වෙහිකල් එකක් එව්වා. ඒක නිසා හොටෙල් එක හොයා ගන්න අමාරුවුනේ නෑ.
වර්ක් ෂොප් එකක් උනාට සේරම හිටියෙ විසි දෙනයි. ගෑණු අය හතර දෙනයි එකෙනුත් මම විතරයි මැරි කරපු නැති කෙනෙකුට හිටියෙ.
ඒ අක්කලා හරි හොඳයි මාව හොඳින් බලාගත් තා
පිරිමි අය උනත් එහෙම කියන්න තරම් අවුල ක් නෑ. තිබුන එකම අවුල අපිට මොබයිල් යූස් කරන්න නුදුන්න එක විතරයි. ඒක කලින්ම අ ම්මලට කියලා තිබ්බෙ නැත්තං එයා ලා බය වෙන නිසා.
වර්ක් ෂොප් එක පැෂන් ඩිසයිනිං උනාට. ඒක එතනින් එහාට හුඟක් දේවල් කියන්න කර න් න උන තැනක්.
අපිට පැෂන් ඩිසයින් වලින් එහාට ගිහින් වෙන ත් නිර්මාණ හුඟක් කර න්න පුළුවන් වුනා. නැටුම් ගැයුම් ගිනිමැල සංදර්ශන වගේ ඒවත් තිබුනා. ඇත්තටම ලස්සන දවස් පහක්.
හුඟක් දේවල් ඉගන ගත්තා ආවෙ නැත්තං හරි අපරාධයක්. අනික ඔළුවට ලොකු නිදහසක් සැහැල්ලුවක් දැනුනා. අර අන්ද මන්ද වෙලා වගේ තිබුන ගතිනත් නැතිවුනා. මම හිටියෙ සතුටින්.
වැඩ සටහන අවසන් වුනේ හවස පහත් පහු වෙලා නිසා අපිට පහුවදා උදේ තමා පිටවෙන්න සිද්ධවුනේ. ඒක නිසා එදත් හොටෙල් එකේ නතර වෙලා හිටියා.
දවස් පහකට පස්සෙ මම අම්මලාට කෝල් ක ලා විස්සර සේරම කියලා හෙට මෙහෙන් පිටත් වෙනවා කීවා. කොහොමත් හෙටත් ගෙදර යද්දි හවස් වෙයි හොඳටම.
අම්මට කතා කරලා ඉවර වෙලා මම ශෙහාන් සර්ට කෝල් එකක් ගත්තා. එයා හින්දා තමා මට මේ චාන්ස් එක ලැබුනෙ.
ලියානා..මම ඔයාට කොල් එකක් ගත්තා දැන් ටිකකට කලින් ලයින් එක එන්ගේජ් නෙ..? මම කතා කරන්නත් කලින් එයා ඇහුවා.
අම්මා කතා කලා සර්…
ඔයා දැන් කොහෙද ඉන්නෙ..තාම හෝල් එකේ ද…රූම් එකේද..?
ඈ මෙයා මොකටද මම ඉන්න තැන අහන්නෙ.
රූම් එකට ආවා විතරයි සර්…
ඕකේ ලියානා…ඔතනම ඉන්න මම ඉක්මනින් එන්නම්…
එයා එකපාරම එහෙම කියද්දි මාව ගැස්සුනා. ඈ යකූ මේ මොනාද මේ වෙන්න යන්නෙ.
සර්…සර් කොහෙද ඉන්නෙ…?
මම ඇහුවෙ නෑ මට ඇහුනා.
ඇවිත් කියන්නං ළමයො ඔහොම ඉන්නකො.
කියාගෙන එයා කෝල් එක කට් කලා. අපෝ මෙයා ඒ ගමන මොන සර්ප්රයිස් එකක් දෙන්න යනවද මන්දා මට. මොනාත් හිතා ගන්න බැරුව මම එහෙම්ම බලාගෙන හිටියා.
ටික වෙලාවකින් මෙන්න යකූ ශෙහාන් සර් ම ගෙ රූම් එක ඉස්සරහ. මෙයා මැජික් කාර යෙ ක් ද මන්දා අප්පා. කොහොමද මෙහෙම වෙන් නෙ.
මොකෝ ලියානා බය වෙලා…?
එයා හිනාවෙවි අහනවා. අර සොමේෂ් පිස්සව ගෙදර දාලා මෙයා ඒ ගමන රට වටේ ඇවිඳින වා වගේ.
සර් මේ වෙලාවෙ මෙහෙ…? මම ඇහුවෙ පුදුමෙන්.
මේ වෙලාවෙ නෙවී ලියානා..මම ආවේ අද උදේ ඔයාලගෙ වැඩේ ඉවරවෙන කං බලාගෙන හිටියෙ.. එයා කියවගෙන යනවා.
සර් හදිසියෙම…? බලං ගියාම මටත් ඕනි නැති ඇටි කෙහෙල් ගෙඩියක් නෑනේ.
යන ගමන් කියන්නං ලියානා…
මොනා කිය නවද මන්දා අප්පා කලින් ඇවිත් කියන්නං කීවා දැන් කියනවා යන ගමන් කිය න්නං කියලා.
කොහෙ යන ගමන් ද සර්…?
ඇයි ළමයො ඔයා දිගටම මෙහෙ ඉන්නද හදන්නෙ…?
ඉතිං ට්රේන් එක තියෙන්නෙ හෙට උදේනෙ…
ලියානා..ඔයා යන්නෙ ට්රේන් එකේ නෙවී….මම දැන් ආපහු යනවා..යමු මගෙත් එක්ක… එයා කීවේ ටිකක් විතර රළු හඬින්.
දැන් ගිහින් ගෙදර යද්දි උදේ වෙයිනෙ… මම කීවෙ මොනවද කියන්නෙ කියලා හිතා ගන්න බැරුව.
ඉතිං හරි ළමයො එතකොට ඔයාට හෙට දව සම රෙස්ට් කරන්න පුළුව න්නෙ ..ට්රේන් එකේ ගියොත් හෙට දවසත් පාරෙම තමා ඉන්න වෙන්නෙ..
මට හිතා ගන්න බෑ. ශෙහාන් සර් නරක කෙ නෙක් නෙවී. ඒත් පිරිමියෙක් එක්ක තනියම මුළු රෑ පුරාම ගමනක් යන්න වෙනවා කියද්දි කෙ\ල්/ලෙ/ක්ට හිතන්න හුඟක් දේ තියනවා.
අපේ අයියා දන්නව නං එහෙම මොනා කරයි ද මන්දා. මං එනකං ඔහොම ඉන්නවා ලියානා කි යලා මේ රෑ හරි වාහනේ අරගෙන එනවා සුවර්. ඉන්න කොට කොච්චර රණ්ඩු කලත් ළඟ නැතිවෙන කොට ඒ පාඩුව හුඟක් දැ නෙනවා.
ඔහොම කල්පනා කරන්න ගියොත් නං අපිට තවත් ලේට් වෙනවා ලියානා.
එයා එහෙම කීවේ ටිකක් බර හඬකින්. තේරෙ න්නෙ නෑ උත්තරයක් දෙන්න.
ඒත් මම හැමදාම විශ්වාස කරපු එක ඇත්තක් තිබුනා. අපේ අකමැ ත්තෙ න් කිසිම කෙනෙ කුට අපිට කරදරයක් කරන්න බෑ කියන එක. මට පිස්සු වගේ කියලා හිතෙනවද කවුරුවත් කැමැත්තෙන් තමන්ට කරදර කරන්න කියලා කියනවද..?
නෑ මේක එහෙම දෙයක් නෙවී.කෙනෙක් තම න්ගෙ කැමැත්තෙන් සටන අතෑරලා යටත් වෙ න්න තීරණය කරන තාක්කාල් එයාව යටත් කරගන්න කාටවත් බෑ. මන්දා මේවා කෙහෙන් මගෙ ඔළුවට ආවද කියලා. ඒත් මම එහෙම එකක් විශ්වාස කලා.
ඕකේ ලියානා ඔයා එන්නෙ නෑනෙ..මම යන්න ම්..
මම මොනවත්ම නොකියා ඉන්න නිසාද කො හෙද එයා එහෙම කීවා. හෙට දවසත් ට්රේන් එකේ රස්තියාදු වෙනවට වඩා නම් මෙහෙම යන එක හොඳයි. වෙන දෙයක් එතකොට බලාගමුකො මම අවසානෙ එහෙම හිතුවා.
ටිකක් ඉන්න සර් මමත් එනවා..
එමෙම කියලා මම රූම් එකට ගිහින් මගෙ බඩු ටිකත් අරගෙන අනිත් අයටත් යන්නං කියලා ආවා