Home Novels ස්වප්න සේයා ස්වප්න සේයා – 2 කොටස

ස්වප්න සේයා – 2 කොටස

0
17

ස්වප්න සේයා 🎨🎨🎨

දෙවන සේයාවට…. 🖌️🖌️🖌️

“විකේශ්… අ… අර කන්…ද මොකක්ද…. ” වටපිට බල බල හිටපු භූමි ගොඩාක් ලොකුත් නැති පොඩිත් නැති කදු ගැටයක් පෙන්නලා අහද්දී විකේශ් භූමි දිහා බැලුවේ… ඒ අහපු ප්‍රශ්නේ හරියටම තේරුනේ නැති නිසා…

මොකද සාමාන්‍ය කන්දක් පෙන්නලා… ඒ කන්ද මොකක්ද කියලා අහද්දි… විකේශ් මොනවා කියන්නද..

“ඒ සාමාන්‍ය කදු ගැටයක් භූමි ….

ඕකට කියන වෙන නමක් නෑ…

මේවගේ කදු ගැට කිහිපයකින්ම …

මේ තැන්නෙකුඹුර වටවෙලා තියෙන්නේ… ” විකේශ් කෙල්ල අහපු ප්‍රශ්නේ නැවත අහලා කෙල්ලව අපහසුතාවෙට පත් නොකර උත්තර දුන්නේ… කෙල්ල මේ ලංකාවට ආපු පළවෙනි මොහොත වගේම… උපන්දා සිට ඇමරිකාවෙ හැදීවැඩුනු ඇයට භාෂාව හැසිරවීමේදී මෙහෙම දේවල් සිදුවීම සාමාන්‍ය නිසයි…

“ආහ්.. එහෙමද… ” කෙල්ල සුසුමක් හෙළලා නැවත කාර් එකෙන් එළිය බලාගත්තේ… ඇය පැමිණීමේ අරමුණ සිහිකරන්නටයි…

ඒත් මේ කිසිවක් නොදන්නා විකේශ් භූමිට බාධා කලේ නැත්තේ ඇය කාර් එකෙන් එපිට පරිසරය නරඹනවයි සිතාය..

“ඒයි නංගා මොකද කරන්නේ…. “

උදේම නැගිටලා කාලා බීලා… භූමි… ළගදි පාර්ක් ගිහින් ගත්ත ෆොටෝස් ටිකක් ඉඩිට් කර කර ඉද්දී කෑගහගෙනම වගේ කාමරයට ආවේ…. සය මසක් කුසක් දරන් ඉන්න ඇගේ සොහොයුරියයි….

ඇගේ සැමියා රැකියාවට ගිය පසු… මේ දිනවල ඇගේ තත්වය නිසාම… උදේම ඇයව නිවසට ඇරලවා වැඩ ඇරලා යනගමන් නැවත ඇයව ගෙනයාම මේ දවස් වල ඔහුගේ පුරුද්දකී …

“මම පොඩි වැඩක අක්කා… ” කෙල්ල ඇදේ දිගාවෙලා.. ලැප් එකෙන් ෆොටෝ දෙක තුනක් එකට සෙට් කරද්දී…. ඇද කෙලවරින් වාඩි වූ නිලූ…

“ආහ්… මෙයා මේ ෆොටෝ ඉඩිට් කරනවනේ…” කියලා හිනාවෙලා කිවේ… තම නැගනිය ෆොටෝ ගන්න, ඉඩිට් කරන්න කොයිතරම් කැමතිද දක්ෂද කියලා දන්න නිසාමයි…

“ඔව්… එදා ගිහින් ඔයාගෙයි අයියගේ‍යි ගත්ත ෆොටෝ දෙකකුත් මම ඉඩිට් කලා…

මේ බලන්නකෝ… ” කර කර හිටපු වැඩේ නවත්තලා… භූමි නිලුට එම ෆොටෝ ටික පෙන්නද්දි… නිලුත් ඒ දිහා ආශාවෙන් බලලා…

“ලස්සනයි නංගෝ…

ඔයා නම් ගොඩාක් දක්ෂයි … ” කියලා නැවත දෙයක් මතක උන නිසා..

“මේ නංගෝ ඔහොමම ෆ්බී ලොග් වෙනවකෝ…

මගේ ෆෝන් එක සාලේ…

විකේශ් මල්ලී මරු ෆොටෝස් ටිකක් දාලා තිබ්බා.. ” කියලා නිලු කියද්දී… භුමි ෆ්බී ලොග් වෙන ගමන් නිලූට හීනියට රවලා…

“ඔය කාලෙට විකිරණ දේවල් පාවිච්චි කරන්න හොද නෑ …

ඒත් මෙයා ෆ්බී එකේමයි ඉන්නේ… ” කිව්වේ බොරු අමනාපෙකිනි…

“හරි හරි බන්…

මම නිතරම යන්නේ නෑ දැන්..

කෝ… කෝ .. විකේශ් මල්ලිගේ අකවුන්ට් එකට යන්න…” නිලු කියද්දි කෙල්ල ගත්තේ… විකේශ් යහලුවෝ සමග දාලා තිබ්බ ෆොටෝ ටික…

“මේවද ඔයා කිව්වේ… “

කෙල්ල ෆොටෝ ගොමුව පෙන්නලා අහද්දි… නිලු හිස වනලා භූමිට ෆොටෝ ටික පෙන්නුවෙ… භූමි ලංකාවේ ස්වභාවික ලස්සනට ගොඩාක් කැමති නිසා…

ෆොටෝස් මාරු කර යවා සේරම ටික බලද්දී… එක ෆොටෝ එකක දුටු දෙයක් නිසා.. භූමි අනිත් ෆොටෝ එකට නොයා ඒ දිහාම බලන් හිටියේ ඒ පසුබිමේ දකින ගල් පේළිය කෙල්ලට පුරුදු ගතියක් දැනෙද්දී… භූමි ඒ දිහා බලාගෙන කල්පනා කර කර ඉද්දි… මේ ගැන නොදත් නිලු… භුමිගෙ පිටට ගහලා..

“මොකෝ අනේ… ඔහොම ඒ ෆොටෝ එක දිහා බලන්නේ..

විකේශ් එතන හැන්ඩියා තමා…

ඒ උනාට ඔහොම බලන් එපා බන්…

මස්සිනා උනත්..

අපේ කොල්ලට ඇස් වහා කටවහා වදීවී…” කියලා හිනාවෙවී කියද්දී… කල්පනාවෙන් මිදිලා පියවි සිහියට ආව භුමි …

“මම එයා දිහා නෙමේ බැලුවේ….

ඒ වටපිටාව දිහා..

පුදුම ලස්සනක්… ” කියලා නිලුට කීවේ මදක් නොරිස්සුමෙන් …. ඒත් එය පිළිගන්න අකමැති වූ නිලු තම නැගණියට…

“හා එහෙම දැන් කියමුකෝ…

පස්සේ බලමුකෝ ඉතිම්.. ” කියලා හිනාවෙවී කියද්දී …. භුමී එයට කිසිත් නොකියුවේ… තම සොහොයුරියට දැන් බලපු දේ පැහැදිලි කරනවාට වඩා ගලේ පට්ටයක් ගන්න එක ලේසී කියලා හිතුන නිසයි…

“භූමී…… භුමි …..”

කල්පනාවක උන් භුමී පියවි සිහියට ඇවිත් විකේශ් දිහා බැලුවේ… විකේශ්ගේ හඩ හීනෙන් වගේ ඇහෙද්දීයි….

“ඇයි විකේශ් … ” කෙල්ල පුදුමයෙන් අහද්දි …. විකේශ් අත ඉස්සරහට දික් කරලා…

“ඔන්න අපි ආවා …

අපේ වලව්වට… ” කියලා මැණික්හින්න වලව්වට අත දිගු කරද්දි… කෙල්ලත් ඒ දෙස බැලුවේ…. ආශාවෙන්…

වලව්වලටම ආවේණික වූ ඒ තේජස්කම, ගාම්භීරකම කැටි කොටගත් මැණික්හින්න වලව්ව කෙල්ලට පෙනුනේ දැවැන්ත සුදු පැහැති හස්තිරාජයෙක් වගේ… ඒ තරම් අද්විතීයයි… ඒ නිසාම.. කෙල්ල කාර් එකෙන් ඉක්මනට බැහැලා… ෆෝන් එක අතට අරන්… මැණික්හින්න වලව්ව ෆොටෝ ගහලා.. එවලෙම තම සොහොයුරියට යැව්වේ… දැන් මෙහෙට ආවා කියන මැසේජ් එකත් එක්කමයි…

“කෝ විකේශ් .. ජගත් මාමා … ” භුමි වලව්ව ඇතුලත සිරි නරඹ නරඹ ඇහුවේ….. ඇය ආ පසු ගෙදර වැඩපල කරන කිහිපදෙනෙක් ඇයව බලන්න පැමිණියා මිසක… ඇගේ මවගේ සොහොයුරා එහෙමත් නැත්නම් විකේශ් ගේ පියාව නොදුටුව බැවිනි ….

“ආහ් අප්පච්චි හොටෙල් එකේ ඇති…

අද මමත් නෑනේ..

ඔයා ගිහින් වොශ් එකක් දාන්නකෝ..

දවල් කෑමට අප්පච්චි එයි… ” එහෙම කියපු විකේශ් ඊළගට කතා කලේ ගෙදර සේවිකාවකට…

“කරුණාවතී….. කරුණාවතී …..

මෙහාට එන්න… ” විකේශ් උස් හඩින් අමතද්දී… ඉක්මනට වගේ දුවගෙන ආවේ වයස හතලිහක් පමණ විය හැකි කාන්තාවක්….

“ඇයි පොඩි හාමු… ” ඇය යටහත් පහත්ව අහද්දී… විකේශ් කෙල්ලව පෙන්නලා…

“මෙයාට රූම් එක පෙන්නන්න …. ” කියලා කෙල්ලටත් ඉගි කරලා කාමරයට යද්දි… කෙල්ල ඒ දිහා මොහොතක් බලන් ඉදලා…

“අපි යමු… කරුණාවතී නැන්දේ…

කොහෙද මගේ කාමරේ…

ඔ..හො..හොව් හොව්.. මම මගේ බෑග්ස් ටික ගන්නම්… ” කියලා කරුණාවතී ගත් බෑග් ටික නැවත අතට අරගද්දී…. ඊට කලබල උනු කරුණාවතී …..

“අනේ පුංචි හාමු…

ඔහොම කතා කරන්න එපා…

මට නම කියලා විතරක් කතා කරන්න.. .. ” කියලා කරුණාවතී යටහත්ව කියද්දී … කෙල්ල ඒ කියු දේ ගනන් නොගෙනම…

“මට ඔය පුංචි හාමු වගේ සීනිබෝල නම් කියන්න එපා නැන්දේ …

මගේ නම නම් භූමි….

ඒත් නැන්දා දුව කියලා කතා කරන්නකෝ… හොදෙ..

එතකොට මට මෙහේ නුහුරුයි කියල දැනෙන් නැතිවෙයි… ඕකේ …..”

කාමරයට ඇවිත් වොශ් එකක් දාගෙන අත් දිගට ඇදුමක් ඇද්දේ… පොඩි සීතල ගතියක් දැනුන නිසයි… ඒ එක්ක ටේබල් එකේ තිබ්බ කෝපි එකත් අතට අරගෙන භූමි ගියේ බැල්කනි එකට…

” ශා.. මෙහෙ ගොඩාක් ලස්සනයිනේ ..” කෙල්ල තමන්ටම කියව ගද්දී… කෙල්ලට දැනුනේ … කවුරු හරි පිටපස්සේ හිටගෙන තමන් දිහා බලනවා වගේ හැගීමක් …. ඒ එක්කම කෙල්ල ඉක්මනට හැරිලා බලද්දි දැක්කේ තමන් දිහා බලාගෙන ඉන්න….

ඊළග කොටසින්