🌾8 කොටස🌾
“මතකනෙ ගිම්සා.හිනා වෙනවා…ඔහොම ඩිම් වෙලා ඉන් නැතුව..”
දේවින්ද වෙඩින් හෝල් එකේ දොර අරින්න කලින් ගිම්සාගෙ කනට මිමිණුවා..
දේවින්ද ගෙ සුසුම් වැදෙදදි කෙල්ල හිරිවැටිලා ගියා..තරු පහේ හොටෙල් එකක දේවින්ද මේවා ලෑස්ති කලේ කොහොමද කියලා ගිම්සාට පුදුමයි
වෙඩින් හෝල් එකේ දොර ඇරියම ගිම්සා තවත් පුදුම උනා.පුදුම ලස්සනයි..ඈශ් කලර් එකෙන් සරසලා..කෘතිම මල්.. විදුලි බුබුලු…දුම්….මියුරු සංගීතෙ…හැමෝම කපල් එක දිහාට ඇස් යොමු කලා..
ගිම්සා දේවින්ද ගෙ දකුණු අත අල්ලගෙන ඉස්සරහට ඇදුනා..
ෆොටෝ ගහනවා ඉවරයක් නෑ.දේවින්ද ගෙ කට කොනේ හිනාවක් මතුවුනේ හෙට පත්තරේ දැක්කම සහේන් යකා නටන බව දන්න නිසා.
ගිම්සා මෙච්චර ලස්සනට හිනා වෙලා දේවින්ද එක්ක තුරුලු වෙලා ඉන්නවා දැක්කම සහේන්ට මොනවා හිතෙයිද.
ගිම්සා හිතපු නැති මොහොතක දේවින්ද ගිම්සාව තවත් තුරුලු කරගෙන කම්මුලක් සිප ගත්තෙ ෆොටෝ වලට හරියටම ෆෝකස් වෙන විදිහට..
ගිම්සා තවත් ඩිම් වුනා..ඒත් දේවින්ද රවපු පාර මූනට හිනාවක් නංව ගත්තා..අමුත්තන්ට කතා කරලා දේවින්ද ගිම්සා එක්ක කෑමට වාඩි උනා..ගිම්සාට නම් කා ගන්නවත් බෑ.ගිම්සා දන්න අදුනන කිසිම කෙනෙක් නෑ..
ගිම්සට දැනුනෙ පොඩි දුකක් නෙවේ..
“මොකද අත ගාන්නෙ..කන්න බැරිද..මං කවන්නද..”
දේවින්ද ඇහැවෙ ගිම්සා ඔහෙ කල්පනා කරන නිසා..
කන්නම්..
ඇයි දුකෙන් වගේ
දුක නැද්ද ඉතිං..
දැන් ඕව අමතක කරන්න..කාලා ඉන්නකො…සප්රයිස් එකක් දෙන්න..
මොකද්ද ..
දේවින්ද සර්ප්රයිස් එක ගැන කිව්වෙ කාලා ඉවර උනාම..
“ගිම්සා..වෙනදට වෙඩින් එකකට ආවම ඩාන්ස් නොකර ඉන් නෑ නේද..”
“ඔයා කොහොමද දන්නෙ..”
ගින්සා ඇස් ලොකු කලා..
දේවින්ද හිනා උනා..ගිම්සා ඒ හිනාවට පුරුදු විදිහටම වශී උනා.
එන්නකො…
ඩාන්සින් ෆ්ලෝ එකට කෙල්ලව ඇදගෙන ගියපු දේව් ..මයික් එක අතට ගත්තා..
Ladies and genglmnts ..may i hv ur attention plz…now im gonna dance with my beautiful wife..u also cn join with us..
කන් අඩි පැලෙන අත්පොලසන් නාදයක් නැගුනා..
ඒ එක්කම ඩාන්සින් ෆ්ලෝ එක අදුරු වුනා.දුම් පිට උනේ මියුසික් එක එක්කමයි…
දේවින්ද ගිම්සාගෙ අත ඇරලා ෆ්ලෝ එකේ පැත්තකට ගියා
ඊලගට ආයෙත් ලයිට් එලිය වැටුනෙ දේවින්ද පැත්තට..ගිම්සාව වශී කරන ඒ හිනාවෙන් දේවින්ද ගිම්සා දිහා බලං හිටියා..
🎵🎵🎵
ශ්වේත මීදුම් ඉරා
දෙනෙත් මග ඇහිරූ
ජීවිතේ ශීත සෘතුවේ
ගිරි දුර්ග අතරින්..
මා එක්ක එනවාදෝ
චන්න කින්නරාවී..
මා එක්ක එනවාදෝ
චන්න කින්නරාවී..
🎵🎵🎵🎵
කොහේදෝ ඉදලා ආව හුලගක් එක්ක ගිම්සාගෙ ගවුම එහෙ මෙහෙ ගියා.දේවින්ද අත් දෙක දෙපැත්තට කරලා ලස්සනට ඩාන්ස් කරගෙනම කෙල්ල ලගට ආවා.
ගිම්සාගෙ අත අරගෙන කෙල්ලව එකපාරටම ලගට ඇදලා..ආයෙත් ඈත් කරලා වටයක් කොල්ල කරකෙව්වෙ ගිම්සා විතරක් නෙවේ හැමෝම පුදුම කරවලා..
ගිම්සා දේවින්ද ගෙ ඇස් දෙක දිහා බැලුවා.. ඇස් වලට ඇවිත් තිබ්බ වියරුවට වශී වුනා
…
ආයෙත් අර වියරු ඇස් තියෙන දේවින්ද ..ගිම්සාට ලෝකෙම අමතක උනා..
ගිම්සා දේවින්ද එක්කම ඩාන්ස් කරන්න ගත්තෙ පරන පුරුදු දගකාර ගිම්සා මතු වෙද්දි …
🎵🎵🎵
රලු පොලොව මතින් බිදෙනා
විඩාබර දිගු ගමනේ
මෘදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද
චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ
චන්න කින්නරාවී..
සද නිවී ගිය රාත්රියේ
තාරකා ගොලුව ගන අදුරේ
ලය මතින් වැතිරී
සොදුරු හීනයට ඉඩ දී
හිනැහෙන්න පුලුවන්දෝ
චන්න කින්නරාවී
මා එක්ක එනවාදෝ
චන්න කින්නරාවී..
🎵🎵🎵
ගීතයේ හැගීම් ඔක්කොම දේවින්ද ගෙ දෑසෙන් කියැවෙද්දි..අපූරුම නර්තන රටාවක යෙදුනු අලුත් කපල් එකේ ඩාන්සින් ඇක්ට් එක ෆේස් බුක් ලයිව් හරහා බලාගෙන හිටිය පිරිස අතරෙ සහේනුත් හිටියා
සහේන් අතට අහුවුනු හැම දෙයක්ම පොලේ ගැහැවෙ ඒක දරා ගන්න බැරුව..
“කොහොමද ඒකි එහෙම කලේ..කොහොමද කලේ…මගෙ එක්ක ඉදලා දැන් ඒකා එක්ක තුරුලු වෙලා නටන හැටි..මං ඕකිව ඉතුරු කරන් නෑ…”
එවෙලේ සහේන්ගෙ හිතේ ඇති උනේ ගිමසා ගැන පුදුම තරහක්..
“මං ඕකිට කොහෙහරි යන්න කතා කරපු හැම වෙලේම මාව මග ඇරියෙ ඕක තමා..මං හිතුවෙ ඕකිගෙ හැදිච්චකම කියලා..ඒ උනත් ඒකි මාව ලස්සනට රවට්ටලා..ශිට්..මමයි මෝඩය..ශිට්..”
🌹🌹🌹🌹
ඊලග කොටසට