ලියානා…
දහ නවය…19
ලියානා…. ඔයාගෙ නම ලියානා විතරද…?
මම කරකර උන්න වැඩේ නතර කරලා ඔළුව උස්සලා බැළුවා කවුද මේ මගෙ නම අඬගහන එකා කියලා. ඈ කවුද යකූ මේ. පට්ටම හැන්ඩි යෙ ක්නෙ.
මාර ඩිසන් ලුක් එකක් තියෙන්නෙ.මූ කොහෙ න්ද මෙතන්ට කඩා ගෙන පාත්වුනේ.
ලියානා කියන්නෙ හරි ලස්සන නමක් නෙ…?
මේකා ආයිම අහපි. මූ මෙතෙන්ට ආවෙ මගෙ නමේ ලස්සන කැත බලන්න ද අප්පා. ආව වෙ ලේ ඉදන් ලියානා ලියානා ගගා ඉන්නෙ.
මේ මිස්ටර් කවුද…?
මම ඇහුවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුව.
මම සොමේෂ්…සොමේෂ් අධිකාරි…ඉතිං ලියානා කොහොමද..?
මේ යකා එහෙම කියලා අත දික්කලා. හරියට අවුරුදු ගානක ඉදන් මාව දන්නවා වගේ. ඇත් තටම මම ගැස්සුනා. මට නෝමල් වෙන්න සෑහෙන ගේමක් දෙන්න වුනා.
වරදක් නෑ මිස්ටර් සොමේෂ්..කාව මුණ ගැහෙන්නද ආවේ..?
මෙහෙම පිස්සෙක්ව මම දන්නෙ නැති නිසා මං අහුවා.
ශෙහාන් මගෙ හොඳම යාළුවා….
මම හිතුවා ඒ පිස්සටම තමා මෙහෙම පිස්සො ගැලපෙන්නෙ. අනේ මන්දා අප්පා මේක නං පිස්සන්ගෙ ලෝකයක් ද කොහෙද ඔව් ඉතිං මටත් පිස්සු තමා.
එක්සිකියුස් මී…
මම එහෙම කියා ගෙනම ශෙහාන් සර්ට කෝල් එකක් ගත්තා.
සර් මිස්ටර් සොමේෂ් අධිකාරි කියලා කෙනෙක් සර්ව මීට් වෙන්න ඇවිත්..
මම හෙමින් කීවා
එයාව එවන්න ලියානා..
එහා පැත්තෙන් එහෙම කීවම මම කෝල් එක කට් කලා.
මිස්ටර් සොමේෂ්..සර් ඔයාට එන්න කීවා.. මම කිව්වෙ මේ පිස්සු මරාලෙ ඉක්මනින් මෙතනින පිටකර ගන්න හිතාගෙන.
අයියෝ ලියානා ඇයි එහෙම කලේ…
ඈ යකූ මේකා මේ පිස්සන් කොටුවකින් පැනලා යන ගමන් ද මෙහෙට ක ඩා පාත්වෙලා තියෙ න්නෙ ආව වෙලාවෙ ඉදන් පිස්සු දොඩෝනව ඉවරය ක් නැතුව.
එහෙම නැතුව වෙන කොහොම කරන්න ද.. මිස්ටර් සොමේෂ් ආවේ සර්ව මීට් වෙන්නනෙ සර් රූම් එකේ ඉන්නවා යන්න…
මම කීවේ ඇත්තටම මල පැනලා මේ මොන වදයක්ද ඉන්න පිස්සො මදිවට හිටපු ගමන් කඩන් පාත්වෙන්නෙත් මෙහෙම පිස්සොනෙ අප්පා. ඉතිං පිස්සු වැහෙන්නෙ නැතුව තියෙයි ද..?
අපිට ටිකක් කතා බහ කරලා එහෙම පස්සෙ ඔය කෝල් එක ගන්න තිබුනෙ…
මේ මිස්ටර් සොමේෂ්,.. ඔයාට වැඩ තනැතුවට මට මෙතන වැඩ තියනවා ඒක නිසා එක එක්කෙනා එක්ක කතා කරකර ඉන්න තරම් වෙලාවක් නෑ..අන්න සර් රූම් එකේ ඉන්නවා ගිහින් කතා කරන්න..
මම කියවගෙන ගියෙ මේකට අතේ තියන එකකින් දමලා ගහන්න හිතෙ න තරං තරහකිං.
ගිහින් එන්නං ලියානා…..
ඒක තේරිලා කොහොද කියාගෙන ඒක එත නින් පිටවෙලා ගියා. අනේ මන්දා අප්පා මටම මේම මේම ඒවා වෙනවානෙ.
අයියා ඉන්දියා ගියාට පස්සෙ ගෙදර ඉන්න ප ට්ටම කම්මැලියි අප්පා. වලියක්වත් දා ගන් නවත් කෙනෙක් නෑනි. බුදු අම්මෝ දීලා ගියපු ඇඩ්වයිස් ගොඩ.
ඒවයෙ හැටියට මට නිදහසේ හුස්මවත් ගන්න වෙන්නෙ නෑ. ඇයි අප්පා මෙයාලාට මාව තාම මේ පුංචිම එකෙක් වගේ පේන්නෙ.
දණිස්ස ලෙලි ගහ ගත්තට පස්සෙ අම්මා ආයි ම නං මට සයිකලේට අත ති යන්න දුන්නෙ නෑ. ඉතිං නිවාඩු දවස් වලට කම්මැලි කමේ බෑ. මම හොඳ ළමයෙක් වෙන්න මේ දවස් වල මාර ට්රයි එකක් දෙන්නෙ.
අම්මා තාම අසනීප ගතියෙන් නිසා ගෙදර වැඩ සේරම කරනවා.රණ්ඩු කරන්න කවුරුත් නැති නිසා සන්සුන්ව විනීතව ඉන්නවා ඉතිං මදිද. ඒත් මට නං පට්ටම කම්මැලියි. ඔහේ දවස් ගෙවිලා ගියා.
ශෙහාන් ලොක්කත් ප්රෙග්නට් ලේඩි වගේ සන්සුන් කමට ඉන්න හින්දා වලියකටවත් එන්ටර් වෙන්න විඳිහක් නෑ. වෙනදට නං මම මොනා කීවත් මල යක්ෂයෙක් වගේ කෑ ගහන මනුස්සය මේ දවස් ටිකේම මීක් වත් නෑ.
ඒ අස්සෙ දිල්ශානයා පැක්ට්රියට ගිහින්. ඉතිං ඔ ෆිස් එකත් මාර බෝරිං අප්පා. අර ගෑණු එක්ක කතා කරන්න ගියොත් රටේ තියන ඕපාදූප ඇ රෙන්න වෙන මඟුලක් කතා කරන්නෙ නෑනෙ.
මට ඒක අල්ලන්නෙ නෑ. ඉතිං පාළුවෙන් තනි යෙන් හුදකලාවෙන් ඔහේ වැටකොළු පතෝල වගේ කාලය ගෙවමින් උන්නා.
මම ඔෆිස් යන්න ලෑස්ති වෙලා ඇවිත් බස් හෝල්ට් එකේ හිටියා. ටික වෙලාවකින් මගේ ළඟ වාහනයක් නතර කලා.
ගුඩ් මෝනිං ලියානා..
කියලා ඒ කෙන් බැහැලා මගෙ ළඟට ආවේ අර එදා ඔෆිෂ් එකට ආව පිස්සා. මේකා කොහෙ ද අප්පා මෙහෙ.
ගුඩ් මෝනිං මිස්ටර් සොමේෂ්..
මම පුළුවන් තරම් සන්සුන්ව කීවා. ආයිම කවු රුවත් එක්ක වලි දාගන්නෙ නෑ කියලා මම හිතාගෙන ඉන්නෙ.
ලියානා ඔෆිස් යන්න වගේ…?
ඔය ඉතිං ඔහොම ඒවා අහන කොට තමා මට කට පියාගෙන ඉන්න බැරි අප්පා.
නෑ…මම මේ නයිට් කලබ් එකකට යන්න හද න්නෙ..? ඇයි වදේ මේ මොන මඟුලක් ද මුංට අනුංගෙ රෙද්දවල් හොයන්නෙ නැතුවම බෑනි.
ලියානට තරහ ගිහින් වගේ නෙ…ඇයි නුහුරටම කතා කරන්නෙ..
මේකනං මහ මොකෙක් ද මන්දා අප්පා.
නුහුරට හරි හුරුවට හරි මං කතා කරන්නෙ මට ඕනි විඳිහට මිස්ටර් සො මේෂ්ට ඒකෙන් වැඩක් නෑනි….
අපෝ කොච්චි කරලක් වලේ සැරයිනෙ ඔයා
…මාත් ඒ පැත්තෙන් යන්නෙ යමු මාත් එක්ක… ඒ ගමන මේකා අළුත්ම කතාවක් කියන්න ලෑස්තිය.
මිස්ටර් සොමේෂ් මේ තරම් දවසක්…මම ඔෆිස් ගියෙ ඔයා එක්ක නෙවිනෙ අදත් ඒ විඳිහටම යන්නම්…. මම කීවේ පුදුම තරම් ඉවසීමකින්.
අයියෝ..ලියානා හැමදාම එකම විඳිහට එන්න ඕනි නෑ..ටිකක් වෙනස් වෙන්න ඕනි එතකො ටනෙ ගතියක් තියෙන්නෙ…
අනේ මන්දා මේකා මොන ජාතියකට අයිති රිලා පැටික්කෙක් ද මන්දා. පිස්සු දොඬවන්න තියා ගන්නෙ.
මේ මිස්ටර් සොමේෂ්…කම්මුලේ සෙරප්පු පාර ක් හිටියොත් ද ඇඟිලි පාරක් හිටියොත් ද ගති යක් තියෙන්නෙ…
කොච්චර කට පියන් ඉන්න හිතුවත් මුං මේ දෝඬෝන විකාර වලට මෙහෙම හිතෙනවා ඉතිං.
මම එහෙම කීවම ඒකා මීක් වත් නොකියා ආපහු හැරිලා ගියා. ඇයි අප්පා මේක හරි මඟුලක්නෙ. මං ඉන්නෙ මුංට ගතියක් ගන්න ද..?
ආය අහු වෙයකො කොහෙන් හරි අතක් පයක් ගලවලා තමා පස්ස බල න්නෙ දන්නෙ නෑ මේ ලියානගෙ හැටි. මනුස්සයෙක් වගේ හැදිච්ච කමට ඉන්න හදද්දි මුං ඒකටවත් ඉඩ දෙන්නෙ නෑ අප්පා. දුෂ්ට සමාජයක් මේක.මම ඔෆිස් එකට ගිහින් ටික වෙලාවකින් ශෙහාන් සර් ආවා.
ලියානා මගෙ රූම් එකට එනවා..
.මම මෝනිං කියන්ත් කලින් ඒකා එහෙම කියා ගෙන ගියා. අය මොනවටද මං ගුඩ් මෝනිං කියන්නෙ කියලා මං කට පියාගෙන හිටියා. මුං යකූ ගෙවල්වල වයිෆ්ලා එක්ක දාගන්න වලි වලටත් අපිනෙ පලි ඒ ගමන. මහ මොක්කු ද මන්දා.
එහෙම හිත හිතා මම එයාගෙ රූම් එක ගියා. ලේට් උනොත් ඒකටත් බ නින් තියා ගන්නවා වරුවක් මෙතන. එච්චරට මල පැනලා ඉන්නෙ පේන විඳිහට නං.
ගුඩ් මෝනිං සර්…
ඒකට මැනර්ස් නැති උනාට මට තියනවනෙ කියලා හිතලා මම එහෙම කීවා.
මෝනිං ලියානා..ඔහොම වාඩි වෙනවා…
ඈ මොනාද අප්පා මේ වෙන්න යන්නෙ. අද නං මාව ඉන්දවගෙනම වරුවක් බනින්න ද කො හෙ ද හදන්නෙ. මම මේ කල්පනා කරන්නෙ මම දැන් බැනුං අහන්න යන්නෙ මොන වැරැ ද්දට ද කියලා.
ඇයි ඉතිං මේකා මං මොනා කලත් බනිනවා. ඉතිං බැනපු නැති මොනා හරි තියනවද කියලා මටම මතක නෑ. පොතකවත් ලියාලා තියාග න්න ඕනි එතකොට ඕකට කලින් බැන්නා කියලාවත් කියන්න බැරියැ. කියලා ඒකටත් බැනුම් අහගන්න පුළුවන්නෙ.
සර් මට එන්න කීවේ…
බැනුම් අහන්න උනත් මෙච්චර පරක්කු වෙන්න බෑ අප්පා.
ලියානා අද මොකේ ද ආවේ…? ඈ මේ මොනා ද මේ වෙන්න යන්නෙ.
වෙනදා වගේම බස් එකේ සර්..
කාත් එක්කද..?
වෙනදත් කවුරුවත් එක්ක එන්නෙ නෑනේ
..තනියම ආවේ…
බස් හෝල්ට් එකේ කතා කරකර හිටියෙ කා එක්කද..?
ඈ යකූ මේකත් අපේ අයියට දෙවනි නෑනි. මම යන එන තැන් කරන කියන දේවල් කතා කරන එවුන් ගැන හොයනවට වඩා දෙයක් මුං දෙන් නටම නැද්ද මන්දා. මං ටිකක් අන් බැලන්ස් හැරුනත් ඇතිනෙ අප්පා. මේ මොන මඟුලක් ද.
කතා කර කර හිටියෙ සර්ගෙ අර පිස්සු යාළු වත් එක්ක.. පාරෙ කෙ\ල්=ලෙ ක්ට යන්න නෑ ඇවිල්ලා විකාර දොඬෝනවා…
සර් හින්දා ඉවසුවෙ අද මම ආයිම වෙලාවක විකාර දොඬවන්න ආවොත් නං දෙනවා දෙක ක් දත් ටික බඩේ ගිහින් නතර වෙන්න…
හිතේ තිබුන තරහට මම බැනගෙන බැනගෙන ගියා. එනවා මෙතන මගෙ දේවල් හොයන්න.
ලියානට තරහ ගිහින්ද…?
ඒ ගමන මේකා හිනා වෙන්න තියා ගත්තා නේද. ඇයි යකූ මේකා කටු ස්සෙක්ද.. දැන් මාව මරං කරන්න තරං මල පැනලා මට රූම් එකට එන්න කියපු එකා මෙතන පිස්සෙක් වගේ හිනා වෙනවා ඒ ගමන. මේකා මො කෙක් ද අප්පා.
නෑ ඇවිත්… මම කීවේ නෑ කියවුනා.
ලියානා දන්නවද ඔයා ඔය බනින්නෙ කාටද කියලා…?
නෑ මට දැන ගන්න ඕනිත් නෑ…වැදගත් මනු ස්සයෙක් වගේ හැසිරෙන්න දන්නෙ නැති..
කිසිම කෙනෙක් ගැන මට දැන ගන්න ඕනි නෑ.. මම කීවේ ඇත්තටම තරහින්.
ලියානා ටිකක් රිලැක්ස් වෙන්නකො…
ඒ ගමන මේකා මඟුලක් කියන්න තියාගත්තා. රටේ නැති රෙද්දවල් අහලා මගෙ ඔළුව අවුල් කරලා දැන් එනවා රිලැක්ස් වෙන්න කියන්න.
මම කොහොමත් රිලැක්ස් තමා සර් ඉන්නෙ මේ කොහෙවත් යන පිස්සො තමා ඇවිත් මාව අවුල් කරන්නෙ…
අනේ මන්දා ලියානා ත/මු=සෙ නං මොන ජාති ය කට අයිති ද කියලා මට තා ම හිතා ගන්න බෑ..
මගෙ මූන දිහාම බලාගෙන මෙයා අහනවා ඒ ගමන. ඇයි වදේ මේකට මාව සතෙක් වගේ ද පේන්නෙ.
වෙන මොන ජාතියකටවත් අයිති නෑ මම අයිති මනුස්ස ජාතියට..
කියන්න ඕනි නෑ ඔය වගේ ප්රශ්න අහනකොට මෙහෙම උත්තර කටට එන්නෙ ඉබේටම අප්පා. මට වෙනස් වෙන්නත් බෑ. මේ කවුරුත් වෙනස් වෙන්න දෙන්නෙත් නෑ ලියානා ලියානම තමා ඉතිං.
මම කැමති නෑ සර් කවුරු උනත් මගෙ පර්ස නල් දේවල් ඕනිවට වඩා හොයලා බලනවට මගෙ පර්සනල් අෆෙයාර්ස් මොනා උනත් ඒවයින් මගෙ ඩියුටි එකටවත් මෙතෙන්ටවත් කිසිම පාඩුවක් කරදරයක් ප්රශ්නයක් වෙලා නෑනි…එහෙම එකක් උන දවසට ඒ ගැන අහන්න….
මම කියවගෙන ගියෙ කියන්නෙ මොනවද කියලා හරියට තේරුමක් නැතුව. ඇත්තමයි මට දැන් මේ වදේ එපාම වෙලා තියෙන්නෙ. එහෙන් අර එක පිස්සෙක් ඇවිත් පිස්සු දොඬෝ නවා. මෙහෙන් මේ පිස්සා විකාර අහනවා. පිස්සු හැදෙන් නෑද කියාංකො ඉතිං.
ඕකේ ලියානා දැන් යන්න..මම පස්සෙ කතා කරන්නං..
අනේ මන්දා අප්පා මට මේ වෙන දේවල් තේරෙ න්නෙ නෑ. මම ආපහු ආවෙ ඇත්තටම අවුලෙ න් මේ හැමදේම දමලා ගහලා කොහෙ හරි යන්න හිතෙනවා අප්පා.
අර කම්පර්ටිෂන් එකෙන් සිලෙක්ට් වෙලාවත් තිබුනනං මේ සේරම දාලා මම අවුරුද්දකට දෙකකට යනවා සිංගප්පූර්. එතකො ටවත් මට නිදහසේ ඉන්න බැරියෑ ටික කාලයක් මේ කරදර කාරයන්ගෙන් මිඳිලා.
හමුවෙමු