Home Novels ස්වප්න සේයා ස්වප්න සේයා – 1 කොටස

ස්වප්න සේයා – 1 කොටස

0
15

අලුත් කතාව දාන්න පරක්කු උනා නේද… අද ඉදන් කතාව දානවා… ඔයාලා කියවලා කතාව කොහොමද කියන්නකෝ.. 😊😊

ස්වප්න සේයා 🎨🎨🎨

පළමුවන සේයාවට…. 🖌️🖌️🖌️

“අම්මා … ඔන්න මම ලංකාවට ආවෝ….. ” භූමි එයාර්පෝට් එකෙන් එළියට ආපු ගමන් අම්මට කතා කරලා කීවේ සතුටින් උඩත් පැනලා…

ඇය භූමි ආශිංසනා අබේවර්ධන …. ඇමරිකාවේ ඉහළ පෙළේ කම්පැණියක උසස් තනතුරක් දරන කමල් අබේවර්ධගෙත් සුජානි මැණික්බණ්ඩාරගෙත් බාල දියණිය ඇයයි… ඈට වඩා වසර හතරකින් වැඩිමල් සොහොයුරිය ඇමරිකාවෙම කෙනෙක් සමග විවාහ වී වෙනමම ජිවත් වෙනවා… ඉපදුන දා පටන් අවුරුදු විසි දෙකක්ම ඇමරිකාවෙම ඉන්න ඇයට… තම මවුපියන්ගේ මව් රටට යන්නට ඕනේ කියන හැගීම ඇති උනේ කුඩා කාලේ සිටමය…. ඒත් එහෙමම අවුරුදු විසි දෙකක් ගත උන තැන … ඇය හදිස්සියේම දෙමව්පියගේන් අමාරුවෙන් අවසර අරගෙන ලංකාවට එන්නේ … ඒ නිසාම නම් නෙමෙයි….

“හරි හරි චූටි දූ…

මම කිව්ව විදිහට ඉන්න ඕනේ…

මම ඔයාලගෙ මාමට පණිවිඩේ දීලා තියෙන්නේ..
.
එයාලා එයි ඔයාව එක්කන් යන්න…

අපි ලංකාවට එනකම් පරිස්සමින් ඉන්න ඕනේ දුව… හොදේ… ” සුජානි තම දුවගේ උද්‍යෝගය ගැන සතුටු උනත්… තමන්ගේ දරුවා ඈතකට යද්දී හැම මවකටම දැනෙනවා වගේ තිගැස්මක්, සංකාව නිසා ඇය ටිකක් විතර කලබලෙන් කිවාය…

තම මව කොයිවගේ කෙනෙක්දැයි දන්නා භූමි ඇයගේ කලබලය දුරකතනය තුළින් උවත් වටහාගෙන… ඈව සන්සුන් කිරීමට සිතා…

“හරි අම්මා..
මම අම්මගේ හොද දෝණි වගේ ඉන්නම්කෝ… හොදේ …

ආ… මේ ….
අම්මා මාව එක්කන් යන්න ඇවිත්..

එහෙනම් මම තියනවා හොදේ…

එහෙට ගිහින් ගන්නම්කෝ…. ” කියූ භූමි ඇමතුම විසන්දි කලේ … මව කලින් දවසක පවුලේ අයගේ පින්තූරවල පෙන්නපු ඇයගේ මාමාගේ පුතා නැත්නම් මස්සිනා… ඇවිත් උන්නු නිසා… ඒ නිසාම කෙල්ල හිමීට බෑගයත් අරගෙන ඒ දෙසට ඇවිද ගිහින්… වටපිට බල බලා ඇයව හොයන විකේශ්ගෙන්…

“එක්කියුස් මී…

ඔයා විකේශ් නේද… ” කියලා අහද්දී…. විකේශ් සුහදව භූමි එක්ක හිනාවෙලා…

“ආහ්.. භූමි …
මාව අදුරගත්තා නේද එහෙනම්…

තාත්තා මාව එව්වේ ඔයාව ගන්න…
කෝ දෙන්න බෑග්ස්…

කා එක පාර්ක් එකේ…
ඒ නිසා ටික දුරක් පයින් යන්න වෙයි….” කියලා විකේශ් කියද්දි කෙල්ල දගකාර විදිහට හිනාවෙලා… දුරකතනයේ තිබූ ඔහුගේ රූපය පෙන්නලා…

“මේක තිබ්බ නිසා අදුර ගන්න අපහසු උනේ නෑ … ” කියලා බෙල්ලත් ඇද කරලා කියද්දී… විකේශ් සාමාන්‍ය විදිහට හිනා උනේ…

“මට නිකමට වගේ හිතුනා … ” කියලා කියලමයි…

භූමිත් විකේශුත් දෙදෙනා සාමාන්‍ය විදිහට විස්තර කතා කර කර යද්දී එකපාරටම කව්දෝ තරුණයෙක් කාර් එක ඉස්සරහට පැනලා වගේ කාර් එක නවත්තද්දී… විකේශ් බ්‍රේක් එක ගැහුව විදිහට භූමි සීට් බෙල්ට් දාලා තිබ්බෙ නැත්නම් ඉස්සරහා වීදුරුවත් බිදගෙන ඉස්සරහා ඉන්න තිබ්බා…

මේ වෙච්ච දේ එක්ක භූමි කලබලයෙන් පාර දිහා බලද්දී … විකේශ් භූමි දිහා බලලා…

“ඔයා හොදින්ද …
මුකුත් ප්‍රශ්නයක් උනේ නෑනේ .. ” කියලා අහද්දී… භූමි ඔලුව දෙපස්සට වැනුවේ තිගැස්ම නිසා කතා කරන්නවත් තවම සවියක් නැති නිසාය… කෙල්ලගේ පිළිතුරෙන් සෑහිමකට පත් විකාශ් කාර් එකෙන් බැස්සේ… ඉස්සරහට පැනපු තරුණයා ගැන ගොඩාක් තරහින්…

“උබට මැරෙන්න ආස හිතිලද…අහ්…
එහෙමනම් වෙන විදිහකට මැරියන්…

මිනිස්සුන්ව අමාරුවේ දාන් නැතිව.. ” විකේශ් අඩියට දෙකට ඒ තරුණයා ළගට ගිහින් ඔහුගේ කොලර් එක අල්ලලා හොලවලා අහද්දී… භූමිත් කාර් එකෙන් බැස්සේ රණ්ඩු වලට තියන අකමැත්ත නිසාම එය වළක්වන්න හිතාගෙනයි…..

“අනේ සමාවෙන්න මිස්ටර් …
කාර් එක නවත්ත ගන්නයි මම එහෙම පැන්නේ…

හදිස්සියක්… අර එහා පැත්තේ කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා..
අනේ මල්ලි එයාව හොස්පිට්ල් එකට අරගෙන යමුකෝ…

එක වාහනයක්වත් නැවැත්තුවේ නෑ ..
අනේ සමාවෙලා එයාව අරගෙන යමු….” ඒ තරුණයා පාර එහා පැත්ත බලන ගමන් කලබලයෙන් කියද්දී භූමිත් බැලුවේ ඒ පැත්ත …

කිව්වත් වගේ දෙන්නෙක්ට වත්තම් වෙලා වයස පනහක් විතර වන මනුස්සයෙක් අමාරුවෙන් මේ දිහාවට එනවා දැකපු භූමි බැලුවේ විකේශ් දිහා…

“මේ අපිට බෑ …
ඕවලට උදව් කරලා පොලිසි ගානේ රස්තියාදු ගහන්න…

යමු භූමි යන්න.. ” විකේශ් කිසිම හිතක් පපුවක් නැතිව කියද්දී… භූමි ඔහු දෙස මේ සැරේ නම් බැලුවේ අපැහැදීමෙන්…

අද සමාජයේ ගොඩාක් අය මෙවැනි ප්‍රශ්න වලට අත දාන්නට කැමති නෑ… හොස්පිට්ල් ගානේ ගෙනිහින්… පොලිසිගානේ රස්තියාදු වෙන්නට බොහෝ අයට සිදූවීමත් නිසා… දැන් කෙනෙකුට උදව් කිරිමද මිනිසුන්ට අනවශ්‍ය කරදරයක් වෙලා…

විකේශ් ගේ පිළිතුරත් එක්ක අර තරුණයා අපැහැදීමෙන් වගේම කලබලයෙන් අනිත් අය දිහාට යන්නට හදද්දී…

“අයියා… එයාව ඉක්මනට අරන් එන්න …

අපි හොස්පිට්ල් එකට දාන්නම්… ” කියපු භූමි විකේශ් අතේ තිබ්බ යතුර බලෙන්ම වගේ අරගෙන…

“විකේශ් අයියේ… ඔයා අනිත් පැත්තෙන් නගින්න..
මම ඩ්‍රයිව් කරන්නම්..
පොලිසි ගානේ යන්න උනොත් මම උත්තර දෙන්නම්කෝ… ” කියපු ඇය …

“ඉක්මනට ඔයාලත් නගින්න… ” කියලා අනිත් පිරිසට කෑ ගැහුවේ ඩ්‍රයිව් සීට් එකට නගින ගමන්මයි …

“මේ අයියේ මට පාර කියනවද…
අදයි මම ලංකාවට ආවේ…

ඒ නිසා හොස්පිට්ල් එක තියෙන්නේ කොහෙද කියලා දන්නේ නෑ … ” භූමි ඩ්‍රයිවින් සීට් එකට එවලේ තිබ්බ පීඩනයට නැග්ගත් … ඊට පස්සෙයි ඇයට මතක් උනේ ඇය මෙහේ පාරවල් ගැන දන්නේ නෑනේ කියලා…

කොහොමහරි විකේශ් එහා අසුනේ ඉදන් භූමිට රව රව ඉද්දී… ඇය තරුණයාගෙන් පාර අසාගෙන ආවේ.. කටුනායක මෙඩිකෙයා එකට…

ඇක්සිඩන්ට් උනු ඒ මනුස්සයා හොස්පිට්ල් එක ඇතුලට අමාරුවෙන් යන්න කලින් කෙල්ලගේ ඔලුව අතගාලා…

“මගේ මැණිකට ගොඩාක් පිං … ” කියද්දී ඒ ආශිර්වාදයට කෙල්ලගේ ඇසුත් තෙත් උනේ ඉබේටමයි …

බොරුවට කියන්නන් වාලේ කරන ආශිර්වාද වලට වඩා… අපි හොද දෙයක් කරලා… ඒ වෙනුවෙන් ලැබෙන ආශිර්වාදය කොයිතරම් හිතට දැනෙනවාද… මිල මුදල් වැනි භෞතික දේවල් වලට වඩා.. අධ්‍යාත්මික දේවල් වලට හැකියි අපිව තෘප්තිමත් කරන්න…

“භූමී… සමාවෙන්න …
ඉස්සෙල්ලා හැසිරිච්ච විදිහට… ” වළව්වට යන අතරමගදී… පෙරදී කතා කර කර ආපු භූමී දැන් නිශ්ශබ්දව කාර් එකෙන් එළිය බල බලා යද්දී… විකේශ් කනගාටුවෙන් කියද්දී… සුසුමක් ඇරපු භූමී….

“මගෙන් සමාව ඉල්ලන්නේ ඇයි විකේශ් …
ඔයා මට වැරදක් කලේ නෑ …
ඔයා වරදක් කර ගත්තේ ඔයාටමයි…

මනුස්සයෝ උනාම.. ඔයිට වඩා මානුෂීව හැසිරෙන්න ඕනා..
නැත්නම් එයාලත් මනුස්සයෝ වගේ ඉන්න සත්තු වගේ වෙනවා…

ඒ නිසාවත් ආයි ඒ වගේ දෙයක් වෙන්න දෙන්නෙපා..
හැමවෙලාවෙම හිතන්නේ ඒ කරදරේ වැටිච්ච කෙනා අපේ කෙනෙක් නම් කියලා..

ආන්න එතකොට ඔයාට එයාට උදව් කරන්න අමාරු වෙන එකක් නෑ ….” විකේශ්ට කියලා….ටික වෙලාවක් ඉදලා නැවත කල්පනා කර කර කාර් එක එළවන… විකේශ්ගෙන් සාමාන්‍ය විදිහට…

“මෙහේ හරිම ලස්සනයි නේද අයියේ…
මේ ගස් කොළන්..
මේ වෙල…

අනේ අපි දවසක වෙලේ ඇවිදින්න එමු හොදෙ…
මම ෆිල්ම් වල නම් අනන්තවත් දැකලා තිබ්බත් ඒ අත්දැකීම විදලා නෑනෙ ….” කියලා කිව්වේ… අපහසු වාතාවරණය නැති කරන්න… භූමි හිතුවත් වගේම විකේශ් ගේ කනගාටුව නැතිවෙලා … ඔහු හිනාවෙලා…

“මේ අගෝස්තු නිවාඩු කාලනේ…
ළමයි වෙලේ සරුංගල් යවනවා…
අපි එමුකෝ… බලන්න.. ” කීවේ… කෙල්ල ආශාවෙන් මග දෙපස බලද්දී…

“විකේශ්… අ… අර කන්…ද මොකක්ද…. ” වටපිට බල බල හිටපු භූමි ගොඩාක් ලොකුත් නැති පොඩිත් නැති කදු ගැටයක් පෙන්නලා අහද්දී ……

ඊළග කොටසින්.