ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් කරන මගින් සඳහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාසිටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිලදී ගැනීම වහාම අත්හිටුවීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග නියෝග කර තිබෙනවා.
මෙම කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප මෙරට නිෂ්පාදනය නොකරන නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙම ප්ලාස්ටික් වතුර කෝප්ප වතුර ද සමග මිලට ගෙන ඇත්තේ ඩුබායි සමාගමකින්ය. මෙම වතුර සහිත කෝප්ප ප්ලාස්ටික් කෝප්ප මිලියන 03ක් වසරකට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගනු ලබයි. ඒ එක් කෝප්පයක් අමෙරිකානු ඩොලර් 7.80ක මිලකටයි. වසරකට දෙවරක් මෙම වතුර සහිත ප්ලාස්ටික් කෝප්ප මිලියන 03ක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලට ගෙන ඇත.
නව රජයේ පරිසර හිතකාමි ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ප්ලාස්ටික් කප් මින් ඉදිරියට භාවිතා නොකීරීමට ද තීරණය කර තිබේ. ඒ අනුව දේශීය සමාගමකින් සුදුසු කුඩා කෝප්ප සහ වතුර මිලදි ගෙන ගුවන් මගීන්ට ලබා දීමට නියමිතව ඇත.
ශ්‍රී ලන්කන් සමාගමේ මිලදී ගැනීමේදී දේශීය කර්මාන්තකරුවන්ට ප්‍රමුඛත්වයක් ලබාදෙන ලෙසයි මෙහිදී ඇමතිවරයා උපදෙස් ලබාදී ඇත