Mandatory Credit: Photo by Evan Vucci/AP/Shutterstock (10434333bm) Donald Trump, Sauli Niinisto. President Donald Trump speaks during a meeting with Finnish President Sauli Niinisto in the Oval Office of the White House, in Washington Trump, Washington, USA - 02 Oct 2019

ඉරානයේ ස්ථාන 52ක් වෙත ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවිමක් කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර සිටියේ ඉරාකයේ බැග්ඩෑග් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත එල්ලවු රොකට් ප්‍රහාර වලින් පසුවයි.

“ජෙනරාල් කාසීම් සොලෙයිමානීට එල්ලවු ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය මේ වන විට අමෙරිකාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කර තිබෙනවා. ඉරානයේ ස්ථාන 52ක් අප හදුනාගෙන තිබෙනවා. ඒවායෙන් සමහරක් ඔවුන්ගේ සංස්කෘතියට විශාල වශයෙන් වැදගත්වන ස්ථාන. මේ ස්ථාන ඉලක්ක කර ගෙන ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කරන්න අප පසුබට වෙන්නේ නැහැ. ඒ ප්‍රති ප්‍රහාරය ඉතා වේගවත් මෙන්ම දැඩි එකක් වේවි” අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් සදහන් කර සිටියා.

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සම්බන්ධ අනතුරු ඇඟවීම සිදුකර සුළු මොහොතකින් පසුව අමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප්ගේ මුහුණෙන් ලේ වැගිරෙන ආකාරයේ ජයාරූපයක් හැකර්වරුන් විසින් එම වෙබ් අඩවියේ පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

” කලාපයේ සිටින අපගේ මිතුරන්ට සහයෝගය දැක්වීම අපි නවත්වන්නේ නැත: පලස්තීනයේ, යේමනයේ, සිරියාව, ඉරාකයේ සහ බහරේනයේ, ලෙබනනයේ සිටින පිඩිත ජනතාව වෙනුවෙන් අප පෙනී සිටිනවා. ඒ වගේම එම කලාපයේ සිටින සැබෑ මුජාහිදීන්වරුන්ගේ සහය අපට හිමිවනවා”  යනුවෙන් ඉරාන සයිබර් ආරක්ෂණ ඒකකය නමින් හඳුන්වා ඇති එම හැකර් කණ්ඩායම තර්ජණාත්මක පණිවිඩයක් ද අමෙරිකානු රජයට අයත් එම වෙබ් අඩවියේ පලකර ඇත.