‘‘උඹෙ මූසල කම නිසයි මගෙ කොල්ලා නැතිවුණේ.. උඹට හොදක් වෙන් නෑ.. මගෙ අහිංසකයා”

රශ්වින්ගෙ අම්මා සදැසිගෙ ගෙදරටම ඇවිත් කෑ ගගහා ඇඩුවෙ හිතේ තිබුණු ආවේගෙ දරන්න බැරුව. අම්මා දන්නෙ නෑ සදැසි ප්‍රෙග්නන්ට් කියලා.

‘‘උඹට කතා කරපු මනමාලයා අපෙ ගෙදරටම ඇවිත් කිව්වා උඹෙ පැටිකිරිය. උඹේ මූසලකමටලු අම්මා නැතිවුණේ. ඒ කොල්ලා ගැලවිලා තියෙන්නෙ අනූ නවයෙන්.. ඕවා ආරංචි වෙලා උඹව අතඇරලා. ”

සදැසි ගල් ගැහිලා බලං හිටියා. අප්ච්චිටත් කර ගන්න දෙයක් නෑ..

‘‘අම්මෙ ඇති දැන්.. ”

රශ්මිකා අම්මව පාලනය කරගන්න දගලනවා.

‘‘අනේ..අම්මා.. ”

‘‘ඔය කදුලු වලට මාව රවට්ටටන්න බෑ.. ”

‘‘අම්මා ප්ලීස් යමු දැන්.. ඔහොම කෑ ගහලා හරි යනවාද? යමු”

රශ්මිකා බලෙන්ම අම්මාව ඇදගෙන ගියා

‘‘අප්පච්චි. ”

සදැසි හඩා වැටුනේ මේ වේදනාව දරන්න බැරුව

‘‘මගෙ පුතේ ඒ අම්මා කෙනෙක්ගෙ හිතේ තියෙන ගින්දර.. ඒ ගැන අමනාප වෙන්න එපා”

‘‘නෑ අප්පච්චි..මං තරහා නෑ..ඒත් දැන් මට හොදටම විශ්වාසයි රශ්වින්ට මොනවා හරි කරලා තියෙන්නෙ පවන්.. ඒ මිනිහා අපි දෙන්නගෙන්ම පළිගත්තා. ”

‘‘අපිට එයාලා එක්ක හැප්පෙන්න යන්න බෑ. අපි බලමු කාලයට ඉඩදීලා. ”

අප්පච්චි සදැසිගෙ ඔළුව අතගාලා එළියට බැස්සා.ඊට සතියකට පස්සෙ සදැසිගෙ ගෙදර ඉස්සරහා මිදුලෙ නතර කලේ කාර් එකක්..ඒකෙන් බැහැලා ගෙදරට ගොඩවුණු පවන් දිහා අප්පච්චි සදැසි වගේම මල්ලිලා තුන්දෙනත් බයවෙලා බලං හිටියා.

‘‘අන්කල් කොහොමද .. මට ආරංචි වුණා වෙච්චි කරදර ඇත්තටම කණගාටුයි… තවම රශ්වින් ගැන තොරතුරක් නැද්ද? ”

සදැසිට කෝපය පාලය කර ගන්න බැරිවුණා

‘‘අපෙන් අහන්නේ උඹනෙ මගෙ රශ්වින්ව අතුරුදහන් කළේ. ”

‘‘දෝණි..කට වහගන්න. ”

‘‘මහත්තයා එක්ක අපිට කිසි කතාවක් නෑ .කරුණාකරලා එළියට යන්න. නැත්නම් අපි පොලිසිට කියනවා”

‘‘හහ්.. තවම ලොකුකම නැතිවෙලා නෑ.. සදැසි …බලාගමු..දවසකට හරි උඹ මගෙ වෙනවා.. පරෙස්සමට ඉන්නවා.. ”

‘‘මේ මහත්තයා.. මං ඉන්නකල් මගෙ කෙල්ලට අත තියන්න හිතන්න එපා.. මං මැරුණත් ඒකි ආරක්ෂා කරනවා. ”

පවන් කට කොනින් හිනාවෙලා එළියට බැස්සෙ ඊළග ප්ලෑන් එක හිතේ ඇදගෙන.

‘‘සදැසි එදා ක්ලින්ක් එකට ගියේ තනියම. අප්පච්චිට එන්න බැරි වුණේ කොන්දෙ කැක්කුමක් නිසා.. මල්ලිලා ඉස්කෝලෙ ගිහින්.

ක්ලින්ක් එකට ගිහින් එද්දි හවස් වුණේ මිඩ් වයිෆ් නෝනගෙ ගෙදර ගිහින් කතා කර කර හිටපු නිසා.. මිඩ් වයිෆ් සදැසිගෙ පරණ යාළුවෙක්.

හවස් වෙලා හෙමීට පාරෙ ඇවිදගෙන ආපු සදැසි එකපාරම නතරවුණේ වෑන් එකක් හරස් කරපු නිසා.. ඔව් ඒක පවන්ගෙ වෑන් එක. සදැසිව බලෙන්ම වාහනේට ඇදලා දාගත්තෙ සදැසි කෑ ගහද්දි.

🌹🌹🌹🌹

‘‘කොහොමද ලොකු නෝනා. ”

පවන්ගෙ කට කොනේ තිබ්බ හිනාව දිහා සදැසි පුදුමෙන් බලං හිටියා.. අදුරු ගෙදරක අදුරු කාමරේක.

‘‘තමුසෙ ..මොකටද මාව අරං ආවේ”

‘‘දන්නෙම නැද්ද.කොයි තමුන්ගෙ මහලොකු ප්‍රේමවන්තයා . හස්බන්ඩ්. ”

‘‘තමුසෙ මගෙ රශ්වින්ට මොකද කළේ. ”

‘‘මොනවද නොකළේ අහනවා.ඌට ගහලා ගහලා. ගගෙන් පහළට තල්ලු කළා. ඌ දැන් මළවුන් අතර.. ”
‘‘පවන් හිනාවුණේ පිස්සුවෙන් වගේ. ”

සදැසිගෙ මුළු ඇගම පණ නැතිව ගියා

‘‘ඒ..ඒ.මොන අපරාධයක්ද? ”

‘‘ ඔව්. ඌ එදා මට ගැහැවෙ.. මං ඌව ඉවර කළා. ඌ මේ පවන්ට අත ඉස්සුවේ.. ”

‘‘අපරාධකාරයා.. මං පොලිසියට කියලා උඹව එල්ලුම්ගස් යවනවා. ”

‘‘ඒ උඹ මෙතනින් එළියට ගියොත්නෙ.දැන් ඉතිං මගේ වයිෆ් වෙනවා ..උඹව හිර කරගෙන ඉන්නව මං හැමදාටම. ”

‘‘පිස්සුද තමුසෙට”

සදැසි අඩියෙන් අඩිය පස්සට ගියා..පවන් අඩියෙන් අඩිය ඉස්සරහට ආවා.මේ රාත්‍රිය කොච්චර භයානකද? මේ මගේ අන්තිම රාත්‍රියද? සදැසිට එක පාරටම කල්පනා වුණා.පවන් සදැසිට අත තියන්න හදනකොටම කාමරේ දොර ඇරුණෙ පා පහරකින්. කළුපාට ඇදගත්තු භූතයෙන් වගේ පුද්ගලයෙක් කාමරේට ඇතුළු වුණා.මූණ පුරාම ඝන රැව්ල.

‘‘කවුද උඹ.. ”

පවන් කෑ ගැහැවා

‘‘උඹෙ මාරයා.. ”

අද්භූද පුද්ගලයා පවන්ගෙ බෙල්ලෙන් ඇදලා කනේ පාරක් ගැහැවෙ පවන්ව විසි වෙලා වැටෙන්න.සදැසි ඇස් පියාගත්තෙ පවන්ට වියරුවෙන් පහර දෙන හැටි බලං ඉන්න බැරුව.කටින් ලේ පනිනකල් ගහලා පවන්ව බිමට දාගෙනත් පෑගුවා.ඒ එක්කම පොලිසියෙන් කාමරේ ඇතුලට කඩං පැනලා පවන්ව අරගෙන ගියා.විනාඩියකින් කාමරේ සදැසි අද්භූත පුද්ගලා එක්ක තනි වුණා

‘‘සදැසි”

පුරුදු කටහඩක්..ඔහු කළු මූණේ තිබ්බ බොරු රැවුල ගැලෙව්වා.

‘‘දෙයියනේ රශ්වින් ”

සදැසිට සතුට වාවගන්න බෑ.කෙල්ල තත්පරේට රශ්වින්ට තුරුළු වුණා.

‘‘දියකිදුරි මගේ.. ”

සදැසිට ඉකි ගගහා ඇඩුවා

🌹🌹🌹🌹

එදා පවන් රශ්වින්ව පැහැරගෙන ගිහින් ගහලා ගගට තල්ලු කළාට රශ්වින් පීනලා ගොඩට ඇවිත්..කොල්ලට හොද ශක්තියක් තිබ්බා.රශ්වින් වෙස් වලාගෙන හෙමීට පවන්ගෙ හොර ඔක්කොම හොයා ගෙන. පවන්ව අතටම අල්ලලා පොලිසියට දෙන්න ඕනෙ නිසයි මෙහෙම ඉදලා තියෙන්නෙ.

පවන් කුඩු බිස්නසුත් කරන අපරාධකාරයෙක්. රශ්වින් පවන් ගැන ඇහැ ගහගෙනම හිටපු නිසා සදැසිව කිඩ්නැප් කරන එක ගැනත් හොයාගෙන.

‘‘දිය කිදුරි මගේ.. ”

රශ්වින් කෙල්ලගෙ කනට කෙදිරුවා. රශ්වින් සදැසි එක්ක ආවෙ නුවර තිබ්බ ලස්සන හොටෙල් එකකට‍ ආවා.

‘‘සිද්ද වෙච්ච දේවල් හීනයක් වගේ රශ්වින්. මේ මාස තුන මං ගෙවා ගත්ත හැටි කියන්න මට වචන නෑ.. ”

සදැසිගේ ඇස් වල කදුලු පිරුණා.රශ්වින් ගාර්ඩ්න් එකේ බංකුවේ ඉදගෙනම සදැසිව තුරුළු කරගත්තා.

‘‘දැන් අඩන්න එපා .. මං ආවනෙ..මං ඉදලා හිටලා ඇවිත් ඔයාව බලලත් ගියා. ඔයා ටවුන් එකට එහෙම එළියට යන වෙලාවට. ”

‘‘ඇයි මට කතා නොකලේ. ”

‘‘එහෙම කලා නම් මට පවන්ව කොටු කරගන්න බැරි වෙනවා. මං මැරුණු බව හිතාගෙන හිටපු නිසයි මට පහසු වුණේ. ඇත්තටම මට පවන් මාව මරන්න හැදුව එකට කිසිම සාක්ෂියක් තිබුණෙ නෑ.. එදා උගෙ කටින්ම ඔයාට ඒවා කියද්දි රෙකෝර්ඩ් කරගත්තා. ”

‘‘දැන් ඕවා අමතක කරමු..කොයි මගේ චූටි දියකිදුරි”

රශ්වින් සදැසිගෙ කුසට අත තිබ්බා.

‘‘දියකිදුරියක්ද ඉන්නෙ..ඔයා දොස්තරද? ”

‘‘බෝල ඇස් තියෙන දියකිදුරියක් තමා ඉන්නෙ. ”

සදැසි හිනා වුණා.රශ්වින් සුපුරුදු සිංදුව පටං ගත්තා.

‘‘දියකිදුරිය සේ සාගරේ… ”