‘‘ඒත් කිව්වෙ.. ”

‘‘මේකයි සදැසි.. අප්පච්චිගෙ හිතට ශොක් එකක් වගේ වෙන්න ඇති ඔයා ගියේ පවන් නිසා නෙවෙයි කියලා දැන ගත්තම. ඒ නිසා අප්පච්චිගෙ හිත රිදෙන දෙයක් කරන්න හොද නැති වෙයි. ”

‘‘ඔයා මොනවද කියන්නෙ රශ්වින්”

‘‘තේරුම් ගන්න කියන දේ .. මේ ටික කාලෙ අපි ගෙවා ගමු. මාව විශ්වාස කරන්න. මං කවදාහරි මැරි කරන්නෙ ඔයා විතරයි. ”

‘‘අනේ. ”

‘‘දැන් ඇති.යමුකො මට බඩගිනියි.කොයි වොශ්රූම් එක”

රශ්වින් අහද්දි සදැසි බයවෙලා කොල්ලා දිහා බැලුවා.

‘‘වොශ්රූම්? ”

‘‘ඔහ් සොරි බබා. මට පුරුද්දට කියැවුණා”

‘‘අපේ දුප්පත් ගෙදර ඒවා නැහැ රශ්වින් . ළිදෙන් නාන්න වෙන්නෙ. ”

‘‘අවුලක් නෑ”

‘‘මං වතුර ඇදලා දෙන්නම්”

‘‘ඇයි මට බෑ කියලද හිතුවෙ”

‘‘අපොයි ඔයාට ඕවා පුරුදු නෑනෙ. ඔයා ළිදට වැටුණොත් එහෙම”

‘‘ඒක තමා..තමුසෙත් එනවා දිය රෙද්දක් ඇදගෙන. දෙන්නම නාමු. ”

‘‘චී..ලැජ්ජා නැද්ද ඔයාට”

‘‘ඇයි. ”

‘‘මට බෑ.ඔයා නාන්න”

‘‘හරි හරි මැඩම් මං තනියම නාන්නම් ඔයා කෑම රත් කරන්නකො. ”

කොල්ලා සදැසිගෙ කරට අත දාගෙන ගෙට ඇතුළු වුණා.කෑම කාලා ඉවරවෙලා සදැසි අප්පචිචිගෙ කාමරේ කොල්ලට නිදන්න ලෑස්ති කරලා දුන්නා.රශ්වින් සදැසිගෙ නළල මත මුදු හාදුවක් තියලා කාමරේට ගිහින් නිදාගත්තා.

රශ්වින් කොච්චර හොද කොල්ලෙක්ද ..

සදැසි මල්ලිලා ළගින් හාන්සි වෙන ගමන් හිතුවෙ කොල්ලා ගැන ඇත්තටම පැහැදීමෙන්.පහුවදා උදේ රශ්වින් කියපු විදිහටම මල්ලිලාවත් එක්කගෙන රශ්වින්ගෙ ගෙදරට ගිහින් ඇරලලා සදැසි හොස්පිට්ල් එකට ගියා.

අප්පච්චිට එතකොට සිහිය ඇවිත්.රශ්වින් අප්පච්චිට එයාව නොපෙනී ඉන්න වග බලා ගත්තා. දවස් තුනක් පුරාවට සදැසි අප්පච්චි බලන්න හොස්පිට්ල් එකට ආවා. හිතුවෙ නැති විදිහට රශ්වින්ගෙ තාත්තා එක්ක අප්පච්චි හිතවත් වුණා. අප්පච්චිගෙ ටිකට් කැපුවට පස්සෙ සදැසි අප්පච්චිව එක්ක ආවෙ රශ්වින්ගෙ කාර් එකේමයි.

කාලෙ හෙමින් හෙමින් ගතවුණා. ආපහු සදැසි පරණ විදිහටම එයාගෙ ගෙදරට වෙලා ජීවත් වූණා. රශ්වින් ලොකු අයියා වගේ යුතුකම් ඉෂ්ට කළා. රශ්වින් සතියකට වතාවක් ගෙදරට බඩු මුට්ටුත් අරගෙන සදැසිලාව බලලා යන්න ආවා. ඒත් අප්පච්චි ඉස්සරහා සදැසිට සැලකුවේ සහෝදරියකට වගේ..සදැසිට වෙලාවකට මාර දුකයි..සදැසි දන්නවා කොල්ලත් ඉවසන් ඉන්නෙ පුළුවන්වට නෙවෙයි කියලා.

ආයෙත් සැරයක් සදැසිව ගෙදරින් එළියට එක්ක යන්න රශ්වින් උත්සහ කලේ නෑ.හැමදේම හොද විදිහට සිද්ද වුණත් අප්පච්චි දුන්නු වචනෙ වෙනස් කළේ නෑ. සදැසිගෙ මගුල පවන් එක්කම කරන්න ගත්ත තීරණේ වෙනස් කලේ නෑ. දවසක් සදැසි ළිදෙන් ඇදලා මල් වලට වතුර දදා ඉද්දි ගේ දොරකඩ කාර් එකක් නතර කළා.

කාර් එකෙන් බැහැලා එන පවන් දිහා සදැසි බයවෙලා බලං ඉද්දි අප්පච්චිත් මිදුලට බැස්සෙ කාර් එකේ සද්දට.

‘‘අන්කල්..කරදරයක් වුණා කිව්වනෙ..ඇත්තටම මං මෙහෙ හිටියෙ නෑ.බිස්නස් වැඩකට අබ්‍රෝඩ් ගියා.සොරි අන්කල්”

පවන් සදැසි දිහාවටත් බැල්මක් හෙලලා අප්පච්චිට කාත කරන හැටි සදැසි බලං හිටියා..ආයෙත් සැරයක් පවන් එයි කියලා සදැසි හිතුවෙ නෑ.

‘‘ ඒකට කමක් නෑ මහත්තයා”

‘‘අන්කල් අපෙ මැරේජ් එක ඉක්මණ් කරන්න කියලා ගෙදරින් බර බරේ.. ”

‘‘හ්ම්..එදා ඔය දරුවගෙ දෙමව්පියොත් ඇවිත් මාව බලලා ගියා”

‘‘අන්කල්..අපි වැඩේ ඉක්මන් කරමු. ”

‘‘බලමුකො මහත්තයා..මං ගෙදරට පණිවිඩයක් එවන්නම්කො”

‘‘අන්කල් වතුර එකක් බොමුද? ”

පවන් ඇහැවෙ සදැසි දිහා බල බලා

‘‘දෝණි..මේ මහත්තයාට වතුර එකක් ගෙනාවනම්”

සදැසි ගේ ඇතුලට ගියා..අප්පච්චි පවන් එක්ක ඉස්තෝප්පුවේ වාඩිවුණා.

‘‘මහත්තයා එදා වෙච්චි දේ ගැන කණගාටුයි”

‘‘මං ඔක්කොම දන්නවා අන්කල්..මටත් එදා තරහා ගියා සදැසි ගිහින් කිව්වම”

‘‘මං කැමති නෑ දුන්නු වචනෙ වෙනස් කරන්න..ඒත් දෝණිගෙ හිත නම් මහත්තයාට නෙවෙයි”

‘‘ඕවා බැන්දට පස්සෙ හරියයි අන්කල්..ඔය වයසට කාටත් ඔය වගේ සම්බන්ධකම් තියෙනවා”

සදැසි ගෙනත් දුන්නු වතර වීදුරුව පවන් අරගත්තෙ සදැසිගෙ අතැගිලිත් හිතලම අල්ලන ගමන්.සදැසි වෙව්ලලා ගියා.ඒ ඇස් වල බැල්මට සදැසි රත්වුණා. පවන් ගියාට පස්සෙ අප්පච්චි සදැසිට කතා කළා.

‘‘දෝණි.මං මෙච්චර දවසක් නොකීවෙ මේ තීරණේ මං ගත්තෙ මගෙ අසනීපකම් ගැන දැනගෙනමයි. ඒ වෙනකොට රශ්වින් මහත්තයා ගැන මං දන්නෙ නෑ. මට දුන්නු වචනයක් වෙනස් කරන්න බෑ.මට තේරෙනවා දෝණිට ගැලපෙන්නෙ මේ හාදයා නෙවෙයි කියලා. පවන් මහත්තයාම දෝණි අතඇරියොත් මට හිත හදාගන්න පුළුවන්”

‘‘ඇයි එහෙම කියන්නෙ අප්පච්චි. දැන දැන මාව දුකට ඇදලා දාන්නෙ ඇයි. ”

සදැසි ඉස්තෝප්පුවෙ වාඩි වුණා.

‘‘අප්පච්චි දන්නවද පවන්ට වෙන සම්බන්ධයක් තියෙනවා. රශ්වින් ඒ විස්තර ඔක්කොම හොයා ගෙන. මට ඒ ෆොටොත් පෙන්නුවා. මට වෙන්නෙ වහ බොන්න”

‘‘මොනවා. ඇයි දෝණි මට මේවා නොකීවෙ. ”

‘‘අප්පච්චි දැඩි තීරණේක ඉද්දි ඕවා කියලා වැඩක්ද? ”

‘‘මට සමාවෙන්න දෝණි. එහෙම නරුමයෙක්ට දුන්නු වචනෙ නිසා මං දෝණිව දෙන්නෙ මොකටද? රශ්වින් පුතාට කියන්න මාව මුණ ගැහෙන්න කියලා. අපි තීන්දු කරගත්ත දවසට ඔයාලා දෙන්නගෙ කසාදෙ කරලා දාමු. ඇත්තටම මං බයේ හිටියෙ හදිසියේ මං නැතිවුණාම දෝණිව,මල්ලිලාව බලාගන්නෙ කවුද කියලා. දැන් මගේ හිත නිදහස්.රශ්වින් පුතා ගැන මට විශ්වාසයි. ”

සදැසිට දැනුනෙ කියාගන්න බැරි සැනසීමක්.සදැසි ඒ වෙලාවෙම රශ්වින්ට කෝල් එකක් ගත්තා..

‘‘දිය කිදුරි..මොකෝ මේ අවේලාවෙ..මං වැඩ කියලා දන්නෙ නැද්ද? ”

‘‘දන්නවා..ඒත් මට කතා කරන්න ඕනෙ”

‘‘මොකද්ද හදිස්සිය”

‘‘මේක ඇහැවම ඔයා දැන්නම මෙහෙ එයි. ”

‘‘ඒ මොකද?අප්පච්චි දුව මට දෙන්නම් කීවද? ”

‘‘ඔයා කොහොමද දන්නෙ”

‘‘ඒ කියන්නෙ වැඩේ ගොඩද? ”

සදැසි පවන් ආපු වෙලේ ඉදලා සිද්ද වෙච්ච දේවල් ඔක්කොම කොල්ලට කිව්වා.සදැසිගෙ අතැගිලි ඇල්ලුවා කියද්දි නම් රශ්විනට යකා නැග්ගා

‘‘මං ඕකාට හොද වැඩක් කරන්නම්කො”

‘‘අනේ දැන් තරහා ගන්න එපා..අප්පච්චි හම්බු වෙන්න එන්නකො ඔයා”

ඉතිං හැම ප්‍රශ්නයක්ම ලස්සනට විසදුනා. අප්පච්චි මේ කසාදෙ නොවෙන බවට පවන්ගෙ ගෙදරට දැනුම් දුන්නා. පවන් ඇවිත් අප්පච්චිටත් කෑ ගහලා ගියා..ඒත් අප්පච්චි ඒවා තඹේකට ගණං ගත්තෙ නෑ.

ඒ ලස්සන දවසෙ සදැසි රශ්වින්ගෙ මනමාලි වුණා.රශ්වින් අරං දුන්නු ලස්සන වෙඩිං සාරි එක ඇදලා පෝරුවෙන් බහින සදැසි දිහා අප්පච්චි සතුටු කදුලු පිහ පිහ බලං හිටියා.මල්ලිලා දෙන්නා අප්පච්චිගෙ දෙපැත්තෙන් හිට ගෙන අක්කා දිහා බලං හිටියා.රශ්වින් හිටියෙ හරිම සංතෝසෙන්.කොල්ලා නෑදෑයොන්ට කතා කරන ගමන් ලැබුණු හැම මොහොතකම සදැසි එක්ක කතා කලා.සදැසි හිටියෙ බය වෙලා කියලා කොල්ලා දන්නවා.යාළුවො ගැන්සිය ඇවිත් රශ්වින්ව බාර් එක පැත්තට ඇදගෙන යන්න හැදුවට කොල්ලා ගියෙ නෑ.

‘‘රශ්වින්..උඹ අද බොන් නැත්තං කවද්ද බොන්නෙ බං”

යාළුවො කෑ ගැහැවා.යාළුවො සදැසිටත් විහිළු කරන බව දන්න නිසා රශ්වින් කෙල්ලගෙ අත තදින් අල්ලගෙනම

ළගටම වෙලා හිටියා.

දවස ගෙවුණෙ පුදුම ඉක්මණින්. අප්පච්චියි මල්ලියි අද ඉදලා තනි වෙනවා..සදැසි මල්ලිලා දේනනම තුරුලු කරගෙන ඇඩුවා.රශ්වින් පොඩි දෙන්නව දෙපැත්තට වඩා ගත්තා..

‘‘ අපි ඉක්මණට අලුත් ගෙයක් හදනවා..එතකොට ඔයාලා දෙන්නත් එන්න ඕනෙ හරිද? අපි එක්ක ඉමු..අප්පච්චිත් එක්ක”

රශ්වින් පොඩි දෙන්නට අලුත් බලාපොරොත්තුවක් දුන්නා.සදැසි සැනසුම් සුසුමක් හෙලුවා.


‘‘මං කිව්වෙ නැද්ද දියකිදුරිට හැමදේම හොදට විසදෙයි කියලා. ”

2රශ්වින් රූම් එකට ඇතුලු වෙනකොටම කෙල්ලගෙ කනට කෙදිරුවා.සදැසි බිමට හිනාවෙනවා. සදැසි සුදු පාට වෙඩින් සාරිය ඇදලා හරිම ලස්සනයි. රශ්වින් නිල් පාට ෆුල් සූට් එකක් ඇදලා.

‘‘ඒයි බිම බලාගෙන ඉදලා හරි යන් නෑ.. එනවා යන්න”

‘‘කො..කොහෙද? ”

‘‘වොශ්රූම් එකට.. මං කලින්ම වතුර බකට් එකක් ඕඩර් කළා. තමුසෙව ඔහොමම ඔබලා ගමු..දිය කිදුරි මගේ. ”

‘‘පිස්සුද රශ්වින්”

රශ්වින් හිනාවනවා. සදැසිත් හිනාවුණේ රශ්වින්ගෙ පිස්සු කතා වලට.

‘‘දියකිදුරිය සේ සාගරේ. ”

කොල්ලා සිංදුව පටං ගත්තා.සිංදුව කිය කිය කෙල්ලව වට දෙක තුනක් කරකලා ළගට ඇදගත්තා.

‘‘මගේම වෙනවද ඔයා. ”

රශ්වින්ගෙ ඇස් දිලිසෙනවා. සදැසි ලැජ්ජාවෙන් බිම බැලුවා.රශ්වින් මෘදු විදිහට කෙල්ලගෙ දෙතොල් සිපගත්තා.සදැසිට මේ ආදරේ මහ මෙරක්.. කණ්ණාඩි මේසෙ ළග ස්ටූල් එකේ සදැසිව ඉන්දවලා රශ්වින් හෙමීට කෙල්ලගෙ නළල් පට ගැලෙව්වෙ කෙල්ලට නොරිදෙන්න.කොණ්ඩෙට ගහලා තිබුණු කොණ්ඩ කටුත් හෙමීට අයින් කරලා තෝඩු දෙකත් ගලවලා මාල හතත් හෙමීට ගැලවුණේ කොල්ලගෙ අතින්මයි..රශ්වින් සදැසි දිහා කණ්ණාඩියෙන් බලාගෙනම ඒ කන් පෙත්තක දෙතොල් තිබ්බා.සදැසි ඇස් පියා ගත්තා.

රශ්වින් ගෙ අතින් ගැලවෙන ඔසරි පොටින් පේන ගෙල දිහාට කොල්ලගෙ දෙතොල් තද වෙන කොට සදැසි හුස්ම අල්ලගෙන බද වටේ ගිහින් තිබ්බ රශ්වින්ගෙ අනිත් අත තදින් අල්ලගත්තා.රශ්වින්ගෙ ඇස් රතු වෙලා..මත් බවින් පිරුණු ඒ ඇස් වල බැල්ම කෙල්ලට දරා ගන්න බෑ.

‘‘දිය කිදුරි..රිදවන් නෑ මං.. ”

රශ්වින් සදැසිගෙ කනට කෙදිරුවා.

🌹🌹🌹🌹🌹🌹

‘‘සර් රූම් සර්විස්

සර් රූම් සර්විස්”

පාන්දර දෙකට විතර රශ්වින් ඇස් ඇරියෙ දොරට තඩිබාන සද්දෙ නිසා.

‘‘ෂිට් මොකාද අප්පා මේ මහ රෑ රූම් සර්විස්”

සදැසි රශ්වින්ට තවත් ගුලි වුණා

‘‘සර් රූම් සර්විස්”

‘‘සදැසි..ඉන්නකො පොඩ්ඩක්”

‘‘ම්..ඇයි.. ”

‘‘රූම් සර්විස් එකෙන් කතා කරනවා.. ”

‘‘ඇයි ඒ”

‘‘ඒක තමා පිස්සුද කොහෙද.උන්ට අමතලා එන්නම්. ”

රශ්වින් සදැසිට සීට් එක පොරවලා නැගිට්ටා.කොල්ලා දොර ඇරියෙ හොදවයින් දෙකක් කියන්න. ඒත් දොර ඇරිය ගමන් රශ්වින්ට හිතා ගන්න බැරිවුණේ නහයට රෙදි කෑල්ලක් අල්ලපු නිසා.සදැසි බය වෙලා යටි ගිරියෙන් කෑගහනකොටම එහා පැත්තෙ රූම් එකේ දොරක් ඇරෙනවත් ඇහුණා. සිහි නැතිවුණු රශ්වින්ව උස්සගෙන තුන්දෙනෙක් විනාඩියට පැනගත්තෙ සදැසි බයවෙලා කෑ මොර දෙද්දි.

🌹🌹🌹🌹🌹

හැමදේම හීනයක් වෙලා…රශ්වින් අතුරුදහන් වෙලා අදට දවස් තුනයි. සදැසි එක වේලක්වත් හරියට කෑවෙ නෑ..රශ්වින්ගෙ අක්කා රශ්මිකා කෑ ගගහා ඇඩුවෙ මල්ලිට වුණ දේ හිතාගන්න බැරුව.

‘‘මට සමාවෙන්න අක්කෙ..මගෙ අවාසනාව තමා ඔක්කොටම මුල.. රශ්වින්ව මට මුණු ගැහුණු දවසෙ මං හිතුවෙ එදා රෑ මගෙ අන්තිම රාත්‍රිය වෙයි කියලා. මොකද එයා නැත්නම් එදා මං මැරිලා..එදා අපි හම්බවුණේ නැත්නම් රශ්වින්ට මෙහෙම වෙන්නෙ නෑ. ”

‘‘ දැන් ඕවා කතා කරලා වැඩක් නෑ නංගි..ඔයා මෙහෙ ඉන්නවද? ”

‘‘ඔව් අක්කෙ. මං අප්පච්චි එක්ක ඉන්නම්. ”

‘‘මං නම් හිතන්නෙ පවන්ම තමා ඕක කරන්න ඇත්තෙ”

‘‘ඒත් පොලිසියෙන් කියන්නෙ පවන් එදා හිටියෙ කොළඹ කියලනෙ. ”

‘‘කවුද ඇත්ත දන්නෙ නංගි. ”

උත්තර නැති ප්‍රශ්න ගොඩක් එක්ක මාස දෙකක් ගතවුණේ රශ්වින් ගැන කිසිම තොරතුරක් නැතිව.

රශ්වින් සුන්දර මතකයක් වෙලා..හැමදාම සදැසි රෑට මිදුලෙ බංකුව උඩ ඉදගෙන අහස දිහා බලාගෙන ඒ මතකයන් වල කිමිදෙනවා.රශ්වින්ගෙ බැල්ම..කතාබහ…හිනාව…ඒ ආදරේ…ඒ ඉගිබිගි…ඒ උණුහුම….

සදැසි ඒ ආදරේ බලාපොරොත්තුවෙන් දවස ගෙව්වා..දන්න කියන හැම දෙවියෙක්ටම බාර වුණේ රශ

‘‘ඇයි දෝණි. ”

සදැසි උදේ වමනෙ දාද්දි අප්පචිචි ඇහැවෙ කරුණාවෙන්..සදැසිට තවත් හංගගෙන ඉන්න බැරිවුණා

‘‘අප්පච්චි”

සදැසි අප්පච්චිගෙ පපුවට බර වුණා. කෑ ගගහා අඩන සදැසි නොකියා කියන කතාව අප්පච්චිට තේරුණා.

‘‘දැන් අඩලා වැඩක් නැහැනෙ. සතුටු වෙන්න තනියට රශ්වින් පුතා වගේම කෙනෙක් එන එක ගැන. ”

කසාද බැදලා ගෙවුණු ඒ රාත්‍රිය රශ්වින් එක්ක ගෙව්ව පළවෙනි වගේම අන්තිම රාත්‍රියත් වුණා.

‘‘රශ්වින් ..ඔයා මට ඔයාගෙ සුවද විතරක් උරුම කරලා දාලා කොහෙද ගියේ රශ්වින්..මං කොහොමද මේ බර දරාගන්නෙ. ”

සදැසි කෑ ගහලා අඩද්දි අප්පච්චි සදැසිගෙ ඔළුව අතගෑවා