රශ්වින් කාර් එකෙන් බැස්සෙ මූණට අමුතු පෙනුමක් අරගෙන .වෙන්න යන දේ කොල්ලට ඉවෙන් වගේ තේරුනා..සදැසිට කතා කරගන්නවත් බෑ.. තුෂ්ණිම්භූත වෙලා…කෙල්ල ඇසි පිය නොහෙලා බලං ඉන්නවා..

පවන් චරිත් එක්ක කාර් එක හරස් කරගෙන පාරෙ හිටියා….පවන් හිටියෙ හොදට ම කේන්තියෙන්..වෙලා තියෙන දේ ගැන සදැසිට හිතා ගන්නවත් බැරිඋනා..රශ්මිකා අක්කා එක්කගෙන ගියාට ඇරලන්න ආවෙ නෑ..රශ්වින් එක්ක හිනාවෙවී හිටියට ඒ ගැන අහන්නත් කෙල්ලට බැරි උනා..

රශ්වින් කාර් එක ඉස්සරහට ඇවිත් කෙලින්ම පවන් දිහා බැලුවා. පවන් දත් මිටි කාගෙන රශ්වින් දිහාට පනිද්දි සදැසි ඇස් දෙක වහගත්තෙ වෙන්න යන දේ බලා ඉන්න බැරුව..ඒත් රශ්වින් හිටියෙ සූදානමින් ..පවන්ගෙ පහර වළක්වගෙන රශ්වින් දෙකට නැමුනා..ඒත් රශ්වින් පවන්ට අත ඉස්සුවේ නෑ..පවන් ආයෙත් යකා වගේ රශ්වින්ට ගහන්න පැන්නා..ඒත් රශ්වින් දකුණු අතින් ඒ පාර වළක්වගෙන පවන්ගෙ කනට පාරක් ගැහැවෙ පවන් නොහිතුව විදිහට..

‘‘උඹට මම.. ”

පවන් එක්කම චරිත් සටනට බැස්සෙ මොකක් උනත් යාලුවා ගුටි කනවා බලං ඉන්න බැරි නිසා..ඒත් රශ්වින්ට දෙන්නෙක් වැඩි උනේ නෑ..යාලුවො දෙන්නට වෙච්චි දේ හිතා ගන්න බැරි උනා..දෙන්නම දෙපැත්තෙන් අල්ලගෙන බෙල්ලෙන් තද කර ගත්තෙ ෆුල් වීරිය යොදලා.

‘‘උඹලා රශ්වින් කවුද කියලා දන් නැතුව ගේමට එන්ටර් උනු නිසා පාඩුවෙ අත අරිනවා….ඒත් ඊලග පාර එනකොට මං ගැන හොයලා බලලා එනවලා..නිකම් ඉස්පිරිතාලෙ ඇදවල් පුරවන් නැතිව.. ”

පවන්ට කතා කර ගන්නවත් පණ නෑ..සදැසි ඇස් ඇරියෙ ඒ මොහොතේ.. රශ්වින් අර දෙන්නට කෑගහන හැටි බලං හිටපු කෙල්ල හෙමීට කාර් එකෙන් බැස්සා.. සදැසිට දැනුනෙ සැනසීමක්..රශ්වින්ට කරදරයක් නෑ.

‘‘රශ්වින් ප්‍රතාපසිංහ ..නම මතක තියා ගනිල්ලා..ඒ වගේම සදැසි මගෙ වයිෆ් වෙනවා..තවම මැරි නොකලට ඒකි මගෙ වෙලා ඉවරයි..එදත් මං ඒක පැහැදිලි කලා..අදත් කියනවා.තුන්වෙනි පාර කසාද සහතිකේ පෙන්නනවා.. මගෙ වයිෆ් දිහා වැරදි ඇහැකින් බලන ඕන බල්ලෙක් කූඩුවට යවන්න මං එවර් රෙඩී..උඹලා දෙන්නා ගැන අනුකම්පා කරලා පැහැදිලි කලේ.. ”

සදැසි ඇස් උඩ තියාන බලං හිටියෙ රශ්වින්ගෙ නපුරු මූණ දිහා..කෙල්ල වෙව්ලනවා ..රශ්වින් කෙල්ලව දැක්කෙ ඒ වෙලාවෙ…

‘‘සදැසි උඹ මොනවද බලං ඉන්නෙ.නගිනවා කාර් එකට..මං උඹට බහින්න කිව්වද.. ”

සදැසි තත්පරේට කාර් එකට නැග්ගා..රශ්වින් දෙන්නව අතඇරියෙ එයාලගේ කාර් එක දිහාට තල්ලු කරලා..

‘‘උඹට විදවන්න වෙයි රශ්වින්.. ”

පවන් කටට පණ ආපු ගමන් කෑගැහැවා..

‘‘මොකද මදිද උඹට ”

රශ්වින් අඩිය ඉස්සරහට ගත්දිම චරිත් පවන්වත් ඇදගෙන කාර් එකට නැග්ගා..චරිත්ට උනේ හිතුවෙ නැති දෙයක්..අම්බානකට කාපු කෑම ජීවිතේටම ඇති..වටපිටේ කවුරුවත් නැති නිසා ලැජ්ජාවෙන් බේරුනා..මේකට අත දැම්මට තමන්ටම දොස් කිය කිය චරිත් කාර් එක ස්ටාර්ට් කලා..රශ්වින් එතනන් ඉවත් වෙන කාර් එක දිහා බලං හිටියෙ වියරු ඇස් වලින්.රශ්වින් ඇවිත් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගත්තම සදැසි තවත් ගැහෙන්න ගත්තා..රශ්වින් වියරු ඇස් කෙල්ල දිහාට යොමු කලා.

කෙල්ල ගිඩි ගිඩි ගාලා ගැහෙන හැටි දැක්කම කොල්ලට මාර අප්සෙට් එකක් දැනුනා..රශ්වින් තත්පරේට මුණ හදා ගත්තා..

‘‘දියකිදුරි ..මොකද මේ.. ”

සදැසි ඇස් ලොකු කරගෙන බලං හිටියෙ විනාඩි කීපෙකට කලින් හිටපු රශ්වින්මද මේ කියලා..

‘‘මොකද ගැහෙන්නෙ.. ”

‘‘නෑ..නිකම්….. ”

‘‘මදිද උන්ට සැලකුවා..ලැජ්ජාවක් තියෙනවා නම් ආයෙ ඔයාගෙ ගෙවල් පැත්තෙ පස් පාගන් නැතිවෙයි… ”

‘‘ රශ්වින් ..එයාලා පොලිසියට කියයිද.. ”

‘‘කිව්වොත් මං බය වෙයි කියලද..විකාරද.. ”

‘‘අනේ රශ්වින් ..දැන් ගෙදරට යන්නෙ කොහොමද ..අප්පච්චි ගෙදර ඇති”

‘‘දැන්ද ඒක මතක් උනේ..ඔච්චර වෙලා හිචි හිචි ගගා හිටියෙ ”

‘‘හරි නරකයි ඔයා..ඇයි මට බනින්නෙ.. ”

‘‘බැන්නෙ නෑනෙ..නිකම් කිව්වා විතරනෙ… ”

‘‘මං මගට ඇරලන්නම්..තමුසෙ බය නිසයි එහෙම කරන්නෙ..නැත්නම් ගෙදරට එනවා.. ”

‘‘එපා එපා…මං යන්නම්…ඒත් අර පවන් අපෙ ගෙදර ගිහින්ද දන් නෑ..ඔක්කොම විනාසයි එහෙනම්.. ”

‘‘මං එන්නම් යන්න.. ”

‘‘එපා. ”

‘‘කිව්වනෙ.. ”

රශ්වින් නිහඩව කෙල්ලගෙ ගෙදරට කාර් එක දැම්මා..කාර් එක නවත්තන කොටම සදැස් දුවගෙන ආවෙ කෑ ගහගෙන..සදැසි වගේම රශ්විනුත් තත්පරේට කාර් එකෙන් බැස්සා

‘‘අක්කෙ..අනේ අක්කෙ..අප්පච්චි වැටිලා..අනේ එයා කතා කරන් නෑ..බයයි මට”

සදැස් අඩ අඩ කියද්දි සදැසිට කලන්තෙ වගේ.සදැසි එතනම ගල් ගැහිලා බලං ඉද්දි රශ්වින් වේගෙන් ගේ දිහාට දිව්වා..අප්පච්චි ඉස්තෝප්පුවෙ වැටිලා පපුව අල්ලගෙන ඉන්නවා…නිදැස් අප්පච්චි ගෙ පපුව අත ගානවා..

‘‘ඔහ් නෝ…සදැසි ඉක්මන් කරන්න..අප්පච්චි ව හොස්පිට්ල් ගෙනියමු… ”

රශ්වින් කෑ ගැහැවා..රශ්වින් අප්පච්චිව උස්සගෙන කාර් එකට දාගත්තා. සදැසි මල්ලිලා දෙන්නවත් තුරුළු කරන් කාර් එකට නගින්න හැදුවා.

‘‘එපා සදැසි. ඔයා මල්ලිලා එක්ක ඉන්න.. බය වෙන්න එපා.. අක්කි මග ඇති මං දාගෙන යන්නම්.. ”

‘‘අනේ රශ්වින් අප්පච්චි වැටෙයි. ”

‘‘නෑ..මං පරෙස්සමට යන්නම්. බය වෙන්න එපා. ”

රශ්වින් ඉක්මණට කාර් එකට නැගලා හරවගෙන යන හැටි සදැසි පොඩි එවුන් දෙන්නව තුරුළු කරගෙන බලාගෙන හිටියා.

‘‘අක්කේ…අප්පච්චිට හොද වෙයි නේද? ”

සදැස් කදුලු පිහ පිහ අහනවා.

‘‘ඔව් මල්ලි. ඒත් කොහොමද අප්පච්චිට මෙහෙම වුණේ. ”

‘‘අර නපුරු මනමාලයා ආවා.. අපි දෙන්නා මිදුලෙ සෙල්ලම් කර කර හිටියෙ. අපි දෙන්නට සැර කළා අක්කි කෝ කියලා.. අප්පච්චිත් එළියට ආවා එතකොට. අප්පචිචි කිව්වා අක්කා ගියා කියලා. එයාට තරහා ගියා. එයාලා කතා කල දේවල් අපිට ඇහුණෙ නෑ.. ඒත් එයා යනකොට අප්පච්චි ඉස්තෝප්පුවේ පුටුවෙ ඉදගත්තා. අප්පච්චි අපි එක්ක කතා කලේ නෑ.. ඔයාලා එන්න ටිකකට කලින් තමයි අප්පච්චි පපුව අල්ලගෙන කෑ ගැහැවෙ”

‘‘අනේ ඔයාලා පව් මල්ලි. අප්පච්චි කොච්චර පවුද? එයා අප්පච්චිට මොනවා හරි කියන්න ඇති. ”

නිදැස් සදැසිගෙ කදුලු පිහදැම්මා.ටිකෙන් ටික රාත්‍රිය උදාවෙනවා.බිම් කළුවර එබිකම් කරනවා. සදැසි තවමත් ඉස්තෝප්පුවේ.

රශ්වින්ගෙ ෆෝන් එකට ගත්තට ඒක වැඩ කළෙත් නෑ.මල්ලිලා බඩ ගින්නෙ තියන්න බැරි නිසා සදැසි ඉක්මණට බතක් උයලා මාළුවක් හදලා කොල්ලො දෙන්නට කැව්වා. තුන්දෙනාම එකට ගුලිවෙලා පාර දිහා බලං හිටියෙ අරමුනකින් තොරව.පොඩි දෙන්න ඇස් ඇරගෙන ඉන්න නිශ්පල උත්සහයක් දැරුවා.

අන්තිමේදි පොඩි දෙන්නටම නින්ද ගියා. සදැසි දෙන්නවම කාමරේ ඇද උඩින් තිබ්බා. රෑ එකොළහයි. රශ්වින්ගෙන් තවම තොරතුරක් නෑ.. රශ්වින් රෑ කියලා නොබලා ආයෙත් සදැසිගෙ ගෙදරට ආවෙ කෙල්ල පොඩි දෙන්නා එක්ක තනියම කියලා දන්න නිසා. කාර් එක දැක්කම සදැසි මිදුලට බැස්සා. රශ්වින් බහිනකොටම කෙල්ල දුවගෙන ගිහින් කොල්ලගෙ පපුවට හේත්තු වෙලා අඩන්න පටං ගත්තා

‘‘අඩන්න එපා කෙල්ලෙ.අප්පච්චි හොස්පිට්ල් ඇඩ්මිට් කළා.. දැන් හොදයි. අපෙ තාත්තා ඉන්නවා ළග ..අම්මලා උදේ යයි බලන්න.ඔයාලා තනියම නිසා මං ආවෙ. අක්කිට එන්න බෑ පොඩි එකී දාලා. ”

‘‘අනේ රශ්වින්. එයාට මෙහෙම වුණේ මං නිසා. අර පවන් කියන්න ඇති අක්කිව එව්වෙ එයා නෙවෙයි කියලා. ”

‘‘හ්ම්..එහෙම තමා වෙන්න ඇත්තෙ.දැන් ඉතිං නාඩා ඉන්න. හෙට උදේ අප්පච්චිව බලන්න යමු. මල්ලිලාව අපෙ ගෙදර දාමු. ”

‘‘ඔයාට ගොඩක් පිං රශ්වින්”

‘‘කෝ ඉතිං තව අඩනවනෙ. ඇදුමක් මාරු කරගත්තෙ වත් නැද්ද? ”

මට කල්පනාවක් වුණේ නෑ

‘‘මල්ලිලා නිදිද? ”

‘‘ඔව්.. ”

‘‘ඔයාලා කෑවද? ”

‘‘ඔව් මං උයලා කැව්වා. ”

‘‘ඔයා කෑවද? ”

සදැසි බිම බලා ගත්තා.රශ්වින් කොච්චර ආදරණීයයිද?

‘‘මටත් බඩගිනි. මං කවන්නම් යමුකො.මට වොෂ් එකක් දාගන්න ඕන.ඇදුමක් දාගෙන ආවා ගෙදරින්. ”

‘‘හා..අප්පච්චි බඩගින්නෙ ඇත්තෙ”

‘‘කෙල්ලෙ අප්පචිචට සේලයින් දෙනවා. ඩොක්ටර් මගෙ යාළුවෙක්ගෙ තාත්තා කෙනෙක්. හාට් ඇටෑක් වගේ වුණාට ලොකු අවුලක් නෑ කිව්වා.ඒත්….. ”