තිස් හය….36

අනේ යනවා යන්න ත/මු/සෙ යකඩ වලින් හැදිලද..? මම නොරිස්සුම් හඩකින් ඇහුවා.

හා පුළුවන් නම් අල්ලලා රිද්දලා පෙන්නන වකො..

එයා අත් දෙක දික්කලා. මේකගෙ මේ හෙන ලොකු ලයින්ම තමා මට දිරවන්නෙ නැත්තෙ අප්පා. මොකා කියලද දන්නෙ නෑ හිතාගෙන ඉන්නෙ. ඒත් ඉතිං ඒ ශක්තිමත් පිරිමිකමත් එක්ක මට තරඟකරන්න බැරි බව මම දැනගෙන හිටියා.

ඇත්තටම ඒක හරිම සුන්දර පිරිමිකමක්. තමන්ගෙ පෞරුෂය බලෙන් ගැහැණියක් මත නොපටවන ගැහැණියෙක්ගෙ ආත්මය තුලට කිදා බහින්න පුළුවන් හරි ආදරණීය පිරිමි ආත්මයක්. ඇත්තටම ජීවකගෙ මේ ගතිගුණ වලට මට හුඟක් ලෝභ හිතෙනවා.

ඇත්තටම පිරිමියෙක් එහෙම ශක්තිමත් වෙ න්න ඕනි. අභිමානවත් ආඩම්බර කාරයෙක් වෙන්නත් ඕනි. ඒත් කවමදාවත් එයා ඒ ශක්ති මත් බව තමන්ට වඩා දුර්වලයෙක්ව පෙලන්න යොදා නොගන්න කෙනෙක් වෙන්නත් ඕනි.

එතකොටයි. පිරිමියෙක් ගෞරවණීය කෙනෙක් වෙන්නෙ. මන්දා ඒ මට හිතෙන හැටි. මම ජීවකගෙන් ඒ හැම ගතිගුණයක්ම දැක්කා. එයාව මෙච්චරට ලඟින් දැනෙන්නෙ ඒකයි මට.

කෝ ඉතිං චණ්ඩියා… එයා ආයිම හිනාවුනා.

මට බෑ…

මම කිව්වෙ එයාගෙ අතින්වත් අල්ලන්නෙ නැතුව.බොරුවට නෝන්ඩි වෙන එකේ තේ රුමක් නෑ.වරුවක් දොඩන්න ගනී ඕකම ඊට පස්සෙ.එහෙමට කෙනානි මෙයා.

ඒකනි කියන්නෙ එක්සර්සයිසස් කරලා පිට්නස් හදාගන්න කියලා කොහෙද ඉතිං ත\මු\සෙ කනවයි නිදනවයි විතරන‍ෙ… ඒ ගමන ආයි හිනාවෙනවා මෙයා.

අනේ යනවා මගෙ පිට්නස් හදාගෙන ඉන්නෙ මම හරිද..?

මෙච්චරම සකන්ඩ් වෙන්න පුළුවන් ද අප්පා.

පිට්නස් හැදිලා තියනවා කටේ නං….දෙමලිච්චි වගේ කොච්චරවත් දොඬෝලා වෙනනං කො හෙවත් පිට්නස් හැදිලා නෑ..

එහෙම කියලා එයා ආයිම මගෙ අත්දෙකෙන් අල්ල ගත්තා. ඇත්තමයි දෙන්න හිතෙනවා දෙකක් දඩින් බිඩින් ඩෝන් ගාලා ඇඳෙන් පෙ රලිලා රෝල් වෙලා යන්න.

යකූ කකුලෙ අච්චර ලොකු තුවාලෙකුත් තියාගෙන මේකට එක විඳිහකට ඉන්න බැරි හැටියෙක්. මොන උලලේනෙක් ද මන්දා අප්පා.

ඔය අතාරිනවකො…..රිදෙනවා ඉන්න බෑ.. මම ආයිම කෑ ගැහුවා.

පේන්නෑද යන්තං ඇල්ලුවත් රතුවෙනවා ජම්බු වගේ මාර පිට්නස් ඒක..

එයා කිව්වෙ මගෙ අතින් අතාරින ගමන්.

කකුල නෙවී ත/මු/සෙ/ගෙ අත්දෙකයි කටයි කැ ඩෙන්න තිබුනෙ..මට මෙතන නිදහසේ ඉන්න..

මම නොරිස්සුම් හඩකින් කිව්වා. කිසි ගානක් නැතුව ඔහෙ හිනා වෙනවා. මොන ජාතියකට අයිති රිලා පැටිකෙක් ද මන්දා.

අනේ ඒත් මන් දන්නෙ නෑ. ඔය හැම දඟ වැඩ ක්ම මාව පුදුම තරම් නොසන්සුන් කරනවා. ජීවිතේ අතාරින්න ඕනි දේවලට මෙහෙම බැ ඳෙන කොට හිතට බරයිනෙ ඉතිං.

මේ ඒක නෙවි..ඇත්ත කියනවකො…

ටික වෙලාවකට පස්සෙ එයා ඇහුවා.

මොන ඇත්ත ද..?

මම පුදුමෙන් ඇහුවා

මොකටද ඇඬුවෙ..? එයා ආයිම ඇහුවා. අපො යි දෙයියනේ මෙයාට ඒත තාමත් මතක ද මො කට ඇඬුවද කියලා මතකත් නෑ මට නං.

කවුද..?මොනාත් දන්නෙ නැති කෙනෙක් වගේ මම ඇහුවා.

යකූ ගැ/ණියෙ දැන්නං උඹ මගෙන් ගුටි කනවා

එයා කිව්වෙ නොරිස්සුම් හඩකින්.

මං ඇඬුවෙ නෑ කිව්වම අහනවකො.. මම සන්සුන් හඬකින් කිව්වා.

බෑ.. එයා කිව්වෙ මහ මුරණ්ඩු විඳිහට.

එහෙනං නටනවා..මම වැඩිය ගනන් ගන්නෙ නැතුව කිව්වා.

වස්තු මේ…මම කැමති නෑ ඔහොම.. ඒ ගමන එයා කිව්වෙ වෙනස්ම ස්වරයකින්.

කොහොමද…?

කවුද අප්පා ඔව්වට අහුවෙන්නෙ. අපි නං අහු වෙයි.

ඒක ඇති දැන් මොකට ද ඇඩුවෙ…?

මේකගෙන් බේරෙන්න බෑනි ඉතිං.

නිකං..

නිකං අඩන්න පිස්සු ද ත\මු\සෙ\ට…?

ඔව් ඇයි අවුල්ද..? මම ඇහුවෙ හිනාවෙවි.

අවුල් නැත්තෙ මොකද..රටේම ඉන්න පිස්සන්ට බෙහෙත් කරනවා ගෙදර ගෑ\ණි\ට පිස්සු කියලා දන්නෙ නෑ.. ජිවක කිව්වෙ ඔරෝගෙන.

ත/මු/සෙ/නං මහ මැට්ටෙක්…

මම කිව්වෙ ගස්සලා අහක බලන ගමන්.

මැට්ටෙක් නේන්නං නැත්තං ත/මු/සෙ/ව බැදගනී ද..?

කටු අත්තක් වගේ එල්ලෙන්නමයි බලන්නෙ මෙයා. මම මොනවත්ම කිව්වෙ නෑ. ටික වෙලා වක් අපි අතරෙ නිහඬ බව පැතිරිලා ගියා.

හරියට වැහැලා පැව්වා වගේ. පුදුම නිශ්චල බවක්. ඇත්තමයි මේ සන්සුන්කම හිතට මහා මොකක්දෝ හැඟීමක් ගෙනාවා.කොච්චර අම තක කරන්න උත්සහ කලත් මතකයෙ අහුමුළු අස්සෙන් එලියට පනින්න උත්සහ කරන ආදර ණීය හිතක් සඟවන්න මට අමුතු වෙහෙසක් දරන්න උනා ද මන්දා.

ජීවකට මාව නොතේරුනාද නැතිතං තේරිලා නොතේරී උන්නද කියලා මට හිතාගන්න බෑ. එයා කරන කියන හැම දෙයින්ම මාව තව තව අසරණ වුන එක විතරයි වුනේ.

හිතට නොරිස්සුමක් දැනුනෙ ඒ නිසා. මොනවද කියන් ඕනි කියලා මට තේරුමක් තිබුනෙ නෑ. ඒත් මේ ගෙවෙන හැම මොහොතක්ම හිතට හරි ආදරණීය හැඟීමක් එක් කරනවා.

ඔන්න ඔන්න ඉතිං වස්තුටත් හොඳටම පිස්සු. විකාර හිතන්න තියා ගත්තෙ. මම ඇඳෙන් නැඟිටින්න උත්සහ කලා. ඒත් මම තාමත් උන්නෙ ජිවකගෙ අත් දෙකට මැදිවෙලා. මට නැඟිටින්න පුළුවන් කමක් තිබුනෙ නෑ.

ටිකක් දඟලන්නෙ නැතුව හිටපංකො ගෑ<නි/යෙ.. මේකිට තප්පර පහක් ඉන්න බෑ එක විඳිහ කට.. අත් රතුවෙලා තිබුන තැන් මඟ ඇරලා වෙන තැනකින් ටිකක් මුදුවට අත්දෙකක අල්ලගෙන එයා කිව්වා.

කියන කරන දෙයක් ගැන හිතාගන්න බැරිවුන කෙනෙක් වගේ මම ඒ ඇස් දිහා බලාගෙන හිටියා. හරි අපූරු දගකාර හිනාවක්. ඒ ඇස්වල පිරිලා තිබුනා. මම දැනුනා මගෙ ඇස් ඒ ඇස් එක්ක හිනාවෙනවා.

වස්තු දේව් මගෙ හොඳම යාළුවා විතරයි..

ඇහෙන නෑ හෙන තරං හිනිම හීනි හඬකින් එයා කිව්වා.

අපොයි දෙයියනේ මේ දේවක අයියව මරං කාලත් මදිනෙ අප්පා. ෂිහ් ඇයි මාවම මෙහෙම නෝණ්ඩි වෙන්නෙ. ඒ යකා ගිහින් කියන්න ඇති මම දේව් අක්කා මෙයාට කෑම කවනවා දැකලා අවුලෙන් හිටියා කියලා. මුන්ට මොනා කලාම හිත් වදීද ඉතිං

ඉතිං…

මම වැඩිය ගනන් ගන්නෙ නැතුව ඇහුවා.

අපි ගැන වැරදිට හිතන්න එපා…

එයා කීවේ කලින් තරම්ම හීනි හඬකින්.

මම එහෙම හිතුවෙ නෑ..

ඇත්තටම මට කියන් දෙයක් තිබුනෙ නෑ. මෙ යා මේ මොනවද කරන්නෙ කියන්නෙ කියලා මට තාම තේරෙන් නෑ අප්පා.

ඇයි වස්තු මෙහෙම කරන්නෙ..

එයා මගෙ ඇස්වල පතුලටම එබෙන ගමන් ඇහුවා. අපොයි දැන් නම් මගෙ හුස්ම හිරවෙ ලා මැ/රෙ/න/වා ඒ ගමන.මේ කිලෝ අසුවක් විතර උස්සගෙන ඉදලා. මේකට ගානක්වත් නෑ.

අයින් වෙනවකො ටිකක් මාව හුස්ම හිර වෙලා මැ/රෙ/න්/න යනවා…

ඇත්තටම දැනුන අමාරුවටත් වඩා මම එහෙ ම කිව්වෙ ඒ සිටුවේෂන් එක චේන්ජ් කරන්න. මොකද ඒ අපහසුතාවය දැනුනෙ ගතට නෙවි හිතට.

අයින් වෙන්නං ඉස්සරවෙලා කියලා ඉන්නවා..

මේකා බලකො. මගෙන් අල්ලස් ගන්නද හදන්නෙ ඒ ගමන.

මාව හිරවෙලා ම/ලාම කියන්න එකෙක් ඉතුරු වෙයි දැන් මෙතන..

ඉතිං කියලා ඉන්නවාකො…

මේකගෙන් බේරෙන්න බෑ අප්පා.

මොනවද..?

ඔයා ඇයි ඔච්චර දුරින් මම ගැන හිතන්නෙ

මම කැමතියි ඔයා ශෙනාර ගැන සනුල් ගැන හිතන තරං ලඟින් මම ගැනත් හිතනවට..

එයා ඒ වචන ටික කිවේ එකපාර නෙවී තැනින් තැනින් වචන කඩ කඩ. මොනාද අප්පා මේ වෙන්න යන්නෙ මේ මඟුල මෙච්චර වදයක් වේවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ

මම මම ….
මට කියන්න දෙයක් නෑ ඇත්තටම. පොඩි අයියයි ශෙනාරයි තරම්ම සමහර විට ඊටත් වඩා හුඟාක් ලඟින් මට ජීවකව දැනෙනවා.

එයාලා එක්ක වගේම හිතේ හරි සැහැල්ලුව කින් පහසුවකින් ජිවක එක්කත් ගනුදෙනු කරන්න පුළුවන් මට. එයා පිටස්තර කෙනෙක් කියලා මට මොනම වෙලාවකවත් හිතිලා නෑ. ඒත් මේ කිසිම දෙයක් තේරුමක් නෑ.

මේ අහන්න වස්තු ඔයා හිතට තනියම දරා ගන්න බැරි දෙයක් උනාම කාටවත් කියන්නෙ නෑද..

ඒ ගමන එයා ඇහුවෙ වෙන ප්‍රශ්නයක්. මගෙ හිතට එහෙම තනියම දරාගන්න බැරි ප්‍රශ්නය ක් නම් එන්නෙම නැති තරං. මොකද මම හැම ප්‍රශ්නයක් තනියම දරාගන්න පුරුදු වෙලා ඉන්න නිසා.

කියනවා…
නෑ කිව්වොත් තව ප්‍රශ්න පත්තරයක් දිගාරි න්න තියා ගන්නවනෙ මෙයා මෙතන.

කාටද..? ඔය පේන් නෑද ඉතිං.

මට ලඟයි කියලා දැනෙන කෙනෙකුට.. මම කිව්වෙ වැඩිය හිතන්නෙ නැතුව.

ඉතිං ඔයාට මාව එහෙම දැනෙන්නෙ නෑද…?

අපොයි මෙයා නම් ප්‍රශ්න පත්තරයක්නි ඉතිං.

කොහොමද…?

ලඟයි කියලා…

ජීවක…
මට කෑ ගැස්සුනාත් මන්දා. ඒ වචන වලට මාව එච්චරට ගැස්සුනා.

ඇයි..?

මම එහෙම හිතලා නෑ… මට තේරෙන්නෙ නෑ මොනා කියන්න ද කියලා.

කොහොමද..?

ඔයාට ලං වෙලා වැඩක් නෑනි…

මම හිනා වෙලා කිව්වා. එකපාරම උස්සලා පොලවෙ ගහපු කෙනෙක් වගේ ජීවක ගැස්සු නා.

මගුලක් කියවනවා ඒ ගමන කියන්න ගිය දේ කියකො.. මම කතාව වෙනස් කල බව එයාට තේරුනා.

මට කියන්න තේරෙන්නෑ ජිවක මම මම..

ඈහ් මගෙ ඇස්වලට කඳුළුත් ඇවිත්. අපොයි දෙයියනේ අහිංසක අසරණ මටම මෙහෙම වෙන්නෙ ඇයි අප්පා.

ඉතිං ඇයි මේ….? එයා අහනවා.

මම දන්නෙ නෑ… මම කිව්වෙ අහක බලාගෙන.

වස්තු…ඇත්ත කියන්න මට…

ඇත්ත තමා කිව්වෙ…

මොකක්කද…?

මම දුකින් නෑ..අඬන්නෙත් නෑ..මම මෙහෙ ඉන්නෙ සතුටින් ශෙනාර පොඩි අයියා වගේම ලඟින් හුඟාක් ලඟින් මට ඔයාව දැනෙනවා
දැන් ඇතිනි..

අමාරුවෙන් හිනා වෙලා මම කියවගෙන ගියා.

දැන්වත් අයින් වෙනවකො මාව හුස්ම හිර කර ලා ම/ර%න්/නෙ නැතුව..මම හෙවි වේට් කරලා නෑ..කිලෝ සීයක් විතර උස්සන් ඉන්න මෙතන..

මම කීවෙ කෙදිරිලි හඬකින්. එයා අමාරුවෙන් නැඟිටලා ඇඳෙන් ඉඳගත්තා. ගතට දැනුන සැහැල්ලුවට වඩා මහා ලොකු බරක් හිතට දැනුනෙ ඇයි මන්දා.

අනේ මන්දා වස්තු මට තේරෙන්නෙ නෑ..

එයා කිව්වෙ කිසි දෙයක් හිතා ගන්න බැරි හඬින්.

ඇයි ජිවක මොකක්ද ප්‍රශ්නෙ…

නැඟිටලා ඇදේ ඉඳගන්න ගමන් මම ඇහුවා.

නෑ මොනවත් නෑ..

එයා එහෙම කිව්වට ලොකු දෙයක් ඒ හිතේ තියන බව නං මට දැනුනා.

ඔය ඉතිං.. මම නෝක්කාඩු හඬකින් කිව්වා.

ඇත්තමයි ඔය පිස්සු දෙඬවිල්ල ඇහෙන්නැති උනාම වෙලාවකට පිස්සු වගේ මට….

එයා වෙනස්ම ස්වරයකින් එහෙම කියාගෙන ඉදගෙන උන්න තැනින් නැඟිට්ටා.

ජීවක ඔයා…

මම දෙයක් අහන්න හැදුවා. මගෙ දෙතොල් උඩින් එයාගෙ සුරතෙ දඹර ඇඟිල්ල තියලා..

මට කතා කරන්න එපා කියාගෙන එයා කාම රෙන් පිටවුනා.

මොන පිස්සෙක් ද මන්දා අප්පා කියන මඟුලක් තේරෙන්න කියන්න බෑද. මේකා NASSA ගිය දාට එහෙ ඉන්න ගගනගාමියො එකපාරම අභ්‍යාවකාශගත වෙනවා සුව(ර්) ආයෙ ඒකෙ දෙකක් නෑ.

හමුවෙමු.

ආදරේ කියන්නෙ වෙනස් අත්දැකිමක්..හරිම සියුම්ව මාදුව හදවත ස්පර්ෂ කරන..හරිම හෙමින් හෙමින් ගොඩ නැඟෙන සුන්දර බැඳිමක්..හි ඒක කෙනෙක්ගෙ බාහිර දේ මත ඇති වෙන ආකර්ශනයක් නෙවී..හිමි උනත් හිමි නොවුනත් ජීවිත කාලෙ පුරාම ආදරණීව විඳින්න පුළුවන්.

ඇත්තටම විඳවිමක් නැති දයාබර බැඳීමක්.. මට නං ආදරේ දැනෙන්නෙ එහෙම. කියන්න බලන්න ඔයාලාට ආදරේ දැනෙන්නෙ කොහොම ද කියලා. පුළුවන් නං අපි මේ කතාව අතරෙම ආදරේ ගැන කතා කරමු. මොකද මේ ලෝකෙ හැමෝටම ආදරේ මහා හුගක් ඕනි කාලයක්