හතලිස් නමවන කොටසට☔☔☔

“ශානී… හෙට උදේම ගමනක් යන්න තියනවා…
සුදු පාට ඇදුමක් අදින්න …”

දුලාජ් වෙනදට වඩා රෑ වෙලා ගෙදර ඇවිත්.. වොශ් එකක් දාලා කාලා එහෙම නිදාගන්න ඇදට ඇවිත් කෙල්ලගේ… පිරුනු කුසත් ඉබලා .. කෙල්ලව තුරුල් කරගෙන කියද්දි… කෙල්ල පුදුමෙන් කොල්ලා දිහා බලලා…

“සුදු… ඒ… ඇයි…

ම..මළ ගෙයක්වත් ද… ” දුලාජ්ගෙන් අහද්දි… උත්තර දුන්නේ නැති තැන ඒ කම්මුල් දෙක අල්ලලා…

“තේ.. මී…

තේමී… ඔයා නිදිද… ” කොල්ලගෙන් අහද්දි … ඒ පාර නම් කෙල්ලගේ මුවට හිනාවක් ආවේ… කොල්ලගේ මූණේ තිබ්බ නිවිච්ච, සැනසිම් පෙනුම දැකලා….

“මගේ දරු පැටියත් මේ වගේම වෙනවා නම්…” ඒ මූණ නොතෙරෙන්න පිරිමැද මැද… තමන්ටම කියාගද්දි… කෙල්ල දැක්කේ… ටේබල් ලෑම්ප් එකේ තිබ්බ මද එළියෙන් කොල්ලාගේ මුවේ හිනාවත් ඇදී නොපෙනී යනවා… ඒක දැක්කම නම් කෙල්ලට තේරුනා.. දුලාජ් මේ ඉන්නේ බොරුවට නිදාගෙන කියලා… ඒත් එකපාරටම කතා කරන්නේ නැතුව.. ටිකක් බය කරන්නත් හිතාගෙනම ශනාෂා… කුසත් එක අතකින් අල්ලගෙන… හොද හුස්මක් අරගෙන…

“ආ… හ්…. අම්මා… ” හිනාවත් නවත්තගෙන… කිව්වා විතරයි… කොල්ලා කෙල්ල ළගින් නැගිට්ටේ වෙඩිල්ල වගේ…

“මැණික… අමාරුද…

අ..අපි යමු ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ..” කෙල්ලව වතට හිර කරගනිමින් කියද්දි… කෙල්ල ටේබල් ලෑම්ප් එකේ එළි‍ය වැඩි කරලා….

“මගේ මහත්තයා හොද නින්දකනේ හිටියේ…

මම හිමීට කෙදිරි ගාපු එක ඇහුනද… ” ශනාෂා… බොරුවට පුදුම වෙනවා වගේ අහද්දි… කොල්ලට තේරුනා වෙලා තියන දේ.. ඒ නිසා කෙල්ලට රවලා…

“ඇත්තමයි… දවසක ඔය විහිලු නිසා මට හාට් ඇටැක් එකක් ඇවිත් තමයි නවතින්නේ…

මෝඩි… මාව බය කරපු හැටි…” කෙල්ලගේ කනත් හිමීට අල්ලන ගමන් කියද්දි…

“ඔයානේ…

මම අහපු දේට උත්තර නොදී කුම්භකරණයෙක් වගේ නිදන් හිටියේ…

කියන්නකෝ… සුදු ඇදගෙන අපි කොහෙද යන්නේ කියලා.. ” කෙල්ල කොල්ලා ඇදලා තිබ්බ ශර්ට් එකේ බොත්තමක් අල්ල අල්ල කියද්දි…

“හෙටම බලාගමුකෝ..

දැන් නිදා ගන්න…

බලන්න අපේ පැටියටත් දැන් නින්ද ගිහින්ද කොහෙද… ” කොල්ලා කීවේ.. මෙච්චර වෙලා කෙල්ලගේ කුසේ ඉදන් දගල දගල හිටපු පැටියා දැන් දැගලිල්ල නවත්වපු නිසා…

ශනාෂා වෙනදට වඩා කලින්ම නැගිටිද්දි… දුලාජ් ඇදේ හිටියේ නැති තැන කෙල්ලත් බාත් රූම් එකට ගියේ කොල්ලා ඊයේ කියපු ගමන යන්න ලැහැස්ති වෙන්න…. සැහැල්ලු රෙද්දෙන් නිමවා තිබූ සුදු පැහැති ගැබිණි ගවුමත් ඇදගෙන… කොණ්ඩේ පීරද්දි කොල්ලා කාමරේට ආවේ කෙල්ලගේ කිරි එකත් අරගෙන…

“ආහ්.. ඔයා නැගිට්ටද…

මෙන්න මම කිරි එක ගෙනවා ..

මේක බොන්නකෝ… ” කෙල්ලට කිරි එක දික් කරන ගමන් කියද්දි… කෙල්ලත් ඒක අරගෙන දෙතොලතරින් තියාගෙන උගුරු දෙක තුනක් බීලා…

“ඇති තේමී…
මම මේ කිරි වලට ආස නෑ.. ” කියද්දි… ඒ පාර නම් කොල්ලා රවලා බලලා..

“ඔය කිරි ඔයාට විතරක් නෙමේ..
දරුවටත් එක්කයි…

පණ්ඩිතකම් නොකර බොනවා…

කොහොමත් තව ඕවා බොන්න මාසයක්වත් නෑනේ… ” කියද්දි.. කෙල්ල ආයිත් කට ඇදකරගෙන කිරි එක අරගෙන…

“ඔව්.. ඉතින් ආයි ගැබිනි මවුවරුන්ගේ කිරි එක නැති උනාට…

කිරි දෙන මවුවරුන්ගේ එක උස්සන් එයිනේ..

ඒකත් මේ වගේම ඇති…” කියද්දි… ඒ පාර නම් කොල්ලා හිනාවෙලා…

“ඔව්… ඒවා කියන්න නම් බෑ තමයි .. ” කියලා බාත් රූම් එකට ගියේ.. කෙල්ල කොල්ලට රව රව කිරි එක බොද්දී…

“තේ…මී…
මේ…මේ… උසාවියේ… ” ශනාෂා පුදුමෙන් ඊටත් වඩා භයෙන් දුලාජ්ගේ අත බදාගෙන අහද්දි… කෙල්ල භයවෙලා කියලා තේරුන … දුලාජ්… කෙල්ලගේ ඉනෙන් අල්ලලා ළගට කරගෙන..

“භය වෙන්න එපා මැණික…

අපිට කරදරයක් නෙමේ…

ඔයාව මෙතනට එක්කන් එන්න මගේ ආශාවක් නෑ..

ඒත් මම මේ හැමදේම ඔයාට ශාක්ෂි එක්කම පෙන්නන්න ඕනේ… ” කියද්දි… කෙල්ල පුදුමෙන් දුලාජ් දිහා බලාගෙනම ඇතුලට අඩි තිබ්බා…..

මෙච්චර රැවටීමක්, වංචාවක් මිනිස්සුන්ට එක මොහොතක තෘප්තියක් වෙනුවෙන් කරන්න පුලුවන්ද… අද සමාජේ ගොඩාක් මිනිස්සු..

අනිත් උන්ගේ බෙල්ල ගහලා ගියත් කමක් නෑ මට ප්‍රශ්නයක් නැත්නම් යන සිතුවිල්ලේ කිදා බැහැලා.. සිදු වු හැමදේම ඕනවටත් වඩා පැහැදිලිව තමන් ඉදිරියේ නිරාවරණය උනාම…

ශනාෂාට උනත් දැනුනේ තමන් ගැන අපැහැදීමක්… එදා තමන් මතුපිටින් වෙච්ච දේ දැකලා… හැමදේම මවාගෙන තීරණය කරලා… අහිංසක කෙනෙක්ව හිරේ යවලා…

නොදැනුවත්ව උනත් වැරදිකාරයව නිදහස් කරලා කියලා තේරුනාම… ඒ වෙච්ච දේට ඇයටවත් සමාවක් දී ගන්න බෑ… එදා අන්තිම මොහොතේ වෙනකම්ම පහුවෙලා උනත් නිසංසලා අදුරගත්ත…

නිසල්ගේ රස්තියාදුකාර පෙනුම ඇතුලතින් තියන ඒ හිත පොඩ්ඩක් වත් තමන් අදුරගෙන හිටියා නම් එදා ඇයගේ අතින් ඒ වැරැද්ද නොවෙන්න තිබුනා… ඊටත් වඩා… වෙච්ච දේ ..

දුටු පමණින්ම නිසල්ව සැක කරලා හැමදේම නිසල්ව ඉස්සරහට දමලා නොගැළපුවා නම්… එදා ඒ වැරැද්ද නොවෙන්න තිබුනා… ඒ වගේම නිසල් වැරදි නෑ කියලා දන්න එකම කෙනා…

නිසංසලා කියන දේ හරියට ඇහුවා නම්.. ඊටත් වඩා නිසල් වැරදි නෑ කියන්න තරම් ඇයගේ අන්තිම හුස්ම දිග උනා නම්… මේ නිවරදිකාරයෙක් හිරේ නොයන්න තිබුනා… ඊටත් වඩා එදා මේ ගැන විමර්ශනය
කරපු නිලධාරින් කෙනෙක්ගේ කටවචනය ඔස්සේ නොයා ..

ගැඹුරින් විමර්ශනය කළා නම් මේ වැරැද්ද නොවෙන්න තිබුනා… එදා ඒ වෙච්ච වැරැද්දෙන් තමාත් ඇතුලුව තව ගෑණු ළමයෙකුටත් ඒ ඉරණමම ඇතිවෙන්න තිබ්බා කියලා දැනගද්දී… මේ හැමදේටම තමාත් වග කිව යුතු අයෙක් කියලයි ඇයට දැනුනේ…

කල්පනාකර පඩිපෙළ බහින ශානාෂාට දුලාජ් උදව් උනත්…. ඔහු කිසි දෙයක් නොකීවේ මේ වෙලාවේ හොදම දේ කෙල්ලට එයාගේ පාඩුවේ ඉන්න දෙන එක කියලා තේරුන නිසා…. ඒත් අන්තිම පඩියට බහිද්දි…

ඇය දැක්කේ… වසර ගානකට පසුව හරි වැරදිකාරයා හිරේ යන්න ජිප් එකට නගින අන්දම… යසස්ව දකිද්දි… ඒ දැනුනු අප්‍රියබව, අකමැත්ත… පෙර ඉවකින් ඇයට දැනෙන්න ඇතී… ඒකයි..

යසස්ව දැකපු දවසේ ඉදන්ම හේතුවත් නැතිවම ඇයට යසස් ගැන අපැහැදීමක් ඇති උනේ… ඒත් දැන් මේ හැමදේම දැනගද්දි… ඇයට දැනුනේ… පුදුම තරම් තරහක්… ඒ නිසාම දුලාජ්ගෙන් පුදුම තරම් ඉක්මනින් ඈත්වෙලා අඩියට දෙකට යසස් ළගට ගිහින්… ඔහුගේ කොලර් එක අරන් ඇදලා අරගෙන…

“ත..තමුසේ මහා තිරිසනෙක්…

මෙච්චර කල් තමුන් නිදහසේ ඉදලා කියලා දැනගද්දී….. ශිට්…” තරහින්, ආවේගෙන් ශනාෂා බැනගෙන යද්දී… යසස්ගේ මූණේ නම් තිබ්බේ සමච්චල් හිනාවක්…

“මම නිදහසේ ඉදලා…හහ්..

මට නිදහසේ ඉන්න පුලුවන් උනේ කවුරු නිසාද…

උබ… වෙන කවුරුත් නෙමේ උබ නිසා…

අර රස්තියාදුකාරයෙක් වගේ ඉන්න අහිංසකයව මැන්නේ ඇදුමෙන්..

ඒත් මේ මගේ වැදගත් ඇදුම නිසා…

එකෙක්ටවත් මේ මාව හරියට දැක්කේ නෑ..

වෙන කවුරුත් නෙමේ .. උබේ මහාලොකු විදුහල්පති තාත්තටවත්..

අනුමාන කරන්න බැරි උනා… හහ්…” යසස් කෙල්ලගේ තාත්තවත් මතක් කරලා කට කොනකින් හිනාවෙලා කියද්දි… ශනාෂා… යසස්ගේ කනට ගැහුවේ හිතේ තිබුනු මුලු ආවේගෙම එකතු කරලා….

“තමුසේ මෙහෙම හිනාවෙලා ඕවා කියන්නේ කොහොමද…

තමුන්ට හෘද ශාක්ෂියක්වත් නැද්ද… ” කෙල්ල අප්පිරියාවෙන් කියද්දි.. ඒ පාර නම් යසස්ගේ මූණ රතු උනේ ආවේගෙන්..

“තමුසේ මගේ කනට ගැහුවා නේද..

තමුනුත් තමුන්ගේ යාලුවා වගේ…

ඒකිත් එදා මාව එපා කියලා මගේ කනට ගැහුවා…

ඒකයි… එකයි … මම ඒකිගෙන් පලිගත්තේ…

එදා තමුනුත් මාව එපා කීවා…

ඒත් කොච්චර උත්සහ කලත් පලිගන්න….

මම ගැන දැනගෙන හිටපු කෙනෙක් නිසාත්…

ඊටත් වඩා තමුසෙගේ හෙවනැල්ල වගේ හිටපු මිනිහා නිසාත් …

ඒ හැම පාරම උබ බේරුනා…

ඒත් අද උබත් මට කනට ගැහුවා…

අද නම් මම උබට මුකුත් කරන්නේ නැතුව ඉන්නේ නෑ … ” කියපු යසස් එකපාරටම ශනාෂාගේ කොණ්ඩේන් ඇදලා අරගෙන හයියෙන් තල්ලු කරද්දි… ඒ වටේ හිටපු හැමෝම ගල්ගැහිලා හිටියේ හිතපුවත් නැති දෙයක් උන නිසා…. ඒත් කෙල්ල ළගම ඇස් තියන් හිටපු දුලාජ් කෙල්ලව පැනලා අල්ල ගත්තත්…

ඒ තල්ලු කරපු වේගේ නිසාමද මන්දා.. කුසෙන් ආපු වේදනාව කෙල්ලට දරාගන්න බැරි උනා… එහෙමම එක අතකින් කුස අල්ලගෙන … අනිත් අතින් දුලාජ්ගේ කොළර් එක අල්ලගෙන වේදනාවෙන් කෑ ගහද්දි… කොල්ලා ඉක්මනට කෙල්ලව අතට අරගෙන….

“චමත්… ඉක්මනට වාහනේ ගන්නවා…

මගේ කෙල්ලට අමාරුයි… ” කියලා කෑ ගහගෙන වාහනේට දුවද්දි… කෙල්ල අමාරුවෙන්… හුස්ම ගන්න ගමන්…

“ආ..හ්…. තේ…මී….. ආහ්…

මට ..නිස…ල්ව… හම්බ..ආහ්..වෙන්න …ඕනේ….

ආ…නේ…. මට… සමා…ව ගන්න ඕනේ…

ආඅහ්.. තේ….මී… මට…අමා…රුයි… ” වේදනාවෙන් කියද්දි… දුලාජ් අඩ අඩම…

“අනේ… මැණික… ඉවසන් ඉන්න…

ඔයාට මුකුත් වෙන්නේ නෑ…

ඔයාටම එතකොට පුලුවන් එයාගෙන් සමාවගන්න… “කෙල්ලගේ හිස සිඹිමින් කියද්දි……………

ඊළග කොටසට