බිරිඳක් නොවූ මවක්

“මට එන්න බෑ අයියෙ.අද දුවට බෙහෙත් විදින්න යන්න තියනවා.හර්ෂණ මහත්තයට එයාව නළවගන්න අමාරුයි.බෙහෙත් විද්දම පැටියා ගොඩක් අඬයි.උණත් හැදෙයි.මං මේ වෙලාවෙ දරුවා ගාව ඉන්නම ඕනි මහත්තයා.මං දන්නවා මට මේක ලොකු අවස්ථාවක් කියලා.ඒත් දරුවා තරම් මට කිසිම දෙයක් වටින්නෑ අයියෙ…”

අද ගාලු යන්න බැහැ කියලා කිව්වම රසිත අයියා උදේ පාන්දරම මාව හොයාගෙන ගෙදරටම ඇවිත් තිබුනා.එයා කොච්චර ඇවිටිලි කරත් මං කොහොමද හිතක් පපුවක් නැති එ/කි/ය/ක් වගේ දරුවව දාලා එච්චර දුරක් යන්නෙ?

“කමක් නෑ තාරකා.මං ඔයාට බල කරන්නෑ. ඒත් ආධුනික ගායිකාවක් හැටියට ඔයාට මේක ලොකු අවස්ථාවක්.ලංකාවෙ හොඳම සිනමා අධ්‍යක්ෂකගෙ චිත්‍රපටියක සිංදුවක් කියන්න ලැබෙනවා කියන්නෙ ලොකු චාන්ස් එකක්.මේ ක්ෂේත්‍රයෙ ප්‍රවීණ ගායිකාවකටවත් නොලැබෙන අවස්ථාවක් ඔයාට මේ ලැබුනෙ…”

රසිත අයියා එයාගෙ උත්සහය අතෑරියෙ නැහැ.කොහොම හරි මගෙ හිත වෙනස් කරලා මාව එක්කන් යන්නමයි හැදුවෙ. ඔහුගෙ එකම බලාපොරොත්තුව මං මේ රටේ දක්ෂ චිත්‍රපට පසුබිම් ගායිකාවක් වෙනවා දකින එක.ඒක මගෙත් හීනයක්.ඒත් දරුවව දෙවනි තැනට දාලා මට හීනෙ පළවෙනි තැනට ගන්න බැහැ.

“මට සමාවෙන්න අයියෙ.ඒ අවස්ථාව වෙන කෙනෙකුට දෙන්න කියන්න.දුව තරම් මට වෙන කිසිම දෙයක් වටින්නෑ.දරුවගෙ වගකීම් වලින් පැනලා ගිහින් මට මගේ දේවක් කරගන්න බැහැ…”

කලිසම් සාක්කු දෙකට අත දාගෙන රසිත අයියා කිහිප වරක් එහාට මෙහාට ගිහින් කල්පනා කරන්න ගත්තා.මේ අවස්ථාව මට අරන් දෙන්න රසිත අයියා ගොඩක් මහන්සි උනා.ඔහුට කේන්තිත් ඇති ඒ උත්සහය අපතෙ ගිය එකට.

“ඔයාගෙ තීරණේ වෙනසක් නැද්ද එතකොට?…”

“නෑ අයියෙ…”

මං ස්ත්‍රීර හඬින් එහෙම කිව්වා.රසිත අයියා යන්න ලෑස්ති උනා.

“තාරකා ඔයා ගාලු යන්න.මං දරුවව ක්ලිනික් එක්කන් යන්නම්…”

ඒ හඬට මං ඔලුව උස්සලා බැලුවා.හර්ෂණ මහත්තයා පඩිපෙළ බැහැලා පල්ලෙහාට ආවා.

“මහත්තයා මේ,,,,

“ඔයාගෙ හීනෙට යන්න මගෙ දරුවව බාධාවක් කරගන්න එපා.අනුන්ගෙ දරුවෙක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ කැප කරන්න එපා.ඔයා ගාලු යන්න…”

“මහත්තයා…”😭

තාරකා හර්ෂණව හොල්ලමින් කෑ ගැහුවා. ඇයට ඇඬුනා ඔහුගෙ හිතක් පපුවක් නැති වදන් නිසා.

“ඒ දරුවා මගෙ පන ඩිංග මහත්තයා.මට දරුවව නැතුව ඉන්න බෑ දෙයියනේ.මට මේ ලෝකෙ කිසිම දෙයක් වැඩක් නෑ මගෙ දරුවා තරම්.මං යන්නෑ,,,මං යන්නෑමයි…”😭

හයියෙන් අඬාගෙන තාරකා පඩිපෙළ දිගේ දුවගෙන කාමරේට ගියා.ඒ දෙස ශෝකයෙන් මෙන් බලා උන්නු රසිත හර්ෂණ දිහා බැලුවා.

“මොකද උ/බ මගෙ දිහා ඔහොම බලන්නෙ?බනින්නද හදන්නෙ මට?…”

හර්ෂණ ඇහුවා.රසිත හිනා වෙනවා.

“හිනාවෙන්න නෙවෙයි.අ/ඬ/ප/න්.මං නිසා උ/බේ මහන්සිය වතුරෙ ගියානෙ…”

“නෑ හර්ෂණ.තාරකා එන්න බෑ කියපු එකට මගෙ හිතේ කිසිම තරහක් නෑ.ඔය කොයි ආදරෙත් යටයි මචං අම්මගෙ ආදරේට. තමන්ගෙ කුසින් නොවැදුවට තාරකා තමයි උ/බේ දුවගෙ අම්මා.ඒ/කි දරුවට ආදරේ කරන විදිය දැක්කම මට ලොකු ගෞරවයක් දැනුනා.මං ගිහින් එන්නම්…”

“හ්ම්ම්…”

හර්ෂණ කාමරේට ගිහින් බලද්දි තාරකා පැටියවත් තුරුල් කරන් නිදි.හර්ෂණ ඇඳෙන් වාඩි උනා විතරයි තාරකා ඇස් ඇරලා බැලුවා.

“ත/මු/සෙ තරහෙන්ද ඉන්නෙ මාත් එක්ක?…”

“නෑ මහත්තයා.මං කොහොමද මගෙ පැටියගෙ අප්පච්චිත් එක්ක තරහ වෙන්නෙ?…”

“මං ත/මු/සෙ/ගෙ හීනෙට යන පාර කඩලා බිඳලා දැම්මා…”

“එහෙම කියන්න එපා මහත්තයා.මහත්තයා මට ලස්සන ජීවිතයක් දුන්නා.ඒ මේ දූ පැටියා. එයා තමයි මගෙ මුළු ජීවිතේම.මට වෙන කිසිම දෙයක් වටින්නෑ මෙයා තරම්…”

තාරකා එහෙම කිව්වෙ නිදාගෙන උන්නු පුංචි දුවගෙ කම්මුලක් සි/ප ගෙන.

“තාරකාට පුලුවන් රසිතව මැරි කරලා ලස්සන ෆැමිලි ලයිෆ් එකක් ගත කරන්න. ඔයාලා දෙන්නා හොඳට ගැළපෙනවා…”

“මහත්තයට පිස්සු හැදීගෙන එනවද?මට ඕන්නැති මගුලක් නෑ…”

කොට්ටෙකින් හර්ෂණට දමලා ගැසූ තාරකා කාමරෙන් පිට උනේ කේන්තියෙන්.

//////

උදේම ක්ලිනික් ගිහින් අපි පැටියට බෙහෙත් විදාගෙන ගෙදර ආවා.බෙහෙත් විද්දම ටිකක් වෙලා යනකල් පැටියා ඇඬුවත් පස්සෙ නම් නැළවුනා.

“පැටියට උණ හැදෙයි මහත්තයා…”

“එහෙමද?…”

“ඔව්.මේ බෙහෙතට උණ හැදෙනවා.
පෙනඩෝල් සිරප් තියන නිසා බය වෙන්න දෙයක් නෑ.උණ වැඩි උනොත් දොස්තර මහත්තයා ගාවට එක්කන් යමු…”

“ත/මු/සෙ අද දරුවා ගාවින් නිදා ගන්නවා.මං එහා කාමරෙන් නිදාගන්නම්…”

“හා මහත්තයා…”

රෑ දෙතුන් පාරක් දෝණි පැටියා ඇහැරිලා ඇඬුවා.අත රිදෙනවා ඇති පව්.ඒ අඬන විදිය දැක්කම මට හොඳටෝම දුක හිතුනා.

අත නොරිදෙන විදියට මං දරුවව තුරුල් කරගෙන නැළවිලි ගී මුමුණමින් කාමරේ පුරාම ඇවිද්දා.අඬ අඬා හිටපු පැටියට මගෙ තුරුලෙම නින්ද ගියා.

උසාවියෙදි නිරාශා තමාට විරුද්ධව එල්ල කෙරූ සියලුම චෝදනා අසත්‍යය බව ඔප්පු කෙරූ හර්ෂණට දියණියගේ සම්පූර්ණ භාරකාරීත්වය හිමි විය.

අසත්‍යය සාක්කි ඉදිරිපත් කර උසාවිය නොමග යැවූ වරදට සහ පෙර වැරදි කිහිපයකටම වැරදිකාරිය වූ නිරාශා වසර හතරකට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.

හර්ෂණ දියණියවත් තුරුල් කරගෙන ගෙදර ආවෙ මුළු ලොවම ජය ගත්තාක් මෙන් ආත්මාභිමානයකිනි.දැන් තම දියණියගේ අනාගතය ගැන තමාට කිසිඳු බියක් නැත.

“මහත්තයා අද අමුතු සතුටකින්?…”

වෙනදා නොදුටු අමුතුම සතුටකින් අද ඔහුගෙ මුහුණ පිරිලා ගිහින්.හඳ පායලා වගේ.

“මට දරුවගෙ සම්පූර්ණ අයිතිය අද උසාවියෙන් හම්බුනා තාරකා.නිරාශා අවුරුදු හතරකට හිරේ ගියා.දැන් කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ…”

ඔහු කිව්වෙ දරුවව මගෙ අතට දෙන ගමන්. ඇත්තමයි මට පුංචි පැටියව තුරුල් කරගෙන නටන්න හිතුනා.නොකිව්වට මාත් මේ දවස් ටිකේම බයෙන් හිටියෙ.නිරාශා නෝනා ලංකාවට ආවට පස්සෙ දරුවව එයාගෙ ළඟට ගත්තොත් එහෙම කියලා.

“මගෙ රත්තරං පැටියා.මීට පස්සෙ කාටවත්ම මං මගෙ මැණිකව දෙන්නෑ.මගෙ පැටියා හැමදාම ඉන්නෙ අම්මි ගාවමයි…”

පැටියව තොටිල්ලෙන් තියලා සෙල්ලම් බඩු ටිකකුත් වටේට තියපු මං කුස්සියට ඇවිත් මල්ලිකා නැන්දට උයන්න උදව් උනා.දරුවට කවන්න අල වගයක් තැබෙන්න තියලා මිදුල අතුගාලා නාගත්තා.

හෙට දවල් ෆොටෝ ෂූට් එකකට කොළඹ යන්න තියනවා.රසිත අයියා උදෙන්ම මාව ගන්න එන නිසා ලේසියි.

මාස තුනක පුංචි කාලයක් ඇතුලදි මං හිතා ගන්න බැරි තරම් දිගු ගමනක් ආවා.චිත්‍රපටි හයක පසුබිම් ගායනයෙන් එක්වුනු මං ටෙලි නාට්‍ය තුනකත් ගීත ගායනා කරා.ක්ෂේත්‍රයේ මට ලොකු තැනක් ලැබුනා.හැමෝම මගෙ දක්ෂතාවය ඇගයුවෙ මගෙ දෙනෙත් පුදුම කරමින්.

❤️නපුරු ඔහුගේ දිවිය
ආදරයෙන් පුරවාලූ
පෙම්බර සඳවතිය