මේ අපේ දෛවයයි 💑 💑 💑

තිස් පස්වන කොටස ⏬⏬⏬

“ව…ට් … ආ යූ කිඩින් මී…

සල්ලි දුන්නත් අතට දෙන්න බැරුව අහුලන්න දෙන්නේ…

කිසිම මැනස් එකක් නැද්ද ආ…

ලොකු ලොකු කාර් සල්ලි තියනවා කියලා පුදුම ලොකු කමක්නේ…” වැටිච්ච සල්ලි අහුලන ගමන් බාසුරුට බනින කිශූ නැවත ගල්වෙලා වගේ ඇය දිහා බලන බාසුරුගේ මූණ ළගින් ඇගිලි සද්ද කරලා…

“මොකද කන්න වගේ මගේ දිහා බලන්නේ මිස්ටර් …” කියලා ඇහුවේ බාසුරු හිතාගන්නවත් වෙලාවක් නොදීම අභී කියලා මුමුණමින් කෙල්ලව බදාගද්දී… වෙච්ච දේ තේරුම් ගන්න මොහොතක් හිටපු කිශූ ඒ සැනින්ම බාසුරුව තම ගතින් මුදවගෙන සල්ලි ඔහුගේ අත තියමින්…

“වට්ස් යුවර් ප්‍රොබ්ලම් මෑන්…

මගේ කාර් එක හැප්පුවා ….

දැන් මාව අභී කියලා හග් කරනවා…

කී පාරක් කියන්නද …

අයැම් නොට් අභී …

අයැම් ක්‍රිශානි … ක්‍රිශූ…

ඩූ යූ අන්ඩර්ස්ටැන්ඩ්…

අයැම් ක්‍රි…ශූ නොට් අ…භී …” කෙටි හිනාවක් මුවට අරගෙන තරහෙන් බාසුරුට කියලා ක්‍රිශූ බිබී හිටපු තැඹිලි එකේ සල්ලි දීලා කාර් එකට නැගලා ගියේ බාසුරු අදහගන්න බෑ වගේ ඒ දිහා බලන් ඉද්දියි…

“ක්‍රිශූ…. වා…ව්…

මේ මොන ගේම් එකක්ද…

වී විල් සී…” සයුනි තරම් ලේසියෙන් ක්‍රිශූයි අභීගෙයි කතා හුරුව… හැසිරීම .. ඒ වගේම අදින පළදින විදිහ වගේම පෙනුම කොයි තරම් දෙන්නා දෙන්නෙක් කියලා පෙන්නන්න තිබ්බත් බාසුරු කට කොනකින් හිනාවෙලා මිමිණුවේ කෙල්ලගේ නමයි කා එකේ අංකයයි රොහාන්ට මැසේජ් කරලා පුලුවන් ඉක්මනට එයාගේ හැම විස්තරයක්ම හොයලා දෙන්න කියලා කියද්දීයි.

” අයැම් සොරි සර්…

අපිට මේ සැරෙත් බැරි උනා මිනිහව ෆලෝව් කරන්න…

හිතාගන්න බැරි උනත් මිනිහා මොළකාරයා ….

එයා එයා ගැන පොඩිම පොඩි හෝඩුවාවක්වත් හෙළිකරන්නේ නෑ…” ඔෆිසර් දේවින්ද … මිශන් ඩබ්ලිව් භාරව ඉන්න සීනියර් ඔෆිසර් යශ්ට මේ සැරෙත් කලින් සැරේම දේ කිව්වේ… යශ් තරහින් ෆයිල් එක දමලා ගහද්දී…

“වට්… තමුසෙලා කොහොමද මේකට ආවේ ආ…

හොරට එක්සෑම්ස් කරලද…

අපිට සාක්ෂි නැතිව කිසි දෙයක් කරන්න බෑ කියලා දන්නේ නැද්ද … දේවින්ද …

අපේ ඩියුටි එක සාක්ෂි හොයාගන්න එක…

මේක මේ තරම් ඩිෆිකල්‍ට් ඇයි…

දැන් මාස හය හතක් පහුවෙලා..

බට් අපි ළග උන්ව අහුකරගන්න එක ශාක්ෂියක්වත් නෑ … ” සුදු පැහැති බිත්තියේ ජයනාත් ෆැමිලි එක වික්‍රමසිංහ ෆැමිලි එකේ පින්තූර වට කරලා එක එකිනෙකට කනෙක්ට් කරලා මැද්දේ ප්‍රශ්නාර්ථයක් සමග තියන හිස් ෆොටෝ එක බලලා කිව්වේ වික්‍රමසිංහ ෆැමිලි එකේ උන හැම ඇක්සිඩන්ට් එකකම මහා මොළකරු දැනටත් අභිරහසක් නිසා…

“ස…ර්… මට හිතෙන්නේ අපි ඒ පවුල් වලට එකතු වෙලා ඇතුලට ගියොත් අපිට හොයාගන්න පුලුවන්…

මේ වෙනකන් අපි පිට ඉදන්නේ මේ හැමදේම හෙව්වේ…” යශ් කල් තියාම ඒතනට යන්න අඩිපාර හදාගත්ත බව නොදන්න දේවින්ද කිව්වේ යශ් කට කොනකින් සයූගේ පින්තූරය දිහා බලද්දී…

“ඒක හරි…

දෛවය අපිට උදව් කරන්නේ හිතාගන්න බැරි විදිහට …

මට මුලදි සයූව හම්බෙද්දි මට හිතුනේ නෑ මගේ ඩිෆිකල්ට් මිශන් එකක කී එක එයා වෙයි කියලා…” නොහිතන වෙලාවක සිදූවුන කතා බහකින් පවා මේ තරම් ලොකු උපකාරයක් වෙයි කියලා නොහිතපු යශ් සයූගේ නම්බර් එකට

^අද හම්බෙන්න පුලුවන්ද කියලා මැසේජ් එකක් දැම්මේ…^ හැරෙන තැපෑලෙන්ම… ^පුලුවන්… අපේ හොටෙල් එකට එන්න… මම එහේ …^ කියලා සයූ රිප්ලයි කරද්දියි…

” ආහ්… මේ වෙන්න ඕනේ කිශූ දුව…

අපේ දූ කීවා වගේම…

දූ නම් අභී වගේමයි ….” යසිරුටත් කිශූටත් ඩිනර් එකකට සයූගේ පවුලෙන් ආරාධනා ලැබෙද්දි දෙන්නම ඒක භාරගත්තේ ගොඩාක් සතුටිනි…

“ඔව් ආන්ටි…

මේ මගේ අයියා යසිරු…

එතකොට මම ක්‍රිශානි…. ඒ කියන්නේ කිශූ …

ඇත්තටම සයූ කියපු වෙලාවේ මම හිතුවේ නෑ…

අභියි මමයි එකවගේ කීවාට මේ තරම් සමාන ඇති කියලා..” ආලින්දයේ අභීත් සයුත් එකට ඉන්න ෆොටෝ එකක් දැකලා කිශූ කිව්වේ හැමෝම කියන්නට බැරි දුකකින් ඒ ෆොටෝ එක දිහා බලන් ඉද්දී… ඒත් ඒ එක්කම හැමෝම ඔවුනොවුන්ගේ සිතුවිලි වලින් මුදවමින්…

“කව්ද කියන්නේ එක වගේ කියලා…

ඒ ඔයාලට පේන හැටි බලන්නකෝ…

මගේ අභියි මෙයයි කොච්චර වෙනස්ද කියලා …

මගේ අභී කොච්චර දග උනත් අදින විදිහ ගොඩාක් වැදගත්…

ඒත් මෙයා ….

ඒ ගැන කතා කරලා වැඩක් නෑ…” ඉස්සරහා දොරෙන් ඇතුලු වූ බාසුරු උවමනාවෙන්ම කිශූව පහත් කරලා කතා කරන්නට ගත්තේ ඇය මදක් දෙපා නිරාවරණය වෙන්න හැද සිටි සිව්ලස් ගවුම පෙන්නලා…

“ඔහ්… කා ඉඩියට්….

මගේ අභී ….

බොරු කියන්න එපා එයා කොහොමද කවදද ඔයාගේ අභී උනේ…” නැගණියට අපහාස කරපු එකට යසිරු හොදවයින් දෙකක් කියන්න හැරුනත් .. ඊට කලින්ම ක්ෂණික ආපු තරහා නිසා කිශූගේ කටින් පිට වෙද්දී බාසුරු ඇය දෙසට ආවේ කට කොනකින් හිනාවෙවී…

“මම බොරුද ඇත්තද කීවේ කියලා ඔයා කොහොමද දන්නේ…

ඔයා අභීව දන්නේ නෑනේ…

අපි අතරේ උන දේවල්වත්…

ඔයා ආවේ වැකේශන් එකට මේ ළගදිලුනේ ලංකාවට ආවෙත්… නේද….” ක්‍රිශූගේ මුහුණට නැඹුරු වී ඔහු අසද්දී … ඔහුගේ සුසුම් මුහුණේ වදිද්දී කිශූ අපහසුවෙන් හුස්ම ගන්න ගමන්…

“ම්..මං නිකන් කී.. වේ…

එයා.. ඔය තරම් ඔයාගෙ නම් ඔයා ළග ඉන්න එපැයි…

එ…ඒක…යි…” ක්‍රිශූගේ ඒ වදන් නම් බාසුරුගේ හදවත පතුලෙටම වදිද්දී ඔහු කිසිත් නොකියා එතනින් ගියේ… එවලේ නම් ක්‍රිශූට ඇය කියු දේ ගැන පසුතැවිල්ලක් ඇති වෙද්දීයි….

” සොරි සයූ …

අ…අයි ඩිඩන්ට් මීන්… ” තමන් දිහා එක එල්ලේම බලන් ඉන්න සයූ දිහා බලලා ක්‍රිශූ කියන්න හැදුවත් ඇයට කිසිවක් කියන්න නොදී සයූ ඇයව කෑම කාමරයට එක්කන් ගියේ දැනටමත් ඩිනර් රෙඩි කරලා තිබුනු නිසයි…

” ඔහ් …. ඔයා ෆෘට්ස් ඇට් නට්ස්ද කන්න කැමති…

අ…අභිත් එහෙමයි… ” කෑම කා අවසානයේ ෆෘට්ස් ඇන්ඩ් නට්ස්, වැනිලා, චොකලට් ලෙස අයිස්ක්‍රීම් වර්ග කිහිපයක් තියෙද්දී… ඇය අත ෆෘට්ස් ඇන්ඩ් නට්ස් දෙසට අත යවනවා දැක සයු අහද්දී … ක්‍රිශූ දැක්කේ ඇස් හීන් කරන් බලන් ඉන්න බාසුරුවය….

“ආ..හ් නෑ… නෑ…
අයි ඩෝන්ට් ලයික් ෆෘට්ස් ඇන්ඩ් නට්ස්…

අ..යි ලයි…ක්… වැ…ම්හ් චොකලට්…. ” ෆෘට්ස් ඇන්ඩ් නට්ස් අයිස්ක්‍රීම් වලට එහා පසින් තිබුනු චොකලට් අයිස්ක්‍රීම් දාගෙන කිශූ මදක් එළියට ගියේ තමන් දිහාම බලන් ඉන්නවා දුටු සුජාතා ළගට…

“හායි ආන්ට්…

ඔයා මගේ දිහා ගොඩාක් වෙලාවක ඉදන් බලන් ඉන්නවා … ම්ම්…

මම අභී වගේ නිසාද… නැත්නම් වෙන හේතුවක්ද..” කිශූ අයිස්ක්‍රීම් කකා හිනාවෙවී එක එල්ලේම සුජාතාගෙන් අහද්දී … අපහසුතාවයට පත් ඇය…

“ස…සමාවෙන්න දූ…

ම්..මම එච්චර හිතුවේ නෑ…

අභී දුව වගේ පෙනුම තිබ්බට දුවගේ හැසිරීම් නම් දෙකක්…

අභී දූ කවදාවත් ඔය වගේ රලුවට වැඩිහිටියන්ට කතාකරන්නේ නෑ …” සුජාතාගේ වචන එක්ක තමන් අහපු විදිහ වැරදියි කියලා තේරුනු ක්‍රිශූ ….

“ඔ…හ්… මම කතා කලා රලුයිද…

අයිම් රියලි සොරි …

ඒ ඉතින් අභී අහිංසකයිලු… හිතත් හොදයිලු… හැමෝමව එකපාරින් විශ්වාසත් කරනවාලුනේ….

ඒ…ඒත් මට වෙච්ච දේවල් එක්ක මම අහිංසකත් නෑ… ඒ වගේම ලේසියෙන් කාවවත් විශ්වාස කරන්නෙත් නෑ.. “

“වෙච්ච දේව…ල්…”

“ඔව්… ඕසී වලයි මෙහෙයි පරිසර දෙකක්…

ඒ මිනිස්සුයි මෙහෙ මිනිස්සුයි හැසිරෙන විදිහ දෙකක්…

එහෙ අය ආයි බෙල්ල ගහලා ගියත් ඇත්ත කියනවා…

ඒත් හැංගි හොරා වැඩ නෑ..

ඒ පුරුද්ද මේ….” සුජාතා අහපු පැනයට උත්තර දීලා ක්‍රිශූ එතනින් ගියේ තමන් යන හැම තැනකම ඇස් තියන් ඉන්න බාසුරුටත් රවලයි…

” ස…ර්… අපේ අයට අභී මිස්ව දැකලා…

තැන් කිහිපයක…

ඒ වගේම සයුනි මිස් විතරක් නෙමේ බාසුරු සර් එක්කත් එකට ඉන්න ෆොටෝ මෙතන තියනවා… ” සෝමේ ඔවුන්ගේ සේවකයන් ලබා දුන් ෆොටෝ ටික තමන්ගේ රුව නොපෙන්නා කබායකින් ආවරණය කරගෙන උන් පුද්ගලයාට දෙද්දි ඔහු ඒවා බලලා බැලුවේ… ඔහු පසකින් ඉන්න කාන්තාව දිහායි…

“ඔහ්.. මේක වෙන්න බෑ…

මේක වෙන්න බෑ …

මම ඒ කෙල්ලව දැක්කා… රූපේ විතරයි …

අනික… මම හොදටම දැක්කා එදා අභී මැරෙනවා…

හහ්…හා… මමමනේ පැනලා යන්න හදපු කෙල්ලට වෙඩි තිබ්බේ…

ඔලුවටම වෙඩි තිබ්බේ ඔලුවටම…

සර්ට විශ්වාස නැත්නම් …

රාජාගෙන් අහන්න… එයා තමයි කෙල්ලගේ බොඩිය හෙළ පහලට විසික් කලේ….

දැන් නම් කැළෑවේ සත්තු කාලා කුණු වෙලත් ඇති…” සෝමේට පසෙකින් හිටන් ඉන්න රාජා දිහාවට ඇගිලි දික් කරලා ඒ කාන්තාව කීවේ…

“ඔව් සර්… සූ මැඩම් කියන එක හරි…

මමයි එයා වෙඩි තියපු කෙනාව හෙළින් පහළට තල්ලු කලේ…

ඒ වෙද්දිත් එයාගේ පණ ගිහින් තිබ්බේ කියලා මට හොදටම ශුවර්…” අභීව පැහැරගෙන ඇවිත් දවස් තුනකට පස්සේ පැනලා යන්න හදද්දි හෙළ ළගදී අහු උන කෙල්ලට අදුරේම හිසට ඒම් එක අරන් වෙඩි තිබ්බම ඔහු එම මිනිය කිසිවෙකුට කිසි සාක්ෂියක් නැති වෙන ලෙස මහා හෙළට විසික් කර බව සිහි කරලා කිව්වේ… මොහොතක් මුලු කාමරයම නිශ්ශබ්දතාවයට රජ වෙද්දී… ඒ එක්කම කබාය හැදගත් කෙනා නැවත කතා කරන්නට ගත්තේ කාමරේ හිටපු හැමගේම අවධානය ඔහුට යොමු වෙද්දී….

“මොනා උනත් මේ කෙල්ල ගැන ටිකක් හොයලා කන්ෆර්ම් කරගන්න මේ අභී කෙල්ලද වෙන කවුරු හරිද කියලා..

මතකනේ අපේ ප්ලෑන් සේරම නොදැනුවත්ව උනත් අවුල් කරපු හැටි…

ඒත් එයා ජිවත් වෙනවා නම් එයා දන්න ඕනේ සූ ගැන…

ඒක එයාට ලොකු උදව්වක් වෙයි මාව දැනගන්න…

මම කරපු හැමදේම අවුල් යයි එහෙම උනොත්… ” ඔහු කියාගෙන ගිහින් නවත්තලා නැවත සූ දිහා බලලා…

“සූ ඔයාට භාර දුන් වැඩේ මාස ගාණක් ගිහිනුත් තාම ප්‍රගතියක් නෑ…

මහලොකු දෙයක් නෙමේනේ….

අර ලෙඩ ගෑණිගෙ අවසානයයි …

කෙල්ල නැති ශෝකයෙන් ඉන්න කොල්ලගෙයි අත්සනනෙ ඕනේ…

ඒවා එහෙම උනොත් මගේ අරමුණ සම්පුර්ණ යි…

මගේ දේවල් මගේ අතේ…

දැනටමත් ඒක ගන්න අය බලන් ඉන්නවා…

ඒවා විකුණලා කෝටි ගණන් සල්ලි අරන් උබලගේ ගාණවලුත් දීලා මම රට….. ” ඔහු අතින් ප්ලේන් එකක් යනවා වගේ පෙන්නලා කීවේ … අනිත් අයටත් සල්ලි දෙනවා කීව නිසා ඔවුනුත් චියර්ස් ගාලා තම තමන්ගේ මත් පැන් වීදුරු එකිනෙකට වත්දා සතුට පල කරද්දියි…

“සමාවෙන්න සර්…

ඒ කෙ….ල්ල අභී නම් අපි මොකක්ද කරන්න ඕ….නේ…” හොදටම වෙරිවූ පසුව සෝමේ අහද්දී මහා හඩින් හිනා වූ සූ…

“අයි….යෝ සෝමේ…

ඕක අහන්න දෙයක් … ද..

ම…මරන්න ඕනේ…

ආයි එන්න බැරිවෙන්නම…

එක අත්සනකින් හැමදේම අපිට ගන්න පුලුවන් වෙද්දී මේකී..

ඒ සේරම හිතපුවත් නැති වෙලාවක අරූට ලියලා…

උන් දෙන්නාගේ ආදරය මම හිතුවා අපිට අවුලක් වෙයි කියලා…

මම කීවා ඒකී ලං වෙන උන්ව ඉවරයක් කරන්න කියලා…

ඒත් සර් තමයි…. ” මත් ගතියෙන් හිටපු සූ අන්තිම ටික තරහෙන් කියද්දී …. ඇය නිශ්ශබ්ද උනේ වීදුරුවක් බිදෙන සද්දෙට…

“ශටප්…. අයි සෙඩ් ශ… ටප්…

මොනවද තමුන් දන්නේ.. ආ…

මේ ළගකදී එකතු වෙලා සල්ලි පෙරේත කමට ආහ්… උන් උබව මහා පරිමාණෙන් විශ්වාස කරාම…

උබ කොච්චර දේවල් කරලා තියනවාද…

උබව විශ්වාස කරපු එකීව මරලා දැම්මා…

එතකොට අර ගැණී හිමීට මැරෙන්න බෙහෙත් වලට වස කලවම් කරනවා…

ඒ නිසා වචනයක්වත් කියන්න එපා…

ද්‍රොහියන්ට අයිතියක් නෑ කතා කරන්න…

උබට ඕන සල්ලි ලැබෙයි ඊට පස්සේ යනවා…

ඒ වගේම මේක හොදට මතක තියාගන්නවා..

බැරිවෙලාවත් උබ නිසා අපි එකෙක්වත් අහු උනොත් මම සේරටම කලින් උබව මරනවා…” සූගේ ගෙලින් අල්ලන් පුටුවට තද කරමින් කියලා සූව අත ඇරියේ … ඇය කැහැ කැහැ එතනින් දුවද්දියි…

“ස…ර් …. ” සූ ගියාට පස්සේ සෝමේ කතා කරද්දී… අනෙක් පිරිසටත් යන ලෙස පවසා දොර ලොක් කරලා ඔහුගේ ලෝගුව අයින් කරගත්තේ… ඔහුගේ රුව හදුනන සෝමෙට මුහුණ නිරාවරණය කරමිනි…

ඊළග කොටසට