Home Novels අවසන් රාත්‍රිය අවසන් රාත්‍රිය – 17 කොටස

අවසන් රාත්‍රිය – 17 කොටස

0
23

‘‘එයා..කියනවා සදැසි ඌ තමුසෙගෙ අතින් ඇල්ලුවද? ”

රශ්වින්ගෙ මූණ තනිකරම කළු වෙලා. කොල්ලා ඊරිසියාවෙ පුපුරනවා.මෙච්චර වෙලා හොදට හිටපු කොල්ලට මොනවා වෙලාද කියලා හිතාගන්න බැරුව සදැසි උඩ බිම බලනවා.

‘‘පිස්සුද අනේ…මං කිව්වනෙ කතා කලේ නෑ කියලා.ඉතිං අතින් අල්ලන්නෙ කොහොමද? ”

‘‘මගෙත් එක්ක කට ගහගෙන එනවද? දෙනවා රවුම් මූණ හතරැස් වන්න හරිද? ”

‘‘මට මොකෝ..එතකොට යාළුවො කියයි මනමාලි හතරැස් කියලා.කාටද ලැජ්ජාව”

සදැසි හිනාව තද කරගෙන කිව්වා.කොල්ලා යටිතොල හපාගෙන රැව්වා

‘‘තමුසෙත් මාර කටර් එකක්නෙ. මට කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ වගේ”

ඒ පාර සදැසි නිහඩයි.

‘‘මනමාලයා මොකද කරන්නෙ”

සදැසි සද්ද නෑ..

‘‘සදැසි..කන් ඇහෙන් නැද්ද”

කොල්ලා සදැසිගෙ කනක් ඇද්දා.සදැසි රශ්වින්ගෙ අත ගසා දාලා අත් එහෙ මෙහෙ කර කර ඉගි බිගි වලින් මොනවදෝ කියනවා.

‘‘මොකක්”

රශ්වින් පාර දිහා බල බල ඩ්‍රයිව් කරන ගමන් කෙල්ල දිහා බලනවා

‘‘ඇයි අනේ ..ඔයාමනෙ කිව්වෙ කටර් එකක් කියලා..මං ආයෙ කතා කරන් නෑ..අභිනයෙන් පෙන්නනවා ඔක්කොම”

‘‘මොකක්”

රශ්වින්ගෙ කට බාගෙට ඇරුණා.සදැසි එළිය දිහා බලාගෙන ඉන්නවා

‘‘මේ තමුසෙ අභිනයෙන් පෙන්නන දේවල් මොනවද කියලා කියනවකො මට දැන ගන්න.පොඩ්ඩක් ඉන්නවා මං කාර් එක අයිනක නතර කරන් කල්. ඒවා ඇහැවම මට ඔළුව විකාර වුණොත්..නිකම් බොරුවට මගෙ කාර් එකට ඩැමේජ් කරගන්නෙ මොකටද? ”

රශ්වින් ඇහෙන් කදුලු පනිනකල් හිනාවෙනවා

‘‘මෝඩයෙක් මහ.. ”

සදැසි ඒ පාර කොල්ලට තඩිබානවා.

‘‘හොද නෑ ඔයා..මං එහෙම එකක් කිව්වෙ නෑ..කැත හිත”

‘‘ඔය කෝටු අත් වලින් ගහන්න එපා ඕයි. මගෙ සංවේදී අත පය රිදෙනවා.ෂිට් ..ඒ මදිවට කොනිත්තනවා..මෝහිණී”

‘‘නෑ මං දියකිදුරි”

‘‘හා යමු ගගට දාන්න”

‘‘නෑ මං සද කිදුරි”

‘‘මොකද්ද”

‘‘ඔව්..මට ඒ සිංදුව හරියනවා”

‘‘මොන සිංදුවද”

කෙල්ල සිංදුවක් පටං ගත්තා.

🎶සද කිදුරී මං

නුඹ කිදුරා නම්

සදගිරි පව්වට වැද

ගොඩ වෙන්නම්

මං ලේන කුලේ සිට

නුඹ පැතුවා

නුඹ මේ ජීවන ගග

මැද හිටියා

බෝ ආශාවන් සිහිනේ ගිලුණා.

දුක් කන්ද ළගදී නොසැලී සිටියා

මා අදුරේ මදුර සොයා ප්‍රේමී

සද කිදුරු ඉමේදී තනිවේවි

යාවේද පෙමකින් අප සිත්

යාවේද පෙමකින් අප සිත්

🎶🎶🎶

‘‘නවත්තනවා ඔය ඇඩියාව..යාවෙලා තියෙන්නෙ හිත් දෙක..අන්ධකාරෙකුත් නෑ..දුකකුත් නෑ. ”

‘‘ඉහි ඉහි.ඔයා මගෙ හැකියාව අගේ නොකර මාව අධෛර්ය කරනවා. ”

‘‘ඔව් ඔව් මට බයයි..තමුසෙ සුපර් ස්ටාර් වෙලා මාව අතඇරලා වෙන කොල්ලෙක් එක්ක පැනලා යයි කියලා. ”

‘‘ඊයා ..මගෙ තුන් හිතකවත් නෑ එහෙම”

‘‘ඒ වුණාට බලන්න ආපු මනමාලයා එක්ක යන්න හිත තිබුණනෙ. ”

සදැසි කදුලු පිරුණු ඇස් කොල්ලා දිහාට යොමු කළා.මොනවද මේ රණ්ඩු ..ආදරේ නෙවෙයිද?

‘‘ඇයි රශ්වින් මගෙ හිත රිද්දන්නෙ”

සදැසි ඇහැවෙ බොහොම නිවුණු කටහඩින්..කොල්ලට හොදටම අප්සෙට් ගියා

‘‘සොරි බබා..මං ජෝක් කලේ. ”

‘‘ඒ ගැන කියලා විහිළු කරන්න එපා ..ප්ලීස්”

‘‘හරි පැටියො මං ආයෙ එහෙම කියන් නෑ..ඒත් මට ඒ ගැන මතක් වෙද්දි කේන්ති එනවා.ඒක ඔයාගෙ වරදක් නෙවේ. ”

කොල්ලා හෙමීට සදැසිගෙ ඔළුව අතගෑවා

‘‘මං ටිකක් නිදා ගන්නද.තව දුරයිනෙ කොළඹට”

‘‘හ්ම්..මට පාළුයි..කමක් නෑ..නිදා ගන්න”

රශ්වින් කරුණාවෙන් කියලා ප්ලේයර් එකේ හෙමීට යන සිංදුවක් දැම්මා.

🌹🌹🌹🌹

‘‘පවන්..උඹ මොනවද මේ කරන්න හදන්නෙ”

චරිත් ඇහැවෙ පවන් එක දිගට කල්පනා කරන දිහා බලාගෙන.යාළුවො දෙන්නා හිටියෙ පාර අයිනෙ කාර් එක නතර කරගෙන.පවන් කාර් එකට හේත්තු වෙලා කල්පනා කරනවා

‘‘මටත් හිතා ගන්න බෑ බං”

‘‘උඹට පිස්සු පවන්..උඹ රිතිකාව මැරි නොකර අර ගොඩේ දුප්පත් කෙල්ලෙක් බදින්න යන්නෙ ”

‘‘මං මොකද කරන්නෙ බං ..රිතිකාට අපේ ගෙදරින් කැමති නෑ.ගෙදරින් කැමති සදැසිව බදිනවට..අනේ මංදා බං..මට ඒ කෙල්ලව දැක්කට පස්සෙ මොකදෝ වුණා වගේ.. හරි අහිංසක පාටයි.. ”

‘‘උඹම නේද කිව්වෙ පොඩි කෙල්ලෙක් කියලා. ”

‘‘ඔව් ඒක නම් ඇත්ත තමයි..මුලින් නම් මං කැමති වුණේ මැරි කරලා ෂේප් එකේ ඩිවෝස් කරන්න හිතාගෙන. ඒ වුණාට දැන් නම්..අනේ මන්දා”

‘‘රිතිකාට මොකද වෙන්නෙ එතකොට”

‘‘රිතිකා ඉතිං කොහොමත් මගේනේ බං.. ”

පවන්ගෙ මූණට ආවෙ සවුත්තු හිනාවක්

‘‘උඹෙ බලු වැඩ ගැන අර අහිංසකී දන්නෙ නැතිව ඇති. ”

‘‘උඹ මගෙ යාළුවනෙ බං.චරිතයා”

‘‘යාළුවා වුණාට උඹෙ කුපාඩි වැඩ ගැන මගෙ පැහැදීමක් නැති බව දන්නවනෙ.මං කසාද බැදලා පාඩුවෙ කුරුළු කූඩුවක ඉන්න එකා..අපේ නෝනා උඹ ආස්සරේ කරන්න එපා කියලා මගෙ කන පිරෙන්න කියනවා.. ”

‘‘ඉතිං උඹ පලයන්කො යන්න මට වද නොදී. ”

‘‘කරුමෙට යාළුවනෙ…මේක කියපන් බං.ඇයි ඒ කෙල්ලව උඹ වගේ නාකියෙක්ට බන්දන්න හදන්නෙ… ”

‘‘යකෝ අවුරුදු තිස් තුනක් කියන්නෙ නාකියෙක්ද? ”

‘‘ෂිට් අර කෙල්ලට විස්සක්වත් නෑ නේද? ”

‘‘ඒකනෙ බං අත්අරින්න හිතෙන් නැත්ත‍ෙ”

‘‘උඹට මහලොකු සල්ලියකුත් නෑනෙ ..මොකද එක පාරටම එහෙන් කැමති වුණේ. ”

‘‘මචං ..මං කොළඹ නටන පිස්සු අපේ ගමේ උන් දන්නෙ නැහැනෙ.එහෙට මං සාන්ත දාන්ත ලොකු පුතා.කෙල්ලගෙ අප්පච්චි මට දුන්නා වැඩ කරන තැන විස්තර මං හෙට යනවා. ”

‘‘රිතිකා දැන ගත්තොත්. ”

‘‘අවුලක් නෑ බං. සදැසිව ජොබ් එකෙන් අයින් කරලා ගමේ තියනවා.. කතාව ඉවරයි..රිතිකාට කසාද ගැන වගක් නෑනෙ කොහොමත්. ”

‘‘උඹ ලෝක අමාරුවක වැටෙනවා කවදාහරි. ”

චරිත් කිව්වෙ කළ කිරීමෙන්. පවන් කට කොනින් හිනා වුණා විතරයි.

‘‘ඒයි දියකිදුරි..ඇති හීන බැලුවා. නැගිටින්න දැන්”

සදැසි ඇස් අරිද්දි රශ්වින් හිටියෙ කෙල්ලගෙ මූණටම එබිලා

‘‘ආ.. ”

සදැසි එක පාරටම කෑ ගැහැවෙ හොදටම බයවෙලා

‘‘මොකද හලෝ..මේ මං රශ්වින් ..ඔයාගෙ අනාගත නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා”

‘‘ආ..රශ්වින්..මේ කොහෙද”

සදැසි වට පිට බැලුවා..රශ්වින් හිටියෙ සදැසිගෙ පැත්තෙන් කාර් එකේ දොර ඇරගෙන පාත් වෙලා.පාළු පරිසරයක්..වැහි අදුර හැමතැනම..සදැසිට තරු පෙනුනා.මේ කොළඹ නෙවෙයි.සදැසි රශ්වින්ව තල්ලු කරගෙන බැස්සා.

කෙල්ල කලබලෙන් වටපිට බලනවා.රශ්වින්ට නම් මෙලෝ වගක් නෑ..කොල්ලා සාක්කු වලට අත් ඔබාගෙන විසිල් එකක් ගහනවා. ඈතින් පෙනුනෙ පාළු ගෙදරක්.අතුරු පාරක් නිසා කවුරුවත් පේන්නත් නෑ..ළගපාත වෙන ගෙයක් ඇත්තෙත් නෑ..

‘‘ඉහි..ඉහි…ඊ…ඉහි..ඉහි…ඈ.. ”

සදැසි එක පාරටම බෙරිහන් දීලා අඩන්න පටං ගත්තා.රශ්වින් ඒ පාර කෙල්ලගෙ ළගට ඇවිත් අතින් අල්ලන්න හැදුවා.

‘‘සදැසි”

ඒත් කේලල අත ගසා දාලා රශ්වින්ව අතඇරලා දුවන්න පටං ගත්තා.රශ්වින්ට හිතා ගන්න බැරිවුණා මොකද්ද වුණේ කියලා.

‘‘සදැසි..තමුසෙට පිස්සුද කොහෙද දුවන්නෙ. ”