අහසම ගුගුරා…. ❤️‍🔥

-16-

“රනුවා, ඒකිට එළියට එන්න කියපං… නැත්නම් මං මේක කෙල්ලන්ගේ බෝඩිමක් කියලා නොබලා ඇතුලට යනවා…”

ගේට්ටුවෙන් පිටත සිටින විසල් කීවේ තරමක හඬිනි. ඔහු එවෙලෙහි සිටියේ පූර්ණා නැවතී සිටි බෝඩිමේ ගේට්ටුව අසල ය. ගයාන්, පූජිත්, ඉමල්ක සහ තවත් තරුණයන් කිහිපදෙනෙක් ඔහුත් සමඟ වූ අතර ඔවුන් පැමිණි යතුරුපැදි ද ඒ අසලම නවතා තිබිණි. ගේට්ටුවෙන් පිටත ගයාන් සහ ඉමල්ක සිටියේ විසල්ගේ ගමන් මග හරස් කොටගෙන මෙනි. රනුක සහ දමිත් ගේට්ටුවෙන් ඇතුලත සිටි පූර්ණාගේ මිතුරියක හා කතා කරමින් සිටියහ.

“රංචි, කැන්දිට එළියට එන්න කියපං. අරූට මුකුත් කරන්න අපි ඉඩදෙන්නෑ. ඒකිව හම්බෙන්නැතුව මූ අද මෙතනින් යන්නෑ…”

දමිත් කීවේ පූර්ණාගේ මිතුරිය හට ය.

“ඔයාල කිව්වට කලූ, නෝට් ඒකිට ගැහුවොත් එහෙම…?”

“ඕවා උ ඹ ල ට හිතන්න තිබ්බේ ඒ හරකිව ෆෝම් කරලා කවී ඉස්සරහට යවන්න කලින්… දැන් උ ඹ ලා සේරම එකතුවෙලා නටපු කස්තිරමේ අඩව්ව අල්ලන්න අර ගෑණිට එන්න කියපං… නැත්නම් නෝට්ට කලින් මං යනවා බෝඩිම ඇතුළට. ගිහින් ඇදගෙන එනවා එළියට. මං නෝට් තරම්වත් ඉවසන එකෙක් නෙවි කියලා උ ඹ ලා දන්නවනේ…”

පූර්ණාගේ මිතුරිය වෙතට නැවී රනුක කීවේ තර්ජනාත්මකව ය. ඔහුගේ වදනට අවනත වූවාක් මෙන් යුවතිය බෝඩිම තුළට දිවගියා ය. ගේට්ටුවෙන් පිටත තවමත් විසල් ඒ-මේ අත ඇවිදිමින් සිටියේ නොඉවසිල්ලෙනි.

කල්පයක් සේ දැනුණු මිනිත්තු කිහිපයකට පසුව පූර්ණා බෝඩිමෙන් පිටතට පැමිණියේ තවත් මිතුරියන් කිහිපදෙනෙක් සමඟ ය.

“අනේ පතී, මං නාරිට හිතලා ගැහුවේ නෑ… ඒකි කට ගහගෙන ආවම මට කේන්ති ගියා. නෝට්ට අච්චර කේන්ති ගන්න දෙයක් වුණේ නෑ…”

පූර්ණා හැඬුම් අතරින් කීවා ය.

“කැන්දි, ඔය කතාව දැන් අරූ ඉස්සරහා කියලා ඌව තවත් තරහ ගස්සන්න එපා. නාරි කියන්නේ කට ගහගෙන යන ජාතියෙ කෙල්ලෙක් නෙවි කියලා මං වගේම උ ඹ ත් දන්නවා. අනික උ ඹ ට වතාවකුත් ඌ පැහැදිලි කරලා කියලා තියේනේ නාරිගෙන් ඈත්වෙලා ඉඳපං කියලා. යකාගේ හැටි උ ඹේ වටේ ඉඳන් ගිනිගෙඩි දෙන උන්ට වඩා හොඳට උ ඹ දන්නවනේ… ගොන්කන් කරලා දැන් බබා පාට් දන්නෙපා… උ ඹේ ගෑණුකමට සලකලා එක දෙයක් කියන්නම්. අරූ එක්ක දැන් ගිහින් කතා කරපං. කතා කරලා කියපං උ ඹ නාරිගෙන් සමාව ගන්නම් කියලා. වෙන කරන්න දෙයක් නෑ… අපි මෙතන මෙහෙම ඉන්න එක උ ඹ ට වගේම මේ අනික් කෙල්ලන්ටත් හොඳ නෑ…”

රනුක කීවේ තදිනි.

“මං සමාවගන්නම්…”

“හේරා, නෝට් එක්ක වරෙං ඇතුලට… කැන්දිව එළියට එක්කං එන එක හරි නෑනේ…”

රනුක ගේට්ටු කණුව අසල සිටි ගයාන් හට කීවේ ය. ගයාන්, විසල් සිටි දෙසට ගොස් මිනිතුවක් ගතවීමටත් පෙර විසල් ගේට්ටුවෙන් ඇතුලට පැමිණියේ ය. අනෙක් තරුණයින් ද, ඔහු පසුපසින් පැමිණියේ විසල්ගේ කේන්තියේ තරම හොඳින්ම දන්නා බැවිනි.

“පූර්ණා, එකක් මතක තියාගනිං… මං උ ඹ ට නම්බු දීල අෆෙයාර් එක නතර කළේ. උ ඹ ට එකෙක්ගෙන්වත් පදයක් අහන්න මං ඉඩතිබ්බේ නෑ. මං එහෙම පො—ක් නෙවි… හැබැයි හැමදේකදිම කටවහන් ඉන්නත් මං ලෑස්ති නෑ… උ ඹ මේක මතක තියාගනිං. කවී කියන්නේ මගේ කෙල්ල. මං ඒකිට ආදරෙයි. ඒ නිසා ඒකිට සීරුමක්වත් වෙනවට මං කැමති නෑ. ඒ කාලේ උ ඹ වෙනුවෙන් පෙනීහිටිය විදියටම මං දැන් ඒකි වෙනුවෙනුත් පෙනීහිටිනවා… උ ඹ ට මගෙත් එක්ක තියන ප්‍රශ්නයක් මගෙත් එක්ක විසඳගනිං. ඒකට අර කෙල්ලව ගාවගන්නෙපා…”

ගේට්ටුවෙන් ඇතුලට පැමිණි වහා පූර්ණා වෙතටම පැමිණි විසල් කීවේ තම සුරතෙහි දබරැඟිල්ල ඈ වෙත උරුක් කර ලෙලවමිනි. ඒ වනවිට ඔහුගේ අනතුරට පත් අත සම්පූර්ණයෙන්ම සුව වී තිබිණි. වේගවත් වාග් ප්‍රහාරයෙන් පසුව දෑත් මිට මොලවාගත් ඔහු මොහොතක් ගත කළේ වේගවත් කෙටි හුස්ම වාර කිහිපයක් ඉහළට ගනිමිනි. ඔහු සිටින්නේ අපහසුවෙන් කේන්තිය පාලනය කරගෙන බව රනුකට මෙන්ම අනෙක් තරුණයන් හට ද වැටහිණි.

එකවරම පූර්ණාගේ අතකින් අල්ලාගත් විසල්, ඇයව ඇදගෙන පසෙකට ගියේ ඇය ද තිගැස්සී යද්දී ය. දමිත් සහ ඔවුන් වෙත යන්නට තැනූ පූර්ණාගේ යෙහෙළියන් රනුක විසින් නවතාලීය.

“උ ඹ කොහොම ගෑණියෙක්ද උ ඹේ ආත්ම ගෞරවය වෙන උන් ඉස්සරහා නැති කරගන්න තරම්..? ආහ්..? ඉස්සෙල්ලම ඒක මට කියලා ඉඳපං…”

හඬමින් සිටින පූර්ණාගේ වත වෙතට එබෙමින් විසල් විමසුවේ ය. ඈ දෑස් මහත් කරමින් ඔහු දෙස බැලුවා ය.

“ඇත්තටම උ ඹ ට ලැජ්ජාවක් තිබ්බේ නැද්ද පූර්ණා අපි අතරේ වෙච්ච දේවල් හරියට දන්නැති උන් ටිකක් ඉස්සරහා කියන්න..? මං කොල්ලෙක් වෙලත් අද වෙනකං මාත් එක්ක නිදාගත්ත කෙල්ලෝ ගැන එක එකා එක්ක කියවලා නෑ… ඒ හැම කෙල්ලෙක්ටම මං මේ මොහොතෙත් ගෞරව කරනවා. උන් මා ගාවට එද්දි මං ගැන උන් තිබ්බ විශ්වාසෙ අදටත් මං රකිනවා. උන්ගේ ආත්ම ගෞරවයට හානියක් කරන්නෑ… මොකද මටත් අම්මෙක් අක්කෙක් ඉන්නවා. ගෑණියෙක්ගේ ආත්ම ගෞරවයේ තියන වටිනාකම මං හොඳට දන්නවා පූර්ණා… මං ගෑණුන්ව මනින්නේ රෙද්දේ රතු පාටින් නෙවි. ඒක උ ඹ දන්නවා හොඳටම. එහෙම ඒවා මං බැලුවා නම් උ ඹෙ යි මගෙයි සම්බෙන්ධේ ලත් තැනම ලොප් වෙන්න ඕනේ. ඒත් මං අඩුම එහෙම උනේ කා අතින්ද කියලවත් උ ඹෙ න් ඇහුවේ නෑ. මොකද ගෑණුකම කියන්නේ ඒකට නෙවි කියලා මං දන්නවා… එච්චර මං උ ඹේ ආත්ම ගෞරවය පරිස්සම් කරලත් උ ඹ ඒ හැමදේම පිට උන් ඉස්සරහා වමාරලා… ත මු සෙ ට ලැජ්ජද නැද්ද කියලා මං දන්නෑ. මට නම් ත මු සේ ගැන ලැජ්ජයි…”

හඬමින් සිටි පූර්ණා එකවරම හිස ඔසවා විසල් දෙස බැලුවා ය.

“රෙද්දේ මඟුල් බලන්නැති නිසා වෙන්නැති එක පාරටම මට පයින් ගහලා පෙ– කඩපු නැති කෙල්ලෙක්ව සෙට් කරගත්තේ… තමුසෙලා සේරම වචන නාස්ති කළාට එකම ජාතියේ පිරිමි. අලුත් එකක් හරි, සෙට් කරගන්න ලේසි එකක් හරි දැක්කම ඉන්න උන්වත් එපා වෙනවා…”

පූර්ණාගේ කතාව අතරතුර විසල් තම සුරතින් නොඉවසිලිමත් ලෙස කොණ්ඩය කිහිපවරක් සකසා ගත්තේ ය. බුර බුරා නැගී එන කෝපයේ අග්නිජාලා අපහසුවෙන් යටපත් කරගත් ඔහු ඉණට දෑත් තබාගෙන බෙල්ල තරමක් පිටුපසට නවා ගැඹුරු කර දිගු හුස්මක් ගත්තේ ය. අනතුරුව දෑත් පපුවෙහි බැඳගනිමින් පූර්ණා වෙතට තරමක් නැඹුරු විය.

“පූර්ණා, ඔයාගෙයි මගෙයි අෆෙයාර් එක බ්‍රේක් වෙන්න මූලිකම හේතුව මෙන්න මේක. ත මු සේ මාව කියෙව්වෙම වැරදියට… මං හොඳ එකෙක් නෙවි. මං කවදාවත් කියන්නෑ මං හොඳයි කියලා… ත මු සේ එක්ක යාලුවෙන්න කලින් මං කෙල්ලෝ බර ගාණක් පාස් කරලා ආවේ. සමහරුන්ට ආදරේ කළා. සමහරු එක්ක නිදාගත්තා විතරයි. කොටින්ම මං මට ඕනේ දේවල් සල්ලිවලටත් ගත්ත එකෙක්… හැබැයි එකක් පූර්ණා… උ ඹ එක්කවත් උ ඹ ට කලින් මං සිරා කරපු වෙන කෙල්ලෝ එක්කවත් යාළුවෙලා ඉද්දි එහෙම වෙන උන් එක්ක නිදාගෙන නෑ… උ ඹ බ්‍රෑන්ඩ් නිව්ද, සෙකන්ඩ් හෑන්ඩ්ද කියන එක මට අදාළම නෑ. මං උ ඹ ට බොක්කෙන්ම ලව් කළේ… ඒත් එක තැනකදි මට තේරුණා උ ඹ ට මාත් එක්ක මේ ගමන යන්න අමාරුයි කියලා. අන්න එතැනදි මං උ ඹ ව මගෙන් නිදහස් කළා… එහෙම නැතුව උ ඹ එක්ක නිදාගෙන, උ ඹේ රතු පැල්ලමක් නෑ කියලා මං උ ඹ ව අහක දැම්මේ නෑ පූර්ණා… ඒක මතක තියාගනිං…”

පූර්ණාගේ කඳුළු යළිත් අලුත් වූයේ ඔහුගේ කතාවේ අගභාගයේ දී ය.

“මට ආයේ චාන්ස් එකක් දෙන්න බැරිද විසල්..?”

ඇය හැඬුම් ස්වරයෙන්ම විමසුවා ය. ඔහු, තම යටි තොල සපමින් මඳ වෙලාවක් ගත කළේ ය.

“එහෙම චාන්ස් දෙන්න ගියා නම් උ ඹ අද මීට වඩා අඬනවා පූර්ණා… මං වගේ එකෙක්ව කන්ට්‍රෝල් කරන්න උ ඹ ට අමාරුයි…”

ඔහු සුසුමක් හෙළුවේ කෝපය තරමක් තුරල් වූ බැවිනි.

“හැබැයි පූර්ණා, ආයේ මගේ කෙල්ලට අතක් උස්සලා තිබ්බොත් එදාට මං මෙහෙම බුරලා විතරක් යන එකක් නෑ. අනික මං හපාකන්න ගියොත් එක පාරක් හපාකාලා නතර වෙන්නෙත් නෑ… ඒ නිසා මෙහෙම දේවල් ආයේ වෙන්න තියන්නෙපා…”

පූර්ණා හිස සෙලවූවා ය.

“මං නාරිගෙන් සමාවගන්නම්…”

“ඕනේ නෑ… ඒකි ඕවා ඔලුවේ තියන් ඉන්න කෙල්ලෙක් නෙවි. දවස් දෙක තුනක් අඬලා හිත හදාගනී… උපරිම උනොත් මගෙත් එක්ක පොඩ්ඩක් අවුලෙන් ඉඳී දවසක් දෙකක්. ඊටපස්සේ ඒකිට ඕවා මතකත් නෑ…”

ඔහු සැහැල්ලු ලෙස කී ආකාරය ඇයව මවිතයට පත් කරවීය. ඔහු සැබවින්ම ඇයට ආදරය කරන බව පූර්ණා වටහාගත්තා ය. එය සාමාන්‍ය පෙමක් නොව එකිනෙකා පිළිබඳව වූ මනා අවබෝධයකින් සහ ගරුත්වයකින් ජීවමාන කෙරෙන ප්‍රේමයක් බව ඇයට වැටහිණි.

“ඒ තරමටම ඔයා නාරිට ආදරේද විසල්..?”

පූර්ණාගේ පැනයට යන්තම් බැල්මකින් පමණක් සංග්‍රහ කළ ඔහු ආපසු යාමට හැරුණේ ය. පූර්ණා වහා ඔහුගේ අතකින් අල්වාගත්තේ ඔහුව නවත්වා ගනිමිනි.

“විසල්, ඔයාට දවසක හිතුනොත් නාරි එක්කත් මේ ගමන යන්න අමාරුයි කියලා එදාට ඔයා නාරිවත් අතාරිනවද..?”

පූර්ණාගේ පැනය හමුවේ විසල් මොහොතක් නැවතුනේ හිස් අවකාශය දෙස බලාගෙන ය. ඔහුගේ නිහඬතාවය ඉසිලිය නොහැකි තැන ඇය යළිත් ඔහු ඇමතුවා ය.

“විසල්..?”

සුසුමක් හෙලූ ඔහු, ඇගේ සුරතින් තම අත මුදවාගත්තේ ය.

“ඔව්…”

තනි වචනයෙන් පිළිතුරු දුන් විසල්, රනුක වෙත ගොස් ඔහු අතැති හිස් ආවරණය අතට ගෙන හැරුණේ පූර්ණාගේ මිතුරියන් වෙතට ය.

“කැන්දිගෙයි මගෙයි අෆෙයාර් එක ඉවරයි. මං දැන් යාළුවෙලා ඉන්නේ නාරි එක්ක. ඒක උ ඹ ලා සේරම දන්නවනේ… හැබැයි විකාර මඟුල් කැන්දිගේ ඔලුවට පුරවලා ප්‍රශ්න හදන්නෙපා… ආයේ මෙහෙම දෙයක් උනොත් කැන්දිට වගේම උ ඹ ල ට ත් බඩු පැකට් කරලම දෙනවා. මේකටත් එක්කමයි එහෙම උනොත් මං සලකන්නේ. මතක තියාගනිං ඒක…”

දබරැඟිල්ල උරුක් කරමින් යුවතියන් හට තර්ජනය කළ ඔහු ගේට්ටුවෙන් පිටතට ඇවිදගෙන ගියේ සෙසු තරුණයන් හට ද පැමිණෙන ලෙස සන් කරමිනි.

යළිත් පූර්ණාගේ බෝඩිම දෙසට බල්මක්වත් නොහෙලූ ඔහු යතුරුපැදියට නැගී හිස් ආවරණය පළඳා යතුරුපැදිය ක්‍රියාත්මක කළේ ය. තම යතුරුපැදියේ යතුර ගයාන් අතට දුන් රනුක හිස්වැසුම පළඳාගෙන විසල් පසුපසින් ඔහුගේ යතුරුපැදියට නැගුණේ ය.

එවර විසල්ගේ ගමනාන්තය වූයේ කවිනිගේ බෝඩිම යි. ඔවුන් සමඟම යතුරුපැදිවල පැමිණි අනෙක් තරුණයින්ව රනුක පිටත් කළේ තවදුරටත් ඔවුන් එහි සිටීම අත්‍යවශ්‍ය නොවූ බැවිනි.

ගයාන් පමණක් රනුකගේ යතුරුපැදිය සමඟින් ඔවුන් හා රැඳුණි. එදින කවිනිගේ බෝඩිමේ හිමිකාරිය නිවසෙහි නොමැති බව විසල් දැනසිටියේ නදිනිගෙනි.

බෝඩිමේ ගේට්ටුව පේන මානයෙන් යතුරුපැදිය නවතාගත් විසල් කිහිපවරක්ම කවිනිට දුරකතන ඇමතුම් ලබාගත්ත ද ඇය එම ඇමතුම් සමඟ සම්බන්ධ නොවීය.

අනතුරුව ඔහු යළිත් නැග එන කෝපයත් සමඟින් නදිනිගේ දුරකතනයට ඇමතුමක් ගත්තේ ය. කිහිපවරක් නාදවීමෙන් අනතුරුව නදිනි ඇමතුමට සම්බන්ධ වූවා ය.

“නදී, කෝ කවී..?”

“මෙච්චර වෙලා අඬලා අඬලා දැන් ඇඳට වෙලා හූල්ල හූල්ල ඉන්නවා අයියේ…”

“නදී, එයාට කියන්න පහළට එන්න කියලා… මං පාර ගාව ඉන්නේ…”

“ඉන්න අයියේ…”

මිනිත්තු කිහිපයක් ගතවුණේ නිහඬවම ය. රනුක සහ ගයාන්, ඔවුනොවුන් හා කතා කරමින් විසල් අසලම සිටියහ.

“අයියේ, එයාට පහළට එන්න බෑලු… තනියම ඉන්න ඕනෙලු…”

නදිනිගේ වදනින් විසල්ගේ නිදහස් අත මිට මෙලවනු නෙත් අගට දුටු රනුක, ගයාන් හා කරමින් සිටි කතාව නවතා සිය අවධානය විසල් වෙත රැඳවීය.

“නදී, ෆෝන් එක දීපං කවීට…”

“ඉන්නේ අයියේ…”

මිනිත්තු කිහිපයකට පසු කවිනි, විසල්ගේ ඇමතුම හා සම්බන්ධ වූයේ නදිනිගේ බලවත් පෙරැත්ත කිරීම් හමුවේ ය.

“අනේ අයියේ, මට චුට්ටක් තනියම ඉන්න ඕනේ…”

ඇමතුම හා සමබන්ධ වූ සැණින් ඇය කීවා ය.

“තනියම ඉන්න පුළුවන් මා ගාව. අඬන්න බැරි නම් ඕනේ මඟුලක්, හැබැයි මා ගාවදි. ඒ නිසා දැන් පහළට එන්න…”

“අනේ අයියේ ප්ලීස්…”

“කවීහ්…”

එවර විසල්ගේ හඬ උස් විය.

“මගේ යකා අවුස්සන්නේ නැතුව ඇඳුම් දෙක තුනක් බෑග් එකක දාගෙන පහළට එනවා. නැත්නම් මං උඩට ආවොත් බෙල්ලෙන් ඇදගෙන එන්නේ… කියන දේ අහලා එනවා මගෙත් එක්ක යන්න… විනාඩි පහයි දෙන්නේ…”

ඔහු කෝපයෙන් ගුගුරන්නට විය.

“අනේ අයියේ ඒත් නදී…”

“කියන දේ කරපං කවී මාව යකෙක් නොකර… මුරණ්ඩු වෙන්නෙපා…”

ඔහුගේ කෝපාන්විත ස්වරය හමුවේ යුවතිය බියපත් විය.

“හරි මං එන්නම්. මට මිනිත්තු දහයක් දෙන්න…”

අවසානයේ ඇය, ඔහු හා එකඟවූවා ය.

“අසාගෙ බෝඩිමටද කෙල්ලව එක්කං යන්නේ උ ඹ…?”

රනුක විමසුවේ ය.

“හ්ම්ම්ම්…”

විසල් පිළිතුරු දෙමින් තවත් ඇමතුමක් ලබාගන්නට විය.

“පුදුමයි… උ ඹ කැන්දිවවත් එහෙ එක්කං ගියේ නෑනේ…”

ගයාන් කීවේ සිනාවක් පාමිනි.

“ඒ කැන්දිනේ… මේ කවී…”

“මේ වගේ වෙලාවකට එතන හොඳයි…”

රනුක, විසල්ගේ තීරණය අනුමත කරමින් කීවේ ය.

“මට රයිස් එකක් ගෙනත් දීපංකො රනුවා. ශුවර් එකටම කවී අද කාලත් නැතුව ඔය වැලහින්න වගේ අඬ අඬ ඉන්නවා ඇත්තේ…”

විසල් කීවේ දුරකතනය සවනත රඳවාගනිමිනි.

“උ ඹ එහෙනම් කවී එක්ක අසාගේ පොට් එකට පලයං… අපි දෙන්නා රයිස් එකක් ගෙනත් දීලා එහෙමම හොස්ටල් යන්නම්…”

රනුක සිය යතුරුපැදියට නගිමින් කීවේ ය. ගයාන්, සිය අතෙහි වූ අමතර හිස් ආවරණය විසල්ගේ යතුරුපැදියේ පසුපස අසුන මතින් තැබුවේ ය.

“සල්ලි තියෙද උ ඹ ගාව..?”

“තිබ්බා…”

“එල බං…”

මහපටඟිල්ල ඔසවමින් විසල්, තම දෙමිතුරන් හට ප්‍රතිචාර දැක්වීය.

“විමුවා, උ ඹ කොහෙද ඉන්නේ..?”

විසල් දුරකතනයෙන් විමුක්ති අමතමින් ඇසුවේ ය.

“අනේ බං මං කවීව අද පොඩි ගමනක් එක්කං යනවා. නදී තනියම බෝඩිමේ. උ ඹ ට එන්න පුලුවන්ද..? අවුලක් නෑ නේද බං…?”

“හරි බං. ලොකු උදව්වක්. නදී උ ඹ ට විස්තරේ කියයි. පොඩි සීන් එකක් ගියා… කෙල්ලව පොඩ්ඩක් ශේප් කරගන්න ඕනේ. මේ වෙලාවෙම ඕක නොකළොත් කේස් එක දවස් දෙක තුනක් ඇදෙනවා… ඒකයි බං…”

“ඔව් බං දන්නැද්ද…”

………..

“හරි විමුවා… එල…”

…………

දුරකතන සංවාදය නිමාකළ විසල් යළිත් නදිනි වෙත ඇමතුමක් ගත්තේ ය.

“නදී, මං කවීව අපේ බෝඩිමට එක්කං යනවා…”

“කවී මට කිව්වා අයියේ… එතන එහෙම ප්‍රශ්නයක් නැද්ද..? කොල්ලෝ විතරයි නේද ඉන්නේ..?”

“එහෙම අවුලක් නෑ නදී… එතන මටයි රනුවටයි වෙනම රූම් එකක් තියේ. අද රනුවා හොස්ටල් ඉන්න නිසා අවුලක් නෑ. අනික් උන් එහෙම ඩිස්ටර්බ් කරන්නෑ…. අනික අපේ උන් එතනට එනවා උන්ගේ කෙල්ලෝ එක්ක. එහෙම අවුලක් නෑ… උන්ට ඕවා මැජික් නෙවි ඒ නිසා… මා එක්කනේ කවී ඉන්නේ…”

“එහෙනම් කමක් නෑ අයියේ… මට බය හිතුනා ඒකයි මං ඇහුවේ…”

“නදී, මං විමුවට කිව්වා අද එන්න කියලා ඔයාගේ තනියට ඉන්න. ආන්ටිත් නැති නිසා බයයිනේ… ඌ එන්නම් කිව්වා පැය භාගෙන්…”

නදිනිට දැනුනේ ලැජ්ජාවකි.

“අහ්… අනේ අයියේ…”

“පලයං බං යන්න. මං දන්නවා… ලැජ්ජා වෙන්න ඕනේ නෑ… කවී ගෙදර ගියාම ආන්ටි නැති වෙලාවට ඌ කොහොමත් එනවනේ… මට නිකං පානිය දාන්නෙපා…”

විසල් සිනාසෙමින් කීවේ ය. තවත් මොහොතක් ඇය හා කතා කරමින් සිටි ඔහු ඇමතුම අවසන් වූ පසු යතුරුපැදිය මත හිඳගෙන බලාසිටියේ කවිනි පැමිණෙන තුරු ය.

කවිනිගේ රුව ගේට්ටුවෙන් පිටතට පැමිණෙන යුරු දුටු විට ඔහුගේ මුවගට සිනහවක් නැගිණි. ගේට්ටු පියන් අසල සිට අත වැනූ නදිනි හට අත වනා ප්‍රතිචාර දැක්වූ ඔහු යතුරුපැදියට නැගුණේ ය. හිස් ආවරණය පළඳාගත් ඔහු පාර මාරු වී තමන් වෙත පැමිණි කවිනිගේ හිසට හිස් ආවරණය පැළඳවීය. ඇය, ඔහුගේ දෙවුරින් අල්ලාගෙන යතුරුපැදියට නැගුණා ය.

“හරිද..?”

හිස තරමක් පිටුපසට හරවා බලමින් ඔහු විමසීය.

“හරි…”

“එහෙනම් මාව හයියෙන් අල්ලගන්න…”

එසේ පවසමින් ඔහු යතුරුපැදිය පණගැන්වී ය.