Home Novels ආදරෙයි වස්තු ආදරෙයි වස්තු – 31 කොටස

ආදරෙයි වස්තු – 31 කොටස

0
17

තිස් එක….31

මම ඔෆිස් එකෙක් එලියට ආවේ හොඳටම බ රකරගත්ත හිතින්. ඇත්තටම හිගේ තිබුන නොසන්සුන් කමට යන්නං කියලා එන්නවත් බැරිවුනා ශෙනාට.අරුංගෙ ඕපාදූප මඟුල්නං මට අදාලා නෑ. මම ඒවා ගනන් ගන්නෙත් නෑ.

ඒත් බැරි වෙලා වත් අප්පච්චිට ඒවා ආරංචි උනොත් එයාට කොයිතරම් දුක හිතේවිද..මේ මිනිස්සුන්ට අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව ඉන්න බැරි හැටියක් ඇත්තට.

මොනවද වස්තු උ\ඹ ඒ ගමන ඔච්චරම කල්ප නා කරන්නෙ..මම බිම බලාගෙන කල්පනා කර කර එද්දි මගෙ ලඟටම ඇවිත් ශෙනා ඇහුවා. මම අමාරුවෙන් ඔළුව උස්සලා ශෙනා දිහා බැළුවා.

මොනාත් නෑ බං…

මම ඕනිවට එපාවට වගේ කිව්වා. මේ හිතේ තියන හැමදේම ශෙනා එක්කවත් කියන්න මට පුළුවන් කමක් නෑ.

ශෙනාට වඩා දුර සම්බන්ධයක් තිබුනත් ඇත්ත ටම මේ දේවල් මට මිට වඩා පහසුවෙන් ජීවක එක්ක කියන්න පුළුවන් කියලා මට හිතන්නෙ

ඇයි මන්දා. ඒත් ඉතිං ඒ බක පණ්ඩිතයගෙ හෙ න ලොකු ලයින්නෙ වෙලාවකට.

ඔන්න ඉතිං අපි තමා හැමදේම කියන්නෙ

උ\ඹේ ඔය හෙන ලොකු ලයින් තමා මට දිරව න්නෙ නැත්තෙ…

ඒ ගමන ශෙනා කිව්වෙ නෝක්කාඩු හඬකින්.

එහෙම දෙයක් නෙවී බං…

එහෙනං..

මට මාරම අවුල් ශෙනා…

මම කිව්වෙ වෙහෙසකර හඬකින්.

ඇයි වස්තු මොකක්ද අවුල..

ශෙනා එකපාරම ඇහුවා. මම කවදාවත්ම මෙ හෙම කතා නොකර බව ශෙනා දන්නවා. ඒකා පුදුමෙන් වගේ ඇහුවෙ ඒකයි.

බැරිවෙලාවත් මේ මිනිස්සු කියන කතා අප්ප ච්චිට ආරංචි උනොත් එයාට කොච්චර දුක හි තේවිද…?

මම කිව්වෙ ඇත්තටම වේදනාවෙන්.

දැන් ඕවා ගැන හිතන්න එපා..බං අප්පච්චි දන්නවනෙ උ\ඹ කවුද කියලා එයා ඕවා විශ්වා ස කරන්නෙ නෑ..

ශෙනා කිව්වෙ මගෙ හිත හදන්න වගේ.

විශ්වාස කරන එක නෙවී ශෙනා ප්‍රශ්නෙ

මිනිස්සු මං ගැන කතා වෙන ඒවා ඇහුනම එයාට දුක හිතෙයි..

ඇත්තමයි මට ඒ ගැන හිතාගන්නවත් බෑ මම හින්දා අප්පච්චිගෙ හිත රිදෙන එක මම මම කොහොමද දරාගන්නෙ.

උ/ඹ/ට වැඩිය අප්පච්චිට ලෝකෙ ගැන තේරෙන වා මේ පිස්සොන්ගෙ කතා එයාගනන් ගන්නෙ නෑ…

ශෙනා කියවගෙන යනවා. කතාවෙන් කතාව අපි දෙන්නා බස් නැවතුමටත් ඇවිත් මට ඒක එච්චරම ගානක් තිබුනෙ නෑ. ශෙනයි මායි යන් නෙ පාරෙ දෙපැත්තට. ඒකට බස් එකක් ගන්න පාරෙන් අනිත් පැත්තට යන්න ඕනි.

ඒත් ශෙනා උ/ඹ දන්නවා අපේ අප්පච්චිගෙ ත ත්ත්වෙ ගැන..මට බෑ මොනව හේතුවක් නිසා වත් එයාට පුංචිම දුකක්වත් දෙන්න…

මම දන්නෙ නෑ මටත් කියන්නෙ නැතුවම මගෙ

ඇස් වලට කඳුළු පිරුනා. නාදුනන ඉකි යක් මටත් නොකියම උඟුරෙන් එලියට පැ න්නා . අප්පච්චිව මතක් වෙන හැම වෙලාව කම මට දැනෙන මේ දරාගන්න බැරි වේදනා වට ඇත්ත ටම මම හරි බයයි.

මොකද වස්තු මේ…පිස්සු ද උ/ඹ/ට මේ මෙතන අඬන්න තියාගත්තෙ…

කිසිම දෙයක් හිතා ගන්න බැරි හඩකින් ශෙනා ඇහුවෙ මගෙ අත් දෙකෙන්ම අල්ලගෙන. ඒක ට කිසිම දෙයක් හිතාගන්න බැරි වෙන්න ඇති. මම කවදාවත්ම එහෙම අඬන කෙනෙක් නෙවි.

මට හිතා ගන්න බෑ ශෙනා..

මම කඳුළු නවත්තගන්න මාරම මහන්සියක් වෙන ගමන් කිව්වා.

විකාර කරන්නෙ නැතුව ඉදිං වෙලාවකට උ\ඹ නිකං පොඩි එකෙක් වගේනෙ ඔයිට වඩා කොච්චර ප්‍රශ්න කියනවද මිනිස්සුන්ට…ඕවා හිතන්න එපා..

ශෙනා කිව්වෙ මගෙ ඇස්වල තිබුන කඳුළු පිහ දාන ගමන්. ඇත්තටම ඒ වෙන කොට අපි දෙ න්නා හිටියෙ බස් නැවතුමේ කියන එකත් මට අමතක වෙලා තිබුනෙ.

හදිසියෙම අපි ඉස්සරහින් ගිය වාහනයක් ප ස්සට ඇවිත් අපි ඉස්සරහා නැවැත්තුවා. මොන වා ජීවක..මෙයා කොහෙන්ද මේ වෙලාවෙ මෙ තන. ඒ මූණ තරහින් පිරිලා තිබුනා. මොනා කරන්නද කියලා මට එක පාරම හිතා ගන්න බැරිවුනා.

උ\ඹ ඕවා වැඩිය හිතන්න එපා වස්තු දැන් පරි ස්සමින් ගෙදර පලයන් මම යනවා..

මට එහෙම කියලා ජිවකටත් යන්නං කියා ගෙන ශෙනා එතනින් පිටවුනා. මම මොන ව ත්ම නොකියා වාහනේට නැග්ගා.

ජීවක මගෙ දිහා රවලා බලලා නිහඩවම වාහ නේ පදවන්න ගත්තා. හිතට මහා අසරණ කම ක් දැනෙන්න ගත්තා. අමාරුවෙන් හංගගෙන හිටපු කඳුළු ඇස් වලින් එලියට පැන්නා. ඇත්ත මයි මට ආයිම ඉකි ගැහුනා.

වස්තු… මොකද මේ…?

ඒ හඩින් ගැස්සිලා ගිහින් වගේ මගේ දිහා බලලා ජිවක ඇහුවා. ඇත්තටම කියන්න ඕනි මොනවද කියලා මට හිතාගන්න බැරිවුනා.

ඇයි වස්තු ඔයාට ආයිම සනිප නෑද..?

මගෙ නිහඩ බව නොකකා එයා ආයිම ඇහුවා. කියන්න තේරෙන්නෙ නෑ මට කිසි දෙයක්. සේර ටම එහා මේ ඇඬෙන එක නවත්තගන්න බෑ

මොකද ළමයො මේ ඇයි අඬන්නෙ..

තාමත් කිසි දෙයක් හිතාගන්න බැරිවුන ඇස්ව ලින් මගේ දිහා බලාගෙන එයා ආයිම අහනවා. මට ඕනි ඕනි උනේ මේ ඇඬිල්ල නතර කර ගන්න.

මොකද බං මේ උ/ඹ/ට වෙලා තියෙන්නෙ අඬ න්න තියා ගත්තෙ මෙතන..

මගෙ දිහාට හැරිලා පුදුමෙන් වගේ වගේ බලන ගමන් ජිවක ආයිමත් ඇහුවා. පුදුම අමාරු වකි න් ඇස් වල කඳුළු හංගගෙන මම සිද්ධවුන දේ කිව්වා. ඒක අහලා එයා මහ හයියෙන් හිනා වුනා.

මේකට පිස්සු හැදීගෙන එනවද අප්පා. පිස්සු හැදිලා වගේ මේ මහ පාරෙ හිනාවෙන්නෙ. මගෙ මේ ඔළුව ගිනි අරගෙන දඟලනවා. මේ පිස්සා මෙතන හිනාවෙනවා.

මොකද මෝ/ඩයෙක් වගේ හිනා වෙන්නෙ…

මම නොරිස්සුම් හඬකින් ඇහුවා.

හිනාවෙන්නෙ නැතුව අඬන්නය බක පණ්ඩිත ආච්චි ඕවා ඔච්චර ගනන් ගන්නවද…

සමච්චල් හිනාවක් පුරෝගෙන මගෙ දිහා බල ලා එහෙම කියලා එයා ආයිම හිනාවුනා. පි ස්සෙක්ද මන්දා මේකනං.

ඒත් ජීවක…

ඒත් කියන්නෙ…පිස්සන්ගෙ පිස්සු දෙඩවිලි ඔච්චර ගනන් ගන්න ත/මු/සෙ/ට ඊටත් වඩා පිස්සුද..?

මට බය මේවා අප්පච්චිට ආරංචි උනොත් එහෙම එයා මොනා හිතාවිද…

ඇත්තටම මට තියන ලොකුම ප්‍රශ්නෙ ඒක

මොනා හිතුවත් ඔහොම ප්‍රයිමරි විඳිහට නං හිතන්නෙ නෑ..ඒක මට හොඳටම සුවර් ත\මු සෙ/ට වඩා අප්පච්චි මොලේ තියනවා..

එයා කිව්වෙ මගෙ කනෙන් අදින ගමන්. හිතට පුංචි සැහැල්ලුවක් දැනුනා.

අනේ යනවා යන්න..

මම එයාගෙ උරහිසට පහරක් ගැහුවා.

මේකි නං හැබෑට මොන ජාතියකට අයිති එකි යක්ද මන්දා හොටු පෙරාගෙන අඬ අඬ ඉද්දි නලවල කඳුළු පිහලා දැම්මම දැන් මාවම ම/රං කන්න හදනවා..

වැඩේමයි…

ආ මම මෙ ත/මු/සෙ/ව අල්ලගන්න හිටියෙ කඳුළු පෙරලා බේරෙන්න බෑ හරිද..

ඒ ගමන එයා කතාව එකපාරම වෙනස් කලා.

මොනාටද..?
මට මේ කිසි දෙයක් හිතාගන්න බෑ.

මොනාටද…., මම කිව්වා නේද ඔය ශෙනාර එක්ක ඕනිවට වඩා ලංවෙලා වැඩ කරන්න එපා කියලා..ඒ ගමන එයා කතා කලේ ටිකක් තරහින් වගේ.

ඕනිවට වඩා කියන්න මම ශෙනාව කරේ එ ල්ලන් ඉන්නවය..මට තාමත් ඒ සිමාව හිතා ගන්න බෑ.

ඔය කිව්වෙ බක පණ්ඩිතකම නං තියනවා ආයෙ නෑ ඉතිං..

ඉතිං ඇත්තනි මම වැරැද්දක් කලාය..

මට ඇත්තටම හිතාගන්න බෑ. මෙයා මොනවද මේ කියන්න යන්නෙ කියලා.

කවුද දැන් වැරද්දක් කලා කිව්වෙ..?

ඇයි දැන් කිව්වෙ…?

යකූ ගෑ\ණියෙ කියන දේ හරියට අහකො..මම දැන් එහෙම එකක් කිව්වද..?

මේකා මොන මඟුලක් කියනවද මන්දා. කියන දෙයක් කියන්න ඕනි තේරෙන්න.

එහෙනං මේ මොකක්ද..?

වස්තු මම ඔයාට එදත් කිව්වා..වෙන්න ඕනි මොනවද කියලා ඒත් ඔයා ඒක දශමයක්වත් හිතන්නෙ නෑ.. එයා එහෙම කිව්වෙ ටිකක් බර හඩකින්.

මට තේරෙන්නෙ නෑ..ජිවක ශෙනා මගෙ හොඳ ම යාළුවා..ඉතිං මම කොහොමද කිසිම හේ තුවක් නැතුව එයාගෙන් අයින් වෙලා ඉන්නෙ..

ඒක කරන්නෙ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. එක්කො අපි හැමදාම එකට ඉ න්නවනං ඒ ගැන හිතලා මට හැමදේම වෙනස් කරගන්න තිබුනා. ඒත් මේ විඳිහට.

ඉතිං දැන් මම එහෙම එකක් ද කිව්ව‍ෙ…?

එහෙනම්…?

මම එදත් කිව්වා වස්තු ඔයාලා දෙන්නා අතරෙ වැරදි සම්බන්ධයක් තියනවා කියලා නෙවී මම මේ කියන්නෙ ඒත් සමහර වෙලාවට ඔයා හැසි රෙන විඳිහට පිටින් බලන් ඉන්න මිනිස්සුන්ට එහෙම පේන්න පුළුවන්…

ඒක නිසා ටිකක් කල්පනා වෙන් වැඩ කරන්න කියලයි මම කියන්නෙ.. ඔහොම මහ පාර මැ ද්දෙ ඒ කො/ල්/ලා/ගෙ ඇගේ එල්ලිලා අඩන්න තියා ගත්තාම පිට මිනිස්සු මම ගැන හිතන්නෙ මොනාද ඔයා ගැන හිතන්නෙ මොනාද…තේරුං ගන්නකො මම කැමති නෑ මිනිස්සු ඔයා ගැන වැරදියට හිතනවට..

ජිවක කියවගෙන යනවා. ඇත්තටම මම ඒ ව ගේ දෙයක ගැන ටිකක්වත් හිතුවෙ නෑ. අනේ මන්දා අප්පා මේක නං ලේසි වැඩක් නෙවි. මේ මාසෙකට දෙකකට සම්පූර්ණයෙන් වෙනස් වෙලා ආයිම මුල ඉදන් පටන් ගන්නෙ කොහො මද. ඇත්තටම දැන්නං මට පිස්සු වගේ ඔළුව හොඳටම අවුල් වෙලා.

අනේ ජිවක… ඇත්තටම මට ඇඬුනා.

ඉතිං අඬනවා…හරිම ලේසි වැඩේනි ඕක ඕනි වැරැද්දක් කරලා මූණ බෙරි කරන් අඬන්න එක.. ඒ උනාට කයිය නං බලන්න ඕනි මම හරි වෙනස් අනිත් අය ගැන හිතන විඳිහට මං ගැන හිතන්න එපා කිය කිය රට පෙරලන්න පඬි ටෝක් දෙන්න නං දන්නවා අපූරුවට..

මේකා බලකො කියවන්න පොඩි චාන්ස් එකක් දුන්නම ස්ටේජ් එකට ගොඩවුන ඇමතියෙක් වගේ ඉවරයක් නැතුව දොඩවනවා.

අනේ යනවා යන්න මෝ/ඩ/යා..

මං වගේ මෝ/ඩ/යෙක්ම අහුවෙච්ච හින්දම හො ඳයි ත/මු/සෙ/ට..නැත්තං බලන්න තිබුනා මෙල හට අතක් පයක් කඩාගෙන දතක් දෙකක් ගලවගෙනෙ ඉන්න්නවා….

එහෙම කියලා එයා ආයිම හිනාවුනා.

ආ..එහෙම ද හිතාගෙන ඉන්නෙ..?

අමුතුවෙන් හිතන්න දෙයක් නෑ ඒක එහෙම තමා..

ඇත්තටම එහෙම වෙන්නත් තිබුනා තමා. ජීව කට පුදුම ඉවක් තිබුනෙ කෙනෙක් ඉන්න සිටු වේෂන් එක තේරුං ගන්න. එයා නැතුව වෙන කෙනෙක් උන්නනම් අතක් පයක් ගලවගන්න එක කෙසේ වෙතත් ලොකු ගැටුමක් ඇති වෙ න්න තිබුනා.

ඒක මතක් වෙලා මට හිනාගියා. නියමෙයි තියෙයි අප්පා එහෙම නං. නිකං මාර්ෂල් ආර්ට් ටූනමන්ට් එකක් වගේ.

මොකද ඒ ගමන පිස්සු හැදිලා වගේ හිනා වෙන්න තියාගත්තෙ..

නෑ මොනාත් නෑ…. මම හිනා වෙවිම කිව්වා.

මොනාත් නෑ කියලා නං පේනවා… ජිවක එහෙම කිව්වම මම එයාට රැව්වා.

මොකද රවන්නෙ..

නිකං..

නිකං යෑ..ඔය අපූරුවද ඇඳගෙන ඉන්නෙ… ඇස් කරකවලා මගෙ දිහා බලලා ජිවක එහෙම කිව්වා. මම ගස්සලා අහක බලා ගත්තා.

වස්තු මේ… එයා මට කතා කලා.

අහන්නකො වස්තුවෙ ඉතිං…
ආයිම කතාකරනවා.

මොනවද… මම අහක බලාගෙනම ඇහුවා.

මා එක්ක තරහ ද ඔයා…
ඒ ගමන මෙයා හදන්නෙ මාව ෂේප් කරගන්න අපි අහුවෙයි. ඕවට.

හ්ම්ම්.. මම වැඩිය ගනන් ගන්නෙ නැතුව කිව්වා.

ඔහොම තරහ ගන්න එපා ඉතිං…එතකොට අවුල්නෙ..අපොයි මෙයාගෙ නැලවිල්ල.

ආ ඇත්තද..?

ඔව් බං ඔය කච කචේ ඇහෙන්න නැත් වුනාම හරි පාළුයි දැන්නම්..මේකා බලාකො ඒ ගමන.

ටැමිල් රේඩියෝ චැනල් එකක් දාගන්නවාකො කච කචේ අහ අහ ඉන්න..
මම රවාගෙනම කියවගෙන ගියා

ඊට වඩා ලයිව්නෙ මෙහෙම ලඟට වෙලා කච කච ගාද්දි දෙමලිච්චි වගේනෙ කොහොමත්..

එහෙමද හිතාගෙන ඉන්නෙ…

හ්ම්ම ඇයි අවුල් ද..?

අනේ යනවා යන්න ගස් ගෙම්බා..

මොකා..

හැලි වඳුරා…

ඇට රිලවි..

මෝඩ මී හ/ර/කා..

ඒයි මි හ/ර%කා මෝඩ නෑ හරිද..?

වෙලාවකට ජිවකත් හරියට පොඩි එකෙක් වගේ ඔහේ කියවනවා. මටම හරියන පිස්සෙ ක්. අපි දෙන්නා වාහනේ ඇතුලෙ වගවත් අමතක වෙලා රණ්ඩු කලා. ඇත්තමයි හුඟක් වෙලාවක පස්සෙ මගෙ හිතට හරිම සැහැල්ලු හැගීමක් දැනුනා.

ඔව් ත%මු%සෙ/ට මී%හ/ර/කා කියන බව දැනගත්ත නං මි/හ/රකා දානවා අපහාස නඩුවක්….

මම කිව්වෙ හයියෙන් හිනාවෙලා.

මේකිගෙ කට තමා දවසකටවත් කට..

ජීවක කිව්වෙ එයාගෙ නිදහස් අතින් මගෙ කොන්ඩෙන් හයියෙන් අල්ලගෙන එයා දිහාට අදින ගමන්.

ආයි රිදෙනාව යකූ… රිදුනටත් වඩා හයියෙන් මම කෑ ගැහුවා.

ඇත්ත ද රිදෙනවද ආ…

කලින්ටත් වඩා තදින් කොන්ඩෙන් අඳින ගමන් එයා මගෙන් ඇහුවා. අපි ඉස්සරහින් ආවා වාහනයක් කෙලින්ම අපේ වාහනේ ඉස්සර හටම එනවා මම දැක්කා.

අනේ ජීවක එපා… ඔය ඔය ඔන්න…ජීවක එපා…

මම හීනෙන් වගේ කෑ ගැහුවා. මට මතක තිබුනෙ එච්චරයි.

හමුවෙමු