Home Novels ආදර වැස්සක් ආදර වැස්සක් – 44 කොටස

ආදර වැස්සක් – 44 කොටස

0
19

හතලිස් හතරවන කොටසට☔☔☔

“මෙයා මොනවද .. මගේ නමින් දාලා තියෙන්නෙ..”🤔🤔 ශනාෂා තමන්ටම කියාගනිමින් ෆෝල්ඩර් එක ඔන් කලා විතරයි එක දිගට ආවේ වීඩියෝ ක්ලිප් හතරක්…

“වීඩියෝ.. 😮😮
මෙයා මාව විඩියෝ කරලවත්ද… ” කෙල්ල තොලත් හපාගෙන වීඩියෝ එක ඔන් කරන්න හැදුවා විතරයි…

“දඩස්.. 💻” ගාලා ලැප් එක වැහෙනවාත් එක්කම… කෙල්ල මොකාද මේ ගොන් වැඩේ කලේ කියලා හිතන ගමන්.. නොරිස්සුමෙන් බලද්දී..😐. එතන හිටියේ වෙන කවුරුත් නෙමේ .. දුලාජ්.. කෙල්ල පුදුමෙන් …

“තේමී… ඔයා…

කොයි වෙලේද ආවේ…

මට ඇහුනෙවත් නෑනේ .. ” ඇදෙන් ඉදගනිමින් අහද්දී… කොල්ලා ලැප් එක අතට ගන්න ගමන්… 💻

“ඇහෙන්නෙ කොහොමද..

මගේ ගෑණි.. ලැප් එක💻 ඔබනවනේ.. ” කොල්ලා ටිකක් තදින් වගේ කියද්දි.😐. කෙල්ල බැලුවේ එකපාරටම කොල්ලට මේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැරුව..

“ම..මම මේ චෙස් අතක් ගහන්න ගත්තේ…

එතකොට දැක්කේ මම..

මොනාද ඒ මගේ නමින් තියන ෆොල්ඩර් එකේ වීඩීයෝ ටික ..🤨🤨” කෙල්ල කොල්ලා දිහා එකඑල්ලෙම බලන ගමන් අහද්දී.. කෙල්ලගේ ඇස් මග හරිපු දුලාජ්..

“මුකුත් නෑ ..

වැදගත් දෙයක් නෙමේ..

දැන් මගේ මැණික ප්‍රශ්න පත්තරයක් දිග අරින්නේ නැතුව ගිහින් මට රසම රස තේකක්☕☕ හදන් එන්නකෝ..

හරි මහන්සියි.. ” කියද්දි.. හැමදෙම අන්තිම වචනෙත් එක්ක අමතක උනු ශනාෂා ඉක්මනට කිචන් එක පැත්තට ගියේ කොල්ලට තේකක් හදන්න…

ටයි එක ගලවන ගමන්.. කෙල්ල යන දිහා බලන් හිටපු කොල්ලා සුසුමක් හෙලුවේ..

🤐🤐

“මේ කිසිම දේකට කාලය නෙමේ නිසා.. “

“තේමී ඔයා හෙට ඔෆිස් යද්දි..

මාවත් එක්කන් යනවා නේද… ම්ම්

මට ගෙදරට වෙලා නම් ඉන්න බෑ…

කවුරුත් කිසි වැඩක් කරන්න දෙන්නේත් නෑ…

මාව කුමාරිකාවක් කියලා හිතන් ඉන්නවද මන්දා…

ඔයා තමයි මේ සේරටම වග කියන්න ඕනේ… 🙁🙁” ලැප් එකෙන් මොනවදෝ කර කර හිටපු කොල්ලා ළගට ගිහින් කෙල්ල නෝක්කාඩු කියද්දි… කොල්ලා ලැප් එකෙන් ඇස් දෙක ඉවතට අරගෙන බැලුවේ… මූණත් බෙරි කරගෙන ඉන්න කෙල්ල දිහා… කෙල්ල ඉන්න විදිහට .. ඔලුව දෙපැත්තට වනලා හින උනු දුලාජ් …😄😄

“ඇත්තමයි ශානි..

ඔයා තමයි මම දැකපු පළවෙනි කෙල්ල…

මේ වගේ සැපට කුමාරිකාවක් වගේ ඉන්න බෑ කිව්ව… ” කියද්දි… කෙල්ල…

“මේ තේමී…

මම කුමාරිකාවක් නෙමේ… ගමේ කෙල්ලෙක් හරිද… ” කොල්ලට ඇහැකුත් ගහලා… නිදන ගව්මේ… කර උස්සලා කියද්දි… කොල්ලගේ මුවේ හිනාව වැඩි උනේ….. කෙල්ලගේ කෝලම් වලට …

“ඇත්තටම ඔයා නම් මැණික…

හැමවෙලාවෙම මාව හිනස්සනවා… “

“මේ මේ… තේමී එක නෙමේ…

මොකක්ද අර කලින් කියපු කතාව… ” එකපාරටම කෙල්ල දෙයක් මතක් උනා වගේ කොල්ලා ඉස්සරහට නැගිටලා ගිහින් ඉනටත් අත තියාගෙන අහද්දී.. කොල්ලත් පුදුම උනේ කෙල්ලට මේ මොකද උනේ කියලා හිතන ගමන්….😮😮

“මොකක්ද මැණික…

කලින් කියපු කතාව… ” කියලා කොල්ලා ඇස් දෙකත් ලොකු කරගෙන අහද්දි…

“ඇයි කලින් කිව්වේ මේ වගේ ඉන්න පළවෙනි කෙල්ල මම කියලා…

එතකොට ඔයාගේ සේ…රම අනිත් කෙල්ලෝ මට වඩා වෙනස් අයනේ .. නෙහ්…” 🤨🤨කෙල්ල රව රව කොල්ලට කියද්දි… කොල්ලා හයියෙන් හිනාවෙලා..

“අනේ අම්මපා… මේ ගෑණු එක්ක බෑ කියන්නේ ඕකයි…

වචනයක් එහා මෙහා වෙන්න බැරි හැටි…

අනේ මැණික… ඔයා අනිත් කෙල්ලන්ට වඩා වෙනස් කියන්න මට කෙල්ලෝ ආශ්‍රය කරන්නම ඕන නෑ …

ඔයා වෙනස් නිසා තමයි අද මගේ වෙලා ඉන්නේ…

ඔයත් ඒ අනිත් කෙල්ලෝ වගේ නම් ඔයටත් වෙන්නේ ඒ කෙල්ලෝ වගේ ඈතට වෙලා ඉන්න… ” කෙල්ලව තමන් වෙතට ඇදලා ඔඩොක්කුවේ ඉන්දවගෙන… කෙල්ලගේ කෙස් ඇගිල්ලෙන් රෝල් කර කර කියද්දි.. ශනාෂා කොල්ලගෙ කොපුලක් සිප ගනිමින්..

“මම දන්නවා මහත්තයා… ගැන..

මම ඒ විහිලුවට කියන්නේ…

ඒත් කොච්චර දැනන් හිටියත් ඔය කටින් මම ඇරෙන්න වෙන කෙල්ලෙක් ගැන කිව්වොත් හැබැයි මට තරහා යනවා හොදේ…. “කියපු කෙල්ල අන්තිම ටික නම් කිව්වේ කොල්ලගේ තොල හිමින් ඇගිලි තුඩු වලින් මිරිකලායි … කෙල්ලගේ ඇගිලි තම දෙතොලින් මෑත් කරගත්ත කොල්ලා….

“අනේ අම්මේ.. රිදෙනවා කෙල්ලේ…

ඒත් ඔයා දැන් කියපු දේට මට පොරොන්දු වෙන්න බෑ…

මොකද ඔයා විතරක් නෙමෙයි ඉස්සරහට මට වැදගත් වෙන කෙල්ලෙක් හරි කෙල්ලො හරි ඉන්න පුලුවන්නේ….. ” තමන්ට ආපු හිනාව හිර කරගෙන සීරියස් විදිහට කියද්දි… කෙල්ලගේ මූණ කලු උනේ බලන් ඉද්දිමයි…

“ඒ ඇයි… ඔයා මට ආදරේ නැද්ද…

මගේ ආදරේ මදිද වෙන කෙල්ලෝන්ට ආදරේ කරන්න හදන්නේ ඉස්සරහට …”😯😯 කෙල්ල මූණ බෙරි කරගෙන අඩන්න වගේ අහද්දි…

“මගේ ඉරිසියාකාරී…

මම කීවේ ඔය බඩෙන් එළියට එන අපි දෙන්නගේ දෝණිලා ගැන මැණික…

වෙන කෙල්ලෝ මට මොකටද…

මේ කෙල්ලයි.. මේ බඩෙන් එන කෙල්ලො ටිකයි හොදටම ඇති…” කෙල්ලගෙ කුස අත ගාමින් කොල්ලා කියද්දි… කෙල්ලගේ මුලු ගතම හිරි වැටිලා ගියේ… ඒ මවක් වෙනවා කියන හැගීම කෙල්ලගේ හිතට දැනුනු බැවිනි … කෙල්ල එහෙමම ඒ හැගීමෙන්ම කොල්ලගේ උරහිසට හිස තියා ගත්තේ… එහෙම අනාගතයකට ඉක්මනට එනවා නම් කියා සිතමින් …

“අම්මෝ… බලන්න එපැයි කෙල්ලගේ ලස්සන…

අපේ සර් කාරයා හොදට සලකන්නවා වගේ…. ” වෙඩින් එකේන් මාස දෙකකට පස්සේ අඩලා, වැලපිලා, කරන්න පුලුවන් හැමදේම කරලා කොල්ලගෙන් අවසර අරගෙන කෙල්ල ආයි වැඩට ආවා විතරයි…. කෙල්ල දිහා බලලා කට කොනකින් හිනා වේගෙන අමාලි කියද්දි… කෙල්ල ලැජ්ජාවේන් රතු උනා….🙄🙄

“අනේ අමාලි අක්කේ…

එන්න එපා මට විහිලු කරන්න… හ්ම්…” කෙල්ල මූණත් බෙරි කරගෙනම කියද්දි….

“අනේ ඉතින් සුදෝ…

ඇත්තනේ කිව්වේ… කෙල්ල මේ මාස දෙකට චූට්ටක් මහත්වෙලා…

සෝස පාට වෙලානේ..” අමාලි හිනාවේගෙනම කෙල්ල ලගට ඇවිත් කෙල්ලගේ පිරිච්ච කම්මුල් මිරිකන ගමන් කියද්දි… කෙල්ල අන්තිමට කටවහ ගත්තේ තව කියන්න කියන්න යන එකෙන් වෙන්නේ… තව විහිලු කරන එක නිසා…. කෙල්ල අහක බලාගෙන රවන ගමන් ඉද්දී.. කෙල්ලට එකපාරටම කොල්ලා කියපු දෙයක් මතක් උන නිසා…

“මේ අමාලි අක්කේ…

තේමී කිව්වා… අර කොළ පාට ෆයිල් එකේ ඩොකියුමන්ට් එක චෙක් කරන්න කියලා…

අද එකොළහට මීටින් එකක් තියනවා කියලා… ” කියලා කියද්දි… අමාලිත් කෙල්ලට විහිලු කරන එක නවත්තලා …

“එහෙනම් කෙල්ලේ අපි බ්‍රෙක්ෆස්ට් එක අරන් එමුද…

තව අටට විස්සයි තියෙන්නේ… ” කෙල්ලට කියද්දි…

“අනේ අක්කේ මම බ්‍රෙක්ෆස්ට් එක අරන්නේ ආවේ… ” කෙල්ල දුකෙන් වගේ කිව්වේ… අද එද්දි… දෙන්නම බැන්දට පස්සේ එකට ආයි වැඩට යන පළමු දවස නිසා… මිලී අම්මා හදලා දීපූ කිරිබත් කාපු නිසයි… ඒත් ඒක ගනන් නොගත්ත අමාලි….

“කමක් නෑ.. බන්

මම අද ගෙනාවේ ඉදිආප්ප….

ඔය බඩට තව දෙක තුනක් දාගන්න බැරි කමක් නෑනේ…

එනවා මෙහෙට මාත් එක්ක කන්න…” කෙල්ල බෑ … කියද්දි… කැන්ටින් එකට එක්කන් ගිය අමාලි කෙල්ලත් එක්ක ඉදි ආප්ප කෑවා….

දෙන්නම කාලා අතහෝදගෙන… කැන්ටින් එකෙන් තේ දෙකකුත් බීලා එද්දි…

“අනේ අමාලි අක්කේ…

මට නම් ඇවිදගන්නත් බෑ….

ඒ තරමට බඩ ෆුල්…

බෑ බෑ කියද්දි ඉදිආප්ප පහකුත් ගිල්ලෝලා… තේත් පෙව්වනේ… ” කෙල්ල බඩත් අත ගගා මූණත් ඇද කරගෙන කියද්දි…

“අනේ නංගෝ… ඔය වයසට හොදට කන්න ඕනා…

ඔය කන ඒවල ශක්තිය අනාගතේට තමයි බලපාන්නේ..🙄🙄. ” අමාලි කට කොනකින් හිනාවෙලා කෙල්ලට කියද්දි…

“හි හි.. හරි හිනා…

ආපු වෙලාවේ ඉදලා මාව ජෝක් එකටමයි ගන්නේ.. හහ් ” කෙල්ලත් බොරුවට අමාලිට රවලා ගස්සලා අහක බලද්දි දැක්කේ… දුලාජ්ගේ වාහනේ ගේට් එකෙන් ඇතුල් වෙනවා….

“අමාලි අක්කේ…

තේමී කොයි වෙලාවෙද ආයි එළියට ගියේ… ” කෙල්ල පුදුමෙන් ඇහුවේ… උදේ කෙල්ලවත් එක්කන් ආපු කොල්ලා ආයි එළියට යනවා කෙල්ල නොදැක්ක නිසා…

“ආහ්.. ඔව්මයි…

ඔයා එක්ක නේද උදේ ආවේ..

මමත් දැක්කේ නෑ ශානු.. ” අමාලි කියද්දි.. කෙල්ලත් හිස වනලා ආයි කොල්ලගේ වාහනේ දිහා බලද්දි… කොල්ලා වගේම වාහනේ අනිත් පසින් බහින රුව දැකලා කෙල්ලගේ ඇස් පුදුමෙන් විසල් උනේ …..😮😮

ඊළග කොටසට