Home Novels ළබැදි ළබැදි – 28 කොටස

ළබැදි – 28 කොටස

0
17

නිහඩ කතාකාරී
·
💮💮💮ලබැදි💮💮💮

28.කොටස

සදසිගේ ඇග පුරා කිතියක් ගමන් කළාය ඇයට මෙය අදහා ගත නොහැක… ඈ නැවතත් දෑස් පියාගෙන ඒ හැඟීම වින්දාය…

ඇගේ දැහැන බිඳී ගියේ… නිවසේ දුරකථනය නාද වන හඩින්ය…

“හලෝ…”

“හලෝ නංගි… තරුත් ගෙදරද… මං මිනිහගේ 4න් එකට කෝල් කරා ඒත් ඉස්සුවෙ නෑ…”

“අහ්… ඔව් උඩ ඉන්නවා මං කතා කරන්නද??…”

“සර් කියන්න එපා කෙල්ලේ අයියා කියන්න…”

“😁… හරි අයියේ…අලුත් විස්තර මුකුත් නැද්ද??”

“දැන් නම් නංගි අපි හරි path එකට වැටිලා ඉන්නේ… තොරතුරු සෑහෙන්න ප්‍රමාණයක් හොයා ගත්තා…ඉතුරු ටික දැන ගන්න නම් මිනිහව අල්ල ගන්නම වෙනවා… මං මේ කතා කරෙත් හෙට එනවා කියන්න… ආවාම විස්තර කියන්නම්… තරුත්ට කියන්න හෙට ගෙදර ඉන්න කියලා…”

“අහ්… හරි අයියේ සර්ට කතා කරන්නද??.”

“හෑ… මොකක් සර්… උඹේ මිනිහට සර් කියලද කියන්නෙ??…😂 හා හා ඕනි නෑ මං හෙට එනවා කියන්නකෝ ඒ ඇති…”

“හරි අයියේ….”

“හරි නංගි… බුදුසරණයි…”

සදසි තරුත්ගේ කාමරයට යන විට ඔහු උන්නේ දුරකථන සංවාදයකය…

“සර්…”

“අහ්… හරි මට බලලා විස්තරේ කියන්න…”

එසේ පවසා ඔහු ඇමතුම විසන්දි කළේය….

“ඔව් බබා කියන්න…”

“සර්… මේ…”

“නවත්තන්න…. නවත්තන්න…. මට අහන්න ඕනි නෑ….”

“ස….සර්…”

“මං කිව්වනේ…. යන්න මෙතනින්…”

“එ…ඒත් ඇයි??..”

“ඇයි කියලා අහන ලස්සන විතරක්… මං කලින් මොනාද කිව්වේ??….”

“මො….මොනාද …??”

“මතකම නෑ…. මං කිව්වා නේද මට සර් කියන්න එපා කියලා….”

“ඒක…..මේ….මේ…..”

“කෝ මට පැටියො කියලා කතා කරනවා… නැත්නම් මාත් එක්ක කතා කරන්න එපා ආයේ…”

“අනේ…”

“අනේ නෙමේ…. කෝ කෝ කියන්න…”

“පැ…..පැ….ටි….යෝ…”

“මොකක්ද…?.. මට ඇහුන්නෑ…”

“පැටි…..යෝ…”

“මොකක්ද…”

“අනේ….”

ඔහු සදසිගේ පිටුපසින් ගොස් ඇයව වැලද ගත්තේය…

“ආසයි… එහෙම අහන්න මැණික….. මොකක්ද ඉතිම් කියන්න ආවේ…ම්ම්ම්ම්…”

“දේශාන් අයියා කෝල් කරා ඔයාගේ 4න් එක වැඩ නෑ කියලා… හෙට එනවා කිව්වා… අරක් ගැන කතා කරන්න…”

“ම්ම්ම්ම් එහෙමද… මං මහේෂ්ට කොල් කරේ… අනිද්දට දානේ දුන්නැකි… ළමා නිවාසයක්.. මේ ළඟ තියෙන්නේ… වයස ජෝඩුවක් තමයි කරන්නේ…”

“හෙට බඩු ගන්න යනවද??…”

“ඔව් අපි හවස යමු… මන් ලතා අම්මට උදව්වට එන්න කියන්නම්….. ආආආ…. බබා දොයිමතයි දොයියමුද???..”

“අහ් හරි….good night…”

එසේ පවසා ඇය යන්නට හැරුණාය… තරුත් ඇගේ අතකින් අල්ලා ගත්තේය …

“මාත් එක්ක දොයියමු…. අනේ… මං පොරොන්දු වෙනවා මුකුත් කරන්නේ නෑ… ප්ලීස්…”

කන් දෙක අල්ලාගෙන තරුත් එසේ පවසන විට ඇයට සිනහ ගියාය…

“හම්…. හා….”

තරුත්ට දැනුනේ නිම් හිම් නැති ප්‍රීතියකි… මෙවැනි දිනයකට ඔහු කොතරම් කැමැත්තෙන් උන්නාද… ඔහු සදසිව තුරුල් කරගෙනම නින්දට වැටුණේය… කලකට පසු දෙදෙනාම සුවසේ නිදා ගත්හ…

පසුදින උදෑසන ආහාර ගන්නා විට දේශාන් පැමිණියේය…

“ආ මචං එන්න කෑම ටිකක් කන ගමන්ම කතා කරමු… කෙල්ල ඉදි ආප්ප හැදුවා…”

“අප්පා… සුවදින් නම් රස පාටයි…. “

“ඉන්න මං අයියට පිඟානක් අරන් එන්නම්…”

“මොකක්ද බං දැන් තත්වේ??….??”

“මෙහෙමයි බං… අහ් නංගිත් ඉදගන්නකෝ… නංගිටත් මේක වැදගත්…”

“මොකක්ද??…”

“මෙහෙමයි බං මේක මේ අද ඊයෙක ඉදන් තියෙන ප්‍රශ්නයක් නෙමේ….”

“එහෙනම්???”

“මේක පටන් අරන් තියෙන්නේ… උඹලගේ තාත්තලගේ කාලේමයි…”

“මොකක්…”

“ඔව් බන් මෙහෙමයි…. මිස්ටර් විජයසිංහයි… මිස්ටර් හේරතුයි… මිස්ටර් ගජනායකයි… එකම බිස්නස් එකක් තමා කරන් ගිහින් තියෙන්නේ මුලින්…. පස්සේ කට්ටිය දියුණු වෙලා වෙන වෙනම කළාට මුලින් කට්ටිය එකතු වෙලා තමා කරන්නේ… විජයසිංහටයි ගජනායකටයි දරුවෝ දෙන්නා ගානේ උන්නත් හේරත්ට ඒ වෙනකොටත් දරුවෝ ඉදලා නෑ… ගජනායකට ඕනි උනේ මුලු බිස්නස් එකම තමන්ගේ කර ගන්න… ඒ උණත් හේරත් පක්ෂපාති උනේ විජයසිංහට… ඒ නිසා ගජනායක මේ දෙන්නව කොටවන්න හැදුවේ එහෙම කරලා විජයසිංහගේ ළමයින්ට එයාගේ ළමයිව බන්දලා දෙන්නයි ඕනි උනේ… ඔය කාලේ තමයි.. හේරත්ගේ නෝනා ප්‍රෙග්නට් වෙන්නේ… ගජනායක ඒත්තු ගැන්නුවා ඒ ළමයා විජයසිංහගේ කියලා…. ඒ වගේම office එකෙන් සල්ලි හොරකම් කරලා ඒ වරද හේරත් පිට පැටෙව්වා… මුලින් මේ දෙන්නා විරසක උනත්… නෝනලා දෙන්නා එකතු වෙලා දෙන්නට ඇත්ත පෙන්නලා… ගජනායකගේ වෙස්මූණු ගැලෙව්වා… ඊට පස්සේ ගජනායක වරද පිළි අරගෙන සමාව ගන්න දෙන්නටම එන්න කිව්වා… ඒත් ඒ බොරුවට කියලා දෙන්නම දැනගෙන උන්නේ නෑ…. ඒත් හේරත්ගේ නෝනට අමාරු උණ නිසා එයාට යන්න උණේ නෑ… ඒත් විජයසිංහ ගියා… ඒත් එයා ආපහු ආවේ නෑ… එදා නොනව අරන් හොස්පිටල් යනකොට තමයි හේරත්ව accident උණෙත්… ඊට පස්සේ… ගජනායකව හොයා ගන්න ලැබිලා නෑ….”

“එතකොට…”

“එයා දැන් නම වෙනස් කරන් ඉන්නවා කියලා අපි හොයා ගත්තා… දැන් එයාගේ නම… මිස්ටර්.. සූරියසිංහ…”

“මොකක් ඒ කියන්නෙ??.”

“…ඔව්… දිමුත් සූරියසිංහ ඔයාගේ අක්කගේ Husband ගේ තාත්තා….”

“තව දෙයක්…..”

“මොකක්ද??….”

“ඒ නැති උණ… මිස්ටර් හේරත් කියන්නේ…. ඔයාගේ තාත්තා සදසි…”

“දෙවියනේ…. එතකොට….”

සදසිගේ දෑස් කදුලින් තෙත් උණි…. ඈ සිතාන උන්නේ ඔවුන් රිය අනතුරකින් මිය ගිය බවයි… නමුත් සිදුවී ඇත්තේ මිනීමැරුමකි…

තරුත් සදසිව තම ගතට වාරු කර ගත්තේය….

“ඇයි තවත් බල බල ඉන්නේ…. ඕකව අල්ලන්න…”

“මෙහෙමයි තරුත් අපිට තාම පැහැදිලි සාක්ෂියක් නෑ…. අනික… තාම අපි දන්නේ නෑ සූරියසිංහගේ අනික් ළමයා කවුද කියලා…. දැන් ඌව ඇතුළට දැම්මොත්… අනිවා ලේසියෙන්ම එළියට එයි…”

“ෂික්… කොහොමද අපි සාක්ෂි හොයා ගන්නේ..??”

“මිනිහට ඕනි උඹලව වට්ටන්න…. ඒ නිසා ඌ නිකන් ඉන්න එකක් නෑ… අපි සෙවිල්ලෙන් ඉන්න ඕනි… මිනිහා වැරැද්දක් කරනකම්… උඹට තියෙන්නේ ඌව form කරන්න…”

“හරි බන් තෑන්ක්ස කරන උදව්වට…”

“මේක මගේ රාජකාරිය…”

ඔහු ගිය පසුවද සදසි බොහෝසේ ඇඩුවාය… තරුත් ඇයට ඇති පමණ අඩන්නට දුන්නේය…

“බබා…. දැන් ඇඩුවා ඇතිනේ…. අපේ තාත්තා වගේම ඔයාලගේ අම්මයි තාත්තයිත් උඩ සතුටින් ඇති… හෙට අපි කට්ටියම සිහි කරලා දානේ දෙමු…”

පසුදින උදා විය ලතා අම්මා සහ ඇගේ දියණියගේ ආධාරයේන් කෑම පිසගත් සදසි ළමා නිවාසයට යෑමට සූදානම් විය…

ඔවුන් ළමා නිවාසයට ළගා වූයේ දහවල් ආහාරය වේලාවටය….

“සර් මෙතන කරන්නේ වයසක ජෝඩුවක්… එයාලගේ ළමයා නැති උණ දුකටලු… මේක දාලා තියෙන්නේ…”

ඔවුන් දරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය සැකසුවේය… සදසි ආසාවෙන් දරුවන් දෙස බලා සිටිනු තරුත් දුටුවේය…

“ඔච්චර හූල්ලන්න දෙයක් නෑ අපිත් හදමු දුසිමක් විතර… මං ඉන්නවනේ…”

තරුත් ඇගේ කණට කර පැවසුවේය…

“අහ් මේ දරුවෝ දෙන්නා වෙන්නැති… දානේ ගෙනාවේ….”

“දෙවියනේ…..”

මෙය සිහිනයක්ද… සදසිගේ දෙපා පණ නැති වනවා සේ දැණුනි…