Home Novels බිරිඳක් නොවූ මවක් බිරිඳක් නොවූ මවක් – 1 කොටස

බිරිඳක් නොවූ මවක් – 1 කොටස

0
23

01 Episode

බිරිඳක් නොවූ මවක්

“මචං රසිත ආන් අර කෙ/ල්/ල කෝච්චියට පනින්න හදනවා.ඉක්මන් ක/ර/ප/න්…”

අත රැඳි බි/$/ර් වීදුරුව එතනම අතෑරපු හර්ෂණ හැකි වෙර යොදා ඒ තරුණිය වෙත දිව ගියා.දුම්රිය ළඟට කිට්ටු වෙනවාත් සමඟම හර්ෂණ ඇයව බදාගෙන පල්ලෙහාට පනිද්දි දෙදෙනාම රෝල් වෙලා ගිහින් කුඹුරට වැටුනේ ඇඟ පුරාම මඩ නෑවෙද්දියි.

ඇඟ පුරාම නෑවුනු මඩ පිහදාගෙන නැගිටපු හර්ෂණ අර තරුණියගෙ බාහුවෙන් අල්ලා නැගිට්ටවා කම්මුල හරහා හයියෙන් පාරක් ගැහුවා.

“ත/මු/න් ඇයි කෝච්චියට පනින්න හැදුවෙ?කතා කරනවා.ත/මු/සෙ ගො/ලු වෙලාද?…”

දෑත මිට මොලවගෙන කේන්තියෙන් ඔහු එහෙම අහද්දි මගෙ ඇස් දෙකෙන් කඳුලු ගලාගෙන ගියා.ඔහු තව තප්පර කිහිපයක් ප්‍රමාද වූවා නම් මේ වෙද්දි බදුලු කෝච්චිය මගෙ ජීවිතයේ අවසානය සිදු කරලා.නමුත් ඔහු මගෙ ජීවිතේ බේරුවා.

“අනේ,,මහත්තයා මට සමාවෙන්න…”🥺

“සමාව නෙවෙයි ඇත්ත කියනවා ක/ව්/ද ත/මු/සෙ?ඇයි මැ/රෙ/න්/න හැදුවෙ?පොලීසියට අල්ලලා දෙන්න කලින් ඇත්ත කියනවා…”

“මචං උ/බ/ලා දෙන්නා හොඳින් නේද?මොකුත් අවුලක් නෑ නේද?…”

“තව තප්පර පහක් පරක්කු උනා නම් අද මේ/කි/ගෙ කෑ/ලි අහුලන්න වෙන්නෙ බාල්දියකට.කතා කරනවා ඇයි තමුසෙ මැ/රෙ/න්/න්න හැදුවෙ?…”

ඔහු දිගින් දිගටම එහෙම අහද්දි මට නොකියා ඉන්න බැරි උනා.ඇඟ පුරා ගෑවුනු මඩ පිහදාගෙන මං නියරට ගොඩ උනා.

“මට කාත් කවුරුවත් නැහැ මහත්තයා.මං ඉන්නෙ නැන්දා ගාව.නැන්දා මට හරියට ගහනවා,කන්නවත් දෙන්නෙ නැහැ. මාමා මට කරදර කරන්න හැදුවා.ඉවසගන්න බැරිම තැන මං මේ තීරණේ ගත්තෙ…”

“ජීවිතේ නැති කරගත්තම හැම දෙයක්ම හරිද?මොකක්ද ත/මු/සෙ/ගෙ නම?…”

ඔහුගෙ කේන්තිය ඉස්සරහ මගෙ බය තවත් වැඩි උනා.ඔහු ගහපු කම්මුලෙන් නැගුනෙ පුදුම වේදනාවක්.ඇස් දෙක රිදෙනවා කඳුලු හලලාම.

“තාරකා…”

“තාරකා,,,දෙන්නෙ මං උ/බ/ට තරු විසික් වෙන්න.මනුස්ස ජීවිතේක වටිනාකමක් දන්නෑ.ත/මු/සෙ වැස්සටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද?…”

ඔහු අත ඉස්සුවෙ මට ආපහු ගහන්න.මට හයියෙන් කෑ ගැස්සුනා.දත් මිටිකාගෙන ඔහු ඒ අත අහකට ගත්තා.

“මං,,,ඒලෙවල් පාස් මහත්තයා…”

“ත/මු/න්/ට මොළයක් කියලා දෙයක් නැද්ද මෙච්චර හොඳට ඉගනගෙන මේ වගේ මෝ/ඩ තීරණයක් ගන්න?අවුරුදු දහතුනක් ඉස්කෝලෙ ගිහින් මොනවද ඔය ඔලු ගෙඩිය ඇතුලට දා ගත්තෙ?ප්‍රශ්න වලින් පැනලා යන එක නෙවෙයි වීරකම ඒ ප්‍රශ්න වලට මූණ දෙන එක.

මාමගෙන් නැන්දගෙන් හිරිහැර වෙනවා නම් පොලීසියෙ පැමිණිල්ලක් දාලා කෙලින් තීරණයක් අරන් රස්සාවක් හොයාගෙන තනියම ජීවත් වෙන්න බැරිද?ත/මු/සෙ/ලා වගේ ගෑ/ණු ගැන නම් කියලා වැඩක් නෑ ඕයි. යමන් රසිතයා යන්න…”

“මචං මේ කෙ/ල්/ල එතකොට?…”

මාව පෙන්නලා ඔහුගෙ යාළුවා එහෙම ඇහුවා.

“උ/බ ගෙදර අරන් ප/ල/ය/න්…”

ඔහු පැවසුවෙ කේන්තියෙන්.

“නෑ මචං පොඩ්ඩක් හිතලා බ/ල/ප/න්.මේ කෙ/ල්/ල කොහොමද මෙහෙම ගෙදර යන්නෙ?ගෙදරිනුත් කරදර නිසා මෙයා ඊගාව කෝච්චියට පනියිද දන්නෑ…”

ඔහු තරහෙන් මගෙ දෙසට හැරුනා.මගෙ ජීවිතේ බේර ගත්තු ඔහුට ස්තූති කරන්නවත් මට බැරි උනා.

“ත/මු/සෙ/ගෙ ගෙදර තියන තැන කියනවා. මං ගිහින් දාන්නම්…”

“අනේ මට ගෙදර නම් යන්න බෑ මහත්තයා…”

ඒ අපායට අඩිය තියනවට වැඩිය හොඳයි කෝච්චියට බෙ/ල්/ල තියන එක.ඒකයි අමාරුවෙන් උනත් මං මේ තීරණේ ගත්තෙ.

“ඒ මොකද?දැන් ත/මු/සෙ හදන්නෙ ඊගාව කෝච්චිය ආවම ඒකට පනින්නද?ගෙදර නොගිහින් කොහෙද යන්න හදන්නෙ?…”

ඔලුව පුරා විසිරුනු මඩ අතින් පිහදාගෙන ඔහු මං ගාවට ආවා.ඒ ආගන්තුක මුහුණ නපුරු පාටින් පිරිලා.කවුරු උනත් මනුස්ස ජීවිතේක වටිනාකම දන්න ඔහු හිත හොඳ මනුස්සයෙක්.

“නැන්දා මාව අද රෑට කව්ද මිනිහෙකුට විකුණන්නයි හදන්නෙ.මට නම් බෑ මහත්තයා ඒ ගෙදරට යන්න.ඊට වඩා සැපයි කෝච්චියට පැනලා මැ/රෙ/න එක…”

“මචං මේ කෙ/ල්/ල/ව නරකද මල්ලිකා ඇන්ටිත් එක්ක එහෙ නැවැත්තුවොත්?ගෙදර ඉන්නෙත් උබයි ඇන්ටියි විතරයිනෙ?…”

“උ/බ/ට පි/ස්/සු/ද?ඒක අ/නා/ථ නිවාසයක් කියලා හිතුවද මේ කොහෙවත් යන උ/න්/ව අරන් ගිහින් ඒකෙ තියාගන්න?…”

“හරි හරි බ/න්.මට ඒක තේරෙනවා.ඒත් මේ ළමයා කරදරේක වැටිලා ඉන්න කෙනෙක්නෙ. මේ වෙලාවෙ අපි මේ ළමයට උදව් කරොත් නේද හොඳ?කාත් කවුරුවත් නැති කෙනෙක් නිසයි මං එහෙම කිව්වෙ.පව්නෙ බ/න්…”

“මමී ආවොත් මොකද කියන්නෙ?…”

“මමීට කි/ය/ප/න් මේ මල්ලිකා ඇන්ටිගෙ නෑදෑයෙක් කියලා.ඇන්ටිගෙ උදව්වට ගෙන්න ගත්තෙ කි/ය/ප/න්…”

“ඔය මඩ ටික හෝදගෙන කාරෙකෙන් වාඩි වෙනවා.ආ වතුර බෝතලේ…”

මගෙ අතට වතුර බෝතලයක් දුන්නු ඔහු තවත් වතුර බෝතලේකින් ඇඟේ තිබ්බ මඩ හෝද ගත්තා.

දැන් මං උන්නත් එකයි ම/ළ/ත් එකයි කියලා හිතාගෙන ජීවිතේ අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව කාරෙකේ පිටුපස අසුනෙන් වාඩි උනා.ඔවුන් දෙදෙනා මාව එක්කන් යන්නෙ කොහෙද කියලා අහන්නවත් මට ඕනි කමක් තිබ්බෙ නැහැ. මාව ම/ර/න්/න එක්කන් ගියත් දැන් ඒක මට කරන යහපතක් කියලයි මං හිතුවෙ.

පැය එකහමාරක පමණ ගමනකින් පසුව ඔහු කාරෙක නැවැත්තුවෙ විශාල ගෙයක් ඉදිරිපිටින්.

“හත් දෙයියනේ මහත්තයා මේ මොකද මේ මඩ ගෑවිලා ඇඳුම් පුරාම?මේ,,,කව්ද මේ දරුවා?…”

මෙහෙකාරිය අප දෙදෙනා දෙස පුදුම වී බලා සිටියා.

“මෙයා අද ඉඳන් මල්ලිකා ඇන්ටිගෙ උදව්වට මෙහෙ ඉඳියි.අපේ මමී ඇහුවොත් කියන්න මෙයා ඇන්ටිගෙ නෑදෑයෙක් කියලා…”

“හොඳමයි මහත්තයා…”

“ත/මු/සෙ ගිහින් ඔය මඩ හෝදගෙන ඇඳුම් මාරු කරගෙන තියන වැඩක් පලක් කරගෙන ඉන්නවා…”

ඔහු යන්නට හැරුනා.

“මහත්තයා…”

“ඇයි මොකෝ?…”

“මහත්තයට ගොඩක් පින් මගෙ ජීවිතේ බේර ගත්තට.මහත්තයා කව්ද?…”

මගෙ ජීවිතේ ම/ර/ණෙ/න් විතරක් නෙවෙයි පව්කාර නැන්දගෙනුයි මාමගෙනුයි බේරගත්තු ඔහුට මං හදවතින්ම ස්තූති වන්ත උනා.මේ පැය කීපයට ඔහු මට ජීවත් වීමේ ආශාව ඇති කරා.

ජීවිතේ නැති කරගන්න හදපු මං ඔහුගෙ අවවාද බැනුම් එක්ක අලුතින් ජීවිතේ දිහා බැලුවා.

“මං හර්ෂණ.මේ මගෙ ගෙදර.ත/මු/න් මං කියපු විදියට මෙහෙ ඉන්නවා.බැරි නම් ආපහු යනවා.කරදරේක වැටිලා අසරණ වෙලා හිටපු නිසයි මං ත/මු/සෙ/ට උදව් කරේ.නැතුව වෙනින් අමාරුවකට නෙවෙයි.ඒ නිසා පාඩුවෙ ඉන්නවා.තේරුනාද?…”

“තේරුනා,,,,මහත්තයා…”

අඩියට දෙකට පඩිපෙළ නැගපු ඔහු උඩු මහලට ගියෙ මගෙ හිතේ ප්‍රශ්න දාහක් ඉතුරු කරලා.

එලියෙ අයිනෙ තිබ්බ ටැප් එකෙන් මූණ අතපය හෝදගෙන මල්ලිකා නැන්දා දීපු ගව්මක් ඇඳගෙන මං කුස්සිය පැත්තෙන් ගෙට ගොඩ උනා.

කුස්සියෙ තිබ්බ හැම බඩුවක්ම අලුත් තාලෙ ඒවා.නැන්දලාගෙ ගෙදර වගේ මෙහෙ දර ලිප්,වංගෙඩි නෑ.බත් මාළු පිනි ඔක්කොම ජාති උයන්නෙ ගෑස් ලිපේ.

වංගෙඩි වෙනුවට තියෙන්නෙ බ්ලෙන්ඩර්. හාල් ටික ඒකට දාලා බට්න් එකක් එබුවට පස්සෙ ඉබේටම පිටි වෙලා එලියට එනවා. දාඩිය හල හලා පිටි කොටන්න ඕන්නෑ.කිසිම මහන්සියක් නැහැ.

කුස්සියෙ වැඩ කරන්න කිව්වට මං මේ අලුත් උපකරණ පාවිච්චි කරන්න දන්නෑ.ගෑස් ලිපක් අතින් ඇල්ලුවෙත් අදයි.මේවයෙ කෑම හදන්න නම් මට ගොඩක් දවසක් පුරුදු වෙන්න වෙයි.

“දුව බය වෙන්න එපා.මේවයෙ කෑම උයන එක ඒ තරම් දෙයක් නෙවෙයි.දුව උයන්න දන්නවද?…”

ඇය කරුණාවෙන් මගෙන් එහෙම ඇහුවා.

“උයන්න නම් දන්නවා නැන්දෙ.ඒත් මේ බඩු පාවිච්චි කරන්න දන්නෑනෙ.මේ පෙට්ටිය මොකක්ද?…”

“ඕක අවන් එකක් දුව…”

“එතකොට මේක මොකක්ද?මේකෙද බත් උයන්නෙ?…”

“ඕක තමයි රයිස් කුකර් එක.දැලි ගාගෙන ලිපට පිඹ පිඹ ඉන්න ඕන්නෑ.ඕකෙ උයන එක බොහොම ලේසියි…”

ඇය මට කුස්සියෙ හැම බඩුවක්ම පාවිච්චි කරන හැටි මුල ඉඳන්ම කියලා දුන්නා.පුරුදු උනාම අමාරු නෑ කියලා දැනුනත් බ්ලෙන්ඩර් එක නම් පාවිච්චි කරන බය හිතුනා.ඒකෙන් එන සද්දෙට මට බයයි.

“ඔය සද්දෙට බය වෙන්න එපා දුව.මේ බට්න් එක ඔබන්න.එතකොට සද්දෙ අඩුයි.ටික දවසක් ගියාම පුරුදු වෙයි…”

//////

“මහත්තයා අද පුංචි බේබිව බලන්නද යන්නෙ?…”

හර්ෂණ මහත්තයා නිල් ඩෙනිම් කලිසමට දම්පාට අත් දිග ටීෂර්ට් එක ඇඳලා පල්ලෙහාට ආවා.මං කුස්සියෙ ඉඳන් හොරෙන් බලාගෙනයි හිටියෙ.

ඔහු හරිම කඩවසම්.හරියට නළුවෙක් වගේ. බෙල්ල ගාවට එනකල් වවාපු කොණ්ඩය පැත්තකට පීරලා කනට පොඩි කරාඹුවකුත් දාලා දඩබ්බර පෙනුමක් තිබුනෙ.හිත ඇදිලා යන මොකක්දෝ මන්දා අමුතු ගතියක් දැනුනා.

“ඔව් ඇන්ටි.නිරාශා රට යනවලු…”

“එතකොට දරුවා?…”

මල්ලිකා ඇහුවෙ දුකෙන්.

“දරුවා මගෙ ගාවට ගන්නවා.මං කොහොමත් ඕ/කි/ට දරුවව අරන් රට යන්න ඉඩ තියන්නෑ.උසාවියෙ තීන්දු තීරණ මට වැඩක් නෑ…”

“අනේ පරිස්සමෙන් මහත්තයා.නිරාශා නෝනා අර මහත්තයව කසාද බැඳලද?…”

“නෑ මයෙ හිතේ.ඒත් ඌ/ත් එක්කලු රට යන්නෙ.ඔය බැ$$ උසාවියෙදි වරදක් නොකරපු මාව වැරදි කාරයෙක් කරලා මගෙ දරුවව මගෙන් උදුර ගත්තා.මේ පාර ඕ/කි/ට දිනන්න මං ඉඩ තියන්නෑ…”

ඒ කියන්නෙ හර්ෂණ මහත්තයා කසාද බැඳපු කෙනෙක්.නෝනගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නෙ?දරුවෙකුත් ඉන්නවලු.මහත්තයා දරුවට ගොඩක් ආදරේ පාටයි.

“මහත්තයා කොහෙද ගියේ නැන්දෙ?…”

“දරුවව බලන්න දුවේ.අනේ ශෝක් කෙලි පැටික්කි.උපන්න දවසෙ මං ඉස්පිරිතාලෙට ගියා බලන්න.ඇරපු අතක් නෑ මහත්තයගෙ මූණමයි තියෙන්නෙ…”

“මහත්තයගෙ නෝනා වෙනමද ජීවත් වෙන්නෙ?…”

“දෙන්නා දික්කසාද වෙලා දැන් සතියක් උනා දුවේ.පව් අසරණ දරුවා.දෙමව්පියන්ගෙ වැරදි වලින් දරුවොයි අන්තිමට දුක් විඳින්නෙ…”

“බබාට අවුරුදු කීයද නැන්දෙ?…”

“අනේ තවම මාස හතරයි දුවේ…”

මල්ලිකා නැන්දා එහෙම් කියද්දි මට ඒ දරුවව දකින්න හිතට ලොකු ආසාවක් ඇති උනා.චූටි පැටියෙක්නෙ.

“ඒ බබාව අද ගෙදර එක්කන් එනවද නැන්දෙ?…”

“මගෙ හිතේ අද එක්කන් එයි.නිරාශා නෝනා රට යනවලුනෙ…”

පැයක් දෙකක් යද්දි හර්ෂණ මහත්තයා ගෙදර ආවෙ එයාගෙ චූටි දෝණි පැටියවත් අරගෙනයි.මට ආසාවෙ බැහැ පැටියව ඒ දරුවව දකිද්දි.මල්ලිකා නැන්දා දරුවව වඩා ගනිද්දි මං ආසාවෙන් බලන් හිටියෙ.

“මෙයාගෙ අතට එහෙම දරුවව දෙන්න එපා. තමන් ගැනවත් හරියට බලා ගන්න බැරි කෙනෙක් කොහොමද දරුවෙක් පරිස්සමෙන් වඩා ගන්නෙ.ත/මු/සෙ මගෙ දරුවගෙන් ඈත් වෙලා ඉන්නවා.ගෑ/ණු ඔක්කොම එකයි…”

ගෑ/ණු ඔක්කොම එකයි නම් කොහෙන්ද ඔයාට හොඳ අම්මා කෙනෙක්?කියලා අහන්න තරම් මට හිතුනා.

මතු සම්බන්දයි.