Home Novels මේ අපේ දෛවයයි මේ අපේ දෛවයයි – 30 කොටස

මේ අපේ දෛවයයි – 30 කොටස

0
15

මේ අපේ දෛවයයි 💑 💑 💑

තිස්වන කොටස ⏬⏬⏬

බාසුරු නොදන්නවාට එදා ඔහු ජගත්ට කියපු හැම වචනයක්ම අහන් හිටපු අභී දවස් ගාණක්ම ඔහුව මගහරින්නට ගත්තේ ඇයට ඔහුට සමාව දෙන්න බැරි නිසයි… ඔහු ඇයට ලං උනේම බොරුවකිනි. එත් ඔහුම වැරැද්ද පිළිගෙන බාසුරු නමින් එකම එක අවශ්‍යතාවක් ඇයගෙන් ඉල්ලුවා… ඇය ආදරය කරන නිසා ඔහුට ඒ අවශ්‍යතාව දුන්නා.. ඒත් එදා ඔහු කියලා තියෙන්නේ ඇත්තෙන් භාගනයිනේ කියලා දැනගද්දී… උවමනාම ටිකයි හංගලා කියලා තේරෙද්දී … ඊටත් වඩා තමන් කොයිතරම් ආදිත්‍යව මුණගැහෙන්න උත්සහ කළාද කියලා බාසුරු දැනන් උන්නා… එවලේවත් කිව්වා නම්.. ඒකත් කමක් නෑ කියලා හිතමුකෝ … ඇයගේ අරමුණ නොදන්න නිසා නොකිව්වා කියලා හිතුවත්… එදා ආදිත්‍ය කියලා හිතලා නදීශට හැමදේම කියද්දී එතකොටවත් කියන්න තිබුනා… එහෙමනම් ඇය ඔහු එක්ක තරහා අරන් උනත් පසුව තේරුම් අරන් සමාව දෙනවානේ … බාසුරු කොයිතරම් කිව්වත් ඔහුට ඇත්ත කියන්න ඕනේ කියලා ඒත් අද ඇයට අහම්බෙන් දැනගන්න ලැබුනා මිසක් ඒ දවස කවදා එයිද කියලා ඔහු උනත් නොදන්නවා විය හැකියි. දවස් ගාණක් අභී ඈත්වෙලා හිටියේ බාසුරුගෙන් විතරක් නොව සයූගෙන් පවා ඇය ඈත් උනා… කුඩා කළ ඉදන් එකට හිටපු සයූත් මේ වගේ රහසක් හැංගුවා කියලා දැනගද්දී …. සයූ උනත් තමන්ගේ අයියගේ ඒ පැත්ත නො
දන්නා බව කොහොම විශ්වාස කරන්නද … තමන් විශ්වාස කරපු අය තමන්ව විශ්වාස නොකර හිටියා කියලා දැනගද්දී ඇය ලැහැස්ති උනේ ලොකු තීරණයක් ගන්නයි… ඒ නිසාම ඇය ගියේ ඇයට මේ ජිවිතය ලබා දුන් කෙනාව මුණගැහෙන්න … ඔහු ජිවතුන් අතර නැති උනත් ඔහුගේ සොහොන ළගදී පවා ඇයට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක් …

“තාත්තේ… අද මම ආවේ ඔයාට වෙච්ච පොරොන්දුව එහෙමම ඉටු කළා කියලා කියන්න…

අපේ නරක කාලේ ගිහින් හැමදේම හොදට වෙන්න පටන් ගත්තා…

ආදිත්‍යව හම්බුනා…

අම්මා හොද අතට හැරෙනවා…

තාත්තා දන්නවාද මම නොදැන උන්නට ආදිත්‍ය ඉදලා තියෙන්නේ මගේ ළගින්මයි…

මුලින් අදිත් නමින් පස්සේ බාසුරු …

මුල ඉදලම එයා තමයි මගේ යාලුවගේ අයියා…

එයා වාසනාවන්තයි තාත්තේ…

අතරමං උනත් හොද ආදරණීය පවුලක්, ජිවිතයක් එයාට ලැබිලා තියනවා…

ඔයා ඉන්නේ කොහේ උනත් ඔයාට පසුතැවිලි වෙන්න දෙයක් නෑ තාත්තේ …

එයාට හොද ජිවිතයක් ලැබිලා තියනවා… ” හුළගට නිමි යන්න හදන පහන අත් දෙකෙන් ආවරණය කර ආරක්ෂා කරන ගමන් කියපු අභී මොහොතක් හුළග නිසා එහාට මෙහාට නළියන්න හදන දැල්ල දිහා බලන් හිටියේ අපේ ජිවිතත් ඒ වගේනේ කියලා.. හුළග වගේ ප්‍රශ්න වලින් එහාට මෙහාට සැලිලා සැලිලා කවදාහරි පහනේ දැල්ල නිමියනවා වගේ අපිටත් යන්න වෙනවා…

“තාත්තේ මම ඔයාට කවදාවත් කියලා නෑ…

ඒ වගේම ඔයාගෙන් කවදාවත් අහලත් නෑ…

මගේ අම්මා කව්ද… තාත්තා කව්ද කියලා…

ඒ මට අහන්න ඕන නැති නිසා නෙමේ…

ඒ භය හිතුන නිසා…

එයාලට මාව ඕන නැති නිසා මාව දාලා ගියේ කියලා අහන්න භය උන නිසා…

ඒ ඇත්තට භය නිසා…

ඒත් දැන් මට පාලුයි ගොඩාක් තාත්තේ …

හැමෝටම එයාලගේ කියලා පවුල් තියනවා… ඒත් මට….

මම දැන් තනිවෙලා තාත්තේ…

මම විශ්වාස කරපු අය මාව විශ්වාස කරලා නෑ…

මම ආදරේ කරපු අය මට ආදරෙත් නෑ…

මාව එයාලට බරක් විතරයි තාත්තේ … ” කොපුල් දිගේ නිදහසේ හැම කදුලකටම ගලා යන්න දෙන ගමන් කියපු අභී ලොකු හුස්මක් අරන් මෙච්චර වෙලා රැකගන්න උත්සහ කරපු පහන් දැල්ලෙන් අත ඉවතට අරන් එක එල්ලේම ඒ දැල්ල දිහා බලාගෙනම ඇය…

“ඒ නිසා මම එයාලගෙන් ඈතට යන්න තීරණය කළා තාත්තේ…

තනියෙන්ම උනත් මගේ ජිවිතයක් හොයාගන්න තීරණය කළා…

මට පුලුවන් වෙයි නේද …” කියලා කිව්වේ ලොකු හුළගක් ඇවිත් දැල්ල නිවී යද්දියි.

ඔව්… දවස් ගාණක් ඇය තීරණය කරපු දේ තමයි මේ සියල්ලන්ගෙන්ම ඈත් වෙන්න… ඇයට දැන් අල්ලගන්න බලාගන්න දේවල් නෑ… යන්නේ කොහෙද කියලා තාම ඇයවත් නොදන්නවා උනාට එය පවසා ඇය යන්නට හදද්දී ඇයට දැනුනේ කවුරුහරි ඇගේ උරහිසට අත තියනවා…

“දුව… ” ඒ සමගම හුරුපුරුදු කටහඩක් ඇහෙද්දී … මදක් තැතිගත් හිත සන්සුන් කරන් ඇය හැරිලා බැලුවේ… ඇය අසළ ඉන්න සුජාතා දිහා… ඇය ළගට එනවාවත් දැනෙන්නේ නැති තරමට ඇය දැහැන්ගත වෙලා හිටියාදෝ සිතමිනි.

“නැන්… දේ…. ” අභී කිසි වෙනසක් නෑ වගෙ කතා කරන්න උත්සහ කළත් ඇගේ හඩේ වෙනස හංගගන්න නම් ඇයට හැකි වුනේ නෑ …

“මුකුත් නෑ වගේ ඉන්න ඕන නෑ දූ..

මම හැම දෙයක්ම අහගෙන…

දුව වගේම මගෙත් වගකීම ඉවරයි….

දුව කැමතිද මගේ එක්ක ගමට යන්න…” සුජාතා සන්සුන් ලෙස ගෙනා අරලිය මල් සොහොනින් තියන ගමන් ඇසුවේ… තාත්තා ළග අවුරුදු ගාණක් ඉදලා සේවය කරපු අම්මව බලාගන්න ලොකු උදව්වක් කරපු… ඒ නිසාම විශ්වාස කරපු සුජාතා ගැන කිසි දෙයක් දන්නේ නෑ නේද කියලා අභීට සිහි වෙද්දියි.. ඒ නිසාම ඇය….

“වගකීම…

ගම…” කියලා මිමිණුවේ … එය ඇසුනු සුජාතා සුසුමක් හෙළලා ඇගේ කතාව පටන් ගද්දිමයි….

“මට ඇහුනා ඔයා කිව්වා ඔයා භයයි ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව දාලා ගියා කියන ඇත්ත දැනගන්නවාට…

නෑ දරුවෝ… ඔයාගේ තාත්තා කෙසේ වෙතත් ඔයාගේ අම්මා ඔයාව හීනෙකින්වත් දාලා යන්න හිතුවේ නෑ….

ඒත් #දෛවය අනුව එයාට ඔයාව දාලා යන්න උනා…” සුජාතා කියපු දේ ඇහුනු අභී ඉක්මනින් සුජාතා අසළින් හිදගෙන…

“ඔ…ඔයා මගේ අම්මාව දන්නවා නේද….

ඔයා කව්ද…

කව්ද මගේ අම්මා…

කොහොමද දන්නේ…” කියලා දැනගන්න නොසන්සුන්තාවයෙන් ඇහැව්වේ…. ඇයව මීට අවුරුදු හතකට කලින් දැකපු දා පටන් ඇය තමාට ගොඩාක් ආදරෙන් සැලකුවා නේද කියලා සිහි වෙද්දියි….

“ම..මමද…

මම තමයි විජේසිංහ පවුලේ ඒ කාලේ වැඩ කරපු කුසුමාගේ දුව සුජාතා ….

ඒ වගේම ඔයාගේ අම්මාගේ හොදම යාලුවා … ” අභීගේ සිතුවිල්ල ඇත්ත කරමින් සුජාතා කතා කරන්න ගත්තේ… අභී උවමනාවෙන් ඒ හැමදේම අහන් ඉද්දියි…

“අපේ සමාජ පරතරය වෙනස් උනත් ඔයාගේ අම්මා අපි හැමෝටම සැලකුවෙ එක වගේ…

ගොඩාක් ආදරයෙන්…

ඒත් හැමදේම වෙනස් වෙන්න ගත්තේ…..

වැඩ පුරුදු වෙන්නත් එක්ක කියලා ඔයාගේ අම්මා කම්පැණි එකට යන්න ගත්ත දවසේ…

ඔයාගේ අම්මා කෙනෙක්ට ආදරේ කළා ඒත් ඒ කෙනා ආදරේ කලේ ඔයාගේ අම්මාගේ දේපළ වලට…

ඒක ඔයාගේ අම්මා දැනගද්දී පරක්කු වැඩියි…

එතකොට ඔයා එයාගේ බඩේ…

ඔයාගේ අම්මා එදා තීරණයක් ගත්තා මේ හැමදේම දාලා ඔයාව හදාගන්නවා කියලා…

මොකද අම්මට ඕන උනේ නෑ ඔයාගේ තාත්තා ඔයාව දේපළ ගන්න ඉත්තෙක් කරගන්නවාට…

ඒ නිසා එයාට යන්න තිබුනේ එක තැනයි…

කවුරුත් දැනගන්නේ නැතිවෙන්න…

ඒ මගේ ළග…

ඔව්…. ඒ වෙද්දී මම මෙහෙන් ගිහින් තිබුනේ…

ඔයාගේ අම්මගේ වෙලාවටම මේවා වෙද්දී මට එයා ළග ඉන්න පුලුවන් උනේ නෑ…

මම ජිවිතේ එපා වෙලා ඉන්න වෙලාවක ඔයාගේ අම්මා ආවේ මට බලාපොරොත්තුවක් අරන්….

මගේ අම්මා නැති උනාම මම මෙහෙන් ගියේ කසාදයක් කරගෙන… ඒත්…

අවුරුද්දකින් විතර…

මගේ ළමයා නැතිවෙලා ආයි දරුවෝ ලැබෙන්නේ නෑ කියලා දොස්තර මහත්තයා කියද්දී …

මගේ මිනිහා කියපු එකත් මාව දාලා ගියා…” ඇගේ එසේ කියලා කටකොනකින් හිනා උනේ ඒ හිනාව ඇතුලේ ඇගේ දුක අභීට හොදටම පෙනෙද්දියි…

“ඒ වගේ වෙලාවක තමයි ඔයාගේ අම්මා ආවේ…

අපි දෙන්නම ඔයාව මැණිකක් විදිහට බලාගත්තා…

ඒත් ඔයා ඉපදිලා අවුරුදු තුනක් විතර ගියාම ඔයාගේ අම්මට නිතර නිතර තද ඔලුවේ කැක්කුමක් ආවා…

ගොඩ වෙදකම් කරලා හරියන්නේ නැතිතැන හොද දොස්තර කෙනෙක්ට පෙන්නද්දී තමයි දැනගත්තේ කාලයක් තිස්සේ ඔලුවේ ගෙඩියක් දැන් දෙයක් කරන්න බැරිතරමට ලොකු වෙලා කියලා…

ඒ ගෙඩිය ඔයාගේ අම්මාගේ ජිවිතේ දවස් ගාණ තීරණය කළා…

ඒකයි එයා එයාගේ අයියව විජේසිංහව හම්බෙන්න තීරණය කළේ…

ඔයාගේ අම්මා කාටවත් නොකියා එකපාර කරපු දේ ගැන තරහා ගත්තත්…

එයා ඉක්මනින්ම ඔයාව දැකලා සමාව දුන්නා…

ඔයාගේ වගකීම එයා භාරගත්තා…” සුජාතා කතාව කියාගෙන ගිහින් නතර කලේ විජේසිංහගේ සොහොන දෙස බලමිනි… මොහොතක් විතර නිශ්ශබ්දව උන් සුජාතා ඔහු අභීගේ අම්මා මාලනීව පුලුවන් තරම් ජිවත් කරවන්න බෙහෙත් කරපු හැටි… ඒත් ඒ හැමදේම වැඩක් නැති වෙලා ඇය අවසන් ගමන් ගිය හැටි …

ඒ දවසෙම රට උන් ඔහුගේ බිරිද දීපිකා අයි සී යූ එකේ ඉන්නවා දැකපු හැටි… පුතා අතුරුදන් වෙලා කියලා දැනගත්ත හැටි… දීපිකාගේ ඔපරේශන් එක නිසා පුතාව හොයන එක පරක්කු උන හැටි වගේම…

ඒ හැමදේම ඉවර වෙලා පුතාව හෙව්වත් කිසි හෝඩුවාවක්වත් නැතිව ඔහු අතුරුදන් වෙද්දී.. අන්තිමට අභීව අරගෙන… සුජාතාව දීපිකාව රහසේ බලාගන්න ලැහැස්ති කරලා… එදා ඉදන් අවසාන මොහොත දක්වා අභීව රැක බලාගත්තු හැටි … පැහැදිලි කලේ ගොඩාක් ඒවා කියද්දීම අභී අනුමාන කරද්දියි….

“එතකොට මම පිට කෙනෙක් නෙමේ..

මම තාත්තා කියලා තියෙන්නේ මගේම මාමාට…” කතාව ඉවර වෙනවාත් එක්කම අභී මිමිණුවේ සුජාතා සුසුමක් හෙළලා ඇගේ හිස අතගාද්දියි…

“ඇත්ත නොකිවුවට තරහා ගන්න එපා දරුවෝ…

එයාගේ දරුවා නැති වුන දුක නිසාත්…

නංගිගේ දරුවා තමන්ගේ දරුවා කියලා වෙනසක් නැති නිසාත් එයාට ඕන උනා…

ඔයාගෙන් මාමා කියලා අහන්නේ නැතිව තාත්තා කියලා අහන්න….

ඔයා මැණිකක් දරුවෝ අපිට…

ඔයා මගේ ජිවිතේට ආවෙත් මම තනිවෙලා ඉද්දී… ඒ වගේම ඔයා ඔයාගේ මාමගෙ ජිවිතේට ගියෙත් එයා තනිවෙලා ඉද්දී…

මම මගේ යුතුකමක් ලෙස දීපිකා නෝනව බලාගද්දී… එයා වැඩිහරියක් ගත කලේ ඔයා එක්ක…

එයා ඇත්ත නොකීවා කියලා අබමල් රේණුවක තරම්වත් අහිතක් හිතන්න එපා…

එයා ඔයාට පුදුම තරම් ආදරය කළා…” ලොකු වෙන්න ලොකු වෙන්න ඈත් උනත් …. අභීට විජේසිංහ එක්ක ගත කරපු කුඩා කාලයේ අපහැදිලි මතකයන් සිහි කරමින් සුජාතා කියද්දී … අභී සොහොන දෙස බලලා සුසුමක් හෙලලා…

” නැන්දේ ඔයා දන්නවාද…

මගේ තාත්තා කව්ද කියලා…” කියලා ඇහුවේ සුජාතාගේ මුව ගොලු වෙද්දියි.

ඊළග කොටසට