‘‘සදැසි නගිනවා කාර් එකට..තමුසෙට සිංහල තේරෙන් නැද්ද”

රශ්වින් පොලොවෙ අඩි හප්ප හප්ප ගිගිරුවා.සදැසි තුෂ්ණිම්භූත වෙලා බලං ඉන්නවා..සදැසි කොලඹ යන්න බෑග් එකත් උස්සගෙන බස් හෝල්ට් එක ලගට ආවා.

එතකොට හෝල්ට් එක ළග හිටියෙ රශ්වින් ….නිල් ඩෙනිමකට සුදු අත් දිග ෂර්ට් එකක් ඇදගෙන.කාර් එක නතර කරගෙන අත්දෙක බැදගෙන සදැසි දිහා කන්න වගේ බලාගෙන.එදා එනවා කීවට ආයෙ රශ්වින් ඒවි කියලා කෙල්ල හිතුවෙ නෑ..

‘‘තමුසෙ ඔය කකුල් දෙකෙන් ගිහින් නගිනවද.නැත්නම් මං උස්සගෙන ගිහින් තියන්නද.. ”

බය වෙලා ඉන්න සදැසිට කොල්ලා කියන ඒවා ඔලුවට යන්නෙ හෙමින්..මොළේ නියුරෝන සයිල වලටත් අව්ල් වගේ..රශ්වින්ගෙ දෑස සදැසිගෙ උඩ ඉදලා පල්ලෙහාටම නිරීක්ෂණය කළා. ලා කහ පාට දිග ගවුමක්…නිල් පාට ලොකු මල් තැනින් තැන…සදැසි අරලිය මලක් වගේ පියකරුයි.

රශ්වින් කාර් එකේ ඉස්සරහ සීට් එක ළග දොර ඇරලා සදැසි ළගට ඇවිත් කෙල්ලව හරහට වඩා ගත්තෙ පාර් මිනිස්සුත් ඇස් උඩ තියාන බලං ඉද්දි..

‘‘අනේ අයියෝ..මොකද මේ කරන්නෙ.. ”

සදැසිගෙ කටට පන ආවෙ එතකොට..

‘‘

🎶

කුල ගෙදරින් දුම්බර කදුවැටියේ..

පැති කුලයට අද කැන්දන් යනවා දුම්බර මැණිකේ

🎶

රශ්වින් තාලෙට කිව්වෙ හිනාවෙවී..මෙච්චර වෙලා පුපුර පුපුර හිටපු කොල්ලා දැන් හිනාවෙනවා.සදැසි රශ්වින් දිහා පුදුමෙන් බලං හිටියා..මෙච්චර දෙයක් වෙලත් කොල්ලට වගේ වගක් නැති හැටි.රශ්වින් කෙල්ලව සීට් එකෙන් තියලා ඒ ඇස් දිහාම බලාගෙන ඈත් වුනේ ඇහැකුත් ගහගෙන.සදැසි හුස්ම අල්ලං බලං හිටියෙ සිද්ද වෙන දේ හිතා ගන්න බැරුව.

රශ්වින් යතුරත් කරකව කරකව ඉස්සරහින් ඇවිත් ඩ්‍රයිවින් සීට් එකේ ඉද ගන්න හැටි සදැසි පුදුමෙන් බලාගෙන හිටියා.කාර් එක ස්ටාර්ට් කරපු කොල්ලා කොණ්ඩෙත් පිටිපස්සට පීර පීර අතින් හදන ගමන්, විසිල් එකකුත් ගහගෙනම කාර් එක පාරට දැම්මා..විසිල් එක ඉස්සෙල්ලා කියපු සින්දුව

‘‘රශ්වින්.. ”

සදැසි බැරිම තැන රශ්වින්ට කතා කරා .

‘‘ඇයි වස්තුව.. ”

රශ්වින් ඇහැවෙ කෙල්ලගෙ දකුනු අරගෙන ඉඹින ගමන්

‘‘ බඩගිනිද”

කොල්ලා ආයෙත් කිව්වා..රශ්වින් හැසිරෙන්නේ ඊයේ දවසෙ සිද්ධ වෙච්ච දේවල් ගැන කිසිම මතකයක් නෑ වගේ

‘‘මහත්තයෝ ඇයි මේ ”

සදැසි අහනවා ..කෙල්ලට කොල්ලගෙ මේ හැසිරීම දරා ගන්න බෑ..රශ්වින් එතන තිබ්බ බොක්ස් එක ඇරගෙන සදැසිට දිග් කළා

‘‘ගන්න මේක.phone එකක්…සිම් එකක් දාලා තියෙන්නේ . මගේ නම්බර් එකත් save කරලා තියෙන්නෙ ”

සදැසි ඒක දිහා ඇස් ලොකු කරගෙන බලං හිටියා

‘‘මට එපා”

‘‘ඒ උනාට මට ඕනෙ..ගන්න ඕක.. ”

‘‘අනේ එපා.. ”

‘‘තමුසෙ මගෙ යකා අවුස්සන්නෙ නැතිව ගන්නවා ඕක.. ”

‘‘අනේ රශ්වින්.. ”

‘‘සදැසි මං මේක මෙහෙමම ඉස්සරහ වෝල් එකේ හප්පනවා හරිද..අරගන්නවා ඕක. ”

කොල්ලා කිව්වෙ කාර් එකේ ස්පීඩ් එක වැඩි කරන ගමන්.සදැසි ඉක්මණට බොක්ස් එක අර ගත්තා..රශ්වින් මූණට එන්න ආපු හිනාව ගිලගත්තා.

‘‘දැන් ඕක එලියට අරගෙන ඕන් කරනවා”

සදැසි ඇස් ලොකු කර ගෙන කොල්ලා දිහා බලාගෙන හිටියා. රශ්වින් අඩු කරපු ස්පීඩ් එක ආයෙත් වැඩි කළා.සදැසි කිව්ව දේ කළේ නැත්නම් බැනුම් අහන්න වෙන නිසා

‘‘මන් දන්නෙ නැහැ ඕන් කරන්න ”

කොල්ලා ස්පීඩ් එක අඩු කරලා ෆෝන් එක වැඩ කරන හැටි කියලා දුන්නා..

‘‘තේරුනාද”

කෙල්ල ඔලුව වැනුවා..

‘‘එහෙනම් ගන්නවකො මට කෝල් එක්ක්”

‘‘මොකද්ද ”

‘‘කෝල් එකක්”

රශ්වින්ට වගක්වත් නෑ..

‘‘මේක ඇරෙන් නෑ”

සදැසි ෆෝන් එක පෙන්නලා කිව්වා..

‘‘අහ්..පාස්වර්ඩ් එක..එන්ටර් කරන්න. ”

‘‘මොකද්ද ”

‘‘පාස්වර්ඩ් එක.. ”

‘‘ඒක මොකද්ද .. ”

‘‘මගෙ බර්ත්ඩේ එක. ”

‘‘කවද්ද. ”

කොල්ලා බර්ත්ඩේ එක කිව්වා..

‘‘හොදට මතක තියා ගන්න ..මගෙ වයිෆ් වුනාට පස්සෙ බර්ත්ඩේ එක දවසට උදෙන්ම නැගිටලා කිරිබත් හදලා මට බර්ත්ඩේ කිස් එකක් දීලා උදෙන්ම මාව ඇහැරවන්න ඕනෙ.. ”

‘‘ආ… ”

‘‘තව ඉතිං බර්ත්ඩේ සර්ප්‍රයිස් තිබ්බට අවුලක් නෑ.. ”

‘‘මොනවද අනේ මේ කියවන්නෙ..ඔයාට මොකද වෙලා තියෙන්නෙ.. ”

සදැසි අහන දේට හාත්පසින්ම වෙනස් උත්තර තමා කොල්ලා දෙන්නෙ..

‘‘මොනව හරි කාලා යමු. ”

කොල්ලා කාර් එක නැවැත්තුවෙ රෙස්ටුරන්ට් එකක් ලඟ

‘‘අනේ රශ්වින් මට ඉක්මනට වැඩට යන්න ඕනේ”

‘‘ඇයි මොකද මැනේජර් කාරයා ගෙ මූණ බලන්ඩ හදිසිද”

‘‘පිස්සුද ඔයාට”

‘‘අද මං ඔය මැනේජර් කාරයාව හම්බවෙන්නම්..ඕකගෙ රවුම් මූණ හතරැස් කරේ නැත්නම් මං රශ්වින් නෙවෙයි”

‘‘ආ..ඒ කියන්නේ ඔයා කොළඹටම එනවද”

‘‘ඔව් කොළඹට විතරක් නෙවෙයි බෝඩිමටත් එනව”

‘‘ඒ මොකටද”

‘‘මට ඕනෙ නිසා ..තමුසෙට වැඩක් නෑනෙ..එනවා දැන් මොනා හරි කන්න.. ”

‘‘මට බඩගිනි නෑ.. ”

රශ්වින් කෙල්ල දිහා රවාගෙන බලාගෙන හිටියා..සදැසි බයටම බිම බැලුවා..

‘‘මොනවද කාලා ආවෙ. ”

සදැසි යටිතොල හපාගත්තා.

‘‘මොකුත් නෑ”

‘‘බඩගින්නෙ ඉඳලා ගෑස්ටික් හදාගන්නවකො.. මට බෙහෙත් වලටත් තව වියදම් කරන්න”

සදැසි බැහැලා රශ්වින්ගේ පස්සෙන් ගාට ගාට ගියා.කොල්ලා ඉදි අප්ප ඕඩර් කළා .සදැසි ගෙ පිගානට බෙදලා කෙල්ලට රැව්වා .සදැසි හෙමිට කන්න පටං ගත්තා..

‘‘ඉදිඅප්ප වලට රිදෙන් නෑ ඕයි..ඕවා හොදට හපලා කනවා.. ”

රශ්වින් කන ගමන්ම කිව්වෙ සදැසි කන දිහා බලාගෙන..සදැසි ඇස් කරකවනවා..

‘‘මොකද ඔරවන්නෙ.. ”

‘‘මට දුකයි ඔයාගෙ පිගානෙ තියෙන ඉදිඅප්ප ගැන. ”

‘‘ඇයි.. ”

‘‘ඔයා කිසිම අනුකම්පාවක් නැතිව ඒව හපන හැටි..මට විතරක් නෙවේ .කෑම වලටත් නපුරුකම් කරන්නෙ.. ”

රශ්වින්ට ආපු හිනාවට කාපු කටත් පිට උගුරෙ ගියා

‘‘කැහැ කැහැ.. ”

සදැසි දඩිබිඩි ගාලා නැගිටලා කොල්ලගෙ පිටට ඩාං ගාලා පාරක් ගැහැවා..වටේ හිටපු අයත් බල හිටියෙ කටවල් ඇද කරගෙන..රශ්වින් කැස්ස වලක්වගෙන වතුර වීදුරුවක් බිව්වා..

‘‘මහත්තයා දැන් හරි නේද.. ”

සදැසි කොල්ලගෙ ඔලුවත් අත ගගා පිටත් අත ගානවා..රශ්වින් වටපිට බැලුවෙ ඇස් දෙකත් අමුතු කරගෙන

‘ශිට් පට්ට චාටර්..’

කොල්ලා මෝඩ හිනනාවක් පාලා සදැසිට රැව්වා..කෙල්ල ඒත් රශ්වින්ගෙ ඔලුව අත ගානවා.

‘‘ඉදගන්නවා . ”

කොල්ලා දත් අතරින් කිව්වෙ උපරිම ඉවසීමෙන්.

‘‘දැන් හරිද.. ”

සදැසි ඉදගෙනත් අහනවා..

‘‘හරි හරි.. ”

Advertisment