හතලිස් දෙවන කොටසට☔☔☔

“මොකද ඔහොම බලන්නේ…. ආ … “😉😉

කා එක ඩ්‍රයිව් කරන කොල්ලා දිහා ඇහිපිල්ලමක්වත් නොගහා බලන් ඉන්න කෙල්ලගෙන් කොල්ලා අහද්දී… කෙල්ලට ටිකක් ලැජ්ජ හිතුනත්… කෙල්ල කොල්ලා දිහා බලාගෙනම…

“ඔහොම කීවේ කොහොමද..

මම බලන්නේ මගේ හස්බන්ඩ් දිහා හරිද..

ඔයා මැද්දට පනින්නේ නැතිව ඉන්නකෝ… ” වෙන කෙනෙක්ට කියනවා වගේ කොල්ලට කියද්දී.. කට කොනකින් හිනා උනු..😏😏. දුලාජ්..

“අම්මෝ… හා හා…

ඔයාගේ හස්බන්ඩ් දිහාම බලාන ඉන්නකෝ…එහෙනම් ” කියලා කා එක ඩ්‍රයිව් කලේ… වෙන කොහෙවත් නෙමේ දෙන්නගේ ආදරණීය නිවසටමයි…

කෙල්ලෝ තමන්ගේ මධුසමය ගත කරන්න අනේක විදිහේ තැන් තෝරද්දී… කෙල්ල තේරුවේ.. විවාහ උනාට පසුව ජිවත්වන නිවස… තමන්ගේ දරුමල්ලෝ හැදී වැඩෙන නිවස..🏡🏡. ඉතින් මේ තරම් මතකයන් ගොඩකින් පිරෙන්නට නියමිත ඒ වහලේ යටම තමන්ගේ ජිවිතේ විශේෂ දවස ගෙවන්නයි ශනාෂා කැමති උනේ… කෙල්ලගේ කැමැත්ත ගැන ආඩම්බර වෙමින් කොල්ලත් එකහෙලාම ඒක පිළිගත්තා….🏡🏡

ගෙදර ආවට පස්සේ කෙල්ල ගියේ වෙනදා හිටපු කාමරේටමයි… ඇදන් හිටපු ගොයින්අවේ ගවුම👗👗 මාරු කරලා බාත් රූම් එකට ගිය ශනාෂා ආවේ නාගෙනමයි… කෙල්ල තුවාය ඇදගෙන එද්දී දැක්කේ… ඇද උඩ තියන ක්‍රීම් පාට දිග ගවුම… කෙල්ල ඇද ළගට ගිහින් ගවුම අතට ගද්දිම…👗👗 ගවුම උඩ තිබ්බ පොඩී කොළය වැටුනේ කෙල්ලගේ දෙපතුළ ළගටමයි… කෙල්ල පුදුමෙන්ම ඒක අහුලන් බලද්දී…😳😳

“ඕකත් ඇදගෙන පහළට එන්නකෝ…. ” කොල්ලගේ අත් අකුරින් ලියවුනු ඒ නෝට් එක දිහා ටික වෙලාවක් බලපු කෙල්ල… ගවුම අතට ගත්තේ කොල්ලා කියලා තිබ්බා වගේම අදින්නයි…

ක්‍රීම් පාට දෙපතුළ දක්වා දිග ගවුමත් ඇදගෙන… කොණ්ඩේ කඩලා දැම්මේ … තාම තෙතයි නිසා… එහෙම ඇදගෙන කෙල්ල පහළට එද්දි දැක්කේ…. තද දුබුරු පාට සරමට ක්‍රීම් පාට ශර්ට් එකක් ඇදගෙන කෙල්ල එනකම් බලන් ඉන්න කොල්ලව….

“තේමී…. ” කෙල්ල කොල්ලා ළගට ගිහින් කොල්ලගේ උරහිසට අත තියලා කතා කරද්දි මෙච්චර වෙලා එළියේ නැගී එන හද🌙🌙 දිහා බලන් හිටපු කොල්ලා හැරිලා බලලා…. තමන් ළඟ සුරංගනාවියක් වගේ ඉන්න කෙල්ලගේ උරහිස් අල්ලගෙන….😍😍

“මගේ කෙල්ල මෙහෙම ඇන්දාම පුදුම තරම් ලස්සනයි …” කියලා… කෙල්ලගේ නළලට දෙතොල් තිබ්බේ… දැන් මේ මගේ බිරිද කියලා හිතේ දෝන්කාර දෙද්දී …😍😍

“තේමී… අපි මේ රෑ කොහේද යන්න හදන්නේ … ” 😦😦මෙච්චර වෙලා කෙල්ල හිත හිත හිටපු දෙයක් කොල්ලගෙන් අහද්දි…. කොල්ලා උත්තරයක් නොදීම හිනා වෙලා ..

“ම්ම්… මැණික හිතන්නේ කොහේ යනවා කියලද… ” කියලා කෙල්ලගෙන් ප්‍රශ්නයක් අහද්දි… කෙල්ල ලාවට හිනා වෙලා….

“ම්ම්ම්… පන්සල්ද… ” කියලා සැකෙන් වගේ ඇහුවාම…. කොල්ලා මුවේ හිනාවක් තියාගෙනම හිස වනලා…😊😊

“ඔව්… අපි දෙන්නා මුළින්ම එකට ගියේත් පන්සල් වගෙම…

අද සැමියා බිරිද වෙලා… මුළින්ම පන්සලට යමු…. ” කොල්ලා කෙල්ලගේ හිසත් අතගාගෙනම කාර් එකට නගිද්දි… කෙල්ල බලන් හිටියේ වෙනස් විදිහට හිතන පතන හැමවෙලාවෙම බැදීම් වලට උපරිම වටිනාකමක් දෙන්න උත්සහා කරන … තමන්ගේ ස්වාමියා දිහා….

දෙන්නම පන්සලට ගිහින් හොදට වැදලා… පන්සලේ බෝ ගහා යට ඉදගෙන ඉද්දි කෙල්ල බැලුවේ… එදා දුලාජ් මුලින්ම තමන්ට බිරිද කියලා කියපු තැන දිහා….

“මොනවද මැණික….

කල්පනා කරන්නේ… ” මෙච්චර වෙලා කල්පනා ලොකේක හිටපු ශනාෂා දිහා නිසොල්මන්ව බලන් හිටපු කොල්ලා අහද්දි… කෙල්ලත් මනෝ ලෝකෙන් මිදිලා දුලාජ් දිහා බලලා…

“ඔයා මුලින්ම මට වයිෆ් කියපු දවස ගැන…

ඇත්තටම තේමී..

ඔයා එදා මට වයිෆ් කීවා නේ ….

ඔයා මට ආදරේ කලේ කවදා ඉදන්ද… ” අහද්දී… කොල්ලා අහස දිහා බලාගෙන ඉදලා …

“ආදරේද…😍😍

මම ආදරේද කියලා හරියට නොදන්නවා උනත්…

ඔයාව දැක්ක පළවෙනි දවසේ ඉදන්මයි..

ඔයාව වෙනස් විදිහට මට දැනුනේ…

අදටත් ඒ හැඟීම වැඩිවෙනවා මිසක් පොඩිත්තක්වත් අඩු උන් නා… ” කියපු කොල්ලා කෙල්ලගේ උරහිසෙන් අත දාලා කෙල්ලව තවත් ලං කරගෙන ගද්දී …. කෙල්ලත් කොල්ලගේ උරහිසෙන් හිස තියලා…

” මටත් එහෙමයි ..😍😍.” කියලා… දෙන්නම එහෙමම හිටියේ කිසිම වචනයක් නොකියාමයි… විනාඩි පහළොවක් විතර ඉද්දී…. නිශ්ශබ්දතාවය බිදපු ශනාෂා….

“තේමී තව ගොඩාක් වෙලා මෙහෙ ඉන්නවද…

ගෙදර යන්නේ නෑ ද… ” කොල්ලගේ පපුව ඇඟිලි තුඩු වලින් පිරිමැද මැද ඇහුවේ…. දැන් ටිකක් රෑ වෙලත් නිසයි …. කොල්ලා ඇස් හීන් කරලා කෙල්ල දිහා බලලා…

“ඇයි.. ඉන්න ආසා නැද්ද…

ඉක්මනට ගෙදර යන්න ඕනේද …😉😉” කියලා කටකොනකින් හිනාවෙලා අහද්දී … කොල්ලා ඉගි කරපු දේ තේරුන කෙල්ල… දැනුනු ලැජ්ජාවට හයියෙන් පාරක් කොල්ලගේ අතට ගහලා…

“මෝඩයා ….

දැන් නම් අර අනිංසක කොලුවා කොහෙද මන්දා…

මම එහෙම ඇහුවේ මට බඩගිනියි නිසයි …

ගිහින් මොනා හරි කමුකෝ…. ” කියලා එතනින් නැගිටලා කොල්ලගේ අතින් අදිද්දී… කොල්ලත් හිනා වෙලා …

“ආහ්… ඒ අහිංසක කොලුවා දැන් නම් නෑ මැණික…😉😉 ” කියලා කියද්දී…. කෙල්ල කොල්ලගේ අත අතඇරලා…

“අනේ මේ…

මම කීවේ මට බඩගිනියි කියලා…

ඇත්තමයි මගේ මේ හස්බන්ඩා මාව බැදපු පළමු දවසේම මට හරියට කන්න දෙන්නේ නෑනේ..

දෙවියොම මා බලාගනිත්වා…😓😓 ” කොල්ලට රවලා අහස දිහා බලලා දෙවියන් අයදිනවා වගේ කියද්දි… කොල්ලටත් හයියෙන් හිනා ගියා…

“මේ කෙල්ල නම්…

හා හා යමු යමු…

දැන් කොහෙන්ද… මොනවද කන්න ඕනේ… ” කොල්ලා අහද්දි…

“ම්ම් අපි හොද තෝසේ කඩේකට දාලා…

තෝසේ.. වඩේ… අල බොණ්ඩා වලට වැඩේ දෙමූ… ” කෙල්ල ඇස් දෙකත් නටව නටව රස කරලා කියද්දි කොල්ලා හිනා වෙවීම කෙල්ලගේ අතකිනුත් අල්ලන් කා එක ළගට යන්න ගත්තා ….

මුලින්ම බාත් රූම් එකට ගිහින් නිදන ගවුමත් ඇදගෙන ආපු කෙල්ල… කොල්ලා බාත් රූම් එකට ගියාට පස්සේ බැලුවේ කැරකී කැරකී මුලු කාමරේම ලස්සන දිහා.😍😍..

කොල්ලා හොටෙල් එකකටත් වඩා ලස්සනට දෙන්නගේ කාමරේ සසවලා තිබ්බා….😍😍 ආශාවෙන් කාමරය සිසාරා බලන කෙල්ලගේ මුවට හිනාවක් ආවේ… මේ නිසා තමයි… පන්සල් යන්න කලින් තමන්ට මේ කාමරේට එන්න දුන්නේ නැත්තේ කියලා හිතෙද්දී…. කෙල්ල එහෙමම ඒ රෝස මල් අතුරපු යහනාවේ ටිකක් ඇල උනේ… අද දවසේ ඒ ආදරණීය මතකයන් යලිත් මතක් කරන්නටයි…😍😍

කොල්ලා කාමරේට එද්දි දැක්ක දසුනෙන් කොල්ලගේ මුවට ආවේ ආදරණීය හිනාවක්..😍😍..සිනාහවකින් මුව සරසා… රෝස පෙති වලින් සැරසූ යහනාවේ සුදු පැහැති නිදන ඇදුමක් ඇදගෙන…

කෙල්ල නිදාඋන් අයුරු කොල්ලා දොර ළඟ ඉදන්ම බලන් හිටියේ… භාවනාවක් වගේ… ටික වෙලාවක් එහෙමම හිටපු කොල්ලා කෙල්ලව ඇහැරෙන්නේ නැති විදිහට අනිත් පසින් වැතිරිලා… කෙල්ලගේ මූණ දිහාම බලාගෙන… ඒ මුවට වැටි තිබූ කෙස් රැලි අයින් කරනවත් එක්කම කොල්ලගේ ස්පර්ශයෙන් කෙල්ල අවදී උනේ ගැස්සිලා වගේ ….

“තේ..තේමී .. ” කෙල්ල නිදිමතින්ම මුමුණද්දී… කොල්ලා කෙල්ලව තමන්ට තුරුල්කරගනිමින්…

“හ්ම්.. මම ඇහැරුවා නේද….

නිදාගන්න මැණික…
මම ඔලුව අතගාන්නම්…. ” කියලා කියද්දි… කෙල්ලත් ඒ උණුසුමට ගුලි උනේ හා පැටියෙක් වගේ…

“තේමී….ම්ම්… ” කෙල්ල කොල්ලගේ පපුවට තුරුලු වෙලා කොල්ලගේ ශර්ට් එකේ උඩ බොත්තම් දෙකක් ගලවලා… ඒ පපුවේ රෝම පිරිමැද මැද කතා කරද්දි… කොල්ලා හිනා වෙවීම…😊🙂🙂 කෙල්ලගේ අත අල්ලගෙන…

“ඇයි මැණික …” කියලා අහද්දි… ආයි කෙල්ල කොල්ලගෙන් අතින් තම අත මුදවාගෙන.. පුරුදු විදිහටම රටා මව මව ….

“මට නිදිමත නෑ… ” කියලා කියද්දි… කොල්ලටත් ඉබේම හයියෙන් හිනාවක් ගියේ කෙල්ලවත් ලැජ්ජාවෙන් රතු කරලා… ලැජ්ජාවෙන් මුව රත් පැහැ වෙද්දී…

“ඔයා නම් මහා නරකයි..😒😒. ” කියපු කෙල්ල කොල්ලට රවලා ගස්සලා අනිත් පැත්තට හැරෙද්දී … කොල්ලා කෙල්ලව හරවගෙන ආදරෙන් ඒ කම්මුල් පිරිමැදලා …

“මම මගේ කෙල්ලට පැලෙන්න ආදරෙයි…

අද මගේ ජිවිතේ සතුටුම දවස…

මටත් පවුලක් තියනවා…

මේ වගේ දවසක් දුන්නට මගේ කෙල්ලට මොනවද ඔනේ.😍😍.. ” කෙල්ලගේ ඇස් දිහා බලාගෙන ආදරෙන් අහද්දි.. ඒ ආදරේට ලෝභ කමේ තවත් කෙල්ල තුරුල් වෙලා …කොල්ලගේ පපුවට දෙතොල් තියලා

“ම..ට ඕනේ…

මේ වගේම හිතක් තියන දරුවෝ ටිකක්..

අපේ පවුල සරසවන්න… ” කියලා කියද්දි… කොල්ලා කෙල්ල දිහා බැලුවේ ආදරයෙන්…

දෙන්නගේ හිතේ තියන ආදරේ ඇස් වලින් දෝරෙ ගලද්දි… දෙන්නම ඒ ඇස් දිහා බලන් හිටියේ වශීවෙලා වගේ…. . පළමුව හදවතිනුත් දෙවනුව නීතියෙනුත් බැදුනු මේ බැදීම ගතින්ද ඔවුන් බැදුනේ…. මේ ආදරයට මොනම දෙකිත් වත් සීමාවක් ඕන නැති නිසාමයි …😍😍

ඊළඟ කොටසට