මේ අපේ දෛවයයි 💑 💑 💑

විසි දෙවන කොටස ⏬⏬⏬ ( අවුරුදු බෝනස් )

” ඇන්ටි …. ඇන්ටි ….

මට කෝල් කරලා කිව්ව ඒවයේ තේරුම මොකක්ද …

මොකද උනේ ….”

හැමදේම අද විසදනවා… ආදිත්‍යව හම්බෙලා මේ හැමදේම විසදනවා කියලා හිතපු මම… අද ඒ ළගටම ගිහින් නැවත හැරිලා ආවේ… එතනට යන්නටම හේතු උන කාරණාව නිසාමයි… සමහර විට අද නෙමේ වෙන්න ඇති ඒ දවස… එහෙම කියලා මම හිත හදාගත්තේ කිහිප වරක් උත්සහ කරලා අහම්බෙන් ලැබුන අවස්ථාව අන්තිම මොහොතේ මමම මග හැරලා ආව නිසා….

” දුවේ …. දුව මෙච්චර කල් කරපු දේවල් අපතේ ගියේ නෑ…

ඔහේ බලාගෙන උන්නු නෝනා…. අවුරුදු ගාණනාවකට පස්සේ අත පය හොල්ලලා ප්‍රතිචාර දැක්කුවා … ” මගේ ජිවිතය වෙනස් කරන්නට හේතු උන ඇය … මගේ අරමුණ , වගකීම උන ඇය .. හදවතින්, ගතින් නිසොල්මන්ව උන්නු ඇය ගැන වසර ගාණකට පස්සේ අහන්න බලාපොරොත්තු උන දෙයක් අහද්දී … මම එහෙමම දුවලා ගියේ ඇය ඉන්න කාමරයට ….

” අම්…මේ…. අම්මේ….

ඔයාට මාව මතකද…

අම්….මේ….”

මම ජනේලෙන් පිටත බලන් ඉන්න ඇය ළගට ගිහින් ඇගේ අත අතගගා ඇහුවේ… ඇය මේ අදවත් මට ප්‍රතිචාර දක්වයිද කියලා… ඒත් මාව පිළිගන්නවා වෙනුවට මගේ අත ඒ අතින් අයින් කරන්න උත්සහ කරද්දි… වෙනදට මොන දේ උනත් නිසොල්මන්ව ඉන්න ඇය අද මගේ අත අයින් කරන්න උත්සහ ගද්දි… ඇගේ ක්‍රියාකාරී කම මට සතුටු වෙන්න කාරණයක් උනත් මගේ දෙනෙතින් කදුලක් රූටලා ගියේ උපන්දා පටන් පතන සෙනෙහස මට අහිමිද කියලා හිතලමයි… මම ඇය ළගින් නැගිටලා අඩියක් පස්සට ගිහින් බැලුවේ… මගේ කීමට ඇයව ලෝකයාට වසං කර වසර ගාණක් තිස්සේ බලාගන්න සුජාතා ඇන්ටි දිහා…

” අඩන්න එපා දරුවෝ…

තවම පටන් ගත්තා විතරනේ…

ඔයා කව්ද කියලා හරියටම අදුරගත්තාම …

ඔයා එයා වෙනුවෙන් කරපු දේවල් දැනගත්තාම….

එයාම ළගට ඇවිත් ඔයාව බදාගනී…” සුජාතා ඇන්ටි මගේ ළගට ඇවිත් කීවත් මම මගේ කදුලු පිහිදාලා…

“නෑ… ඇන්ටි …

මම අඩන්නේ නෑ…

මාව අයින් කරන්න උනත් අම්මා මෙහෙම හැසිරුනානේ..

මම සතුටු වෙන්න එපැයි…

අම්මා මම කව්ද කියලා අදුරගත්ත දාට…

එයාට කතා කරන්න පුලුවන් දාට…

එයාට අම්මා කියන අයිතියත් නැති කරලා දායි ඇන්ටි …

එයාගේ ලෝකෙට මම කවුරුත්ම නෙමේ…

එයා හොයන කෙනත් මම නෙමෙනේ … ” මම අම්මා දිහා බලමින් ඇන්ටිට හිනාවෙවී කීවේ හදවත හෝ ගාලා අඩද්දී යි …. ඊට පස්සේ මම මම ගැනම උවමනාවෙන් ම අමතක කරලා ….

“මෙච්චර දවසක් ඔහේ බලන් උන්නු අම්මා මෙහෙම හැසිරෙන්න ගත්තේ කොහොමද …

එහෙම වෙන්න අම්මට මොකද උනේ…

මොනවද දැක්කේ… ” බෙහෙත් කරලා කරලා උන් නැතිදේත් මේ එකපාරටම උනේ බෙහෙත් නිසාම නෙමේ කියලා හිතෙද්දී …. මම ඇන්ටිගෙන් අහද්දී …. ඈ මට ඇහෙන් පෙන්නුවේ අම්මගේ දකුණු අත දිහා… මෙච්චර වෙලා මට අවධානය නොවුනු පොඩි ළදරු ඇදුම දකිද්දී …. මම ඇන්ටි දිහා බැලුවේ නැවත කදුලු පිරෙද්දිමයි…

“මම දරුවෝ…

මේ මීයෝ වගයක් බෝ වෙලා නිසා…

පොඩ්ඩක් පරණ කබඩ් ටික අස් කරලා දැම්මා…

එතකොට ඕක එක්ක තව ඇදුම් ටිකකුයි.. පොඩි සෙල්ලම් බඩු කිහිපයක් තිබිලා මම ඒක සාලේ මේසේ උඩින් තියලා තිබ්බේ…

මට ඕක අරන් තියන්න මතක් උනේ නෑ…

මම ඉතින් කබඩ් අස් කරලා එහෙමම මෙයාව නවලා කවලා…

එළියට එක්කන් යන්න හදද්දි ඕවා දැකලා තමයි එකපාරටම ඔහේ බලාගත්තු අත බලන් උන්නු කෙනා ඒ පැත්තට අත දික් කරන්න ගත්තේ …

මම ඉතින් කෝකටත් කියලා එතනට එක්ක ගියා විතරයි ඇදුම අරගෙන ඒක ඉම්බා දුවේ …

මටත් ඇඩුනා ඒකට නම්…

පස්සේ මම ඩොක්ටර් සරත් ට කෝල් කරලා…

පස්සේ මේ ගැන දන්වන්න දුවට ගත්තේ… ” සුජාතා ඇන්ටි මට සිද්දිය කියද්දී … අම්මා දිහා මොහොතක් බලන් ඉදලා මම සුසුමක් හෙළලා කාමරෙන් යන ගමන්…

“ඉතින් ඩොක්ටර් මොකද කිව්වේ… ” කියලා අහද්දී සුජාතා ඇන්ටි මදක් හිනාවෙලා ….

“ශාරීරිකව දැන් හැමදේම හොදයි…

දැන් හැමදේම මානසිකව තමයි හරියන්න ඕනේ…

එයා බලාපොරොත්තු වෙන කෙනා ආවා නම් ගොඩාක් ඉක්මනට හොද කරගන්න පුලුවන් කීවා…

තව බෙහෙතුත් වෙනස් කලා…

හැමදේම හරියයි දරුවෝ…

හැමදාම නරක් වෙන්නේ නෑ හොද දවසුත් එනවාමයි…” කියලා කියද්දී … මම ඔලුව වනලා ඩොක්ටර් එක්කත් මේ ගැන කතා කරන්න ඕනේ කියලා හිතාගෙන…. මෙහේ ඉද්දි වෙනදට මම නවතින කාමරයට යද්දී ….

“දුවේ අද ඔයා මෙහේ නවතිනවද…” කියලා ඇන්ටි අහද්දී …. මම ඇය දිහා හිනාවෙලා බලලා …

“ඔව්… හෙට පෝය නිසා නිවාඩුනේ…

මම පන්සලට යන්න ඕනේ…

තාත්තාවත් හුග දවසකින් බලන්න බැරි උනා… ” කියලා කාමරයට ගියේ මේ හැමදේම අමතක කරලා පහළ කුඹුක් ළිදට ගිහින් නා ගන්න ඕනේ කියලා හිතාගෙනමයි.

••••••••••••••••••••••••••••••••••••••••••••••

” චුටි …

කොහෙද ඔයා ඉන්නේ… “

අභී යනවාත් එක්කම බාසුරු එළියට ආවත් ඔහුට ඇයව හොයාගන්න බැරි උන තැන… ඇයගේ නම්බරයට කෝල් කලේ… තකහනියක්ම ඇය මෙච්චර කල් උවමනාවෙන් බලා උන්නු මොහොතත් මග ඇරලා කලබලයෙන් යන්න තරම් මොනාහරි වෙලාද කියලා හිතාගන්න බැරි නිසයි… ඒත් කිහිප වරක් ගත්තත් එක දිගටම ^ ඔබ ඇමතූ දුරකතනය ක්‍රියා විරහිත කර ඇත පසුව අමතන්න ^ කියලා කියද්දී …. ඔහු ගියේ ඇගේ නිවසට … ඒත් ඒකත් ලොක් කරලා තියෙද්දී… ඔහුගේ බය තව වැඩිවුනේ ඔහු නිසා කලින් පාරත් ඇය කරදරයක වැටුනා නේද කියලා මතක් වෙද්දිමයි… ඒ නිසාම බාසුරු ඔහුගේ නංගිට කතා කරන්න හිතුවේ ඇයවත් දන්නවා කියලා හිතලා… ඒත් කොහෙද ඉන්නේ කියලා ඇහුවා විතරයි කෝල් එක කට් වෙද්දි… ඔහු නැවත දුරකතනය දිහා බැලුවේ එකපාරටම කට් උනේ මොකද කියලා හිතාගන්න බැරුවයි … ඒත් විනාඩි පහක් යන්න කලින් සයූ හිනාවෙලා ඔහුගේ ඔෆිස් එකටම එද්දි… බාසුරු සයූ දිහා බැලුවේ රවලා…

“කොහෙද ඉන්නේ කියලා ඇහුවාම…

කෝල් එක කට් කරනවද…

මම බයත් උනා…

පිස්සු විකාරේ…” ඔහු තරහෙන් සයුනිට බනිද්දී … ඇය ඒවා කනකටවත් නොගෙන හිනාවෙලා ඔහු ඉස්සරහින් ඉදගෙන…

“කට් කලේ…

ඒ වෙද්දි මම ඔෆිස් එක ඉස්සරහා නිසා…

මොකටද බොරුවට සල්ලි නාස්ති කරන්නේ…

ඉතින් මාව හෙව්වේ මොකෝ…

අභී ඔයාව දැක්කද…

මම කිව්වානේ හැංගෙන්න කියලා…

ඔයා මගේ අයියා කියන්න දන්නේ නෑ නේද….

කෝ දැන් අභී …

ආදිත්‍යගේ මීටින් එක ඉවරලුද….. ” කොල්ලගේ කලබල ස්වරූපය දැකලා හුස්මක් කටක් නොගෙන එක දිගට සයූ ඇහුවේ… තමන්ගේ සහෝදරයා ගේ වැඩ නිසා තමන්ගේ හොදම යාලුවත් නැතිවෙයිද කියලා භයෙයි … සයූගේ කතා බහින්ම වෙන කිසිම විස්තරයක් ඇය දන්නේ නෑ කියලා තේරුම් ගත්ත බාසුරු අතක් මිටිමොලව ගත්තේ…. එක පාරටම කෙල්ල කොහෙට අතුරුදන් උනාදැයි හිතාගතවත් නොහැකිවයි…

” ඔව් ඔව්… ආදිත්‍ය නම් ගියා…

අභීව මට හම්බුනේ නෑ…

මම නිකන් ඇහුවේ…

අනික උදේ ඇවිත් ආයි තකහනියක්ම ආවේ …

මාව හොයාගෙන නම් නෙමේ වෙන්නැතිනේ…

ඉතින් යාලුවව හොයන් ආවා නම්…

කෝල් එකක් දාලා බලන්න එපැයි…” බාසුරු උවමනාවෙන්ම සන්සුන් වෙමින් ගානක් නෑ වගේ අභී කොහෙද කියලා දන්නේ නෑ කියන ඇත්ත හංගලා කීවේ සයූගේ ඇමතුම් වලටවත් අභී ප්‍රතිචාර දක්වනවද කියලා හිතලයි…

“මම කෝල් කලා… ඒත්…

කෝල් ගන්නේ නෑ අප්පා…

ඕෆ් වෙලා ඇති…

ආදිත්‍ය ගියා නම් අභී ගිහින් ඇති…

මම ගෙදර යනවා… අම්මා කෝල් කලා…

රෑ වෙලාම අභීට කෝල් එකක් දානවා…

මේ අයියේ ලොකු කම දාන්නේ නැතිව ගෙදර එනවා හොදේ…

අම්මා දුකෙන්…

තාත්තා දුකෙන් උන්නත් පෙන්නන්නේ නෑනේ….

ආයි කරදර කරන එකක් නෑ බදින්න කියලා …

ඒ නිසා එනවා හොදේ…

” මේ වෙන කිසි දෙයක් නොදන්න සයුනි සාමාන්‍ය විදිහට බාසුරුට කියලා එතනින් ගියේ …. බාසුරුට නම් ඒ එක වචනයක්වත් අප්‍රභංශ තරමට තේරුම් නොයා අභීගේ අතුරුදන් වීම ඔලුවේ වද දෙද්දි යි…

ඊළග කොටසට