Home Story Book The Heir (උරුමක්කරු ) - පෙරවදන The Heir (උරුමක්කරු ) – 45 අවසන් කොටස

The Heir (උරුමක්කරු ) – 45 අවසන් කොටස

0
51

Episode 45 👑👑👑 ( The Last episode )

“අ…අහ්… අ… “

එකපාරටම මට සිහිය ඇවිත් නැගිටිද්දී මම හිටියේ මල් වලින් සරසපු යහනාවක් වගේ තැනක… හරියටම කීවොත් මිනීපෙට්ටියක… හැමෝම වගේ මගේ වටේ වටවෙලා දුකින් හිටියත් මම ඇස් ඇරලා බලද්දී.. හැමෝම මං ළගට දුවගෙන ආවේ පුදුමෙන්…

“කුමරියනි… ඔබට මුකුත් වෙලා නැද්ද ….” හැමෝම එකාවන්ව අහද්දී… මම කිසිත් නොකියා වටපිට බැලුවේ….. මට රේගන්වත් ඩෙව්වත්… අඩුම ගානේ ඇලෙක්ස්වත් පේන්න නැති නිසා… ඒ එක්කම මට මතක් උනේ.. හෙලේනා… රේගන්ගේ මව කීව දේ…

“දැන් ඔබ යන්න…

නැත්නම් ඔයාට තවත් රේගන්ව දකින්නවත් ලැබෙන එකක් නෑ…”… එය මතක් වෙද්දී හිතට පොඩි තිගැස්මක් .. නුහුරු බයක් ඇති වෙනවාත් එක්කම…

“කෝ රේගන්… ඩෙව්…

එයාලා කොහෙද… ” මම කලබලයෙන් අහද්දී… ඔවුන් එකිනෙකාගේ මුහුණු දෙස බලලා..

“කු..කුමරියනී…

එයාලා එ…ඉන්නවා…

ඒත් සටනක්….. ” කියද්දී … මම පුදුමෙන් …

“එයාලා සටනක..
.
ඒ මොකද.. එහෙම වෙන්න බෑ… ” කීවේ … මේ හැම ප්‍රශ්නයක්ම තාවකාලිකව උනත් ඉවර වෙද්දි… හොදට හිටපු සහෝදරයෝ දෙන්නට මොකද උනේ කියලා හිතා ගන්න බැරුව…

“රේගන් කුමරු මැරෙන්නම හදනවා…

ඒක වළක්වන්න එන හැමෝමව ඔහුට පේන්නේ හතුරෝ විදිහට..

ඩෙව් කුමාරයා පවා..

මේ වෙලාවේ ඩෙව් කුමාරයට තමයි එයාත් එක්ක පොඩ්ඩක් හරි සටන් කරන්න පුලුවන්… ” හැමෝම එසේ කියද්දී … මම ඔවුන් දිහා නොරිස්සුමෙන් බලලා…

“දැන්ද කියන්නේ …

යනවා එහාට …එයාලා ඉන්නේ කොහෙද කියනවා මට … ” මම බිමට බහින ගමන් කලබලයෙන් අහද්දී… එක ගාඩ් කෙනෙක් මාව හරස් කරලා හිටගෙන…

“සමාවෙන්න කුමරියනි …

ඔයාව එහෙට යවන්න බෑ…. දෙදෙනාගේ සටන මැදට ගිහින් ඔයාට මොනවා හරිවෙයි ….

ප්ලීස් අපිට අනාගත උරුමක්කරු ව ආරක්ෂා කරන්න ඕනේ… ” කියද්දි… මම නොරිස්සුමෙන් බැලුවේ… නොඉපදුනු දරුවෙක් නිසා… මම නෑ කියලා හිතාගෙන කලබල කරලා මැරෙන්න හදන රේගන්වත්…. ඒක වළක්වන්න හදන ඩෙව්වත් අමාරුවේ දාන්න බැරි නිසා…

“අයින් වෙනවා එහාට…

එයාලා ඉන්නේ කොහෙද කියලා කියනවා මට… ” මුලු කාමරයම දෙදරන්න කෑ ගහද්දී … මගේ තද ස්වරයට මන්දා ගාඩ් අයින් වෙලා…

“සමාවෙන්න…
එන්න මා සමග …” කියද්දි මම ඒ පස්සේ ගියේ කලබලෙන් …

“රේ… ගන්…
ඕක කරන්න එ…පා….. “

මුලු පරිසරයම අදුරු වළාවකින් වැහිලා යද්දී… රේගන්ගේ ඇස් රතුවෙලා… එයාගේ සහෝදරයා පවා නොපෙනෙන තරමට යද්දී…. ඩෙව්ව බිම පෙරළගෙන ඉද්දී.. මගේ හිතට දුර තියාම නපුරක සේයාවක් දැනුන නිසා …. මම කෑ ගහගෙන එතනට… කුසේ ඉන්න දරුවෝ ගැනවත් නොහිතා …. ගාඩ්ලවත් තල්ලු කරන් ගිහින්… රේගන්ව එහාට තල්ලු කරද්දී..

නොසිතූ වෙලාවක නිසාද මන්දා රේගන්ව මදක් එහාට විසිවෙලා ගිහින් බිම වැටෙද්දී.. ඒ ක්ෂණයෙන්ම රේගන් තවත් තරහින් මම දිහා බලද්දි … ඒ පෙනුමට මටත් බය හිතෙද්දි.. අඩියක් පස්සට යැව්නේ ඉබේටමයි … ඒත්… මගේ රුව ඇස ගැටෙද්දී…. මදින් මද රේගන්ගේ වියරු පෙනුම නැතිවෙලා… පුදුමයක්.. සතුටක් මුසු වෙච්ච පෙනුමක් අරක් ගද්දී… මට සුසුමක් හෙලුනේ සැනසීමටයි…

“දෙවියනේ… ඇමේලියා… මැණික…

ඔ..ඔයා ඉන්නවා…

ඔයාට මුකුත් වෙලා නෑ… ” අඩියට දෙකට කලබලයෙන් මා වෙත ඇවිත් මගේ මුලු ඇගම පිරිමැදලා අහද්දී… මම හිනා වෙලා…

“මම ආදරෙයි ගොඩාක්… ” කීවේ… හිතට දැනුන සැනසීමට. ආදරයට… ආරක්ෂාවට මුලු හිතම ගොලුවෙලා මතක් වෙච්ච එකම දේ නිසා…

“ඇමේලියා…

තැන්ක්ස් ගෝඩ්…

ඔයාට මුකුත් වෙලා නෑ… ” ඩෙව් අපි දෙන්නා ළගට ඇවිත් කියද්දී… රේගන් ඩෙව් දිහා දුකෙන් බලලා…

“සමාවෙන්න ඩෙව්…

ම..මට එවලේ මොනා උනාද මන්දා… ” කියද්දී… ඩෙව් මදක් හිනාවෙලා …

“එහෙනම් හැමදේම විසදුනානේ…

අපි යමු මාළිගයට … ” කියද්දී… මෙතෙක් වෙලා ඔවුන් දිහා නිශ්ශබ්දව බලන් හිටපු මට මතක් උනේ හෙලේනා මට දුන්න වගකීම.. ඒ නිසාම මම…

“ඩෙව් … සමාවෙන්න අපිට මාළිගාවට එන්න බෑ…

ඔයයි රජකම භාරගන්න ඕනෙ… ” කියද්දි… ඩෙව් වගේම රේගන් මම දිහා පුදුමෙන් බැලුවත්… රේගන් රජකම ගැන වචනයක්වත් නොඇසුවේ… ඔහුට රජකම ඕනේ නැති නිසාද එහෙත් නැත්නම්.. මම හේතුවක් නැතිව මෙහෙම හැසිරෙන්නේ නැති නිසාද මන්දා…

කෙසේ උනත්… මම කීව දේට ඩෙව් නම් කලබලයෙන්…

“ඒ ඇයි ඇමේලියා …

මම නෙමේනේ උරුමක්කරු .. රේගන්නේ…

මට බෑ…

මගේ දිහා තාමත් වැරදිකාරයෙක් දිහා බලනවා වගේ සමහර අය බලන්නේ…

මාව ගැළපෙන්නේ නෑ … ” ඩෙව් මම කියපු දේට විරුද්ධ වෙද්දී… මට මොහොතකට මතක් උනේ.. එක සහෝදරයෙක් රජකම ගන්න ඕන දෙයක් කරද්දී… තව සහෝදරයෙක් ඒක ලැබෙද්දිත් ප්‍රතික්ෂේප කරද්දි… තව සහෝදරයෙක් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා… තුන්දෙනාම සහෝදරයෝ උනාට.. තුන්දෙනාටම තියෙන්නේ වෙනස් ආකල්ප.. හරියට හෙලේනා කිව්ව විදිහට මගෙ දරුවෝ දෙන්නා වගේ…

“ඩෙව්… ඔයා දන්නවද…

මම මැරුනම.. මට ඔයාලගේ අම්මව හම්බුනා…

එයා අපිට අනාගතය වෙනුවෙන් දෙයක් කරන්න තියනවා කිව්වා…

ඔයාගේ වගකීම තමයි නියමිත කාලය වෙනකම්…

රජකම භාරගන්න එක..

එතකොට අපි දෙන්නගේ වගකීම තමයි මගේ බඩේ ඉන්න දරුවෝ දෙන්නව හදන එක… “මම ඉවසීමෙන් ඒ ටික කීවේ සියල්ලම කියන්න තරම් කාලයක්වත්.. උවමනාවක් වත් නැති නිසා…

“අනාගතය ගැන ඩෙව් දැනගන්න ඕනෙ නෑ… ” මම හිතට කියාගෙන සුසුමක් හෙළලා .. දෙදෙනා දිහාම බලද්දී… රේගන් නම් හිටියේ මගේ දිහා ඇස් හීන් කරලා බලාගෙන…

මට එවලෙයි මතක් උනේ… රේගන් මගේ හිත කියවනවා කියලා… ඒ නිසා මම පසුව කියන්නම් කියලා ඉගි කරද්දී… ඩෙව් දුකෙන්…

“එතකොට ඔයාලා කොහෙද යන්නේ..

ඔයාට දරුවෝ දෙන්නෙක්ම හම්බෙනවද…

දුවලද පුතාලද…

මට ඔයාලව බලන්න බැයිද…

ඇයි මාව තනිකරලා ඔයාලා යන්නේ … ” කියලා කියද්දි… එවලේ නම් මම උනත් ඩෙව් දිහා බැලුවේ ගොඩාක් දුකින්… මට ඩෙව් අහපු දේවල් වලට උත්තරයක් හිතාගන්න බැරුව ඉද්දී… රේගන් ඩෙව්ව බදාගෙන …

“ඇලෙක්ස් ඉන්නවා … ඩෙව්…

ඔයා බයවෙන්න එපා…

ඔයාට අපිව උවමනා වෙලාවෙදී අපි ඔයා ළග ඉදී… ” කියද්දී… මමත් හිස සැලුවේ… ඒ දේ ඇත්ත කියලා අගවන්න…

මීට වසර හතරකට පෙරාතුව අපි ඩෙව්ගෙන් සමුගෙන ආවේ පිටිසර… මිනිසුන් අඩු… අපිට ජිවත්වෙන්න පුලුවන් පරිසරයකට… මෙහෙට ආව දා පටන් ඩෙව් එක්ක සබඳතා නොපැවැත්වුවත්… මාළිගාවේ වෙන හැම දෙයක්ම අපිට දැනගන්න පුලුවන් උනේ…. ඇලෙක්ස් නිසා… ඔව් ඇලෙක්ස් විතරයි අපි කොහෙද ඉන්නේ කියලා දන්න එකම කෙනා…

ඒ ගැන ඩෙව්වත් දන්නේ නෑ … මේ අවුරුදු හතරට ඩෙව් මම වගේම මනුස්ස දුවක්ව විවාහ කරගෙන වැම්පයර් කරගත්තේ… මම වගේ නම් නෙමේ… ඒ කෙල්ලගේ කැමැත්තත් එක්කමයි… ඒ වගේම රජකමත් භාර අරගෙන වෙනදා වගේ නැතිව වගකීමෙන් ක්‍රියා කරනවා කියලා තමයි ඇලෙක්ස් අපිට කීවේ නම්…

එතකොට අපි ගැන කීවොත්… මෙහෙට ඇවිත් මාස තුනෙන් මට දරුවෝ දෙන්නා ලැබුනේ.. කුසට මාස හයක් පිරෙද්දියි… අපේ දරුවෝ අනිත් අයට වඩා වෙනස් කියලා උපතින්ම පෙනුනේ.. මාස හයකින් ඉපදුනාට… මාස නමයකින් ඉපදෙන දරුවෙක් තරම් හැදී වැඩී උන් නිසා… ඒ වගේම අපේ දරුවෝ දෙදෙනා වැඩීම අතින්ද ගොඩාක් වේගවත්… දැන් දරුවෝ දෙන්නට අවුරුදු හතරක් උනත් එයාලගේ පෙනුම නම් අවුරුදු හත අටක් වගේ…

මේ හැමදේම වෙනස් වෙද්දි වෙනස් උන් නැති එකම දේ රේගන්ගේ ආදරය විතරයි … මගෙ කීමට පොඩ්ඩක්වත් විරුද්ධ නොවී … රජකමට සැබෑ උරුමක්කරු ඔහු උනත්… මම වෙනුවෙන් .. අපේ දරුවෝ වෙනුවෙන්… දුරකට ඇවිත් සාමාන්‍ය ජිවිතයක් ගෙවුවත්… මේ ගිය වසර හතර පුරාවට ඒ සම්බන්ධව වචනයක්වත් මට කියලා නෑ … මම ඒ අතින් ගොඩාක් වාසනාවන්තයි…

නොසිතූ විදිහට හමුවුනත්… නොපැතූ විදිහට හිමිවුනත්…

රේගන් කියන්නේ මට ලැබිච්ච හොදම දේ හොදම කෙනා… මම දැන් සාමාන්‍ය නොවුනත් මට පොඩිම පසුතැවීමක් දැනෙන්නේ නෑ … මොකද මම දැන් ජිවිතය විදිනවා….

ඒත් ඒ කොච්චර කාලෙකට … හෙලේනා කියපු විදිහට අදුරු කාලයක් එනවා … මට දැන්මම නුහුරු තිගැස්මක් .. බයක් දැනෙනවා … ඇය කීව දේවල් එලෙසම වෙයිද..

ඇය කීවා වගේ අපේ පුතා මම වගේම සංවේදී.. හොද හිතක් සමග වැඩ කරද්දී … ගැහැණු දරුවෙක් උනත් අපේ දුව වෙලාවකට හැසිරෙන විදිහ මේ මටත් පාලනය කරන්න අමාරුයි… ඇය අවනත වගේම ආදරෙත් රේගන්ටම තමයි… ඒත් මට තියන එකම සැනසීම.. අයියයි නංගියි එකිනෙකාට තියන ආදරය තමයි…

“හැමදේම හොදට වෙයි… ” මම මගේ හිතට කියාගද්දී… මට දැනුනේ කවුරුහරි මාව පිටිපස්සෙන් වැළද ගන්නවා… වෙන කව්ද ඉතින් රේගන් තමයි… ඔහු මාව වැළදගෙන.. මගේ හිස සිඹලා..

“ඔව්.. හැමදේම හොදින් වෙයි… ” පුරුදු විදිහටම මගේ හිත කියවලා රේගන් කිව්වේ.. ඈත ඉදන් අපි දිහාට දුවන් එන දරුවෝ දෙදෙනා දිහා මම වගේම ඔහුත් බලමින්…

👑 සමාප්තයි…👑

📝සකුරා දුල්ෂි📝

ඔන්න ඉතිම් අද කතාව ඉවරයි…

ඔයාලා මොකද හිතන්නේ කතාව ගැන…. 😊😊

ඔන්න අද නම් ස්ටිකර් කමෙන්ට් … එතකොට ලස්සනයි විතරක් නොකියා….. දිග කමෙන්ට් එකක් දාන්න හොදේ…😊😊

පසුවදනින් හමුවෙමුකෝ..