The Heir ( උරුමක්කරු ) 🤴🤴

“අපි ළගට එන්න එපා රේගන්..

ඔයා ජිවත්වෙන්න ඕනා..

ම..මට පො..රොන්දු වෙන්න…

මුකුත් කරගන්නේ නෑ කියලා… ” මම අමාරුවෙන්… කියලා රේගන්ට අත පෑවත් රේගන්ගෙන් පොරොන්දුව ගන්නේවත් නැතිව ඇහැපියවුනේ… රේගන් මහා හයියෙන් කෑ ගහද්දිමයි…

“ඇමේලියා… මා…ව දාලා යන්න එ….පා…. “
ගතට දැනෙන සැහැල්ලුවත් එක්කම වගේ මම ඇස් අරිද්දි… මම හිටියේ සොබාසිරි වැහෙන ගොඩාක් අලංකාර පරිසරයක.. දිරච්ච කොලයක්වත් නැති කොළම කොළ පාට ගස්.. නිල් පිට්ටනියක් වගේ… සීරුවට වැවුනු තණකොළ … වටේ ගස් සියල්ලම පාහේ පල වලින් බරවෙද්දී… ඒ අසළම තිබූ පදුරු සියල්ලම මල් වලින් පිරිලා තිබ්බා… සමනළයෝ .. කුරුල්ලෝ… හාවෝ… වගේ සත්තුන්ගෙන් තවත් අලංකාර වෙලා තිබ්බ මේ පරිසයට ආවේ කොහොමද කියලා කල්පනා කරද්දියි මට මතක් උනේ…

කේන්ගේ පාවාදීමත් එක්ක එතනට ආපු සෙහා මාත් එක්ක කතා කරලා මාව ඒ පැත්තට නම්මගන්න හදද්දී …. මම මේ සැරේ නම් සෙහාව විශ්වාස නොකර හිටිය නිසා.. ඇයගේ සැබෑ ස්වරූපය … සැබෑ අරමුණ දැනගත්තට පසුව මම කවදාවත් ඇයට පක්ෂව ඉන්නේ නෑ කියලා තේරුන සෙහා අන්තිමට මාව මරන්න මගේ ඉනට විශේෂ වසක් කවලා තියන රිදී කිනිස්සෙන් ඇන්නේ… තවදුරටත් මම ජිවත් වීම ඇයට පලක් නැති නිසාමයි… ඒත් අමාරුවෙන් උනත් ඇය ඇන්න කිනිස්ස මම ආයි ඇදලා අරගෙන අනිත් අතින්ම ඉක්මනට සෙහාට අනිද්දී… ඇය අමාරුවෙන් උනත් මම දිහා බලන් හිටියේ මගේ අතින් ඒ වගේ දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැති නිසා වෙන්න ඇති…. කුරා කූඹියෙකුටවත් නොදැනුවත්ව මිසක් හිංසාවක් නොකරපු මම ඈට ඇන්නේ ක්ෂණික තරහව නිසා නොව… ඇය වන් කෙනෙක් නැතිවීම අනිත් ගොඩාක් අයට හොදක් නිසා…. බහුතරයකගේ යහපත ගැන හිතලා එක්කෙනෙක් අයින් කළාට කිසිම වරදක් වෙන්නැති වෙයි… සෙහා කොයිතරම් බලවත් උනත්… ඈය මාව මරන්න යොදාගත් වස වලින් බේරෙන්න ඇයටවත් නොහැකි වූ බැවින් මට සේම එම කිනිස්ස ඇයටත් මරණය කැදවූවා නිසැකයි…

එවලේ කුමක් වුවත් දැන් මට වටහා ගන්න බැරි එකම දේ මේ මා සිටින්නේ කොහෙද කියලයි… ඒත් මේ කොහේ උනත් … මම දැන් හොදටම දන්නවා මම ඉන්නේ නම් ජිවතුන් අතර නෙමේ කියලා… මේ කිසි දෙයක් හිතාගන්න බැරුව… වටපිට බලද්දී… එකපාරටම ඇස් දෙක කඩාගෙන යන්න තරම් ආලෝකයක් ඇවිත් මගේ ඉස්සරහින් නැවතිලා හිමීට නිමිලා යද්දී… මම අමාරුවෙන් උනත් ඒ දෙස බැලුවේ උවමනාවෙනී…

“ඇමේලියා….. ” ඒ ආලෝකය අඩු වී එක කාන්තාවක් මැවෙද්දී.. මම ඉක්මනට ඒ මුහුණ දෙස බැලුවේ… ඒ කටහඩ දැන් මට ගොඩාක් හුරුපුරුදු නිසා… ඔව් ඒ වෙන කවුරුත් නෙමේ… ඇලීසා… එදා පෞරාණික වළල්ල මා අතට පත් කරලා ඈ නිදහස් වෙලා යන බව පවසා ගිය වෙලාවෙන් පස්සේ දැන් තමයි ඇයව දකින්නේ…

ඈගේ පෙනුම මම දැකපු රුවට වඩා ගොඩාක් වෙනස්… දැන් ඇය කාන්තිමත් පෙනුමකින් හා සන්සුන් පෙනුමකින් යුක්තයි…

“ඇලීසා…. ඔයා මෙහේ…
අපි මේ කොහෙද කියලා කියන්න පුලුවන්ද… ” මම ඇයගෙන් ඇහුවේ… ඇය නම් මේ තැන ගැන දන්නවා ඇතියි කියලා හිතුන නිසා… ඒත් ඇය මම ඇසු පැනයට පිළිතුරු නොදීම … මදක් හිනාවෙලා…

“එන්න .. මා සමග ඇමේලියා..

ඔයාට කෙනෙක්ව මුණගස්සන්න තියනවා… ” කියලා ඉස්සරවෙද්දී… මම කුතුහලයෙන් උනත් ඈ පසුපස ගියේ….. මාව මුණගැහෙන්න කව්ද ඉන්නේ කියලා හිත හිත…

“එන්න ඇමේලියා…

මේ තමයි… හෙලේනා රැජිණ…

ම්ම් ඒ කීවේ රේගන්ගේ මව … ” ඇලීසා
තවත් රූමත් කාන්තාවක් පෙන්නලා කියද්දී… මම ඇය දෙස ටික වෙලාවක් ගල්වෙලා වගේ බැලුවේ ඇයගේ කාන්‍තිමත් රූපශ්‍රීය දිහා… ඇය අප කාටත් වඩා රූමත්…

“ඇමේලියා…
ඔයාට තව වැඩි වෙලාවක් මෙහේ ඉන්න බෑ…

ඔයා දොරටු වැහෙන්න කලින් යන්න ඕනා…

ඒ නිසා මේ මම කියන දේ හොදට අහගන්න… ” හෙලේනා මට කියද්දී… මම පුදුමෙන් …

“දොරටු…
මම කොහෙටද යන්න ඕනේ… ” කියලා ඇහුවේ … ඇය කියු දේ අරුත වටහා ගන්නට අමාරු වූ නිසයි…

“ඔබ ජිවත් වෙන්න ඕනේ ඇමේලියා…

ඔබ ඔබේ දරුවෝ දෙන්නව හදාගන්න ඕනා…

ඒ නිසා ඔබ නැවත යන්න..

ඔබේ හැකියාවේන් ඔබ නැවත ජිවත්වෙන්න ඕනේ… ” හෙලේනා ඉක්මනට කියද්දී… මම කලබලයෙන්ම …

“දරුවෝ දෙදෙනා… ” ඇහුවේ… මගේ කුසට අත තියන් පුදුමයෙන් ඒ දෙස බලමින්… මගේ කුසේ දරුවෝ දෙදෙනෙක් ඉන්නවායැයි මම හීනෙන්වත් හිතුවේ නෑ …

“ඔව්… ඔබට ලැබෙනවා දරුවෝ දෙදෙනෙක්…

ඔබේ පුතා ඔබ වගේ පිවිතුරු හදක් ඇතිව ඉපදුනත්…

ඔබේ දුව මගේ පුතා රේගන් වගේ අදුරු හැකියාවෙන් පරිපූර්ණ අයෙක් වේවී…

ඔවුන්ව රැක බලාගන්න ඇමේලියා..

ඔවුන්ව මේ පරිසරයෙන් ඈත් කරන්න…

අනාගතයේදී ලොකු විනාශයක් ඒවී ඒ වෙනතෙක් ඔබ ඔබේ දරුවන්ව මේ හැමදේකින්ම ඈත් කරන්න…

ඒ වගේම රජකමට දැන් උරුමක්කරු රේගන් වුවත්…

ඔබට තියනවා වගකීමක්…

කළයුතුම දෙයක්… ” හෙලේනා මට අන්තිම ටිකක් තදින්ම කියද්දි… මමත් උනන්දුවෙන්…

“කළයුතුම දෙයක්…

මොකක්ද… මම කරන්නම්… ” කීවේ මේ හැමදේටම මොකක් හරි හේතුවක් ඇති කියලා හිතුන නිසාමයි…

“ඔයා දරුවන්ව මෙහෙන් අයින් කරද්දී…

ඔයා සමග රේගන්වත් අරන් යන්න…

ඔබ විසින් රජකම මගේ බාල පුතා ඩෙව්ට බාර දෙන්න..

නියමිත කාලය එනතෙක් රජකම බාර දෙන්න ඩෙව්ට…

ඒක ඔබේ වගකීමක්..

ඒ නිසා දැන් ඔබ යන්න…

නැත්නම් ඔයාට තවත් රේගන්ව දකින්නවත් ලැබෙන එකක් නෑ… ” හෙලේනා කියලා… නැවත මා දෙස බලලා…

“එදා ඇලීසා ඔබට දුන්න වළල්ල …

ඒක කාටවත් දෙන්න එපා…

ඒක ඔබම සගවා තියාගන්න….

ඒ වගේ බලයක් ලැබෙන්න ඕනා බලයට තණ්හා නැති අයෙකුටම පමණයි ….

ඒ දේ හොදින් මතක තියාගන්න….. කියද්දී…. ඒ දේත් සිහියේ තබාගෙන….. රේගන් ගැන කියු දේ අරුත තේරුම් ගත නොහැකිව මම කලබලයෙන් ඈ දෙස බැලුවත්… මට දැනුනේ මාව එතනින් ආපස්සට ඇදලා ගන්නවා වගේ හැගීමක්…

“අ…අහ්… අ… “

එකපාරටම මට සිහිය ඇවිත් නැගිටිද්දී මම හිටියේ…..

📝සකුරා දුල්ෂි📝

නික්මෙන්න බෑ සුසුමක් තරමින් දුරක්

මගෙ පණ නළ ඔබ ළගමයි තවත්

මා පැතුවෙ ඔබ එක්ක යන්නට දුරක්

නවතින්නෙ කෙසේදෝ අතරමැද එක පියවරක්

නුඹෙ සතුට මම රැක දෙන්නෙමී

නුඹේ සිහින මා සැබෑ කරන්නෙමී

එතෙක් කල් නුඹේ ළග රැදෙන්නෙමී

මරණෙකින්වත් හැර දා නොයන්නෙමී

👸 ඇමේලියා