Home Story Book ගොඩේ පතිනි ගොඩේ පතිනි – 40 අවසන් කොටස

ගොඩේ පතිනි – 40 අවසන් කොටස

0
59

40 Episode (අවසාන කොටස)

ගොඩේ පතිනි

“පහන්දි දෝණිවත් ලෑස්ති කරගෙන ඔයත් ඉක්මන් කරලා ලෑස්ති වෙන්න ගමනක් යන්න…”

උදේ හතට විතර හොස්පිටල් එකට ගිය වෙද මහත්තයා හතයි හතලිහ විතර වෙද්දි කලබලෙන් වගේ ආපහු ගෙදර ආවා.

“කොහෙ යන්නද අයියෙ?…”

මං ඇහුවා.

“කතා කර කර ඉන්න වෙලාවක් නෑ මැණික. ගියාට පස්සෙ ඔයාට හැම දෙයක්ම බලා ගන්න පුලුවන්.ඉක්මන් කරලා දෝණිත් එක්ක ලෑස්ති වෙන්න.ලොකු හදිස්සියක්…”

කලබලෙන් වගේ එහෙම කියලා එයත් වෙන ඇඳුමක් ඇඳ ගත්තා.මං දෝණිට කතා කරලා එයාගෙ මූණ කට සෝදවලා එක්කන් ඇවිත් අල්මාරිය ඇරියා ඇඳුමක් ගන්න.

එක එක ජාතියෙ පාට පාට ඇඳුම් ගොඩාක් පැටියගෙ අල්මාරියෙ තිබුනත් මගෙ අත ගියේ දෝණිට පන්සල් යද්දි අඳින්න අරන් දුන්නු සුදු පාට පසුබිමේ ලා නිල් පාට චූටි චූටි මල් විසිරුනු ගව්ම.

“පන්සල් නනවද අම්මි?…”

ඒ ගව්ම අන්දවපු නිසා කෙ/ල්/ල එහෙම ඇහුවා.

“දන්නෑ පැටියො.අප්පච්චිගෙන් තමයි අහන්න ඕනි කොහෙද යන්නෙ කියලා.පාප්පු දෙක දාගෙන හොඳ බබා වගේ ලෑස්ති වෙන්න…”

කෙ/ල්/ල/ගෙ කොණ්ඩෙ පීරලා මාත් ලෑස්ති වෙන්න ගත්තා.රෝස පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්චි ගව්ම අඳින්න ගත්තත් වෙද මහත්තයා මට ඒක අඳින්න දුන්නෙ නැහැ.

“මේ සායයි බ්ලව්ස් එකයි අඳින්න පහන්දි…”

වෙද මහත්තයා කබඩ් එක ඇරලා මගෙ අතට අරන් දුන්නෙ මීට අවුරුදු හතරාමාරකට විතර කලින් සුදු බේබි මට අරන් දීපු දම් පාට දිග සායයි ලා නිල් පාට බ්ලව්ස් එකයි.

ඒත් ඇයි🤔වෙද මහත්තයා මට ඒකම අඳින්න කිව්වෙ?අපි මේ යන්නෙ සුදු බේබිව බලන්නද?

දෙයියනේ සුදු බේබිට අමාරුද දන්නෑ.

“අපි මේ යන්න හදන්නෙ සුදු බේබිව බලන්නද නේද අයියෙ?අනේ එයාට හුඟක් අමාරුද?…”🥺

මං එහෙම අහද්දි වෙද මහත්තයට මට උත්තරයක් දීගන්න බැරි වෙලා අසරණ වුනා. ඒ මූණෙන්ම මට තේරුනා සුදු බේබිට හුඟක් අමාරු විත්තිය.

පහුගිය දවස් වලත් සුදු බේබි විටින් විට ඉස්පිරිතාලෙ නවත්තලා හිටියා අසනීප තත්වෙ වැඩි වෙලා.වෙද මහත්තයා නම් බේබිව බලන්න ඉස්පිරිතාලෙට ගියා.ඒත් මට යන්න උනේ නැහැ.මං යන්න හදන හැම වෙලාවකම වලව්වෙ කවුරු හරි කෙනෙක් බේබි ගාව ඉන්නවා.

“ඔව් පහන්දි,,,තීක්ෂණට ටිකක් අමාරියිලු,,,, එයාගෙ අම්මා,,,මට කතා කරලා කිව්වෙ,,, ඔයාවයි දරුවවයි,,,,එක්කන් එන්න කියලා…”

දෙයියනේ සුභද්‍රා මැණිකෙ මාවයි දරුවවයි සුදු බේබිව බලන්න එක්කන් එන්න කියලද?මට ඒක අදහගන්න බැරුව ගියා.ඒකෙ තේරුම සුදු බේබිට ගොඩක් අමාරුයි කියන එකද?එයා මාවයි දරුවවයි හොයනවද?

මං ටක්ගාලා ඇඳගෙන කොණ්ඩෙ පීරගත්තා. සුදු බේබි ආසම මං තනි කරලට කොණ්ඩෙ ගොතලා ඉන්නවා දකින්න.ඒ විදියට කොණ්ඩෙත් තනි කරලට ගොතාගෙන අපි තුන් දෙනා ඉස්පිරිතාලෙට එන්න පිටත් වුනා.

පහන්දිගෙ ඇස් කඳුලින් තෙත් වෙලා.ඇය ඉස්පිරිතාලෙට යනකල්ම කඳුලු සලමිනුයි ගියේ.තීක්ෂණට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා බෝධි පූජාවල්,භාර හාර කොතෙක් කරත් වැඩක් වුනේ නෑ.ඔහුගෙ අසනීපෙ එන්න එන්නම වැඩි උනා මිසක් අඩු උනේ නම් නෑ.

“බහින්න පහන්දි.අපි හොස්පිටල් එකට ආවා…”

තීක්ෂණ ගැන සිහිපත් කරමින් කඳුලු සලමින් ආ නිසා පහන්දි දුටුවෙ නෑ තමා මේ ආවෙ කොහාටදවත් කියලා.ඇය දරුවත් තු/රු/ල් කරන් කාරෙකෙන් එළියට බැස්සා.

ඒක කොළඹ පිහිටි ප්‍රයිවට් හොස්පිටල් එකක්.තීක්ෂණ ප්‍රතිකාර ලබන්නෙ මෙහි සිටයි.සිහිනද පහු ගිය කාලෙ නිතරම මේ රෝහලට ආවා තීක්ෂණව බලන්න.

“කෝ දෝණි එන්න අප්පච්චි ගාවට…”

සිහින දරුවත් වඩාගෙන පහන්දිත් එක්ක රෝහලේ කොරිඩෝව දිගේ ඉදිරියටම ගියා. පහන්දිගෙ නම් ප/පු/ව දැන් ගි/නි ගොඩක් වගේ.අත පන නැති වෙලා ගිහින් තමාව මේ කොරිඩෝව මතම ඇද වැටෙයි කියලා ඇයට හිතුනා.

“මෙතනින් යමු උඩට…”

සිහින පහන්දි‍යි දරුවයි එක්ක ලිෆ්ට් එකෙන් රෝහලේ තෙවනි මහලට පැමිණියා.ඊට පස්සෙ තුන් දෙනාම දකුණු පැත්තෙන් ඉදිරියට ගියා.ඒ යද්දි පහන්දි දුරටම දැක්කා බණ්ඩාර වලව්වෙ මෙහෙකාරියත් රියදුරුත් තව ගෑණු කෙනෙකුත් කාමරේ ළඟ ඉන්නවා.

කාමරේ දොරකඩටම යද්දි පහන්දිට ඇහුනා සුභද්‍රා මැණිකෙ අඬන සද්දෙ.ඇගේ පපුවට මොකක්ද උනා ඒ සද්දෙට.

“හිත හයිය කරගන්න පහන්දි.තීක්ෂණ කැමති ඔයාගෙ තු/රු/ලෙ අවසන් හුස්ම ටික පිට කරන්න…”

සුදු බේබි ඉන්න කාමරේ ඇතුළට මාව කවුරු හරි කෙනෙක් බලෙන් තල්ලු කරනවා වගෙයි මට දැනුනෙ.මට ශක්තියක් නෑ සුදු බේබි ගාවට යන්න.ඒත් අමාරුවෙන් උනත් බලෙන් වගේ මගෙ දෙපා සුදු බේබි ගාවට එසවුනා.

“අනේ පහන්දි දුවේ මට ස/මා/වෙ/න්/න දෙයියනේ,,,මේ බලන්න මගෙ පුතාට මං කරපු අ/ප/රා/දෙ,,,,මං නිසයි මගෙ දරුවට මෙහෙම උනේ,,,,ඔය දෙන්නගෙ සම්බන්දෙට කැමැත්ත දුන්නා නම්,,,අද මගෙ රත්තරං පුතාට මෙහෙම වෙන්නෑ,,,,මගෙ පුතාට කතා කරන්න දුවේ…”😭

සුභද්‍රා මැණිකෙගෙ විලාපය අතරින් මං නෙත් ඔසවලා සුදු බේබි දිහා බැලුවා.මගෙ ප/පු/ව සත් කඩකට පැලිලා පි/ච්/චි/ලා ගියා වගේ දැනුනා ඒ රුව දකිද්දි.

පෙරදා මෙන් හැඩකාර,දඟකාර, ආඩම්බරකාර,පෙනුමක් ඒ මූණෙ තිබුනෙ නැහැ.එක කෙස් ගහක්වත් නොමැති ඒ හිසේ ඇකිලී දරදඬු වී ගිය මුහුණ ඔහුට ගෙන ආවෙ අවලස්සනක් උනත් ඒ තුළින් මං දුටුවෙ මීට අවුරුදු හතරකට පහකට පමණ පෙර ආදරයෙන් මාව ම/ත් කරපු සුදු බේබිවයි. ආදරෙන් මාව සනසපු,මාව සි/ප ගත්තු,හැම දේකටම වැඩියෙන් මට ආදරේ දීපු සුදු බේබිවමයි.

ඒ කාලෙ තිබ්බ ඇඟෙන් බාගයක්වත් දැන් නැහැ.කෙට්ටු වෙලා ඇකිලිලා ගිය අත,පය, ඇඟෙන් පෙනුනෙ ඔහුට අවුරුදු හැටක විතර පෙනුමක්.මට ඇඬුනා.හොඳටම ඇඬුනා. නතර කරගන්න බැරි වුනු කඳුලු මගෙ නෙතු පුපුරාගෙන ඇද වැටුනා.

අනේ අද මේ විදියට මේ ලෙඩ ඇඳක අසරණ වෙලා ඉන්නෙ කොයි තරම් සැප සම්පත් ගොඩක් මැද්දෙ සතුටින් හැදුනු වැඩුනු කෙනෙක්ද.ඔහු කෙතරම් හොඳ මනුස්සයෙක්ද?

ඔහුගෙ දෙමව්පියන්ට නොතිබූ උතුම් මනුශ්‍ය ගතිගුණ ඔහු ළඟ තිබුනා.ඒ දවස් වල ගමේ මිනිස්සු කිව්වෙ වලව්වෙ හොඳ කෙනෙකුට ඉන්නෙ සුදු බේබි විතරයි කියලයි.අනික් උ/න් රා/ස්/ස/යො සුදු බේබි විතරයි මනුස්සයෙකුට ඉන්නෙ කියලයි ඒ මිනිස්සු කිව්වෙ.

“සුදු බේබි…”🥺

මං ඒ කෙට්ටු වී ගිය අත් දෙක අල්ල ගත්තා. ඔහු බොහොම අමාරුවෙන් ඇස් දෙක ඇරලා මගෙ දිහා බැලුවා.ඒ දෑස් වල තිබුනෙ ලොකු අසරණකමක් එක්ක වේදනාවක්.

“ප,,හ,,න්,,දි…”

ඔහුගේ දෙ/තො/ල් යාන්තමින් සෙලවුනා.මට දැනුනා මේ ඔහුගෙ අවසන් තප්පර කීපය බව.

“සුදු බේබි,,,🥺අනේ මගෙ රත්තරං බේබි,,, මගෙ අතින් වරදක් උනා නම් මට සමාවෙන්න…”😭

“නෑ,,පහ,,න්දි,,,ඔයා,,,ම,,ට,,,ව,,රද,,,ක්,,,ක,,,රේ,,,නෑ,,,මම,,යි,,වැ,,ර,,,දි,,,කරේ,,,මට,,,ස,,,මා,,,වෙ,,,න්,,න,,,කෝ,,ම,,ගෙ,,,,දු,,,ව?…”

සුදු බේබි අමාරුවෙන් වචන ගැට ගගහා දරුවව හෙව්වා.වෙද මහත්තයා පැටියව එක්කරගෙන අපි ගාවට ආවා.මට හෝ ගාලා ඇඬෙනවා.දෝණි බය වෙලා වගේ සුදු බේබි දිහා බලාගෙන ඉන්නවා.

“මැණික,,,මේ…”🥺

මං දරුවගෙ අතක් අරගෙන සුදු බේබිගෙ අත උඩින් තිබ්බා.දරුවා හයියෙන් ඇඬුවා සුදු බේබ්ව දැකලා බය වෙලා.

“පහ,,,න්දි,,දරු,,ව,,ව අ,,,හ,,ක,,ට,,,ගෙ,, නි,,, ය,,,න්,,,න…”

එකපාරටම සුදු බේබිට කැස්ස හැදුනා.එයා ගොඩක් අමාරුවෙන් කැස්සා.

“ප,,හ,,,න්,,දි…”

සුදු බේබි කඳුලු පිරුනු ඇස් වලින් මගෙ දිහා බැලුවා.මං ඒ නළල සි/ප/ගෙ/න අත් දෙකම අල්ල ගත්තා.බේබිගෙ ඇස් බය වෙච්චි පාටයි.

“සුදු බේබි…”🥺

“ම,,,ට,,ය ,,න්,,න,,,වෙලා,,,ව,,,ඇවි,,,ත්,,මැණි,,,ක,,,මං,,,ය,,න,,වා,,,ඊගා,,,ව,,ආත්,,මෙ,,,මං,,,ඔයා,,ගා,,,වට,,,එ,,න්,,න,,,ම්…”

“අනේ සුදු බේබි යන්න එපා.අපිව දාලා යන්න එපා දෙයියනේ.අනේ කතා කරන්න සුදු බේබ්. ඇස් අරින්න මගෙ සුදු බේබි…”😭

මං කොච්චර කෑ ගහලා ඇඬුවත් පලක් උනේ නැහැ.මගෙ අත් දෙක අල්ලන් හිටපු සුදු බේබිගෙ අත් දෙක එහෙම්මම කඩන් වැටුනා. මට ගිරි කෑ ගැස්සුනා.කෑ ගහලා හයියෙන් ඇඬුවා.ඒත් හැම දෙයක්ම වෙලා ඉවරයි.

මං පන වගේ ආදරේ කරපු සුදු බේබි අපි හැමෝමව දාලා සදහටම යන්න ගියා.මගෙ දරුවගෙ තාත්තා මගෙ ඇස් ඉස්සරහම අවසන් හුස්ම හෙලුවා.මගෙ ජීවිතයෙ දරා ගන්න අමාරු දුකින්ම බර මොහොතකට මට මුහුණ දෙන්න සිද්ද වුනා.

පුංචි බේබිත් එක්ක මතකය තියෙන්නෙ පුංචි කාලෙ ඉඳන්මයි.ඒ කාලෙ අපි එකට සෙල්ලම් කරා.පුංචි බේබි හරිම හොඳයි.එයා මට එයාගෙ පොත් පත් පවා දීලා තියනවා.මට ඉස්කෝලෙ යන්නත් ඔහු උදව් උපකාර කරා.

වලව්වෙ ඉස්සරහ තියන ලොකු මිදුලෙ අපි ඉස්සර සෙල්ලම් කරන්නෙ.බෝල ගහනවා, බට්ටා පනිනවා,හැංගි මුත්තම් කරනවා, අල්ලන සෙල්ලම් කරනවා.ඒ කාලෙ මතකයන් හරිම සුන්දරයි.

එදා වලව්වෙදි පුංචි බේබි මගෙ පස්සෙන් දුවන් එද්දි මාව පඩිපෙළ පල්ලට වැටුනු හැටිත් මට මතක් වුනා.ඊට පස්සෙ අවුරුදු ගානක්ම පුංචි බේබි හිටියෙ රටනෙ.එයා ආයෙත් එද්දි මං ඇවිදින්න බැරි අ/බ්/බ/ගා/ත/යෙ/ක්.ඊට පස්සෙ මුලින්ම සුදු බේබි අපේ ගෙදරට එද්දි මං බංකුව උඩ ඉඳගෙන හිටපු හැටිත් මතක් උනා.

අපේ ආදරයේ ආදරණීය මතක සටහන් මගෙ දෑස් ඉදිරිපිට මැවි මැවි පේන්න ගත්තා. බාධක,කම්කටුලු,දුක් වේදනා මැද්දෙන් ශක්තිමත්ව ගලාගෙන ගිය අපේ ආදරේ නැති කරන්න සුභද්‍රා මැණිකෙයි,බණ්ඩාර හාමුයි කොච්චර දේවල් කරාද?අන්තිමට එයාලා දින්නා.එයාලා දින්නෙ තමන්ගෙ එකම පුතාගෙ ම/%/ණෙ සහතිකේ අතේ තියාගෙන.

“අඬන්න එපා පහන්දි.අමාරුවෙන් හරි හිත හදාගන්න බලන්න.තීක්ෂණ ගෙනාපු ආයුෂ එච්චරයි…”

වේදනාවෙන් කෑ ගසමින් හඬා වැලපෙමින් හිටපු පහන්දිව අල්ලගෙන සිහින පැත්තකට ගනිද්දි තීක්ෂණගේ නිසල සිරුර මෝචරියට ගෙන ගියා.සුභද්‍රාත් බණ්ඩා‍රත් පොළවෙ හැපි හැපි අඬනවා.

“සුදු බේබි පව් අයියෙ,,,එයා නිසා මං,,,, කොච්චර දුක් වින්දත්,,,,ඒ ම/$/ණෙ මට දරා ගන්න,,,,බෑ දෙයියනේ…”😭

“සල්ලියි,බලයයි,තත්වෙයි නිසා ඉදිමිලා මහන්තත්වයෙන් ඉන්න ගොඩක් දෙමව්පියන්ට මේ ම/$/ණෙ හොඳ පාඩමක්. දෙමව්පියන්ගෙ වැරදි නිසා මේ වගේ දරුවො කී දෙනෙක්ගෙ ජීවිත විනාශ වෙලා ඇත්ද?නියම අම්මෙකුට,තාත්තෙකුට තමන්ගෙ දරුවන්ගෙ සතුට මිසක් වෙන දෙයක් වටින්නෑ…”

මාස තුනකට පසුව♥️👇

“අප්පත්තී,,,අප්පත්තී…”

“ඇයි දෝණි?අප්පච්චි වැඩක්…”

“අම්මිට ඌවා වෙලා…”

“ඒ ඇයි සුදු මැණික?අම්මිට මොකද වෙලා තියෙන්නෙ?…”

“එන්නකූ,,,පෙන්නන්න…”

පුංචි සිහන්‍යා පැටික්කි සිහිනගෙ අතින් ඇදගෙන බාතෲම් එකට එක්කන් ගියා. පහන්දි නැවිලා අමාරුවෙන් වගේ තුනටියට අත තියාගෙන ව/ම/නෙ දානවා.

“පහන්දි ඇයි මැණික මේ?…”

සිහින පහන්දිව තම ඇඟට වාරු කරගෙන සින්ක් එක ඇරලා මූණ සේදෙව්වා.

“මට ව/ම/නෙ යන්න ආවා අයියෙ.හරි අමාරුයි ඇඟට…”

ඇඟට පන නැති වෙන්න වගේ ආපු නිසා පහන්දි සිහිනගෙ ඇඟට හේත්තු වුනා.

“එයා ඇවිත් මැණික.අපේ දෝණි පැටියට මල්ලියෙක්…”

සිහින පහන්දිගෙ කුස අතගෑවා.ඇයටත් ඒක දැනිලයි තිබුනෙ.

“මටත් හිතුනා අයියෙ.චෙක් කරලා බලමු නේද?…”

“හ්ම්ම්.බලමු.යමු කාමරේට…”

සිහින බොහොම පරිස්සමෙන් පහන්දිව කාමරේට එක්කන් ආවා.

විනාඩි කිහිපයකට පසුව

“ඔව් මැණික.අපේ පුතු පැටියා බණ්ඩියට ඇවිත්.මේ බලන්නකො මේකෙ ඉරි දෙකක් පේනවා…”

“මට ගොඩක් සන්තෝශයි අයියෙ.අපේ පැටික්කිට මල්ලියෙක්.අයියට ගොඩක් පිං මාව මෙහෙම සතුටින් තිබ්බට…”

සිහින හරිම ආදරෙන් පහන්දිගෙ නලල සි/ප ගත්තා.

වසර කිහිපයකට පසුව❤️👇

“අම්මී,,,අක්කි මගෙ කොණ්ඩෙට පව්ඩර් හැලුවා…”

“පහන් සත්සර”සිහිනගේත් පහන්දිගේත් පුංචි පුතු පැටියා.දැන් අවුරුදු හතරක්.හරිම දඟ මල්ලක්.කො/ල්/ලා වැඩිපුරම ආදරේ පහන්දිට.කෙ/ල්/ල නම් වැඩියෙන්ම ආදරේ එයාගෙ අප්පච්චිට.කෙ/ල්/ල/ට දැන් අවුරුදු අටක්.ඉස්කෝලෙ හතර වසරෙ තමයි සිහන්‍යා ඉගන ගන්නෙ.

පුංචි පහන් පුතුගෙ කුඩා කාලයෙ ඉඳන්ම පහන්දිටයි සිහිනටයි එක දෙයක් විශේෂයෙන් දැනුනා.ඒ පහන් පුතා පෙර ආත්මයේ තීක්ෂණ බව.පුතුගේ හැසිරීම් කතා බහ ගොඩක් වෙලාවට තීක්ෂණව මතක් කරනවා.

විශේෂම දේ තමයි කො/ල්/ලා වැඩියෙන්ම කැමති එයාගෙ අම්මා එයාට සුදු පුතා කියලා කතා කරනවට.තීක්ෂණ කැමති කෑම වලටමයි පහන් පුතා කැමති.

“අම්මී,,මට රොටී ඕනි…”

තීක්ෂණත් ඒ කාලෙ ගොඩක් ආසයි රොටී කන්න.ඒ පරිප්පුත් එක්ක.පුංචි පහනුත් ඒ වගේමයි.පහන්දිට බේරුමක් නෑ රොටීම හදලා.

“සුදු පුතේ…”

“පහන්දි…”

“ආ,,,මේ මොකෝ අම්මට නම කියලා කතා කරන්නෙ?…”

කොහෙදෝ ඉඳන් ඇවිත් වෙද මහත්තයා පහන් පුතාට සැර කරා.කො/ල්/ලා හිනා වෙලා ඇවිත් මාව බදා ගත්තා.සුදු බේබි එදා අවසන් හුස්ම හෙලද්දි කිව්වෙ ඊගාව ආත්මෙදි මං ගාවට එනවා කියලයි.ඒ කිව්වා වගේම සුදු බේබි මගේ පුතෙක් වෙලා මගෙ කුසෙන් ඉපදිලා මගෙ ගාවට ඇවිත්.

මගෙ රත්තරං පුතායි,දුවයි,සැමියයි ඉන්න තැන මට දිව්‍ය ලෝකයක්.❤️❤️

අවසානයි.