The Heir ( උරුමක්කරු ) 🤴🤴

Episode 43 👑👑👑

“කේන්… ඔයා බයවෙලා මොකක් දිහාද බලන්නේ … “

කේන් බලන් ඉන්න දිහාට ඇස් යැව්වත් කිසිම දෙයක් දකින්නට නැති තැන මම කලබලයෙන් අහද්දී… පියවි සිහියට ආපු කේන්.. මම දිහා ටිකවෙලාවක් බලන් ඉදලා…

“නෑ… මුකුත් නෑ… ” කියලා ඉදිරියට යද්දී.. මම කේන්ව බලෙන්ම අල්ලගෙන…

“නැතිවෙන්න බෑ…

ඔයා හොදටම කලබල උනා… ” ටිකක් සැරෙන් අහද්දී… කේන් මගෙන් ඈතට වෙලා…

“ස..ස..සමාවෙන්න ඇමේලියා…

ම..මට ඒක නොකර ඉන්න බැරි උනා.. ” කියලා මගේ ඉස්සරහා දණගහ ගද්දී… මම අඩියක් පස්සට ගිහින් සිහි කලේ කේන්ගේ වචන…

“කේන්.. ඒ ..ඒ කියන්නේ ඔයා…” කියන් ගිය වචන කියවෙන්නේ නැතිව මම බයවෙලා කේන් දිහා බලද්දි… කේන් බිම බලාගෙන..

“සමාවෙන්න.. ඇ .. ඇමේලියා..

මට එයා කරපු බන්ධනෙන් මිදෙන්න බැරි උනා…

ඒත් මම තව මොහොතක් වත් ජිවත් වෙන්නේ නෑ…

එහෙම උනොත් මගේ අතින් මොනා වෙයිද දන්නේ නෑ …

රේගන්ට වෙච්ච පොරොන්දුව මට ඉෂ්ට කරන්න වෙන්නෙ නෑ ඇමේලියා…

සමාවෙන්න.. ” එහෙම කියපු කේන් නොසිතූ මොහොතක ඉනේ සගවලා තිබ්බ රිදී කිනිස්සකින් ඇන ගද්දී… මම අඩියට දෙකට කේන් ළගට දුවගෙන ගිහින්…

“කේ..කේන්… ඔයා මේ මොකක්ද කරගත්තේ…

අනේ මාව මෙහෙම තනියෙන් දාලා යන්න එපා..

සෙහාගේ වැරදි වලට ඔයා පලි නෑ.

අනේ කොහොමද ඔයාව බේරගන්නේ මම… ” අඩ අඩාම කේන්ට කිව්වත්… කේන් මදක් හිනාවෙලා..

“සමාවෙන්න ඇමේලියා …. මෙහෙම කලාට… වගේම දැන් තනියෙන් දාලා යනවට..

මම කොච්චර උත්සහ කලත් එයා කියන දේ අහන්නේ නැතුව ඉන්න බෑ .. ” කියපු කේන් මගේ අත අල්ලගෙන අවසන් හුස්ම හෙළද්දී… මම අඩ අඩාම ඒ දිහා බලන් හිටියේ… මෙහෙම දෙයක් හිනෙකින් වත් වෙයි කියලා හිතුවේ නැති නිසා… ළග හිටපු කෙනෙක් පාවලා දීලා.. ඒක නිසාම තමන් ඉස්සරහා සියදිවි හානි කරගද්දී… මම කොහොමද ලේසියෙන් හිතහදා ගන්නේ… ඒ කෙනාට අඩුම ගානේ වෛර කරන්නවත් බෑනේ…

“ඇමේලියා…. ” කේන් දිහා බලාගෙන හිත හදාගන්න ලොකු වෙහෙසක් දරමින් ඉද්දී.. මගේ පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් පිටට අත තියද්දී… මම කලබලයෙන්ම නැගිටලා පිටුපස හැරුනේ… ඒ කෙනා අදුරගන්න අමාරු උනේ නැති නිසා..

ඔව්… ඒ හිටියේ…මාව දැක්ක දවසෙම ඇමක් වගේ පාවිච්චි කරපු… හැමවෙලාවෙම උදව් කරනවා වගේ රගපාපු… රේගන්වයි මාවයි වෙන් කරන්න හදපු… මගේ කුස මගේ දරුවට සොහොනක් කරන්න වෙර දරපු… ඩෙව්ව වසර ගාණක් නිරපරාදේ වැරදිකරුවෙක් කරපු… වටිනා ජිව්ත විනාශ කරපු… තව දුරටත් ඒ මත වලම ඉන්න සෙහා… ඇය මාව අල්ලද්දිත් දැන් මට දැනෙන්නේ ලොකු පිළිකුලක්…

ඒ නිසාම මම ඇයගෙන් අඩියක් විතර පස්සට ගිහින්…

“ඔය චාටුබස් දැන් ඕන නෑ සෙහා..

ඔයාගේ විදිහටම කතා කරන්න..

දැන් මම කෙනාව හොදට දන්නවානේ.. ” කටකොනකින් හිනාවෙලා කියද්දී… සෙහා අසරණ විදිහට හිනාවෙලා…

“සමාවෙන්න ඇමේලියා…

මම වැරදි ගොඩාක් කලා තමා…

ඒ..ඒත් ඒ හැමදේකටම හේතු තියනවා.. ” කියද්දී.. මම ඇස් හීන් කරලා සෙහා දිහා සැකෙන් බැලුවේ… මේ දැන් සෙහා මේවා කියල මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව… ඒත් මම මුකුත් කියන්න කලින් සෙහාම ආයි කතාව පටන් ගද්දී.. මමත් මොනවා උනත් නොඉවසිල්ලෙන් ඇහුවේ… ඇත්ත කිව්වත් බොරු කිව්වත්.. ඇයව දැන් නම් විශ්වාස කරන්න එපා කියලා හිතට මතක් කරගෙනමයි…

“හ්ම්.. මම දන්නවා මම කරපු දේවල් එක්ක ඔයාට මාව විශ්වාස කරන්න බෑ කියලා…

ඒත් ඇමේලියා.. ඔයාට වගේම මටත් ලස්සන පවුලක් හිටියා..

ඒත් ඒ සේරම මරලා දැම්මා… රේගන්ගේ සියා….

අපේ හැකියාවන් නිසා.. අපිව මරලා දැම්මා.. ඒ නිසාමයි එදා බේරුන මම වසර ගාණක් ඉවසගෙන හිටියේ…

මගේ තැන ගන්න….

එතකොට මගේ මිනිසුන්ට … මම වගේ හැකියාවන් තියන අයට තැන දෙන්න…

රජපවුලේ අයට විතරක් නෙමේ…

අනිත් අයටත් ඒ වගේ බලයක් එක්ක.. නිදහසේ ජිවත් වෙන්න දෙන්නයි මට ඕනේ…

ඉතිම් මම වැරදිද… “ඇය ඇස් දෙකත් තරහින් රතු කරගෙන කියලා.. මගෙන් අහද්දී…

“ඔයා කියන දේ වැරදි නෑ සෙහා…

ඒත් ඒ වෙනුවෙන් ඔයා කරපු දේයි වැරදි …

මමත් අහලා තියනවා රේගන්ගේ සීයා ගොඩාක් නපුරු කෙනෙක් කියලා…

ඒත් රේගන්ගේ තාත්තවත්… රේගන්ගේ අයියාවත් එහෙම උනේ නෑනේ… නේද…

ඔයාට ඕනෙ අයිතිය නෙමේ බලය…

ඔයා බලයෙන් අන්ධ වෙලා.. ” මම ඉවසීමෙන් උත්තර බදිද්දී … සන්සුන් අසරණ විදිහට හිටපු සෙහා එකපාරටම හයියෙන් හිනාවෙන්න ගද්දී.. මාවත් ඒ හිනාවට ගැස්සුනේ… හිතත් නොසන්සුන් වෙද්දී…

හ්..හහ් හා… මම හිතුවට වඩා ඔයා හැදිලනේ..

කෝ අනේ අර මම කියන හැමදේම විශ්වාස කරපු ඇමේලියා… ” හිනාවෙවීම.. මාව විහිලුවකට අරගෙන හිනාවෙද්දී.. තවමත් මාව මෝඩයා කරන්න හදන එක ගැන තරහින්..

“ඔව්.. ඒ ඇමේලියා දැන් නෑ…

මොනවා උනත් මම ඔයාට තැන්ක්ස් කරන්න ඕනේ..

ඔයා තමයි මට කාවවත් ලේසියෙන් විශ්වාස කරන්න බෑ කියලා උගන්වපු කෙනා…

ඉතින් දැන්වත් මවපු කතා නැතිව ඇත්ත කතාවක් කියනවද… ” කියලා අහද්දී .. සෙහා හිනාව නවත්තලා…

“හ්ම් ඇත්තද…
ඔයාටත් මේ කේන්ට වගේ ජිවත්වෙන්න වැඩිවෙලාවක් නැති නිසා කියන්නම්කෝ… ” කියද්දී… ඒ කීව දේ තේරුන මම බය උනත් නොපෙන්නාම සෙහා දිහා බලන් ඉද්දී ඇයත් මාව බලාගෙනම…

“යක්ෂයාගේ අනුගාමිකයන් …

අපි කවදාහරි අපේ අයිතිය ලබා ගන්නවා..

පිටවහල් කරපු ලුවී කුමාරයාගේ සේවකයොයි අපී….

මේ මට බැරි උනත්… තව කෙනෙක් ඒවී… ලුවී කුමාරයාට එයාගේ අයිතිය ලැබෙනකම්ම….

මේ කිසි දෙයක් විසදෙන්නේ නෑ ඇමේලියා… ” කියලා කියද්දී… මට මතක් උනේ මට එදා ඇලීසාගේ හම්බුනු දිනපොතෙත් ඒ ගැන සදහන් වෙලා තිබ්බා කියලා…

අනුන්ගේ දිනපොතක් කියවන එක නරක දෙයක් උනත් එදා රෑම මම මුලුපොත කියවද්දී… මැද හරියට වෙන්න… රේගන්ගේ සීයාගෙ වැඩිමහලු පුතා එහෙමත් නැත්නම් ලුවී කුමාරයා… ඔහුට රජකම උරුමව තිබුනත් ඔහුගේ නරක ගතිගුණ නිසාම…. පියෙක් විදිහට නොව රජෙක් විදිහට ක්‍රියා කරපු රේගන්ගේ සීයා… ඔහුව පිටුවහල් කොට… ඊළග උරුමකරුට රජකම දීමත් සමග කිපුණ ඔහු මාළිගාවෙන් එදා ගියේ.. කවදා හෝ ඔහුගේ අයිතිය ලබා ගන්නවා යැයි සපථ කරය…

ඉතින් එදා ගිය ලුවී කීවත් වගේම මේ හැමදෙයකටම හේතුව කියලා දැනගද්දී… මගේ හිතට පොඩි බයක් ආවේ… ඒ වචන කිහිපයෙන් උනත් ඔහු කොයිවගේ කෙනෙක්ද කියලා අපුරුවට පැහැදිලි කර තිබූ නිසාය…

“ඇමේලියා… ඔයාට මම මුකුත් කරන්නේ නෑ …

එනවනම් … අපේ පැත්තට…

ඔයාව අපි හොදට බලාගන්නම්… ” එහෙම කියපු සෙහා මගේ ළගට එද්දී… මම එහෙමම හිටගෙන..

” මම එන්නේ නෑ සෙහා..

මම මැරුනත් ඔයාලා වගේ අයට එකතු වෙන්නේ නෑ …

ඔය ලුවීටත් මම කියපු එක කියනවා… ” කියලා තරහින් කියද්දී.. ඇස් ගිනිබෝල වගේ රතු කරගෙන.. මම ළගට සෙහා එද්දී මමත් ඊට සමානවම පිටි පස්සට අඩිය තියෙව්වේ ඉබේටමයි …

“මොකද බයේද… හහ්..

මරණය තෝරගත්තා නම්….

ඔහොම ඉදලා බෑ… “සෙහා කටකොනකින් හිනාවෙලා කියලා මා ළගට ඇවිත්…

“දරුවෙක් බඩේ ඉන්න නිසා..

මම බඩට මුකුත් කරන්නේ නෑ කියපු සෙහා… රිදී කිණිස්සක් අරගෙන… මගේ ඉනට අනිද්දී …

මම අමාරුවෙන් උනත් ඒ ක්ෂනයෙන්ම කිනිස්ස ඇදලා අරගෙන සෙහාගේ කුසට අනිද්දී…. නොසිතූ වෙලාවක නොසිතූ දෙයක් කලා නිසාද මන්දා… අමාරුවෙන් කුසත් අතින් අල්ලන් මම ලගට එන්න අඩි දෙක තුනක් තිබ්බත් එහෙමම බිම වාඩිවෙලා…

“ඔයා මොකක්ද කලේ ඇමේලියා…

අද මම මැරෙනවා නම් ඒ ඔයා එක්කමයි…

මම මැරුනා කියලා මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ … හහ් හා..

ඒත් ඔයා මැරුනොත් එහෙම ගොඩාක් දේවල් වෙනස් වෙනවා..” එහෙම කියපු අවසන් හුස්ම හෙලද්දී… මට දැනුනේ.. මගේ කිනිස්ස ඇනුන තැන ඉදන් හීන් රීදීමකින් මගේ මුලු ඇගම අඩපණ වේගෙන එනවා…

මම අමාරුවෙන් බිම දිග ඇදිලා ඉන අල්ලගෙන ඇහිපිය වෙන්න ඔන්න මෙන්න ඉද්දී… හැමවෙලාවෙම වගේ නොසිතු විදිහට ඈත ඉදන් දුවගෙන ආපු රේගන්… මාව වත්තම් කරගෙන…

“අ..අනේ ඇමේලියා…

ඔ..ඔයා… අ..නේ මාව දාලායන්න එපා…

මේ මගේ වැරදී…

මට ඔයාව මං ළගින්ම තියාගන්න තිබ්බා..

අනේ මාව දාලා යන්න එපා..

එහෙම උනොත් මාත් එනවා… ” රේගන් අඩ අඩාම කියද්දී… මම අමාරුවෙන් එක අතකින් ඒ කදුලු පිහිදලා..

“අපි ළගට එන්න එපා රේගන්..

ඔයා ජිවත්වෙන්න ඕනා..

ම..මට පො..රොන්දු වෙන්න…

මුකුත් කරගන්නේ නෑ කියලා… ” මම අමාරුවෙන්… කියලා රේගන්ට අත පෑවත් රේගන්ගෙන් පොරොන්දුව ගන්නේවත් නැතිව ඇහැපියවුනේ… රේගන් මහා හයියෙන් කෑ ගහද්දිමයි…

👑Continue reading the next episode👑 >>>

📝සකුරා දුල්ෂි📝

දුටුව දාමයි බැදුනෙ මා සිත

වෙන්ව යන්නේ කෙසෙදෝ ඔබ

බලා හිදින්නෙ ඇයිද නිසලව

හිනැහෙන්නකෝ බලා මා දෙස

කාටවත් අවනත නොමැති මා සිත

නුබේ ළග සන්සුන් උනු අපූරුව

මතුදාට නුබ නැතිව

කෙසේ නම් ගෙවන්නද මගේ දිවිය

🤴 රේගන් 🤴

තැන්ක්ස් ශශියෝ ..