Home Story Book ගොඩේ පතිනි ගොඩේ පතිනි – 39 කොටස

ගොඩේ පතිනි – 39 කොටස

0
67

39 Episode (අවසානයට පෙර කොටස)

ගොඩේ පතිනි

“මට බෑ මමී.මට පහන්දිට මුහුණ දෙන්න බෑ. මං එයාට ගොඩක් වැරදි කරා.මං නිසා පහන්දි හුඟක් දුක් වින්දා.දැන් එයා සිහිනයි, මගෙ දරු පැටියයි එක්ක සතුටින් ඉන්නෙ. මට බෑ මමී ඒ ඇස් දෙක ඉස්සරහට ගිහින් එයාගෙ සතුට නැති කරන්න…”

“මං පුතාට කියන්නෙ ඒ පව්ල් ජීවිතේ විනාශ කරලා පහන්දිගෙ සතුට නැති කරන්න කියලා නෙවෙයි.පහන්දිවයි දරු පැටියවයි දැක්කොත් පුතාට සහනයක් ලැබෙනවනෙ. ඒකයි…”

“මං දැන් මැ/%/න්/න ඉන්න මිනිහෙක් මමී. එයාලා සතුටින් ඉඳියි.මට බැහැ තවත් එයාලට දුක් දෙන්න…”

සුභද්‍රා ඔසරි පොටෙන් කඳුලු පිස දදා රෝද පුටුවත් තල්ලු කරන් ගේ ඇතුළට ගියා. ඉස්සර තිබුනු වලව්ව නෙවෙයි දැන් තියෙන්නෙ.දැන් වලව්ව ම/ළ ගෙයක් වගේ. හැමෝගෙම ඇස් වල තියෙන්නෙ දුකයි, කඳුලයි විතරයි.කාගෙවත් මූණක හිනා පොදක් ඇත්තෙම නෑ.

තීක්ෂණ ගැන හිතලම සුභද්‍රාත් දවසින් දවස ලෙඩ වුනා.ඇගේ සිහි කල්පනාවත් දැන් අඩුයි කියලයි ගම්මු කියන්නෙ.පිටට නොපෙන්නුවාට බණ්ඩාර හාමුත් ඉන්නෙ සෑහෙන දුකින්.තමා කෙතරම් ධනස්කන්දයක් හම්බ කලද තම දරුවන්ගෙ සිත් සතුටු කිරීමට ඒ ධනස්කන්දයට නොහැකි වූ බව ඔහුට තේරෙන්නෙ දැනුයි.

මට එක සැරයක් හරි ඔයාගෙ ඔය මූණ දකින්න ඕනි පහන්දි.මං තව ටික කාලෙකින් මැ/%/න්/න ඉන්න මිනිහෙක්.ඊට කලින් ඔයාවයි මගෙ චූටි දෝණිව දකින්නයි මට ඕනි.මගෙ දරුවගෙ කටින් එක සැරයක් හරි තාත්තා කියලා මට අහගන්න ලැබුනා නම් මං කොච්චර වාසනාවන්තද.

ඔයා මාව කොහොම පිළිගනීද දන්නෑ.මං ලෙඩෙක්.ඒක තවම ඔයා දන්නෑ.ඔය අත් දෙක උඩ මට අවසන් හුස්ම හෙලන්න තියනවා නම්,,,

මං එනවා පහන්දි ඔයාවයි මගෙ දරුවවයි බලන්න.ඔය ඇස් දැකලා මට මැ/%/න්/න තිබුනා නම් ඒ ඇති.

♥️

“හරිම ලස්සනයි අයියෙ.දෝණිට ගොඩක් ආස හිතෙයි කාමරේ දැක්කම.එයා ගොඩක් සන්තෝශ වෙයි…”

වෙද මහත්තයා කලින් පාවිච්චි කරපු කාමරේ අපි අපේ පැටියා වෙනුවෙන් සූදානම් කරා.සෙල්ලම් බඩු,බෝනික්කො,ටෙඩි බෙයාර්ලා එහෙම දාලා බිත්ති වල ලොකු සමනල්ලු අලෝලා ජනේල් රෙදි රෝස පාටින් හැඩ වැඩ දැම්මා.

මේ හැම දෙයක්ම වෙද මහත්තයගෙ අදහස්. එයා තමයි කිව්වෙ කාමරේ මේ වගේ ලස්සන කරමු කියලා.දරුවා වෙනුවෙන් හැම දෙයක්ම කාමරේ තියනවා.සුරංගනා ලෝකයක් වගේ කාමරේ ලස්සනයි.

ආසාවෙ බැහැ දකිද්දි.බිත්ති වලත් ගාලා තියෙන්නෙ රෝස පාට තීන්ත.දෝණිට මාස තුනේදි ඉඳන් ගත්තු ෆොටෝස් බිත්තියෙ ලස්සනට එල්ලලා තියනවා.

“මං ගිහින් දෝණිව අරන් එන්නම්…”

වෙද මහත්තයා ගිහින් ඇස් දෙක වහගෙන දෝණිව කාමරේට එක්කන් ආවා.

“අප්පත්ති බබාත පේන්නෑ.අත් ආකට ගන්නකූ…”

“ඔන්න එහෙනම් ඇස් ඇරියා.බලන්නකො ලස්සනද කියලා…”

වෙද මහත්තයා අත් දෙක අහකට ගත්තා. කෙල්ල පුදුම වෙලා වගේ බලන් හිටියා කාමරේ පුරාම.දුවලා දුවලා ගිහින් ඇඳ උඩ තියන බෝනික්කෙක්ව අතට අරන් තු/රු/ල් කර ගත්තා.

“යේ,,,යේ බබාත ගොඩාරියක් තෙල්ලම් බඩු තීනවා.හලී නත්තන්නයි අප්පත්ති…”

දරුවා හරිම ආසාවෙන් එයාගෙ අලුත් ඇඳේ පෙරලි පෙරලි සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා.සිහිනයි පහන්දියි හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙනයි උන්නෙ.

“කෙ/ල්/ල ගොඩක් සතුටෙන් නේද ඉන්නෙ අයියෙ?…”

“ඔව් මැණික.මගෙ හිතත් පිරුනා දරුවා සතුටින් ඉන්නවා දැකලා…”

මගෙ පැටියා හරිම වාසනාවන්තයි මේ වගේ අප්පච්චි කෙනෙක් ලබන්න.එයාට ඉන්නෙ මේ ලෝකෙ ඉන්න හොඳම අප්පච්චි කියලා මට කියන්න කිසිම බයක් නෑ.

“පහන්දි…”

“අයියෙ?…”

“මැණිකට කියන්න සුභ ආරංචියක් තියනවා…”

“ඒ මොකක්ද අයියෙ?…”

“ඒවා එහෙම කියන්නෑ…”

නපුරු වෙද මහත්තයා සුභ ආරංචිය මට නොකියා අගය කරන්න ගත්තා.අහන්න හොඳ නෑ.එයාම කියන්නතෑ ඕනි වෙලාවක.

“එහෙනම් ඕනි වෙලාවක කියන එකයි ඇත්තෙ.මං අහන්නෑ.නපුරා…”

මං තරහ වෙලා යද්දි වෙද මහත්තයා මාව ඇදගෙන කාමරේට ඇවිත් මගෙ බ්ලව්ස් එක උස්සලා බඩ කි/ස් කරන්න ගත්තා.

“සුභ ආරංචිය මොකක්ද අයියෙ?…”

අහන්නෑ කියලාම හිතුවත් ඒක දැන ගන්නකල් මට ඉන්නත් බෑ වගේ.

“මගේ පැටියෙක්ව මේ බණ්ඩියෙ හදන්න පුලුවන් මැණික…”

ඔහු මගෙ බඩ ඉ/ඹ ඉ/ඹා ඒක කියපු විදියට මට හරියට සන්තෝශ හිතුනා.එයාගෙම ලෙ/යි/න් දරුවෙක් හදන්න බැරි එක ගැන ඔහු හිටියෙ හුඟක් දුකින්.ඒ අඩුව නිසා ඔහු මානසික හුඟක් වැටිලා හිටපු කෙනෙක්. දෙවියො ඔහුට ඒ සතුට ලබලා දීලා.

“ඔය,,ඇත්තමද අයියෙ?…”

“ඔව් නංගි.මං මේක ඔයාට කියන්න හිටියෙ තව ටික දවසක් ගිහිල්ලම.ඒත් අදම කියන්න ඕනි කියලා හිතුනා…”

“ඔයා කොහොමද අයියෙ ඒක දැන ගත්තෙ?අර අනතුරෙන් පස්සෙ ඔයා කිව්වෙ ඔයාට කවදාවත්,,,…”

“ඔව් මැණික.ඩොක්ටර්ලා කිව්වෙ මට කවදාවත් තාත්තා කෙනෙක් වෙන්න බෑ කියලා.මගෙ මෙඩිකල් රිපෝට් වල පවා ඒක තියනවා.ඉතින් මං මගෙ අනාගතේ ගැන හීන දකින එක අතෑරියා.

ඉංග්‍රීසි බෙහෙත් කරලා සනීප කරන්න බැරි වෙච්චි සමහර ලෙඩ්ඩුන්ව මං සිංහල බෙහෙත් කරලා නිට්ටාවටම සනීප කරලා තියනවා.ඔපරේෂන් එකක් නොකර සනීප කරන්න බැහැ කියපු ඔයාවම මං සම්පූර්ණයෙන්ම බෙහෙත් නොකරම ඇවිද්දුවෙ බලන්නකො.

ඉතින් මං මගෙ මෙඩිකල් රිපෝට් ආයෙමත් චෙක් කරලා බලලා හිතුවා සිංහල වෙදකම කරලා බලන්න.ඒකට මං අනුරාධපුරේ පැරණි වෙද මහත්තයෙක් ගාවට කීප සැරයක්ම ගියා.එතුමා කිව්වා මාස හයක් යද්දි හැම දෙයක්ම හරි යාවි කියලා…”

මට හරියට සන්තෝශ හිතුනා ඒකට නම්.අ/ව/%/ත/ක/යෙ/ක් වෙන්න ගිය මගෙ දරු පැටියට තාත්තා කෙනෙක් වෙලා වෙද මහත්තයා කරේ විශාල පිනක්.ඒ පිනේ බල මහිමයෙන් ඔහුට ඔහුගෙම ලෙ/යි/න් දරුවෙක්ව හදන්න හැකියාව උදා වෙලා.

“මට ගොඩක් සන්තෝශයි අයියෙ.අපි හදමු ශෝයි කොලු පැටියෙක්ව…”

“එක පැටියෙක් මදි.පැටව් ගොඩක් හදන්න ඕනි.මේ ගෙදර පිරෙනකල් හදමු.ගේ ඉඩ මදි උනොත් එහා වත්ත සල්ලි වලට අරන් තව තට්ටු තුනේ ගෙයක් හදලා ඒකත් පිරෙන්න බබාලා හදමු…”

“අම්මෝ මෙයාගෙ ප්ලෑන් එක ළමා නිවාසයක් දාන්නද?මගෙ හොඳ පන යයි. ළමයා දැන් කන්ට්‍රෝල් නැති වීගෙනයි එන්නෙ.නීති ටිකක් දාන්න වෙයි…”

“ඇයි බැරිද?…”

“එච්චර බෑ අයියෙ.හතරක් ඇති…”

පහන්දි නහයෙන් අඬන්න ගත්තා.සිහින හිනා වෙලා කෙ/ල්/ල/ව උස්සලා මේසෙ උඩින් තිබ්බා.නහය ර/තු වෙලා ජම්බු ගෙඩියක් වගේ.

“විහිළුවක් කරේ මෝ/ඩි/යෙ.ලොකු දෝණිත් එක්ක හතරක් ඇති.නැත්නම් ඔයාට එපා වෙයි පැටව් ටික ලොකු වෙද්දි ගෙයි හතර වටේට දුවන්න ගියාම…”

“ඇයි ඔයා අනුරාධපුරේ ගිහින් වෙන වෙද මහත්තයෙකුගෙන් බෙහෙත් ගත්තෙ?ඔයාට තිබ්බනෙ ඔයාගෙ බෙහෙත් ගන්න.ඔයත් දක්ෂ වෙද මහත්තයෙක්නෙ…”

“මේකයිනෙ පහන්දි.මට අසනීපයක් හැදුනම මගේ බෙහෙත් අල්ලන්නෑ.සමහර ඩොක්ටර්ලා එහෙමයි.එයාලට අසනීපයක් වුනාම එයාලා බෙහෙත් ගන්න යන්නෙ වෙන ඩොක්ටර්ලා ගාවට.

මං උනත් එහෙමයි.මට උණක් හෙම්බිරිස්සාවක් කැස්සක් හැදුනත් මගේ බෙහෙත් මට හරියන්නෑ.අනික මේ වෙද මහත්තයා මං වගේ නෙවෙයි.මට වඩා දක්ෂ පරණ වෙදෙක්…”

“දෙවියො බලනවා අයියෙ අපි දිහා.අපි කාටවත් වරදක් කරලා නැත්නම් අපි හොඳ නම් දෙවියො උනත් අපිට පිහිට වෙනවා.ඔයා මගෙ දරුවව අ/නා/ථ/යෙ/ක් වෙන්න නොදී ඔයාගෙම ලෙ/යි/න් උපන්න දරුවෙක් කියලා හිතලා එයාට හොඳ අප්පච්චි කෙනෙක් උනා. ඒ පිනෙන් තමයි ඔයාට ආයෙත් අප්පච්චි කෙනෙක් වෙන්න දෙවියො අවස්ථාවක් ලබා දුන්නෙ…”

“ඒක නම් ඇත්ත මැණික.අපේ ලොකු මැණික් කැටේගෙ වාසනාව තමයි.නංගිලා මල්ලිලා ගොඩක් ආවම එයාට සතුටු හිතෙයි…”

〰️

“දෝණි එන්න හබුං කන්න…”

බත් එක බෙදාගෙන කාමරේට ගිහින් බැලුවත් දෝණි පැටියා කාමරේ හිටියෙ නෑ. පණ්ඩිත ආච්චි බත් කන්න වෙනවට කොහෙ හරි හැංගිලා ඇති දැන්.

“දෝණි හැංගිලා ඉන්න තැනකින් එළියට එන්න මැණික හොඳ බබා වගේ හබුං කන්න. අම්මිට තරහා ගියොත් කෝටුවක් අරගෙන පාරක් ඔයා ආවෙ නැත්නම්.කෝ එන්න හොඳ ළමයා වගේ…”

මං බත් පිඟාන අතේ තියාගෙන කොච්චර කෑ ගැහුවත් කෙ/ල්/ල ආවෙ නැහැ.බැරිම තැන මං බත් පිඟාන වහලා මේසෙ උඩින් තියලා ගෙයි හැම තැනකම කෙලි පැටික්කිව හෙව්වා.කෙ/ල්/ල කොහෙවත් හිටියෙ නෑ.

“දෝණී,,,මගෙ මැණික ඔයා කොහෙද සත්තලං?අනේ අම්මිව බය කරන්නැතුව එන්න මගෙ වස්තුවේ…”

මං එහෙම කතා කරද්දි කෙ/ල්/ල මිදුලෙ ඉඳන් ගෙට දුවගෙන ආවා.මට කේන්තිත් එක්ක දැන් නම්.මෙච්චර වෙලා මං හයියෙන් කතා කරලත් මේ හො/ර ක/ප/ටි කෙ/ල්/ල ඇහුන්නෑ වගේ මිදුලට වෙලා හිටියනෙ.

“කොහෙද ගියේ?ඇහුනෙ නැද්ද මං මෙච්චර වෙලා කතා කරනවා?ගුටි දෙන්නෙ ආයෙ එහෙම එක සැරයක් කතා කරනකොට ආවෙ නැත්නම්.නපුරි…”

“මොකද මොකද මේ මයෙ දෝණිට බනින්නෙ?ගුටි දෙන්නෙ මගෙ සත්තලං මැණික් කැටේට බැන්නොත් එහෙම…”

වෙද මහත්තයා කෙ/ල්/ල/ව වඩාගත්තා කෙ/ල්/ල මට දිව දික් කරා.නපුරු කෙ/ල්/ල අප්පච්චි අතට ගියා විතරයි මාව පේන්නෑ.

“අප්පත්තී,,,අම්මි මත නපුලි කිව්වා…”

“අම්මි ඔය බොරුවට කිව්වෙ.මගෙ පැටියා නපුරු නෑ.චෝයි බබෙක් මගෙ බෝනික්කි. ඉස්සෙල්ලා කියන්නකො අම්මි හබුං කන්න කතා කරද්දි ඇයි ආවෙ නැත්තෙ කියලා?කොහෙද ගියේ?…”

වෙද මහත්තයා එහෙම අහද්දි පැටියා දොර දිහාට අත දිගු කරා.අපි ඒ දිහා බලනකොට එක්කම දොර ගාවින් මතු උනේ මං හීනෙකින්වත් නොපතපු රුවක්.

සුදු බේබි,,,,

ඒ කියන්නෙ මගෙ දෝණි මෙච්චර වෙලා සුදු බේබිත් එක්ක කතා කර කර ඉඳලද?මගෙ අහිංසක කෙ/ල්/ල/ට සුදු බේබි මොනවා කිව්වද දන්නෑ.

“දෝණි යන්න මැණික ඔයාගෙ කාමරේට. ගිහින් හබුං කන්න…”

මං බලෙන් වගේ දරුවව කාමරේට යවලා සීතම්මට බලන්න කිව්වා.මට ගොඩක් බය හිතුනා සුදු බේබි ඇවිත් ඉන්නවා දැක්කම. එයා ඇවිත් ඉන්නෙ මගෙ දරුවව මගෙන් උදුර ගන්නද?

“මට සමාවෙන්න පහන්දි.මං ඔයාට ගොඩක් වැරදි කරා…”

තීක්ෂණ සමාව ඉල්ලද්දි පහන්දි පුදුමයෙන් වගේ බලාගෙන හිටියා.පහන්දිට වගේම සිහිනටත් පුදුමයි.දෙන්නම හිතුවෙ තීක්ෂණ ඇවිත් ඉන්නෙ *ල් අයිතිවාසිකම කියලා දරුවව ගෙනියන්න කියලා.ඒත් ඔහුට ඒ ගැන උවමනාවක් නෑ වගේ.

“දැන් ඒ ගැන කතා කරන්න එපා සුදු බේබි. පින් සිද්ද වෙයි සුදු බේබි ඔයා දැන් මෙහෙන් යන්න අපිට අපේ පාඩුවෙ ඉන්න ඉඩ දීලා. බේබිගෙ දෙමව්පියො නිසා මං සෑහෙන කාලයක් දුක් වේදනා වින්දා.තවත් මට දුක් දෙන්න හදන්න එපා.මගෙ දරුවව මගෙන් වෙන් කරන්න හදන්න එපා බේබි…”

“කොහෙත්ම නෑ පහන්දි.දුව මගේ කියන්නවත් මං එයාගෙ අප්පච්චි කියන්නවත් මට දැන් අයිතියක් නෑ.ඒ අයිතිය තියෙන්නෙ සිහිනට.මං ඔයාලට කරදර කරන්න නෙවෙයි ආවෙ.මගෙන් ඔයාට ගොඩක් වැරදි වුනා පහන්දි.ඒ වැරදි වලට මං දැන් දඬුවම් ලබමින් ඉන්නෙ.මට තව වැඩි කාලයක් නෑ.අන්තිම පාරටයි මං ඔය ඇස් දෙක බලලා යන්න ආවෙ…”

එහෙම කියලා සුදු බේබි එයා දාගෙන හිටපු තොප්පිය ගැලෙව්වා.මට මගෙ ඇස් අදහගන්න බැරි වුනා.ප/පු/ව/ට මොකක්දෝ උනා වගේ දැනුනා.ඇස් දෙකට කඳුලු උනන්න වැඩි වෙලාවක් ගියෙ නැහැ.

සුදු බේබිගෙ හිසේ එක කෙස් ගහක්වත් නෑ. මුළු ඔලුවෙම තට්ටෙ පෑදිලා.මට හිතා ගන්න බැරි වුනා සුදු බේබිට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා.

“තීක්ෂණ උ/$/ට මොකද මේ උනේ?අනේ මචං කි/ය/ප/න් ඇයි මේ?…”

වෙද මහත්තයා සුදු බේබිගෙ අත් දෙකෙන්ම අල්ලගෙන ඇහුවා.සුදු බේබිගෙ ඇස් තෙමිලා ගිහින්.එයා ගොඩක් දුක් විඳලා තියන පාටයි.

“මට කැ/න්/ස/ර් එකක් සිහින.තව ටික කාලයයි මට තියෙන්නෙ.මැ/%/න්/න කලින් මට දරුවගෙයි,පහන්දිගෙයි මූණ දකින්න ආස හිතුනා.ඒකයි අසනීප තත්වෙ ගැන නොහිතා මෙච්චර දුරක් ආවෙ…”

මතු සම්බන්දයි.