Home Story Book නිමක් නැති ආදරේ නිමක් නැති ආදරේ – 51 කොටස

නිමක් නැති ආදරේ – 51 කොටස

0
135

නිමක් නැති ආදරේ

අවසන් කොටස.(එපිසෝඩ් 50 )

2 කොටස

“ඔයා කොහොමද ගල් හිතක් තියෙන මනුස්සයෙක් වගේ ඔහොම ඉන්නේ….??😡😡ඒ ඔයාගේ අම්මා….ගාණක් වත් නෑ වගේ ඉන්නේ…වේදනාවක් දුකක් නැද්ද ඔයාට…අඩුම එක වචනයක් හරි කියන්න බැරිද…..”

මගේ අත උඩ තිබුන එයාගේ අත ගසා දාපු මං තරහෙන්ම කිව්වේ අම්මගේ මරණෙන් පස්සෙ එයාගේ ඇස් වල එක කඳුලු බිංඳුවක් මං නොදැක්ක නිසා..

මගේ මූණ දිහාම බලාගෙන හිටපු එයාගේ මූනේ ඉරියව් වෙනස් වුනේ මං බලන් ඉද්දි…දෙයියනෙ ඒ ඇස් මට රැව්වා…ඔව් එයා රවාගෙන මගේ දිහා බලද්දි ඇත්තමයි මං ටිකක් බයවුනා…

“ඔව් ඒ මගේ අම්මා…”

එයා කිව්වේ ටිකක් සද්දෙන්…බයටම මං කට වහන් ඇස් බෝල කරන් එයා දිහා බැලුවෙත් බයෙන් වගේ…

“ඔයා එයාට ආදරේ කරනවට වඩා දස දහස් ගුනයක් වැඩියෙන් මං මගේ අම්මට ආදරෙයි තාරු..මොකද ඒ මගේ අම්මා..ඔයාට කවදාවත් බෑ ඒ ආදරේ තරම හිතාගන්න ….

ඔයා දන් නෑ මං මගේ අම්මගේ උනුහුම හොයන තරන්…ඒ උනුහුම නැතුව දවස් ගානක් මං ජීවත් උනා….ඒ කොහොමද කියලවත් දන්නවද…

එයා කියද්දි මං ඒ ඇස් වල කඳුලු දැක්කා..මෙච්චර දවසක් හංඟන් හිටපු කඳුලු ඒ ඇස් අගින් ගලන්න පටන්ගත්තා..

මං වෙනුවෙන්.. මගේ කියලා.. මට හිටපු එකම කෙනා මගෙ අම්මා විතරයි…දැන් කවුද ඉන්නෙ මට…? එකම එක්කෙනෙක් පුලුවන් නම් කියන්න මගේ කියල ඉන්නවද කියලා..?

නෑ තාරු…කවුරුවත් නෑ…මට කියල කවුරුවත් නෑ…මට දැන් ඉන්නේ මං විතරමයි…

ඔයා දන් නෑ මං විඳවන තරම්…ඔය කවුරුවත් දන් නෑ…කවදාවත්.. කාටවත් මං මගේ හැඟීම් පෙන්නුවේ නෑ…..මට එහෙම ඕනිත් නෑ…ඊට වඩා මට තනියම විඳවන එක පුරුදුයි….

තව ටික දවසකින් ඔයත් යයි..”අයියේ අවුරුද්ද දැන් ඉවරයි.මං යන්නම්…”

කමක් නෑ තාරු …කමක් නෑ…මං ඉක්මන්ට ඩිවෝස් පේපර්ස් ටික රෙඩි කරන්නම්…කරුණාකරල ඔයත් මගෙන් ඈතට යන්න…”

ලොකු ආවේගෙකින් කතා කරපු සදෙව් අන්තිමට මට යන්න කිව්වේ එයාගෙ අත් දෙක එකතු කරල වැඳලා…දුකයි වේදනාවයි නිසාම අතින් කට වහගත්ත මං ඒ ඇස් දිහා බලන් හිටියේ…අනේ ඇයි එයා මට රවන්නේ…

“ආයේ කවදාවත් මේ සදෙව් උන්නද මලාද කියලවත් හොයන්න එපා….පිංසිද්ධ වෙයි..”

එහෙම කිව්ව සදෙව් ඉක්මන් පියවරින් කාමරේට ගියා..වොශ් රූම් එකේ දොර ඇරපු එයා සද්දෙට ඒ දොර වහල දැම්මේ මට ගහන්න බැරි කමටද කොහෙද…

එයාට තරහ යන එක සාදාරණයි…මෝඩියක් වගේ මං කතා කලේ…දෙයියනේ ඇයි මං එහෙම කිව්වේ…තරහටම මං මගේ කොන්ඩේ අත් වලින් ඇද්දා..

“අනේ සදෙව් මට සමාවෙන්න…මං එච්චර හිතලා කිව්ව දේවල් නෙමේ ඒ….🥺🥺

අනේ ඇයි ඔයා මට එහෙම කතා කලේ…මං ඩිවෝස් එක ගන් නෑ කියල ඉද්දි ඔයාම මට යන්න කියනවා..🥺

පැය එකහමාරක් විතර ගෙවිලා ගියා ඒත් එයා තාමත් වොශ් රූම් එකේ…

වොශ් රූම් එකේ දොරට කන තියපු මට ශවර් එකේ සද්දෙ ඇහුනා…එයා මෙච්චර වෙලා නානවද ..ලෙඩක් හදාගන්නද යන්නෙ අප්පා🥺

“අයියේ…”

හෙමින් දොරට තට්ටු කරපු මං බයෙන් වගේ කතා කලේ…ඒත් ශවර් එකේ සද්දෙ ඇරෙන්න වෙන කිසි සද්දය ඇතුලෙන් ඇහුනෙ නෑ…මට ගොඩක් බය හිතුනා🥺🥺

“අනේ අයියේ දොර අරින්නකෝ…පැය දෙක්කටත් කිට්ටුයි..අනේ මට බයයි…දොර අරින්නකෝ…”

මං කතා කරද්දි ආයෙත් හැඬුම් ආවා…

“අනේ අයියේ මට සමාව දෙන්නකෝ….මං මගේ වැරැද්ද පිලිගන්නම්…අනේ මාව බය කරන්න එපා දැන් එන්නකෝ…”

වොශ් රූම් එකේ දොරට හේත්තු වුන මං දොර දිගේ රූට්ටගෙන ඇවිත් බිම වාඩි වුනේ…එහෙම්ම බිමට වෙලා මං අඬන්න ගත්තා..

ටිකකින් දොරේ ලොක් එක අරින හඬ ඇහෙද්දි මං ඉක්මන්ට නැගිට්ටා…

එයා නාලා..ටවල් එක විතරයි ඇඳන් හිටියේ…එයාගේ කොණ්ඩෙන් වතුර බේරි බේරි බිමට වැටෙනවා..මුලු ඇඟේමත් වතුර බිංඳු… එයාගේ ඇස් මට නොපෙනෙන්න වගේ නලලත් ඇසුත් වැහෙන්න අත තියන් හිටියෝ…

“එලියට යන්න..මට ඇඳුමක් දාගන්න…”

අම්මෝ එයාගේ සැර.🥺

මං පස්ස හැරි හැරි එයා දිහා බල බලම කාමරෙන් එලියට ගියා..මං ගියාට පස්සෙ රූම් එකේ දොර වහල දැම්මා සද්දෙන්…

රූම් එක ලඟම බිම වාඩිවෙලා එයා දොර අරිනකම් මං බලාගෙන හිටියේ…

දන්නෙම නැතුව මට නින්දත් ගිහින් මං ඇහුරුනේ එයා දොර අරින සද්දෙට…

සුදු පාට ටී ශර්ට් එකක් ඇඳලා ඊට උඩින් කලු පාට ජැකට් එකක් දාලා හිටපු එයා නිල් පාට ඩෙනිම් කලිසමක් ඇඳන් හිටියේ..

මං පුදුමෙන් වගේ එයාගේ උඩ ඉඳන් යටට බැලුවේ…

“කොහෙද ඔයා යන්නේ මේ රෑ…” මං බයෙන් වගේ කතා කලේ🥺

“රෑ..? දැන් උදේ හයටත් ලඟයි..”

එහෙම කියපු එයා මට පිටු පාලා පහලට බැහැගෙන ගියා..මං රැයක්ම මෙතන බිමද හිටියේ..මං කල්පනා කලේ ඔලුවත් කස කස

අනේ ඇයි එයා එච්චර නපුරු වෙලා…අනේ මගෙ හිත ගොඩක් රිදෙනවා එයා එහෙම හැසිරෙද්දි…

ඔව්..එයා එදා කිව්ව දේ ඇත්තක් ඒ කියන්නේ…එයාට එපාම උනොත් සදහටම අතෑරලා දානවා කිව්වා..

ඒ කියන්නේ මාව දැන් එයාට එපා වෙලාද ඉන්නෙ..?🥺අනේ බොරු…එහෙම නෑ නේද…🥺💔

මං ඉක්මනින් පඩි පෙල බැහැගෙන ගියේ එයාගෙ කකුල් දෙක අල්ලල වැඳලා හරි සමාව ගන්න හිතාගෙන🥺…ඒත් මං යද්දිම හෙල්මට් එක දාන් බයික් එක ස්ටාට් කරපු සදෙව් වේගෙන් යන්න ගියා…

“අනේ මේ ඉන්නෙ සදෙව් නෙමේ🥺🥺…කවුද මේ නපුරු කොල්ලා…🥺එයා බයික් එකක් පදිනවා මං මේ දැක්කමයි…🥺

අනේ මං මොනවද දෙයියනේ කලේ…මං එයාට මොනවද කලේ ඒ…🥺එයා වෙනස් වුනේ මං නිසා..මං එයාව එච්චරටම රිද්දලාද ඒ කියන්නේ..🥺

ගේ ඇතුලට ආපු මම එදා දවසම කලේ කල්පනා කරපු එක.කෑවෙවත් බිව්වෙවත් නෑ..ඔහේ බිම ඉඳගෙන මං කල්පනා කලා..

දේව් නැති වුනාට පස්සෙ මාත් මේ විදියට හැසිරෙන්න ඇති…සදෙව්ටත් මං කොච්චර නපුරුකම් කලාද..එයාටත් අද මට වගේම රිදෙන්න ඇති..🥺

ඉස්සර දේව් කියන්නෙම මං අහිංසකයි කියලා…මං නපුරු උනේ මං දුක් වින්ඳ නිසා.සදෙව්…නෑ එයා නපුරු නෑ…එයාත් අහිංසක කෙනෙක්..එයා නපුරු උනේත් එයාගෙ හිත ගොඩක් රිදුන නිසා…

මට පුලුවන් වෙයිද ආයෙත් එයාගෙ හිත හදන්න..🥺ඔව් මට පුලුවන්…එයා හිතන්නෙ එයා මේ ලෝකේ තනිවුනා කියල.ඒත්….මං මෙහෙ ඉද්දි එයා තනිවෙන්නෙ කොහොමද….

දේව්….🥺❤මගෙ රත්තරං….ඔයා දන්නව නේද මේ පැංචි ගැන හොඳින්ම…එදා ඔයා කිව්වේ කෙනෙක්ගෙ ජිවිතයක් වෙනුවෙන් තීර්නයක් ගන්න වුනොත් දෙපාරක් හිතන් නැතුව ඒ තීරනේ ගන්න.මං ගන්න තීර්නේ මොකක් උනත් ඔයා මාත් එක්ක ඉන්නවා.. කියල.අනේ රත්තරං….🥺❤දැනුයි මට ඒ කතාව හරියටම තේරුනේ..ඔයා හරි පුදුම කොල්ලෙක් දේව්…මං ප්‍රාර්ථනා කරනවා එන එන හැම ආත්මෙ ම ඔයා මගේ වෙන්න ඕනි🥺❤…ඒත් මේ ආත්මෙදි සදෙව්ගෙ වෙන්න කියල ඔයා මට නොකියම කිව්වද මහත්තයෝ…🥺❤

ඒත් එක්කම ඉස්සරහ බයික් එකක් නවත්තපු හඬක් ඇහුන නිසා මං කලබලෙන් ඉඳන් හිටිය තැනින් නැගිට්ටා…

සදෙව් දොර ඇරගෙන ඇතුලට ආවේ එතකොට…මගේ ලඟට ආපු එයා ස්ටූල් එක උඩට ෆයිල් එකක් විසි කරමින් කතා කලේ..

“මේ තියෙන්නේ..අපි මුනගැහුනට පස්සෙ ඔයා මගෙන් ඉස් ඉස්සෙලාම ඉල්ලපු දේ…

අපේ ඩිවෝස් පේපර්ස්..මං සයින් කරලා තියෙන්නෙ.අද සෙප්ටෙම්බර් 29 .මැරේජ් එකට හරියටම අවුරුද්දයි.ඔන්න මං ඔයා ඉල්ලපු දේ ගෙනත් දුන්නා..ඇග්‍රිමන්ට් එක අදින් පස්සෙ කැන්සල්.”

එහෙම කියපු එයා කෙලින්ම ගියේ අම්මගෙ රූම් එකට..

ඩිවෝස් පේපර්ස් දිහා තප්පර කීපයක් බලන් හිටපු මං ඉක්බිඳින්න ගත්තේ එයා කිව්ව වචන මගේ කන් පුරා දෝංකාර දෙද්දි….

ඒ ෆයිල් එක අතට ගත්තු මං දිව්වේ සදෙව්ගෙ රූම් එකට…වේගෙන් මගේ අල්මාරිය ඇරලා අපේ ඇග්‍රිමන්ට් ෆයිල් එක ගත්තු මං දොර වහන්න යද්දිම මට දෙයක් මතක් වුනා….රෙදි අවුස්සමින් ඒ දේත් හොයාගත්තු මං වේගෙන් පඩි පෙල බැහැල ගියේ අම්මගේ රූම් එකට…

මං යද්දි එයා වොශ් රූම් එකේ.. එයා එලියට එනකම්ම මං ඇඳේ වාඩිවෙලා හිටියා…

ඊයේ වගේම එයා එලියට ආවේ ටවල් එක පිටින්…කොන්ඩෙන් වතුර බේරෙනවා…ලෙඩක් හදාගන්නද දන් නෑ හදන්නේ..

“මං කේන්තියෙන්ම ඒ මූන දිහා බලන් හිටියේ…”

“ප්ලීස් එලියට යනවද මට ඇඳුමක් දාගන්න…”

එයා කියද්දි,

“බෑ යන්නෙ නෑ…”

එහෙම කියපු මං රැක් එකේ තිබ්බ අනිත් ටවල් එක අරන් එයා ලඟට ගියේ…

“පොඩි එකා වගේ ඇඟ පුරාම වතුර බේරි බේරි..හිතන් ඉන්නෙ නම් මහ ලොකු පණ්ඩිතයා කියලා…”

මං එයාට බැන බැනම එයාගෙ පිටේත් කොණ්ඩෙත් වතුර පිහ දැම්මේ….

“තාරු ප්ලීස් ඕක නවත්තන්න…”

එයා මාව එහාට තල්ලු කරලා කියද්දි මට ගොඩක් දුක හිතුනා…

මං එයාගේ මූන දිහා බලන්ම අඬන්න ගත්තේ ඒ වේදනාවට…එයා මගේ ඇස් මගාරින්න වගේ අහක බලාගත්තේ..

“මට ඔයා එක්ක කතා කරන්න ඕන..”මං කිව්වෙ හැඬුම් අතරින්..

“හරි..මං ඇඳුමක් දාන් එන්නම්..”

“බෑ…එතකොට ඔයා දොර අරින් නෑ🥺🥺…ඊයේ වගේ ඉඳී…”

“දොර අරින්නම්..යන්නකො..” ඒ පාර එයා ටිකක් හොඳින් කිව්වම මං හෙමින් හෙමින් එලියට ගියේ..එයා දොර වැහුවට පස්සෙ මං දොරට ගගහා කෑ ගහන්න ගත්තා..

“හැබැයි දොර ඇරියෙ නැත්තම් මං යන්නම යනවා හරිද.ඔයාට ආයෙ මාව කවදාවත් හොයාගන්න වෙන් නෑ…මං අපේ ගෙදර යන් නෑ…මං ඔහෙ කොහෙ හරි යනවා..ඊටපස්සේ පාර මැද්දේ වැටිලා ඉදී..වාහනයක් ඇවිත් හප්පන් යන්නෙ නැතෑ…ඊටපස්සෙ මාත් යනවා දේව් යි අම්මයි ඉන්න තැනට…”

මං අන්තිම ටික කියද්දිම දොර ඇරපු එයා මාව ඇදලා වගේ කාමරෙ ඇතුල්ට ගත්තා…

“කොහෙද යනවා කියන්නේ..”

මාව දොරට හේත්තු කරපු එයා මගේ මූනට එබිලා සැරෙන් ඇහුවේ…

එයාගෙ ඇස් මග අරින්න අහක බලපු මං,

“ඉතින් ඔයා නපුරු වෙලානේ…මගෙ සදෙව්ට එන්න කියන්න…”

“මගෙ සදෙව්?ඇයි නම් දෙක පැටලුනාද…සදෙව් නෙමෙ මගෙ දේව්…”

“ච්ඃ…ඔයාට ඒවා වැඩක් නෑනේ..ඔයා සදෙව් නෙමේනේ..කොහෙද ඉන්න නපුරෙක්…”

මං කියද්දි මගේ ඇස් තෙත් උනේ ඊයේ එයා හැසිරුන විදිය මතක් වෙලා..

මගේ ඇස් අග කඳුල බිංඳුව පිහදාපු සඳෙව්,

“මං නපුරු නෑ…..”

“නැත්තේ නෑ…තාරු තාරු ගගා කතා කරෙත්…”

“ඉතින් ඒ ඔයාගේ නම නේ..”

“ඒත් ඔයා මට කතා කරන්නෙ එහෙම නෙමේනේ..”

“එහෙනම් වෙන කොහොමද…”

“මැනික කියල.” එහෙම කිව්ව මං ඇස් කොනෙන් එයා දිහා බැලුවේ..

එතකොට එයාගේ මූනට ලා හිනාවක් අවා..

“කොහෙද ඔය හිනාව ඊයේ හංඟන් හිටියේ…නපුරු දේව්..”

“දේව්..? කිව්ව නේද පටලගන්න එපා කියල.”

“පටලගත්තේ නෑ….අර ලියල තියෙන්නෙ.ඒ දේව්ට කිව්වෙ මං…” මං පෙන්නුවේ අම්මා ලේ වලින් ලියපු අකුරු…

“මට ?..”

“නැතුව ඉතින්..”

මං අමනාපෙන්ම අහක බලාගත්තා..මොහොතක් නිහඬව හිටපු එයා,

“මැනික..”

එයා එහෙම කියද්දි මං බැලුවේ ඒ ඇස් දිහා…

“තව එකපාරක් එහෙම කියන්න..” එයා හෙමින් මිමිනුවේ මගේ ඇස් දිහා බලාගෙන..

“ඇයි දේව්….” මං කිව්වේ ඒ ඇස් දිහා බලාගෙනමයි…

මගෙ ඇස් දිහා මොහොතක් බලන් හිටිය සදෙව්ගෙ ඇස් බොඳ වුනේ මං බලාගෙන ඉද්දි…එහෙම්ම මගේ පපුවට හිස තියාගත්තු එයා හෙමින් හෙමින් අඬනවා මට දැනුනා…

“මං ඔයාට ආදරේ කරන්න පටන් අරන් සදෙව්..මට ඔයාව ගොඩක් දැනෙනවා…”

මගේ හිත එහෙම මුමුනද්දි මට වාරු වෙලා අඬන එයාව මං තව ටිකක් තුරුල් කරගත්තා..ඒත් මං එයා අඬන එක නතර කරන්න උත්සහ කලේ නෑ…මට මතක් වුනා දේව් ව…මං අඬද්දි එයා මාව නැවැත්තුවෙ නෑ…ඒ වේදනාව කඳුලින් පිට නොකලොත් මං මැරෙයි කියල දේව් බය වුනා…මටත් දැන් එහෙම බයයි…ඒ නිසා සදෙව්ට ඇති වෙනකම් මගේ තුරුලේ අඬන්න දිලා මං එයාව හයියෙන් තුරුල් කරන් හිටියේ…

අන්තිමට එයා ඔලුව ඉස්සුවේ ඇස් වල කඳුලු අතින් පිහදමින්..

“මට සමාවෙන්න මැනික….ඊයෙ වුන දේවල් වලට…”එයා කියද්දි එයාට බොරුවට රවපු මං ගස්සගෙන වගේ ඇඳ ගාවට ගියා..

ඩිවෝස් පේපර්ස් අතට ගත්තු මං,

“ආහ්..මං මේවා සයින් කරා…” ඒ ෆයිල් එක එයාගෙ අතින් තියමින් මං කිව්වෙ.

“ආහ් එතකොට මේ ඇග්‍රිමන්ට් එක.ඒකත් කැන්සල්”

එහෙම කියපු මං එයා ඉස්සරහ ඇග්‍රිමන්ට් එක කෑලි වලට ඉරලා දැම්මා..

“ඔයා මාව දාලා යන්න ද හදන්නේ…?” එයා ඇහුවේ අසරණ විදියට..

“ඔව්.ඊයේ කිව්වෙ මට යන්න කියල.ඉතින් මං යනවා.” එහෙම කියපු මං කාමරේ දොර අරින්න හදනකොටම මගේ අතින් අල්ලගත්තු එයා,

“යන්න එපා තාරු….” එයා කිව්වත් මං එයා දිහා බැලුවෙ නෑ..

“ඔයා ගියොත් මං ඇත්තටම මැරෙනවා…සුවිසයිඩ් කරන් මං මැරෙනවා…”

එකපාර එයාගෙ කට මගෙ අතින් වහල දාපු මං,

“පිංසිද්ධ වෙයි ඔය මැරෙන කතා දැන් ඇති…ආයේ කවදාවත් කියන්න එපා ඔය නපුරු කතා…”

එහෙම කියපු මං එයාගේ අතේ තිබුන ෆයිල් එක ඇදල අරන් ඒක දෙකට තුනට ඉරල ඉරල විසිකරල දැම්මා…
ඊටපස්සෙ එයාගේ පපුවට තුරුලු උනු මං,

“ඔයාට මැරෙන්න දෙන් නෑ මං… එකපාරක් මට මගේ ආදරේ රැකගන්න බැරි උනා….ඒත් මේ පාර එහෙම වෙන්න ඉඩ දෙන් නෑ….ඔයා ජීවත් වෙන්න..මගේ ආයුශත් අරන් ජීවත්වෙන්න…”

එයාගේ උනුහුමේ ගුලිවෙලා මං අඬ අඬ කියද්දි මාව හයියෙන්ම තුරුල් කරගත්ත සදෙව් මගේ හිස ආදරෙන් සිප ගත්තා…

මොහොතක් අපි එහෙම්ම අපේ උනුහුමේ හිටියා…ඊටපස්සෙ හෙමින් මගේ ඔලුව උස්සපු එයා මගෙ ඇස් දිහා බලන් කතා කලේ…

“එකසැරයක් මට ඇහෙන්න ඒක කියන්න මැනික…”

“මොකද්ද…” මං ඇහුවේ එයාගෙ ඇස් දිහා බලාගෙන..

“අර අර දේ….”

“මොකද්ද අර අර දේ..?” මං හුරතලෙන් ඇහුවේ

“අනේ මැනික ප්ලීස්…” එයා ආයෙත් කියද්දි..,

මගේ එක අතක ගුලි කරන් හිටපු ඒ දේ මං උඩට ගත්තා…සදෙව්ගේ දකුනු අත මගේ අතට ගත්තු මං එයාගේ වෙද ඇඟිල්ලට ඒ රත්තරං මුද්ද දැම්මා…,

“මං ඔයාට ආදරෙයි සදෙව්…ගොඩාක් ආදරෙයි….ඒක කියාගන්න මට තේරෙන් නෑ…ඒ නිසා මේ මුද්ද දැම්මේ…”

අනේ එයාට ගොඩක් සතුටු හිතෙන්න ඇති මාව පුදුම තරන් හයියෙන් තුරුලු කරන් මාව සිපගන්න පටන් ගත්තා…..දේව්ගේ උනුහුම මට සදෙව්ගෙන් දැනෙද්දි ඒ උනුහුමේ ගුලි වෙලා ඒ මිහිර විඳගත්තේ…

ඊට පස්සෙ මාව හරහට වඩා ගත්තු සදෙව් මාව ඇඳ උඩින් තිබ්බෙ පුංචි මලක් වගේ පරිස්සමට…

මගේ කම්මුලට ඇඟිල්ල තියපු එයා,

මේ කම්මුල් මගේ, ඊලඟ මගේ නහයට ඇඟිල්ල තියමින්, මේ නෝස් එකත් මගේ..,එතකොට මේ ඇස් ඒවත් මගේ.. මේ තොල්.. එයා එහෙම කියමින් මගේ තොල් උඩින් ඇඟිල්ල තියද්දි මං ඉක්මන්ට ඒ ඇඟිල්ල හැපුවා..

“ආව්ව්….” එයා අත ගසමින් අහකට ගද්දි එයාට දිව දාපු මං හිනාවුනේ …

ආයෙත් මගේ මූන ආදරෙන් අතගාපු සදෙව්,

“මැනික ඔයා මේ තීර්නේ ගත්තේ හොඳට හිතලද…”

“හ්ම්ම්…ඔව්…”

“දවසක ඔයා පසුතැවෙයිද ….”

“නෑ රත්තරං කවදාවත් එහෙම වෙන් නෑ…මං මේ තිර්ණේ ගත්තෙ මං ඔයාට ඇත්තටම ආදරේ කරන නිසා..”

මං එහෙම කියද්දි ලස්සනට හිනාවෙලා මං දිහා බලන් හිටිය එයා හෙමින් හෙමින් මගේ තොල් වලට එබුනේ…

ගොඩාක් සියුමැලිව මගේ දෙතොල් අල්ලගත්තු එයා හෙමින් හෙමින් මගේ තොල් පෙති ඉරුවේ මගේ ඇස් දිහා ම බලාගෙන…මාත් එයාගෙ ඇස් දිහා බලාගෙන හිටියේ ආදරෙන්…

මගේ තොල් ලිහිල් කරපු එයා මගේ ඇස් දිහා බලාගෙන කතා කලේ…

“මැනික මං..”

එයා කියන්න ගිය දේ නොකියම ගිල ගත්තා..

“කියන්නකො මොකද්ද කියන්න ගියේ…”

මුකුත් නෑ කියන්න වගේ එයා හිස දෙපැත්තට වැනුවේ…

“අනේ මහත්තයෝ කියන්නකො ඉතින්…” මං එයාගේ ටී ශර්ට් එකේ එල්ලිලා කිව්වේ…

“මං…මම කෙල්ලෙක් මගේ ඇස් මානේ තියාගෙන අවුරුද්දක්ම ඉවසුවා..මගේ අතින් ඔයාට වැරැද්දක් උනාද මැනික…”

නෑ..එයා කවදාවත් මට එහෙම කලේ නෑ..අනික එදා ඒ දේ වුනෙත් මගේ කැමැත්තට..

“ඔයා කවදාවත් මට කරදර නෑ…”

මං එයාගෙ කම්මුලක් පිරිමදිමින් කිව්වේ…

“මං කවදාවත් ඔයාට කරදර කරන්න කැමති උනේ නෑ මැනික..ඔයා කැමැත්තෙන් මගේ ලඟට ආවොත්…” ආයෙත් එයා කියන්න ගියපු දෙයක් ගිල ගත්තා..

“ඔව්…මං කැමැත්තෙන් ඔයා ලඟට ආවොත්..?ඊටපස්සේ…”මං කියද්දි මගේ නහයට තට්ටුවක් දාපු එයා වල් හිනාවක් දැම්මා..

“අපෝ….”

“මැනික ප්ලීස්…පිරිමියෙක් වෙලත් මං මෙච්චර කාලයක් ඉවසුවානේ….ඒත් ඔයා කැමතිනම් නැත්තම්…”

“අකැමති වෙන්න හේතුවක් නෑ අයියේ..මං ආදරෙයි මගෙ සදෙව්ට…”

මං කිව්වේ ඔලුව උස්සලා එයාගේ නලල සිප ගනිමින්…

හරි ලස්සනට හිනාවුන එයා,
“තව එකක්…”

එයා කියද්දි එයාගේ කම්මුල් දෙකම සිපගත්තු මං නහය උඩිනුත් හදුවක් තිව්වා…

එයාට හිනා…එයා ගොඩක් සතුටින් හිටියේ..මටත් සතුටුයි එයා හිනාවෙලා සතුටින් ඉද්දි…

ඊටපස්සේ එයා බොහොම පරිස්සමට මාව සිපගන්න පටන්ගත්තා..මට ගොඩක් ආදරණීය හැඟීමක් එයා ගැන දැනුනා…ටිකෙන් ටික හෝරා ගෙවිලා යද්දි මං පලවෙනිවතාවට කෙනෙක්ගේ උනා…ජීවිතේ පලවෙනි වතාවට මං ඒ හැඟීම් වින්ඳේ….

ඒ හැමදේම ඒ විදියට උනේ දේව්ගේ අපරිමිත පරිත්‍යාගය නිසා කියල මට කවදාවත් අමතක වෙන් නෑ…එයා මගෙ ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනල්ලා යන්න ගියා…එයා නිසා සදෙව් අද සතුටින් ජීවත් වෙනවා…

දේව් මගේ පිරිසිදුකම ආරක්ශා කල නිසා අද මං සදෙව් ලඟ ඉන්නේ…ආදරේ නාමයෙන් දේව් කල කැපකිරීම් මගේ පුංචි හදවතේ හැමදාමත් පරිස්සමට තියේවි…සැබෑ ආදරයේ නියම ප්‍රතිරූපය මගේ වීර දේව්…ඒක සදෙව්ත් මාත් හැමදාම පිලිගන්න ඇත්තම ඇත්තක්..❤❤❤

සදෙව් මගේ පපුවේ හිස හොවාගෙන හිටියේ…මං එයාගෙ හිස අතගාමින් කල්පනා කලා..

එකපාර මං ලාවට වගේ දැක්කා ඒ රූපය…කලුවර නිසා මගේ ඇස් මායාවක්දෝ සිතමින් මං මගේ ඇස් පොඩිකරමින් ආයෙත් බැලුවේ…

“දේව්…” මං දැක්කේ එයාව…එයාගේ ආමි ඇදුම වෙනුවට සුදු පාට ඇඳුමක් ඇඳන් එයා හිටියේ…

මං දේව් කිව්ව පාර සදෙව්ත් ඔලුව උස්සලා බැලුවා..

එයත් පුදුමෙන් වගේ ඒ දිහා බැලුවේ…ඒ කියන්නෙ එයාටත් මං මේ දකින දේ පේනවා..

අපි දෙන්නා දිහා බලන් උන්නු දේව් හරි ලස්සනට හිනා වුනා…ඒත් එක්කම පුංචි දිලිසෙන දුහුවිලි පොදක් වගේ උනු ඒ රුව පාවෙලා වගේ ආවේ මගේ කුස ලඟට…මං දැක්කේ ඒ දිලිසෙන දුහුවිල්ල මගේ කුසට ඇතුල් වුනා වගේ…ඒත් එකකම මගේ කුසෙන් පුංචි වේදනාවක් දැනුන නිසා මං මගේ කුස අතගෑවේ පරිස්සමෙන්…

සදෙව්ගෙ මූන දිහා බලපු මං එයාගේ පුංචි ඇස් සතුටින් දිලිසෙන හැටි දැක්කා..සතුටට ම මගේ ඇස් වලත් කඳුලු ඇවිත්….

ඒත් එක්කම මාව තුරුල් කරගත් සදෙව් හෙමින් මගේ කුසට එබෙමින් මගේ කුස පරිස්සමට සිපගත්තේ…කොල්ලෙක්ගේ ජීවිතේ ලස්සනම හීනයක් හැබෑවෙන්න යන බව ඉවෙන් වගේ එයාට දැනිලද කොහෙද…

නිමි.

කතාව ඉවරයි ලමයි.කතාව පුරා රැඳී සිටි හැමෝටම ආදරෙයි❤❤කතාව ගැන පුංචි අදහසක් ලියන් යන්න..ආසයි ඔයාලගෙ අදහස් දැනගන්න❤😍

මං තුහිනි
Thuhini Sayar