37 Episode

ගොඩේ පතිනි

“මට තව එක දෙයක් ඔයාට කියන්න තියනවා නංගි.මේ දේ නොකිව්වොත් ඔයා මාව නිකරුනේ සැක කරයි කියලා මට හිතෙනවා.ඒ නිසා කියන්නම ඕනි…”

“කියන්න අයියෙ ඕනම දෙයක්…”

“තීක්ෂණට ඔයාව මුණ ගැහෙන්න එපා කියලා මං උදේ හවා දෙවියන්ගෙන් බුදුන්ගෙන් ඉල්ලුවා විතරයි නංගි.ඊට එහා කිසිම දෙයක් මං කරේ නෑ.නැත්නම් ඔයා මාව සැක කරයි ඔයාව තීක්ෂණගෙන් වෙන් කරේ මං කියලා.එහෙම වෙන් කරලා බලෙන් කෙනෙක්ව ළඟ තියා ගන්න මට ඕන්නෑ නංගි.මං එච්චර ප/හ/ත් තත්වෙකට වැටිලා නෑ…”

“මං ඒක දන්නවා අයියෙ.ඔයා එහෙම න/ර/ක කෙනෙක් නෙවෙයි කියලා.දැන් අපි ඔය කතාව නවත්තමු.තව දුරටත් අතීතෙ ගැන කතා කරලා අපේ හිත් රිදෙන එක විතරයි වෙන්නෙ…”

“දැනුයි මගෙ හිතට සැහැල්ලුවක් දැනුනෙ.මං බයෙන් උන්නෙ ඔයා මාව දාලා යයි කියලා…”

පහන්දි සිහිනගෙ කනෙන් ඇදලා අල්ල ගත්තා.

“මෝ/ඩ/යො දෙන්නෙ දෙකක් කන පැලෙන්න. මං එහෙම දාලා යනවද මේ වගේ රත්තරං මනුස්සයෙක්ව.හැමෝටම මේ වගේ හස්බන්ඩ්ලා හැමෝටම ලැබෙන්නෑ.ඒකට පිං කරන්න ඕනි.ආයෙ ඔහොම කතා කියනවද?…”

“ආව්,,,ආව්,,අනේ නංගි කන අතාරින්න. රිදෙනවා ආයෙ එහෙම කියන්නෑ…”

“ආයෙ කිව්වොත් කන පලනවා…”

සිහින කන අත ගගා රවලා පහන්දි දිහා බැලුවෙ.කෙ/ල්/ල/ට හිනා කො/ල්/ල/ගෙ නපුරු මූණ දැක්කම.

“අයියේ,,,ලොවි කඩලා දෙන්නකො…”

“මට බෑ…”

“අනේ…”

“මට බෑ…”

“අනේ…”

“මට බෑ…”

“එ/ළු/වා…”

“එ/ළු/ච්/චි…”

“අනේ අයියෙ ලොවි ගෙඩි ටිකක් කඩලා දෙන්නකො අප්පා…”

“බෑ…”

“බෑනෙ ආ එහෙනම්…”

පහන්දි සිහිනගෙ සරමෙන් ඇද්දා.සිහින සරම බිම වැටෙන්න නොදී අල්ල ගත්තෙ නූලෙන්.

“ත/මු/සෙ දැන් හරියට ව/ල් වෙලා.කොයි වෙලේත් අහු වෙන්නෙ මගෙ සරමමයි. ලැජ්ජාවක් නෑනෙ…”

“ලැජ්ජ වෙන්නෙ මොකටද හලෝ.ඔයා මගෙ හබීනෙ.හොඳ ළමයා වගේ ගහට නැගලා ලොවි ටිකක් කඩලා දෙන්න.මට අච්චාරුවක් දාන්න…”

“ඉන්නවා එහෙනම් මං ශෝටක් දාගෙන එන්නම්…”

“ශෝටක් ඕන්නෑ අනේ.ඔය සරම දෙකට නවලා ඇඳගෙන ගහට නගින්න…”

“මාව උඩට නග්ගලා මෙයා යට ඉඳන් බලන් ඉන්න වෙන්නැති…”

“අනේ මේ එච්චර මහන්සි වෙන්න ඕන්නෑ ඔය මඟුල බලන්න.මගෙන් ගුටි නොකා ගහට නැගලා ලොවි ටිකක් කඩලා දෙනවා එදා වගේ…”

“එදා වගේ කිව්වෙ?…”

ඔහු අහන්නෙ සරම දෙකට නවලා ගැටයක් ගහ ගන්න ගමන්.

“ඇයි මං මෙහාට ආපු මුල් දවස් වල අයියා ඔය වගේම මේ ගහට නැගලා මට ලොවි කඩලා දුන්නෙ.එදා මට කන්න දුන්නෙ ගෙඩි පහයිනෙ බෙහෙත් කරන නිසා ඇඹුල් ජාති හොඳ නෑ කියලා.මං මෙතන රෝද පුටුවෙ ඉඳන් හිටියෙ…”

“ආ ඔව් මට මතකයි…”

සිහින අත්තක් අල්ලගෙන නැගලා ගහේ උඩටම ගියා ඉදිච්ච ලොවි කඩන්න.ඉදුනු ලොවි පොකුරු කීපයක්ම කඩලා බිමට දැම්මා.

ටික වෙලාවකින් පහන්දිට හිතුනා සිහිනව ටිකක් අවුස්සලා බලන්න.කෙ/ල්/ල බාගෙට ලොවි ගෙඩියක් හප හපා උඩ බලාගෙන සිහිනට හූ කිව්වා.

“හූ හූ වෙද මහත්තයා හූ…”😁

කෙල්ලගෙ හූ හඬ ඇහිලා සිහින රවලා බලලා ලොවි ගෙඩි දෙකතුනකින් පහන්දිට ගැහුවා.

“නපුරු වෙද මහත්තයා…”

“මගෙ නපුරුකම තාම දැක්කෙ නෑ.අල්ල ගන්නම්කො නංගි තමුසෙව අනිද්දා රෑට…”

“මං යනවා.ඔය ඇති.බිමට බහින්න…”

“කමක් නැද්ද බැස්සට?…”😜

කෙ/ල්/ල රවලා බලලා විරිත්තලා කුස්සිය පැත්තෙන් ගෙට ගියා.

♥️♥️

“අනේ රත්තරං පුතේ මේ මොකද දෙයියනේ?අනේ මගෙ පුතේ කතා කරන්න.අපේ මහත්තයා අනේ ඉක්මන් කරලා එන්නකෝ. අනේ කවුරුවත් නැද්ද?…”

සුභද්‍රා රෝද පුටුවත් තල්ලු කරගෙන එනකොට තීක්ෂණ මිදුලෙ ගල් බංකුව අයිනෙ සිහි නැතුව වැටිලා ඉන්නවා.සුභද්‍රා කොච්චර කතා කරත් සිහින ඇස් ඇරියෙ නෑ.

“ඇයි මැණිකෙ පුතාට මොකද උනේ?…”

බණ්ඩාරත් මෙහෙකාරියත් සුභද්‍රාගෙ කටහඬ ඇසී දුවගෙන ආවා.මෙහෙකාරිය ටැප් එකෙන් වතුර ගෙනවිත් තීක්ෂණගෙ මුහුණට ඉස්සත් ඔහුට හරි හැටි සිහිය ආවෙ නැහැ.කෙඳිරි ගෑවා විතරයි.

බලාගෙන ඉන්න බැරි තැන බණ්ඩාර තීක්ෂණව හොස්පිටල් එකට අරන් ගියා. සුභද්‍රාත් වලව්වෙ මෙහෙකාරිය සමඟ පුතුත් රැගෙන හොස්පිටල් එක වෙත ආවා.

“අනේ දෙවියනේ මගෙ පුතාට මොකක්ද මේ සිද්ද වුනේ?ඊයෙත් මේ දරුවා හොඳට හිටියනෙ…”

සුභද්‍රා පැත්තකට වෙලා අඬනවා.තීක්ෂණට මොකක්ද උනේ තවම කවුරුවත් හරියට දන්නෑ.වෛද්‍යවරයා පිටතට පැමිණෙන තුරු ඔවුන් දැඩි සත්කාර ඒකකයේ දොර අසළට වී නොඉවසිල්ලෙන් බලාගෙන උන්නා.

“මැණිකෙ අඬන්නැතුව ඉන්නකො.දොස්තර මහත්තයා ආවම අපි අහලා බලමු පුතාට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.මේ ළමයා සුළු පටු දුකක්ද වින්දෙ පහු ගිය කාලෙ…”

“මේ ඔක්කොටම මුල අර අ/බ්/බ/ගා/ත කෙ/ල්/ල.ඕ/කි නිසා තමයි මගෙ පුතා මේ තරම් දුක් වින්දෙ.මගෙ අහිංසක කො/ල්/ල/ව රවට්ටගෙන වෙන එ/කෙ/ක්/ගෙ කරේ එල්ලුනා…”

සුභද්‍රා දත් සපමින් පහන්දි සිහිපත් කරමින් කේන්තියෙන් බැන වැදුනා.ඇය කිසි කලෙක තමාගෙන් සිය පුතුට සිදු වූ වැරදි සිහි කරේ නැහැ.පුරුද්දකට මෙන් ඇය සැමදාම බැන වැදුනේ අහිංසක පහන්දිටමයි.

“නිකන් බොරුවට ඒ කෙ/ල්/ල/ට බනින එක නවත්තන්න මැණිකෙ.තමන්ගෙ තත්වෙ දැනගෙන කතා කරොත් හොඳයි.ඔයා හැමදාම කරේ වරදක් නොකරපු ඒ මිනිස්සුන්ට බැනපු එක විතරයි.අන්තිමට ඔයාටම ඒවා ප/ටි/ස/න් දුන්නා.පහන්දි කෙ/ල්/ල දෙපයින් හිට ගනිද්දි ඔයා අ/බ්/බ/ගා/ත/යෙ/ක් වුනා…”

“මට මෙහෙම උනේ ඕ/කු/න් හින්දා තමයි. ඔයා අතීතෙ අමතක කරන්න එපා අපේ මහත්තයා…”

“ඔයාගෙ කකුල ක/ප/න්/න වුනු එකට මොකක්ද උ/න්/ගෙ තියන සම්බන්දෙ?අතීතෙ කවදාවත් මට අමතක වෙලා නෑ.නිකන් බොරුවට ඒ මිනිස්සුන්ට චෝදනා කරන්න එපා.අපේ පුතාට මෙහෙම වුනේ පහන්දි නිසා නෙවෙයි.ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනි අපිමයි…”

තිත්ත සත්‍යය සුභද්‍රා තේරුම් නොගත්තත් එය බණ්ඩාර නම් දැන් තේරුම් අරගෙනයි ඉන්නෙ.

“මොකක්ද අපි අපේ පුතාට කරපු වරද?…”

සුභද්‍රා ඇහුවෙ කේන්තියෙන්.

“එක වැරැද්දක් නෙවෙයි.අපි අපේ පුතාට ගොඩක් වැරදි කරා මැණිකෙ.පුතාගෙයි පහන්දිගෙයි සම්බන්දෙට අපි විරුද්ධව නොවුනා නම් අද පුතාට මෙහෙම වෙන්නෑ. එහෙනම් අද පුතා ඒ කෙ/ල්/ල/ත් එක්ක මොන තරම් සන්තෝශෙන් ජීවත් වෙනවද?

අපි අපේ පුතාගෙ සතුට සහ මුලින්ම විනාශ කරලා දැම්මා.වලව් මාන්නෙයි,නම්බුවයි බම්බුවයි නිසා අන්තිමට මගෙ පුතා ලෙඩෙක් වුනා.මගෙ වුනත් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ පුතා රොෂෙල්ව බඳිනවට.ඒත් ඔයාට ඕනිම උනේ පුතාව රොෂෙල්ටම බන්දන්නනෙ.

ඒකෙන් මොකක්ද උනේ?පුතාට ඒ කසාදෙන් සැනසීමක්,සතුටක්, ආදරයක් ලැබුනද?පුතා බලාපොරොත්තු වෙච්චි ජීවිතේ දෙන්න අපිට බැරි වුනා.අපි දරුවො හැදුවා විතරයි මැණිකෙ.හැබැයි ඒ දරුවන්ට ඕනි කරන ජීවිතේ දෙන්න අපිට බැරි වුනා.අපේ තියන උ/ද්/ද/ච්/ච/ක/ම/ට/යි,ලොකුකමටයි අපේ දරුවො දුක් විඳිනවා…”

සුභද්‍රා එතනින් එහාට මොකුත්ම කියන්න ගියෙ නෑ.තමාගෙ වරදින් තම එකම පුත්‍රයා දුක් විඳින බව ඇයටත් යාන්තමට තේරීගෙනයි ආවෙ.ඒත් ඇය හිතින් දුක් වුනා මිසක් සිය සැමියා කියූ දේවල් වලට පිළිතුරු බඳින්න ගියේ නැහැ.

♥️♥️

“අම්මලා ගමෙන් පිටත් උනේ දවල්ද?…”

“නෑ දුවේ.අපි නවය වෙද්දි එහෙන් පිටත් වුනේ.කෝ ඉතින් මේ බස් ඉක්මනින් එන්නෑනෙ.පරක්කු වෙනවා…”

අම්මා ඔසරි පොටෙන් දාඩිය පිසදදා ගෙට ඇතුල් වුනු විදියට පහන්දිට දුක හිතුනා. මල්ලියි නංගියි ආපු ගමන්ම කුස්සියට දිව්වා ෆ්‍රිජ් එකෙන් කූල් වතුර බොන්න.

“අම්මලා එහෙනම් කාමරේට ගිහින් මහන්සි ඇරලා මොකුත් කාලා බීලා නාගෙන ඉන්නකො.මං කෑම ලෑස්ති කරන්නම්…”

“අපි එද්දි මගින් කාලා ආවෙ දුවේ.දැන් බඩගින්නක් නෑ…”

“එහෙනම් මොකුත් බීලා ඉම්මුකො අම්මෙ…”

“කෙලි පොඩිත්ති නිදිද දුවේ?…”

“ඔව් අම්මෙ.නාවලා ඉවර වෙලා නිදි කෙරෙව්වා.අම්මා එද්දි ඇහැරිලා හිටියා නම් කෑ ගහයි මෙතන සන්තෝශෙට…”

“අපෙ අප්පේ ඔව් තමයි.ගිරවියක් වගේ කියවයි…”

අම්මා ඔසරිය මාරු කරලා සායකුයි හැට්ටෙයි ඇඳගෙන කාමරෙන් එලියට ආවා.

මං එයාලට තේ,බිස්කටුයි,කේකුයි ලෑස්ති කරලා දීලා කාමරේ අස් කරා.

“අම්මලා දැන්ද ආවෙ?…”

වෙද මහත්තයත් ටව්න් ගිහින් බඩු වගයක් අරගෙන දැනුයි ගෙදර ආවෙ.

“දැන් ඩිංගක් වෙලා පුතේ ඇවිත්…”

අම්මලාට තේ බොන්න ඇරලා වෙද මහත්තයටත් තේ එකක් හදලා දීලා කුස්සියට ඇවිත් සීතම්මා එක්ක රෑට කෑම හැදුවා.හෙට ගෙදර ගොඩක් වැඩ තියෙයි. අනිද්දානෙ කසාදෙ තියෙන්නෙ.

වෙඩින් එකක් නොගත්තත් අපි දෙන්නා මංගල ඇඳුම ඇඳලා හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ව ගෙන්නලා ෆොටෝ ගන්නයි ලෑස්ති කරලා තියෙන්නෙ.අන්දවන්නත් කෙනෙක්ව ගෙන්නනවා ගෙදරට.

“අනේ ඩොක්ටර් මගෙ පුතාට මොකද වෙලා තියෙන්නෙ?…”

සුභද්‍රාගේත් බණ්ඩාරගේත් එකම ප්‍රශ්නය වූයේ එයයි.වෛද්‍යවරයාගේ බැරෑරුම් මුහුණ දෙස නෙත් හෙලීමට ඔවුන් බියපත් බවක් දැරුවා.

“අයැම් වෙරි සොරි මිස්ට ඇන්ඩ් මිසිස් බණ්ඩාර,,,,,

මතු සමබන්දයි